The Time Out

ලොව මිල අධිකතම මෝටර් බයිසිකල්

වෙළෙඳපොළේ එක එක මිල ගණන් වලට Motorbike තියෙනවානේ. ඒත් ලෝකේ මිල අධිකම මෝටර්බයික් ගැන හිතල තියෙනවද? දැනට ලෝකේ තියෙන මිල අධිකම මෝටර්බයික් එක රුපියල් වලින් මිලියන 54ක් එහෙම නැත්නම් කෝටි 5.4ක් වගේ කියලා කිව්වොත් පිළිගන්නවද? මීට වඩා මිල අධික බයික් හදලා තියෙන්න පුලුවන්. ඒත් මේ බයිසිකල් පෙළ ඉදිරිපත් කරලා තියෙන්නේ ඕනම කෙනෙක්ට මිලදී ගන්න පුලුවන් විදියට වෙළෙඳපොළේ තියෙන Motorbike අතරින්. මිල අධික අමුද්‍රව්‍ය සහ විශාල ධාරිතාවයන්ගෙන් යුක්ත එන්ජින් නිසා වගේ කාරණා නිසයි මේ බයික් මෙච්චර මිලෙන් ඉහළ.

  • Ecosse Titanium Series FE Ti XX: $300,000

අශ්වබල 225ක සහ 2409cc එන්ජින් එකකින් මේ බයික් එක සමන්විත වෙනවා. Ecosse බයික් එකකට දැනට භාවිතා උන බලයෙන් වැඩිම එන්ජින් එක තමයි මේ. කාබන් ෆයිබර් නිමාව සහ උසස් තත්ත්වයේ Berluti ඉතාලි ලෙදර් වලින් සෑදුණු සීට් එක වගේ දේවල් නිසා මේ බයික් එක සුඛෝපභෝගී Motorbike එකක් විදියට හඳුන්වන්න පුලුවන්. 9 ශ්‍රේණියේ ටයිටේනියම් වලින් නිමවපු කොටස් කිහිපයකුත් මේ බයික් එකේ තියෙනවා. හැබැයි Ecosse Titanium Series FE Ti XX බයික් එකට ගොඩක් කල් ලොව මිල අධිකතම බයික් එක විදියට ඉන්න වෙන්නේ නැහැ. මොකද ES1 බයික් එක ඩොලර් 350,000 ක මිලකට වෙළෙඳපොළට නිකුත් වෙන්න නියමිතයි.

  • NCR M16: $232,500

මිලෙන් ඩොලර් මිලියන කාලක්, ලංකාවේ මුදලෙන් නම් රුපියල් මිලියන 49කට ආසන්න මුදලක් උනාට මේ බයික් එක පෙට්‍රල් ගහන්න කලින් බර රාත්තල් 319ක් වගේ වෙන්නේ. මේ බයික් එකේ විශේෂාංග විදියට කාබන් ෆයිබර් ෆ්‍රේම් එක, සෙරමික් මැට්‍රික්ස් අඩංගු බ්‍රේක් සහ විශේෂයෙන් ටියුන් කරන ලද Öhlins suspension සිස්ටම් එක පෙන්වන්න පුලුවන්. මේ බයික් එකේ ආරම්භක මිල ඩොලර් 160,000 වෙන්නේ, ඩොලර් 72,500 වෙන Ducati Desmosedici එන්ජිම නිශ්පාදකයන්ට කියලා වෙනම ඇතුළත් කරගන්න ඕනේ.

  • NCR Macchia Nera Concept: $225,000

Aldo Drudi විසින් ඩිසයින් කරන ලද  මේ බයික් එකේ නමේ තේරුම තමයි ‘බ්ලැක් ස්පොට්’ කියන එක. නිශ්පාදකයන් විසින් NCR Macchia Nera බයික් එකට අශ්වබල 185ක Ducati 998R එන්ජින් එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මේකේ සයිලන්සර් එකත් වෙනස්ම විදියේ එකක්. මේ බයික් එකේ මුළු බර රාත්තල් 297ක් කියලා තමයි සඳහන් වෙන්නේ. ලංකාවේ මුදලින් මේ බයික් එකේ වටිනාකම රුපියල් මිලියන 40කට ආසන්න මුදලක් වෙනවා.

