Motorbike Reviews

KTM Duke 125 ගැන දැනගමු

හැඳින්වීම

2011 කාලේ යුරෝපයේ මාකට් වලට ආපු KTM Duke 125 එතෙක් සිට මේ වෙනකම් වේගවත් තරුණ හදවත් වල වීරයෙක් කියලා කිව්වට වරදක් නෑ.හැබයි පසුගිය වර්ශවල 125CC මේ බයික් වල මිල ගනන් සාමාන්‍ය 1500CC බයික් වලටත් වඩා වැඩි නිසා ලංකාවට විතරක් නෙමෙයි ලොකු බයික් වෙලඳපලක් තියෙන ඉන්දියාවටවත් ඇවිල්ලා නෑ.කොහොම උනත් KTM ආයතනය හා එහි හවුල්කාරිත්ව ආයතනය වෙන ඉන්දියාවේ බජාජ් ඔටෝ ආයතනය මේ හින්දම සාක්කුවට වාසිදායක 2018 දෙසැම්බර් වලදී KTM Duke 125 බයික් එකේ අලුත්ම මොඩ්ල් එක වෙලඳපලට හඳුන්වලා දුන්නා.එ වගේම මෙහි පෙනුම 2011 KTM Duke 125 සහ KTM Duke 200 යන බයික් වලට සමානබවක් පෙන්නුම් කරනවා.

එන්ජිම ගැන

124CC ඩබල් ඔවර්හෙඩ් කැම්ශාෆ්ට්(DOHC) සිව් පහර වෑල්ව 4ක එන්ජිමක් තිබෙන මෙම බයික් ඒකේ විශේෂත්වය වෙන්නේ දැනට වෙලඳපලේ පවතින සහමහර 150CC බයික් සහ KTM Duke 200 සහ KTM RC 200 හැර 200cc යතුරුපැදි වල තිබෙන සිංගල් ඔවර්හෙඩ් කැම්ශාෆ්ට්(SOHC) එන්ජිමේ කාර්යක්‍ෂමතාවයවයටත් අභියෝග කිරීමට ඇති සමත්කමයි.හැබයි බලය සහ ජවය අතින් කාර්යක්ශම උනාට ආවාසිදායක දේ තමයි මේ එන්ජිම නිශ්පාදනය සහ නඩත්තු කරන්න සාපෙක්ශව වැඩි පිරිවැයක් දරන්න වෙන එක. KTM Duke 125 බයික් එකේ තිබෙන  මෙම එන්ජිම අශ්වබල 14.5ක බලයක් ලබා දෙන අතර උපරිම වේගය පැයට කිලෝමීටර් 125 කට ආසන්නව ලබා දෙනවා. තවද තත්පර 10කට අඩු කාලයකදි ඉතාම පහසුවෙන් 0 සිට පැයට කිලෝමීටර් 100 වේගය ලබා ගැනීමට ද මෙම DOHC 125සීසී එන්ජිමට හැකියාව පවතිනවා.

කූලින් සිස්ටම් එක ගෙන කතාකරොත් KTM Duke 200 වගේ මේකෙත් එන්නේ ලික්විඩ් කූලින් සිස්ටම් එකක්.ලංකාවේ තියෙන ගොඩක් බයික් වල 150සීසී බයික් වල උනත් ගොඩක්ම එන්නේ එයාර් කූලින් සිස්ටම් එකක් හරි ඔයිල් කූලින් සිස්ටම් එකක්.ඒකට උදාහරන විදියට RTR 200 4V වගේ 200සීසී ඛාන්ඩේ බයික්ද ද FZ 25 වගේ 250සීසී ඛාන්ඩේ බයික්ද පෙන්වලා දෙන්න පුලුවන්.ඉතින් මේක නිසා එන්ජින් කූලින් සිස්ටම් එක නඩත්තුවෙදි නම් KTM Duke 200 බයික් එකට ලගින් යන වියදමක් දරන්න වෙයි.ඉන්ධන සැපයුම EFI  සිස්ටම් එකක් හරහා සිදු වන නිසා ඉන්ධම කාර්යක්ෂමතාව පෙට්‍රල් ලීටර එකකට කිලෝමීටර් 40-45 අතර අගයක් ගන්නවා මේ නිසා KTM Duke 125 දැනට ලංකාවේ තියෙන 150CC බයික් වල ඉන්ධන කාර්යක්ෂමතාවට ලඟින්ම තියෙන බවක් තමයි දකින්න තියෙන්නේ.

ගියර් ගැන

ගියර් ගැන කතාකරොත් ලෙස වේග 6ක ගියර් සිස්ටම් එකක් KTM Duke 125 බයික් එකේ යොදාගෙන තියෙනවා එ වගේම ගියර් අතර ගියර් රෙශියෝ එක ඉතාම කෙටි නිසා ඉතා ලඟ ලඟ ගියර් මාරු කිරීමට හැකියාව ලැබෙනවා.හැබයි ඉතින් ට්‍රැෆික් එකේ යන්න නම් ඒක පොඩි කරදරයක් වගේ වෙවි.මේ සිස්ටම් එක RC 200  බයික් වලද දකින්න පුලුවන් දෙයක්

තව KTM DUKE 200 හී එන AHO ( Automatic Headlamp On)Halogen හෙඩ් ලයිට්එක ද LED Signal සහ Tail Lamp ඒ විදියටම KTM Duke 125 බයික් එකෙත් තිබෙනවා දකින්නට පුලුවන්.හැබයි යුරෝප් මොඩ්ල් එකෙදි 99% ම KTM DUKE 390 එකට සමාන වන පෙනුමක්, LED Headlamp එක්ක එක්ක හොඳට සුවපහසු ඉඩ කඩ වැඩි සීට් නම් යොදාගෙන තිබෙනවා. හැබැයි අවාසනාවකට වගේ එ මොඩ්ල් නම් ලංකාවට තියා ඉන්දියාවෙ වෙලඳපලටවත් එන්නේ නෑ.

