The Time Out

මෝපෙඩ්,ස්කූටර් සහ මොටර්සයිකල් අතර වෙනස දන්නවද?

මෙතන ස්කූටර් එකයි මොටර්සයිකල් එකයි ගැන ඔබ දැනුවත් වුනත් මොකක්ද මේ මෝපෙඩ් කියන්නේ කියන එක සමහර විට දැනුවත් නැතුව ඇති.ලංකාවේ “මදුරුවා“ බයික් කියලා කාලයක් ජනප්‍රිය උනේ මොපෙඩ් බයික් කියලා කිව්වොත් ඔබට අදහසක් එවි කියලා හිතෙනවා.කොහොම උනත් මේ වර්ග තුනේම ප්‍රධාන වෙනස ඇතිවෙන්නේ බලය සහ ප්‍රමානයෙන්.එ වගේම මේ වර්ග තුනේ බයික් තුනම විවිද අවශ්‍යතා සඳහා යොදාගන්නා ආකාරය බලමු.

මොපෙඩ්

මොපෙඩ් සහ ස්කුටර් 1800 තරම අතීතයේ ඉඳන්ම හදලා තියෙනවා.මෙවට මොටර්සයිකල් කියලා ලෙබල් කරාට වැඩියෙන්ම භාවිතා කරපු නමවෙන්නේ සයිකල්මොටර් කියන නමලු.රූපේ දැක්කම හිතාගන්නත් පුලුවන් එ ඇයි කියලා.මුල්කාලෙදි මොපෙඩ් එකක් කියන්නෙ සාමාන්‍ය බයිසිකලයකට 2 සට්රොක් එන්ජිමක් සවිකරලා එකේ හැසිරවීම සාමාන්‍ය මොටර්බයික් එකකදී වගේම හැන්ඩ්ල් එකෙන්ම කරන එකට .ආයෙත් අහන්න දෙයක් නෑනේ මේ වල තිබෙන ඉතා කුඩා අලුත්වැඩියා වියදම සහ ඉන්ධන දනහය නිසා ලෝකේ ගොඩක් ජනප්‍රිය වුනා.එ වගේම ඉන්ධන ටැංකිය ෆුල් කරපු ගමන් සැතපුම් 200ක් දුරක් යන්න මොපෙඩ් එකකට පුලුවන්.

මේ කුඩා එන්ජිමෙන් වෙන්නේ කකුල් වලින් පෙඩ්ල් පාගලා ලබාදෙන ශක්තිය ස්කූටර් සහ මොටර්බයික් එකක වගේම ලබාදීම.හැබයි එකෙදී ආපු ප්‍රශ්නයක් උනේ එන්ජිම ස්ටාර්ට් කරපු ගමන් මොපෙඩ් එක ගමන් කරන්න තරම් බලයක් මේ එන්ජිමේ නැති නිසා ටික දුරක් පෙඩ්ල් එකෙන් පාගලා වේගයකට ආවාට පස්සෙ එන්ජිමේ බලයෙන් යන්න වෙන එක.ආයෙත් ඉතින් කන්දක් වගේ එන්ජිමේ බලය අඩු තැනකදි තමයි පැඩ්ල් කරන්න අවශ්‍ය වෙන්නේ.මුල් කාලෙදි මේ වගේ ප්‍රශ්න තිබුනත් දැන් නම් මේ ඉන්ධන කාර්යක්ශමබව වැඩි මොපේඩ් සංකීර්න තාකශනයකින් වෙලඳපලේන් මිලදී ගන්න පුලුවන්.උදාහරනෙකට ඉදිරිපස හෙඩ්ලයි ,සිග්නල් ලයි,එන්ජිමේ බලය රෝදවලට යාම නතර කල හැකි ක්ලච් සිස්ටම් පවා දැන් මොපෙඩ් වල දකින්න පුලුවන්.

හැබයි මේ මොපෙඩ් කියන නම් එකිව්වේ මොටරය සහ පෙඩ්ල් එක කියන වචන දෙක එකතුකරලා හැදිලා තියෙන වචනය ඇවිල්ලා තියෙන්නෙ 1952 වගේ වකවානුවෙදි .දැනට 50සීසී එන්ජින් කැපැසිටියකින් මොපෙඩ් වෙලඳපලෙන් ගන්න පුලුවන්.කොහොම උනත් දිගුදුර ගමන් වලට නම් මොපෙඩ් ගැලපෙන්නේ නැති බව නම් කිව යුතුයි.

