Motorbike Reviews

Kawasaki Vulcan S ගැන දැනගමු

හැඳින්වීම

Kawasaki බයික් කම්පැනි එකේ අයගේ හැඳින්වීමට අනුව නම් 649 cc එන්ජිමක් තිබෙන වැල්ව 2ක් තිබෙන අශ්වබල 60ක උපරිම බලයක් තිබෙන Kawasaki Vulcan S කියන්නේ නෝමල් බයික් එකකට වඩා ගොඩක් එහා ගිය බයික් එකක්. සාමාන්‍ය ලයිෆ් එකක් සාමාන්‍ය ෆැශන් කරන එක්කෙනෙක්ට වඩා ටිකක් විශේෂ පෞරුෂත්වයක් තිබෙන අයෙක්ට තමයි මේ බයික් එක මැච් වෙන්නේ.

එන්ෆීල්ඩ් බයික් එකක් පාවිච්චි කර කර හිටපු කෙනෙක්ට ටිකක් අප්ග්‍රේඩ් වෙන්න Kawasaki Vulcan S බයික් එක හොඳටම ගැළපෙනවා. මේකේ මිල සාමාන්‍ය බයික් එකකට වඩා සැළකිය යුතු තරම් වැඩි නිසා ඔයාට වේගවත් සුවපහසු රයිඩ් එකක් වගේම සෙනඟ ඉස්සරහ කැපිලා පේන එකත් සිද්ධ වෙනවා.

තත්ත්වය

ඔබ ඇවෙන්ජර් හරි රෝයල් එන්ෆීල්ඩ් එකකින් හරි නම් Kawasaki Vulcan S එකකට අප්ග්‍රේඩ් උනේ ඔබට මේකේ කොලිටි එක ගැන සෑහීමකට පත් වෙන්න පුලුවන්. විච්චූරණ දාලා දිලිසෙන්නේ නැති උනාට හොඳම මැට් පේන්ට් එකක් තමයි මේ බයික් එකේ තියෙන්නේ. වයර්, වෙල්ඩින් හැම දෙයක්ම පිළිවෙළකට නීට් එකට හොඳම කොලිටි එකෙන් තියෙනවා.ඔබ වේගයෙන් යන වෙලාවක පිටිපස්සේ සීට් එකේ එක්කෙනාට සුදු කොඩි පේන එක අඩු කරන්න ස්පෙශල් ඩිසයින් එකකට හදපු සුවිශේෂ හැන්ඩ්ල් එකකුත්  Kawasaki Vulcan S බයික් එකේ තියෙනවා.

සුවපහසුව

Kawasaki කම්පැනි එක මේ බයික් එකේ සුවපහසු බව ගැන ගොඩක් අවදානය යොමු කරලා තියෙනවා. නිකන් පාරක උනත් , අලි නාන තඩි වළවල් තියෙන පාරක උනත්, හොඳ හයි වේ එකක උනත් කිසිම අපහසුවල් ආයාසයක් නැතුව එකම විදියට යන්න Kawasaki Vulcan S එකට පුලුවන්. Z650 , ninja 650 වගේ බයික්ස් වලට වඩා වෙනස් චැසියක් සහ සස්පෙන්ශන් සිස්ටම් එකක් මේ බයික් එකට දීලා තියෙනවා. බයික් එක බරින් වැඩි කරලා, පිටිපස්සේ සස්පෙන්ශන්ස් ඉතාම හොඳ ඒවා දාලා තියෙනවා. මේ නිසා ඕනම පාරක ගියත් ඔබට එකම විදියේ සුවපහසුවක් තමයි දැනෙන්නේ.

 

හොඳට ඉඩ තියෙන, ඒ වගේම සැප කුශන් එකකින් හදපු 705 mm උසකින් තිබෙන සීට් එකක් තමයි මේ බයික් එකේ තියෙන්නේ. කෙටි ගමන් වලට නම් කිසිම අවුලක් නැහැ. හැබැයි පැයකට වඩා වගේ එක දිගට වාඩි වෙලා හිටියොත් නම් පස්ස පැත්ත වගේම කොන්දත් රිදෙන්න ගන්නවා. මේ වෙලාවට නම් බයික් එක නවත්තලා පොඩි බ්‍රේක් එකක් ගන්නවා ඇර වෙන ඔප්ශන් එකක් නැහැ. මොකද වෙන බයික් එකක වගේ Kawasaki Vulcan S බයික් ඒකේ ඔබට හිටගන්න බැහැ. හැන්ඩ්ල් එකේ හැඩේ,පැඩ්ල්ස් තියෙන දුර වගේ ප්‍රශ්න ගොඩක් එනවා.