  • MTT Turbine Streetfighter: $175,000

මේක බයික් එකක් උනාට රෝල්ස් රොයිස් කාර් එකකට නොදෙවෙනි අශ්වබල 320ක එන්ජින් එකක් තමයි තියෙන්නේ. ඒකත් මදි වගේ නම් නිශ්පාදකයන් අවස්ථාව සලසලා දීලා තියෙනවා අශ්වබල 420ක එන්ජින් එකක් එක්ක මේ බයික් එක ගන්න. LCD ඩිස්ප්ලේ එකක් එක්ක පිටුපස බලන්න පුලුවන් කැමරා එකකුත් මේ දැවැන්තයා සතු වෙනවා. ඇලුමිනියම් ෆ්‍රේම් එකක් වගේම සමහර කොටස් කාබන් වලින් නිමවලා තියෙනවා. මේ බයික් එකත් ලංකාවේ මුදලින් රුපියල් මිලියන 31කට ආසන්න මිලකට තමයි අලෙවි වෙන්නේ.

  • Icon Sheene: $172,000

ලෝක ශූර මොටර්බයිසිකල් ධාවකයෙකු වුණු බ්‍රිතාන්‍ය ජාතික බැරී ශීන්ට කරන උපහාරයක් විදියට තමයි මේ සුපිරි බයික් එක Icon Sheene ලෙස නම් කරලා තියෙන්නේ. මේ බයික් එකේ වටිනාකමත් රුපියල් මිලියන 31කට ආසන්න වෙනවා. නිෂ්පාදකයින් මේ ජාතියේ බයික් 52ක් විතරයි හදලා තියෙන්නේ. මේක ලෝකෙට එළිදක්වන වෙලාවේ මේක තමයි ලෝකේ බලයෙන් වැඩිම බයික් එක. දැනටත් ඒකේ ලොකු වෙනසක් නැහැ. අශ්වබල 250ක බලයක් නිපදවිය හැකි Suzuki 1,400cc එන්ජින් එකක් තමයි Icon Sheene බයික් එකේ තියෙන්නේ.

  • NCR Leggera 1200 Titanium Special: $145,000

NCR කියලා කියන්නේ රේසින් බයික් නිශ්පාදනය ගැන විශේෂඥයෝ. ඒත් NCR Leggera 1200 Titanium Special බයික් එක තමයි මේ සමාගමේ  සාමාන්‍ය පාරවල් වල නීත්‍යානුකූලව යන්න පුලුවන් විදියට හදපු පළවෙනි බයික් එක. මේකේ සම්පූර්ණ බර රාත්තල් 328ක් විතර වෙනවා. Leggara බයික් එකේ සස්පෙන්ශන් වැඩිදියුණු කරලා තියෙන්නේ Öhlins සාමාගමෙන්. ඒ වගේමයි බ්‍රේක්ස් හදලා තියෙන්නේ Brembo සමාගමෙන්. කාබන් ෆයිබර් BST රෝද සහ බර රාත්තල් 10.9ක් විතරක් වෙන ටයිටේනියම් ෆ්‍රේම් එකක් මේ බයික් එකේ තියෙන්නේ.

  • NCR MH TT (Mike Hailwood): $130,000

ශ්‍රේෂ්ඨ බයිසිකල් ධාවනශූරයෙක් වන මයිකල් හේයිල්වුඩ් ගේ Isle of Man තරඟාවලයේ විශිෂ්ට ජයග්‍රහණයට වසර 30ක් පිරීම වෙනුවෙන් නිෂ්පාදනය කරන ලද මේ බයික් එක විශේෂ බයික් එකක්. ලෝකෙටම බයික් 12ක් විතරක් තියෙන NCR MH TT බයික් එක වේගය අතින් ගොඩක් ඉස්සරහින් හිටියේ නැති උනාට අශ්වබල 130ක එන්ජින් එකක් සහ රාත්තල් 11ක් විතර බර ටයිටේනියම් ෆ්‍රේම් එකක් තියෙනවා. මේ බයික් එකේ වටිනාකම දළ වශයෙන් රුපියල් මිලියන 24කට ආසන්න වෙනවා.

Tags
Back to top button
Close
Close