The Time Out

Bike එකෙන් දුර යනකොට එන ප්‍රශ්න

ඉස්සර නම් Bike එකකින් ගියේ කෙටි ගමන් විතරයි. හැබැයි දැන් සැතැප්ම ගණන් දුර යන්නත් Bike එක භාවිතා කරනවා. විශේෂයෙන්ම Trip යන්න තරුණ පිරිස් වැඩියෙන්ම භාවිතා කරන්නේ Bike. හැබැයි ඉතිං සාමාන්‍ය ගමනක් යනවට වඩා දුර ගමනක් යද්දී මුහුණ දෙන්න වෙන ප්‍රශ්න වැඩියි. Bike එකේ දුර ගමනක් යද්දී මුහුණ දෙන්න වෙන ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දෙන හැටි තමයි කියලා දෙන්න යන්නේ.

1) ජැකට් එකක් පළඳින්න.

Bike එකෙන් දුර යනකොට එන ප්‍රශ්න

එකේ දුර ගමනක් යද්දී අනිවාර්යෙන්ම ජැකට් එකක් පළඳින්න අමතක කරන්න එපා. මොකද දුර ගමනකදී වැඩි දූවිලි ප්‍රමාණයකට ඔබට මුහුණ දෙන්න වෙන නිසා. හැබැයි ජැකට් එකක් පැලන්දුවත් ඔබට ඇඟට වැදෙන සුළඟ නිසා වෙහෙසක් දැනෙන්න පුලුවන්. ඒ නිසා ඔබට වින්ඩ්ස්ක්රින් එකක් තියෙන බයික් එකක් තියෙනම් ඒකත් මඟහරින්න පුළුවන්. ජැකට් එකක් පැලන්දුවත් ඔබව වෙහෙසට පත්වෙන තවත් කරුණක් තමයි එකදිගට සිට් එකේ වැඩිවෙලා යන අපහසුතාවයක් දැනෙන්න පුළුවන්. හැබැයි අඩු මිලකට ගන්න පුළුවන් ජෙල් ෂිට් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් එකත් මඟහරගන්න පුළුවන්.

2) උරහිස් වේදනාව

Bike එකෙන් දුර යනකොට එන ප්‍රශ්න

Bike එකේ දුර ගමනක් යද්දී විදින්න වෙන තවත් අපහසුවක් තමයි එකම ඉරියව්වක ගමන් වැඩි කාලයක් ගමන් කරන්න සිද්ධ වෙන එක. ඔබේ Bike එකේ හැඩලයේ ස්වභාවය එක්ක උරහිස් වලට වැඩි අපහසුවක් දැනෙන්න පුළුවන්. සෑම කෙනෙකුටම බයික් එකකටම කර්මාන්තශාලාවෙන් අනුමත කරලා එවපු හැඬල විලාසිතාවක් තියෙනවා. එත් ඔබේ උරහිස් ප්රමාණයට ඒක ගලෙපෙන්නේ නැත්තනම් බයික් එකට හානියක් නොවෙන්න ඒක වෙනස් කරල පහසු විදිහකට සකසාගන්න ඔබට පුළුවන්. හැබැයි ඔබට පහසුවෙන් Bike එක පාලනය කරන්න පුළුවන් විදියට හැඩලය සකසා ගන්න අමතක කරන්න එපා.

3) ප්රවේශම

Bike එකෙන් දුර යනකොට එන ප්‍රශ්න

රෝද 4ක් පදිනවා වගේ නෙමයි, රෝද 2ක් උඩ ඔයා ගෙනියන්නේ ඔයාගේ ජිවිතේ. රෝද 4 වාහනයක් පදවද්දී පාර ගැන අවදානයෙන් යාම වැදගත්. හැබැයි Bike එකක් පදිද්දී Bike එකේ සමබරතාවය, මාර්ගය ගැන වගේ තවත් බොහෝ දේ ගැන අවදානය යොමු කරන්න ඕන. මොකද Bike එකේ යද්දී අනතුරක් වුනොත් ඔබට හානියක් වෙන්න තියෙන අවස්ථාව ඉතාම ඉහළයි. ඒ නිසා Bike එකක් පදිද්දී නිරවුල් මනසෙන් පදින්න අමතක කරන්න එපා. ඉතින් කොහොම පැද්දත් ප්රවේසම කියන දෙය මුලට තියාගන්න.

