What's Hot

MotoGP 2019 බලන්න යන්න ටිකට් දිනන්න

ලංකා ඉතිහාසයේ පලමුවතාවට,KTM බයික් වලට ආදරය කරන ඔබ සැමට ඔබේ ජිවීතේ ලබාගන්න පුලුවන් සුපිරිතම අමතක නොවන අත්දැකීමක් විඳගන්න දැන් KTM Sri Lanka වෙතින් අවස්ථාව උදාකරලා දිලා තිබෙනවා. එ වෙන මොනවත් නෙමෙයි ලෝක පුජීත Shell Malaysia MotoGP 2019 මැලේසියාවේ Sepang International Circuit හිදි නොවැම්බර් 9 වෙනිදා නැරඹීමට ඔබට VIP අවස්ථාවක් ලබාදෙන එක.ටිවී එකේයි, යුටියුබ් එකෙයි බැලුවට හැබයින්ම රයිඩර්ස්ලගේ සහ ලොකයේ තියෙනම සුපිරිතම රේසින් බයික් වල ළඟටම ගිහිල්ලා සජිවීව එ අත්දැකීම විඳගන්න පුලුවන් වෙන්නේ මේ VIP ටිකට් තියෙන ටික දෙනාට විතරයි. එහෙම බැලුවම මුලු ලොකයෙන්ම ඉතාමත් සිමීත පිරිසකට තමයි එ චාන්ස් එක ලැබෙන්නේ.අන්න එ වගේ වටින අවස්ථාවක් ලබාදෙන VIP ටිකට් එකක් තමයි KTM Sri Lanka වෙතින් ලබාදෙන්න යන්නේ.

 

ඊලඟට වැදගත්ම දේ තමයි මේ තරඟාවලිය බලන්න යන්න ඔබට වැයවෙන ගුවන් ටිකට් පත් ගාස්තු,වීසා ගාස්තු,රාත්‍රීන් තුනකට නවාතැන් ගාස්තු වගේ ඔක්කොම ගාස්තු ටික KTM Sri Lanka වෙතින් ඔබට නොමිලේ ලබාදෙනවා.වැඩේ නියමයි නේද? හැබයි පොඩි දෙයක් තියෙනවා.මේ චාන්ස් එක ලබාගන්න පුලුවන් KTM Sri Lanka ආයතනය මඟින් පවත්වන පොඩි දිනුම් ඇඳිමකින් ජයග්‍රහනය කරන දෙදෙනෙකුට විතරයි.මේ දිනුම් ඇඳීමට ඇතුලත් වෙන්න කරන්න තියෙන්නේ මේ අවුරුද්දේ අගෝස්තු 15ත් සැප්තැම්බර් 30ත් අතර කාලයෙදි KTM මොටර්බයික් එකක් මිලදී ගන්න එක විතරයි. ජයග්‍රහනය කරන දෙන්නට මැලේසියා යන්න චාන්ස් එක හම්බෙනවා වගේම තව විසි දෙනෙකුට මේ දිනුම් ඇඳීමට සහභාගි වෙලා KTM Sri Lanka වෙතින් බ්‍රෑන්ඩඩ් හෙල්මට් 10ක් සහ ජැකට් 10කුත් දිනාගන්න පුලුවන්.

තව මොනවද බලන් ඉන්නේ.බයික් එකක් ගන්න නම් හිත හිතා ඉන්නේ තව පරක්කු කරන්නේ නැතුව KTM බයික් එකක් ඉක්මනට අරගන්න.හැමදාම මේ වගේ චාන්ස් සෙට් වෙන්නේ නෑ.තව විස්තර අවශ්‍ය නම් මෙතන ක්ලික් කරන්න

 

Back to top button
Close
Close