The Time Out

ලොව මිල අධිකම බයික් – පලමු කොටස – පින්තූර සහිතයි

  1. TAMBURINI T12 MASSIMO

නිෂ්පාදිත සමාගම අපේක්ෂා කරන විකුණුම් මිල (MSRP): $1,000,000

T12 Massimo කියන්නේ Cagiva, MV Agusta, Ducati සහ Bimota සඳහා iconic superbikes නිර්මාණය කළ ජනප්‍රිය ඉතාලි යතුරුපැදි නිර්මාණකරුවෙකු වන Massimo Tamburini ගේ අවසාන යතුරුපැදි ව්‍යාපෘතිය වීමට අදහස් කරන ලද ධාවන පථයට පමණක් සීමා වූ sport බයිසිකල් එකක්. සමහරු ඔහුව හැඳින්වූයේ “යතුරුපැදියේ මයිකල් ආන්ජලෝ” යනුවෙන්.

වියහියදම්වල සීමාවන් සහ තවත් ගිවිසුම් හා සම්බන්ධ සීමාවන්වල සිරව සිටි Tamburini රහසිගතව මේ project එකේ වැඩ කළ නමුත් එය අවසන් කිරීමට පෙර අවාසනාවන්ත ලෙස මිය ගියා. කෙසේවෙතත් ඔහුගේ පුතා එය භාරගෙන කිසිදු අඩුපාඩුවකින් තොරව 2016 දී මේ අලංකාර යන්ත්‍රය නිමා කළා. බරින් රාත්තල් 341ක් වන, T12 යනු මෙතෙක් නිපදවා ඇති සැහැල්ලුම liter-class රේස් බයික් වලින් එකකි, එය aerospace-grade magnesium, carbon fiber, සහ aluminum alloy භාවිතා කරමින් නිෂ්පාදනය කර තිබෙනවා.

  1. MTT 420RR

නිෂ්පාදිත සමාගම අපේක්ෂා කරන විකුණුම් මිල (MSRP): $245,000

Y2K යනු ෆෝමියුලා වන් එන්ජිමක් මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි rev කිරීමක් කරන්න පුලුවන් සහ Bugatti Veyron කාර් එකක් අභිබවා යා හැකි මිනිසාගේ තවත් සුවිශේෂී වූ අලංකාර නිර්මාණයක්. Louisiana පදනම් කරගත් Marine Turbine Technologies (MTT) විසින් නිෂ්පාදනය කරන ලද මේ යන්ත්‍රය දැනට නිපදවා අවසන් අතර එහි Rolls-Royce 250 C-20B gas turbine engine හරහා අශ්වබල 420ක් බලයකින් සමන්විත අතර අඩි 500/lbs torque එකක් ලබාගන්න පුලුවන්. එය “MTT 420RR (Race Ready)” ලෙස හැඳින්වෙනවා.

තවමත් ඔප්පු කර නොමැති නමුත්, අවම වශයෙන් එයින් පැයට සැතපුම් 275 ක උපරිම වේගයක් සමාගම බලාපොරොත්තු වෙනවා. බයික් එක පදින්නාව ආරක්ෂා කිරීම සඳහා carbon fiber body panels හැඩගැන්වීම සඳහා wind tunnel testing එකකට මෙය භාජනය කර තිබෙනවා.

සම්පූර්ණ බයික් එකම පාලනය කරනු ලබන්නේ MTT හි engine management system මඟින් වන අතර එමඟින් power source සහ fuelling systems නිරීක්ෂණය කරනවා. එය kerosene භාවිතයෙන් ධාවනය වන නමුත් ඩීසල් හෝ Jet A1 ඉන්ධන මඟින්ද ධාවනය කිරීමටත් අනුවර්තනය කර තිබෙනවා. 420RR හි ප්‍රතිනිර්මාණය කරන ලද fairings, aluminum tubular construction, TFT instrumentation, steering dampers, advance Öhlins suspension, carbon wheels සහ තවත් අංග රාශියකින් සමන්විත වෙනවා.

  1. CURTISS MOTORCYCLES WARHAWK

නිෂ්පාදිත සමාගම අපේක්ෂා කරන විකුණුම් මිල (MSRP): $105,000

දෙවන ලෝක සංග්‍රාමයේ සුප්‍රසිද්ධ ප්‍රහාරක ගුවන් යානාවක නමින් නම් කර ඇති මෙම යන්ත්‍රය වසර 100කට වැඩි කාලයකට පසු නිපදවන ලද පළමු Curtiss V-twin බයික් එක වන අතර V-twin පෙට්‍රල් එන්ජිමකින් බලගන්වන අවසාන යන්ත්‍රයද මෙයයි. එය විසිවන සියවසේ මුල් නිපැයුම්කරු Glenn Curtiss හට උපහාර පුද කරන බවත් කිව යුතුමයි.