ස්කූටර්

ස්කූටර් දැන් එකේක මාදිලි වලින් විවිද සන්නාම යටතේ ලංකාවෙ වෙලඳපලෙත් දකින්න පුලුවන්.හැබයි දැන් දැන් ඔටොමැටික් වෙරියබල් ට්‍රාන්ස්මිශන් එකක් තිබ්බට මුල් කාලේ සුක්කටර් වලත් තිබිලා තියෙන්නේ මැනුවල් ට්‍රාන්ස්මිශන් එකක්.කොහොම උනත් මොපැඩ් එකේ කතාවුන ඔක්කොම වාසි ස්කූටරෙත් දකින්න පුලුවන් නමුත් මොපැඩ් වල තිබෙන 50සීසී එන්ජිම වෙනුවට 850සීසී එන්ජිම් ධාරිතාවක් තියෙන ස්කූටර් අද වෙල්ඳපලෙන් ගන්න පුලුවන්. ඉතින් ඔය පහල තියෙන්නේ ස්කූටර් වල මුල්ම කාලේ හදපු එකක්.ඒ 1908 දී තනි පුද්ගලයෙකුට පමනක් යාහැකි ස්කූටරයක්.

ස්කූටර් නිශ්පාදනය වැඩි වෙලා ජනප්‍රිය වෙන්න ආරම්භ වෙලා තියෙන්නේ දෙවන ලෝක යුද සමයේ.ඇමරිකාව ,ඉතාලිය,ජර්මනිය සහ ජාපනය වගේ රටවලින් 1946 යන කාලෙදි ස්කූටර් වැඩි වශයෙන් නිශ්පාදනය කරලා තියෙනවා.ස්කූටර් කිව්වම “වෙස්පා“ කියන බ්‍රැන්ඩ් එක මතක් වෙනවා ඇතිනේ.මේක ඉතාලියෙදි 1946 එන්රිකෝ පියජියෝ කියන මහත්මයාගෙ MP6 කියන මුලාකෘතිය මත නිශ්පාදනය වෙලා තියෙන ස්කුටර් එකක්.

හොඳම දේ තමයි 1940 සිට 1970 කාලය අතරදී මොටර්සයිකල් පවා රේස් වලදී පරාජය කිරීමට තරම් ස්කූටර් වල වේගය සමත් වෙලා තියෙනවා 1951දී නිශ්පාදනය කරන ලද වෙස්පා සිල්රෝ කියන ස්කූටර් එකට පැයට සැතපුම් 106ක වේගයකින් යෑමට සම්ත් වෙලා තියෙනවා.හැබයි එකට තිබිලා තියෙන්නෙ අශ්වබල 17ක සිලින්ඩර් දෙකේ එන්ජිමක්.හැබයි ඉතින් ඒ කාලේ හැටියට ලොකු දෙයක්.

කොහොම උනත් පහුකාලයෙදී වෙස්පා වගේම හොන්ඩා සුපර්කබ් ස්කූටර් එකත ලෝකයේ වැඩිම අලෙවියක් වූ ස්කුටරයක් ලෙස වාර්තා වලට එක් වුනා.හොන්ඩා කබ් ගැන වැඩි විස්තර බලන්න මෙතන ක්ලික් කරන්න. මෙහෙම ආරම්භ වුන ස්කූටර් වල ගමන යම්කාල්කදී මොටර්සයිකල් වල ආගමනය නිසා ටික කාලකට අඩු වුනත් දැන් දැන් යලි ස්කූටර් රැල්ල ආරම්භ වෙලා කියලා පෙනවා.උදාහරනයක් විදියට යමහා,BMW වගේ සමාගම් මේ වෙන විට ඉතා වැඩි පහසුකම් සහිතව හදන ස්කූටර් වලටත් හොඳ වෙලදපලක් හැදිලා තියෙනවා කියන එක නොරහසක්.

මෝටර්සයිකල් සහ ස්කූටර් අතර වෙනස තමයි ඊලඟට අපි කතාකරන්න යන්නෙ.මෙතනදි ලිපියකින් ඔබට එ ගැන කියනවට වඩා Biker.lk අපි මධූරංග කල්දේරා ධාවකයා සමඟ කල විඩියෝවකින්ම ඔබට එ ගැන දැනගන්න පහත විඩීයෝව බලන්න.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close