ක්‍රියාකාරීත්වය

මේ බයික් එකේ චැසි එක ටිකක් පාතයි. ඒ වගේ හැන්ඩ්ල් එකත් දිගයි. මේ නිසා Kawasaki Vulcan S එක හසුරුවන්න, හරවන්න ටිකක් අමාරුයි.  ඉස්සරහ සස්පෙන්ශන් නිසාත් මේ වැඩේ තව අමාරු වෙනවා.

හැබැයි වැඩේ අල්ලගත්තට පස්සේ නම් ඔයාට මේක අමාරු වැඩක් වෙන්නේ නැහැ. කිසිම අවුලක් නැතුව ගෙදර වගේ බයික් එක කන්ට්‍රෝල් කරන්න පුලුවන්. Vulcan S එකේ ටයර් ගැනත් කියන්න ඕනේ.ඉදිරිපස තිබෙන්නේ 120/70 R18 M/C 59H ටයර් එකක් වගේම පසුපස තිබෙන්නේ 160/60 R17 M/C 69H ටයර් එකක් මේ ටයර් තාර පාරට වගේම කොන්ක්‍රීට් පාරක උනත් නියමෙට යන්න පුලුවන් වෙන්න හදලා තියෙනවා. මේකේ බ්‍රේක් ගැන කතා කරද්දි නම් ටිකක් තදට වැඩේ කරන්න වෙනවා.

මොකද කිලෝ 200ක් බර බයික් එකක් නවත්තනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි නේ. Kawasaki Vulcan S එකට ඉදිරිපස 300 mm ඩිස්ක් බ්‍රෙක් එකක් සහ පසුපස 250 mm ඩිස්ක් බ්‍රෙක් එකක් ඇතුලත් කරලා තියෙනවා.සාමාන්‍ය බයික් එකක් බ්‍රේක් කරනවාට වඩා වෙනස් හැඟීමක් තමයි එන්නේ. ඒත් ඔබට වැඩි වේගෙකින් යන්න පුලුවන් වැඩි ආයාසයක් දරලා බයික් එක ඉක්මනට නවත්තගන්න පුලුවන් කියලා දන්න නිසා.Kawasaki Vulcan S එකේ RPM එක 3000-5000 අතරේ එන සද්දෙට ඔබ ආදරේ කරයි. ඒක අහන් ඉන්න ආස හිතෙන විදියේ සද්දයක්.

තාක්ශණය

තාක්ශණයයි ෆීචර්ස් වලිනුයි නම් Kawasaki Vulcan S එක ඉන්නේ සාමාන්‍ය බයික් එකක ලෙවල් එකේ නෙමෙයි.Fuel injection සහ liquid cooling එකක් තියෙනවා මේකේ එන්ජින් එකට. ගියර් 6ක ගියර් සිස්ටම් එකක් වගේම ඉස්සරහට පිටිපස්සට ඇජස්ට් කරන්න පුලුවන් කකුල් රඳවනත් ඇතුළත් වෙනවා. ටයර් ගැන ආපහු කියනවා නම් ඉස්සරහටයි පිටිපස්සටයි දෙකටම රේඩියල් ටයර්ස් තමයි Kawasaki Vulcan S බයික් එකේ තියෙන්නේ.

ඉන්ධන කාර්යක්ෂමතාව

පෙට්‍රල් ලීටරේකින් කිලෝමීටර් 22ක් විතර යන්න පුලුවන් වගේම ලීටර් 14 පෙට්‍රල් ටැංකියක් මේකේ තියෙනවා. ෆුල් ටෑන්ක් ගහලා කිලෝමීටර් 300ක වගේ ගමනක් යන්න පුලුවන්. ඒක නිසා ෆුල් ටෑන්ක් ගහලා බය නැතුව හොඳ රෝඩ් ට්‍රිප් එකක් උනත් යන්න පුලුවන්.මිට අමතරව මේ බයික් එක ගැන ඔබේ අදහස් අපේ ෆෙස්බුක් පොස්ට් එකේ කමෙන්ට් කරන්න

 

 

Tags

Leave a Reply

Back to top button
Close
Close