මීටර් පැනල් ගැන

මීටර් පැනල් එක දිහා බැලුවොත් ලංකාවේ වෙලඳපොලට ඇවිල්ලා තියෙන දැනට ඉන්දියාවේද නිකුත් කර ඇති මොඩ්ල් එකෙ KTM DUKE RC 200,250 යන මොඩ්ල් දෙකෙහ එන සාමාන්‍ය ෆුල් ඩිජිටල් මීටර් සිස්ටම් දැකගන්න පුලුවන් වගේම මේ බයික් එකේ KTM DUKE 390 හා TVS Ntroq 125 බයික් වල හැර ලංකාවේ වෙලඳපොලෙන් ඔබට මිලට ගත හැකි බයික් එකක දකින්න පුලුවන් දියුණුම මීටර් වලින් එකක් ලෙස හඳුන්වන්න පුලුවන්.

මේ බයික් එකේ Speed එක ,RPM එක,ODO එක,Trip එක,Time එක,Temperature එක,Fuel Gaugeඑක ,Average Mileage එක, Side Stand Reminder එක  සහ තවත් බොහෝ දේ ඇතුලත් වෙලා තිබෙන නිසා බයික් එකේ ධාවකයාට නියම අවබෝදයකින් බයික් එක ධාවනය කරන්න පුලුවන්.හැබයි යුරෝපීය මොඩ්ල් එකක් වෙන KTM DUKE 390 හි එන බ්ලූටූත් ස්මාර්ට් කනෙක්ටර් සම්බන්දතාව ඇති TFT තිරයක් තියෙන ඉතා දියුණු මීටර් සිස්ටම් එකක් දකින්න පුලුවන්.

සස්පෙන්ශ්න් සහ ටයර් ගැන

සස්පෙන්ශ්න් වලට KTM  DUKE 200 හීම එන WP 41mm Up Side Down Inverted Forks ඉදිරිපසට යොදාගෙන තිබෙනවා. මේක නිසා 125සීසී යතුරුපැදියකට වඩා වැඩි පෙනුමක් මෙන්ම ධාවනයේදී සුවපහසුව සහ වංගුව වල වැඩි ස්තාවර බවක් ලබා ගැනිමට හැකි වනවා.පසුපස ද WP Monosuspension  සස්පෙන්ශ්න් KTM Duke 125 බයික් එකට යොදාගෙන තිබෙනවා.

ඔනේම බයික් එකක සුවපහසුව,ස්තාවර බව සහ ආකාර්ෂණීය පෙනුමට අනිවාර්යෙන්ම  උදව් වෙන ටයර් ගැන බැලුවොත් KTM Duke 125 බයික් එකේ ඉදිරිපස 110/70 ප්‍රමාණයෙන්ද පසුපස 150/70 ප්‍රමාණයෙන්ද පුලුල් ටියුබ් රහිත ටයර් ලබා දි තිබෙනවා.(ටියුබ් රහිත සහ සහිත ටයර් අතර වෙනස දැනගන්න අවශ්‍ය නම් මෙතන ක්ලික් කරන්න).මේ නිසාම වංගු වල වගේම ඉහල වේගවලදී උපරිම ස්තාවර බවක් වගේම ධාවනයේදි සුපහසුව, තිරිංග ප්‍රතිචාරය ඉහල මට්ටමක පැවතීම වගේ දේවල් බලාපොරොත්තු වෙන්න පුලුවන්.

බ්‍රේක් සිස්ටම් එක ගැන බැලුවොත් මේක ද 100% ක්ම වගේ KTM Duke 200 බ්‍රේක් සිස්ටම් එකට සමාන වෙනවා වගේම ඉදිරිපස 300mm DISK එකක් සමඟ Bybre කැලිපරයක් හා Single Channel wee.වේ.එ කිව්වේ ඉදිරිපස පමණක් ABS තියෙන එකයි.

 

පසුපස ද 230mm ඪිස්ක් එකක් සමඟ Bybre කැලිපර් එකක් ද බජාජ් පල්සර් RS 200 වගේ Speed Sensor එකක් ද දකින්න පුලුවන්. මේ නිසා ඉදිරිපස රෝදයේ වේගය මෙන්ම පසු පස රොදයේ වේගයද ඊසීයූ එක මගින් ගණනය කරගන්නා අතර හදිසි බ්‍රේක් කිරිමකදි ඉදිරිපස රෝදය ලිස්සා යෑම හෝ හිර විමක් නොවී පිටිපස රෝදය ද ලිස්සා යාම අඩුවෙයි.මිට අමතරව මේ බයික් එක ගැන ඔබේ අදහස් අපේ ෆෙස්බුක් පොස්ට් එකේ කමෙන්ට් කරන්න

 

Tags

Leave a Reply

Back to top button
Close
Close