4) ඉස්සර කරද්දී

Bike එකෙන් දුර යනකොට එන ප්‍රශ්න

දුර ගමනක් Bike එකේ යද්දී නිතර නිතර වාහන ඉස්සර කරන්න වෙනවා. ඒ නිසා ටික දුරක් යද්දී ඔබට වාහනයක් ඉස්සර කරනවා කියන එක සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්. වහනයක් ඉස්සර කිරීමේදී ඇතිවන අවදානම ඔබට අඩුවෙන් දැනෙන්න පුළුවන්. ඒ නිසා ගමන නිමා වෙනතුරුම වාහන ඉස්සර කරද්දී හොඳ අවදානයකින් ඉන්න. ඒ වගේම විශාල වාහනයක් පිටුපසින් ගොස් ඉස්සර කරන්න යනවනම් අනිවාර්යෙන්ම මාර්ග නීති පිළිපදින්න. (උදා: ඉස්සර කිරීමට ඉදිරිපස ඇති ඉඩ ප්‍රමාණය ගැන සැලකිලිමත් වීම, හෝන් සහ සිග්නල් ලයිට් භාවිතය) ඒ වගේම ඔබගේ පසුපසින් එන වාහන ගැනත් කණ්ණාඩියෙන් බලල අවබෝධයක් ගන්න.

5) දෘෂ්යතාව

Bike එකෙන් දුර යනකොට එන ප්‍රශ්න

Bike එකේ යද්දී අනතුරු වැඩි වෙන්න එක හේතුවක් තමයි නිවැරදි දෘශ්යතාවයක් නොමැති වීම. දුර ගමනක් යද්දී මීදුම, දූවිල්ල නිසා පාර අපැහැදිලි විය හැකියි. ඒ වගේම දූවිල්ල ඇස් වලට ගිහින් ක්ෂණිකව ඇස් පියවෙන්න පුළුවන්. ඒ නිසා Bike එකේ දුර ගමනක් යද්දී Cooling Glass භාවිතා කරන්න. Bike එකේ Head Light දවල්ටත් දල්වාගෙන ගියාම අනතුරු අවම කර ගන්න පුළුවන් කියලා මේ වෙද්දී හොයාගෙන තියෙනවා. ඒ නිසා Bike එකේ ඔන් ලයිට් තියෙනවනම් ඒක අනිවාර්යෙන්ම භාවිතා කරන්න. එය ඔබේ ප්‍රවේශම සඳහා වැදගත් වනවා.

6) සැලසුම්

Bike එකෙන් දුර යනකොට එන ප්‍රශ්න

දුර ගමනක් Bike එකේ යද්දී මුහුණ දෙන්න වෙන තවත් ප්‍රධාන ගැටළුවක් තමයි ඉන්ධන අවසන් වීම. ප්‍රධාන පාරක යනවා නම් ඔබට ඉන්ධන ගැටලුවට මුහුණ නොදෙන්න පුළුවන්. ඒත් දුෂ්කර පාරක යනවා නම් ඔබට අනිවාර්යෙන් මේ ගැටලුවට මුහුණ දීමට සිද්ධ වෙනවා. දිගු දුර ධාවනයකට පෙර ඔබේ ඉන්ධන ටැංකියේ රඳවාගත යුතු සහ දුර අනුව අතිරේකව ඔබ ටැංකියට යෙදිය යුතු ඉන්ධන ප්‍රමාණයක් ගැන දළ අදහසක් තබාගන්න. ඒ නිසා Bike එක Full Tank කර ගන්න එක තමයි වටින්නේ.

Tags

Leave a Reply

Back to top button
Close
Close