කලිනුත් කියූ පරිදි Warhawk කියන්නේ වසර 100කට වැඩි කාලයකට පසු නිපදවන ලද පළමු බයික් එක වන අතර, Curtiss සලකුණ ඇති එන්ජිම, powertrain සහ chassis ඇතුළුව P51 Fighter වෙතින් බොහෝ දේ ලබා ගෙන තිබෙනවා. සම්ප්‍රදායික pushrod OHV සහිත 2163cc air/oil-cooled triple-camshaft V-twin මඟින් මෙය ධාවනය වෙනවා. එය අශ්වබල 150 ක් සහ රාත්තල්-අඩි 160 ක torque එකක් ලබා දෙනවා. මෙය එක්සත් ජනපද භූමියේ විශාලතම V-Twin එක ලෙසත් සැලකෙනවා. මෙය P51 ප්‍රහාරක ගුවන්‍ යානය හා සමානම කලා කෘතියක් කියා හැඳින්වීමේ වැරැද්දක් නැහැ. එම ගුවන් යානා ශ්‍රේණියේ aircraft-grade billet aluminum monocoque frame එක මඟින් P51 හි පෙනුම ලබා දෙන අතර ඉන්ධන ටැංකියේ plexiglass view ද මෙයට ඇතුළත් වෙනවා.

  1. PGM 2.0 LITER V8

නිෂ්පාදිත සමාගම අපේක්ෂා කරන විකුණුම් මිල (MSRP): $90,000

ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු වන Paul Maloney විසින් නිපදවන ලද V8 බලයෙන් ක්‍රියාත්මක වන යතුරුපැදියක් වන මෙම යන්ත්‍රය 2019 දී ලොව බලවත්ම production motorcycle එක වුණා. එහි ඇත්තේ, වර්ෂ 2000 ගණන්වල මැද භාගයේ තිබූ Yamaha R1 mills දෙකක් මගින් ආරම්භ කරන ලද powerplant එකක් වන අතර එය 90-degree 1996cc V8 එන්ජිමක් සහ එමඟින් අශ්වබල 334 ක් නිපදවනවා.

බයිසිකලයේ wet weight එක රාත්තල් 534 ක් වන අතර, ඉන් වැඩි ප්‍රමාණයක් එන්ජිමෙන් සමන්විතයි. මෙහි බලයට-බර-අනුපාතය 0.615ක් ලෙස සටහන් වෙනවා. Carbon-fiber, titanium, aluminum වැනි අමුද්‍රව්‍ය රැසක් භාවිතයෙන් මෙය නිපදවා ඇති නිසා මේ අසමසම අනුපාතය ලබාගැනීමට හැකි වී තිබෙනවා. PGM V8 බයික් එක fully adjustable Ohlins setup සහ Brembo monoblock calipers භාවිතා කරන අතර එමඟින් බයික් එකේ handling features වැඩි දියුණුවෙනවා. මීට අමතරව එන්ජිමට Ride-by-Wire throttle, සහ six-speed sequential gearbox එකක්ද ලැබී තිබෙනවා.

  1. APRILIA RSV4 FW-GP

නිෂ්පාදිත සමාගම අපේක්ෂා කරන විකුණුම් මිල (MSRP): $83,000

Aprilia Racing ඔවුන්ගේ මේ ව්‍යාපෘතිය  ‘Factory Works’ ව්‍යාපෘතිය ලෙස නම් කරන ලද අතර, එමඟින් පාරිභෝගිකයින්ට සුවිශේෂී වූත්, ඉහළ ක්‍රියාකාරී යන්ත්‍රයක් වන 215 hp RSV4 වෙත ප්‍රවේශ වීමට හැකිවුණා. ඔවුන් 250 bhp Aprilia RSV4 R FW-GP සමඟින් ඔවුන්ගේ බයික් පෙළ යාවත්කාලීන කර තිබෙනවා. මෙමඟින් කෙනෙකුට MotoGP අත්දැකීමක් ලබාගන්න පුලුවන්.

මෙම බයිසිකලය මිලදී ගන්නා අයෙකුට Aprilia Racing කණ්ඩායම විසින් Aprilia Racing branded full track leathers සහ MotoGP Grand Prix සති අන්තයක් සඳහා paddock pass එකක් ලබාදෙනවා. ඊට අමතරව, Aprilia track days සඳහා සහභාගී වීමට ඔවුන්ට ආරාධනා ලැබෙනවා. එහිදී Aprilia රේසිං ඉංජිනේරුවන් බයික් එක භාවිතා කරන තැනැත්තාගේ පැදවීමේ අවශ්‍යතා මත බයිසිකලය වෙනස් කර RSV4 FW-GP හි යාන්ත්‍රික හා විද්‍යුත් විභවයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට හැකි හොඳම තාක්ෂණික උපදෙස් සපයනවා.

ඉන් පසුව, ධාවන පථයේ ඔබේ FW-GP බයික් එක භාවිතා කිරීමට කැමති ඕනෑම අවස්ථාවක, ඔබේ සහාය සඳහා Aprilia Racing ඉංජිනේරුවන් ධාවන පථයට කැඳවිය හැකියි. Aprilia රේසිං ඉංජිනේරුවන් සමඟ සම්බන්ධ වීමට සහ ඔබේ අවශ්‍යතා සහ දැරිය හැකි වියදම්වලට අනුකූල වන පරිදි ideal configuration සකසා ගැනීම සඳහා පාරිභෝගිකයන්ව පුද්ගලිකවම Noale හි Aprilia Racing මූලස්ථානය වෙත ගුවනින් ‍රැගෙන යනවා. ඒ වගේමයි බයික් එක නිපදවන ආකාරය සජීවීව දැකබලා ගැනීමටත් අවකාශයක් ලැබෙනවා. මීට අමතරව අවශ්‍ය ඕනෑම සහායක්, ඉල්ලීමක් හෝ තොරතුරු ලබාගැනීමක් සඳහා දුරකථන මාර්ගයක් සහ ලිපිනයක් ඔබට ලබා දෙනවා.

 

Back to top button
Close
Close