The Time Out

ඔබේ bike එක ඉක්මනින් විකුණගන්න රහස්- How to Sell a Bike Fast

ඔබ දැන් තියෙන Bike එක ජීවිත කාලෙම පදින්නද හිතාගෙන ඉන්නේ? නෑනේ. ඔබ විතරක් නෙවෙයි ඕනෑම කෙනෙක් අලුත්ම Model එකේ Bike එකක් ගත්තත් අවුරුදු දෙකතුනක් ගියාට පස්සේ, අතට සල්ලි ටිකක් එකතු වුනාම, ඊළඟට එන අලුත් Model එකේ Bike එක ගන්නයි උත්සාහ කරන්නේ. එතකොට පරණ Bike එක විකුණ ගන්න වෙනවා. හැබැයි ඉතිං මතක තියා ගන්න Bike එකක් විකුණන එක, පොළේ බඩු විකුණනවා වගේ කරන්න බෑ.

ඒකට විශේෂයෙන්ම සූදානම් වෙන්න ඕන. එහෙම නැත්නම් හැමදාම Bike එක විකුණනවා කියලා Add දදා තමයි ඉන්න වෙන්නේ. අන්න ඒ නිසයි අද Biker.lk තුලින් අද අපි ඔබට Bike එකක් ඉක්මනටම විකුණගන්න නම් කරන්න ඕන දේවල් ගැන කියන්න හිතුවේ.

01. Bike එකට කලින් Documents
How to Sell a Bike Fast

මේ තමයි පළවෙනි රාජකාරිය. හැමදෙයක්ම නීතියට අනුව කරනවා නම් ඔබට වෙන කිසිම දෙයක් ගැන හිතන්න ඕනේ නැහැ. මොකද ඔබ වගේම අනිත් අයත් බයයි අහක යන ලෙඩ දාගන්න. ඒ නිසා Bike එක විකුණන්න කලින් ඊට අදාළ ලියකියවිලි එකතු කර ගන්න ඕන. වර්තමාන Bike එකේ ලියාපදිංචි ලේඛන වගේම ඔබ විසින් මිලදී Transfer Paper එක අනිවාර්යෙන් තියෙන්න ඕන. ඔබේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වාහන බලපත්‍ර නිකුත් කරන අංශයට ගියා නම් ඒ ලියකියවිලි ටික අරගන්න පුළුවන්. ඒ වගේම Bike එක Service කරපු බිල් තියෙනවා නම් ඒවත් එකතු කරගන්න. අලුතෙන් බැටරි, ටයර් වගේ දේවල් දැම්මා නම්, ඒවාට අදාළ Warranty Card තියෙනවා නම් ඒවත් එකතු කරගෙන File එකක් හදා ගන්න. එක Bike එක විකුණගන්න අමතර වාසියක් වේවි.

02. Full Service එකක් දෙන්න
How to Sell a Bike Fast

Bike එක විකුණන්න කලින් Full Service එකක් කර ගැනීමත් අනිවාර්ය දෙයක්. මොකද ඔය පාවිච්චි කරපු නිසා Bike එකේ මඩ, කුණු දූවිලි පිරිලා ඇති. ඒ වගේම සමහර කොටස් ගෙවිලා තියෙන්න පුළුවන්. ඒ හැමදෙයක්ම හොඳට බලලා, අලුතෙන් දාන්න ඕනේ Parts තියෙනවා නම් දෙපාරක් හිතන්නේ නැතුව ඒවත් දාන්න. මොකද ඔබෙන් Bike එක ගන්න කෙනා කැමති වෙන එකක් නැහැ Bike අරන් පලවෙනි දවසේ ඉඳලම ගරාජ් ගානේ රස්තියාදු වෙන්න. ඒ නිසා අනිවාර්යයෙන්ම හොඳට දන්නා Expert කෙනෙක් එක්කගෙන Bike එක පරික්ෂා කරන්න ආවොත් ඔබේ ගනුදෙනුවත් නැති වෙන්න පුළුවන්. ඒ වගේම Service එකෙන් පස්සේ Bike එකට හොඳ පෙනුමක් ලැබේවි. ඒ වගේම Bike එකේ පිටතට පේන්න තියෙන තැලීම්, සිරීම් වගේ තැන් තියෙනවා නම් ඒවත් හදා ගන්න. මොකද Bike එක ගන්න එන කෙනාගේ හිත ඇදිලා යන තරමට පෙනුමක් තිබුණොත් තමයි ඔබට Bike එක විකුණා ගන්නයි ලේසි වෙන්නේ.

03. එහෙම බැරි නම් මෙහෙම
How to Sell a Bike Fast

සමහර විට Bike එක විකුනන්න කලින් Full Service එකක් කරන්න ඔබට බැරි වෙන්න පුළුවන්. එහෙම වුණොත් අනිවාර්යයෙන්ම මෙහෙමවත් කරන්න. ඔබට පුළුවන්නේ ගෙදර ඉදන්ම Bike එක පිරිසුදු කර ගෙන අලුත් පෙනුමක් Bike එකට දෙන්න. මුලින්ම බලන්න Bike එකේ මල කාපු තැන තියෙනවද කියලා. එහෙම නම් ඒ මල බැඳුනු තැන වල මලකඩ පරිස්සමට සුරලා ඉවත් කරගන්න. ඊට පස්සේ Oil හොඳට ආලේප කරන්න. Bike එකේ chain එක වගේ දේවල් හොඳින් Oil කරගන්නත් ගෙදරදීම ඔබට පුළුවන්. ඒ වගේම Bike එකේ seat එක, ටයර් හොදින් හෝදලා පිහදාන්න. ටයර් වල නම් දිලිසෙන්න Oil ටිකක් ආලේප කරගන්නත් පුළුවන්. Bike එක ගන්න කෙනාගේ ඇස් මුලින්ම ඇඳිලා යන තැන කිහිපයක් තියෙනවා. ඉන්ධන ටැංකිය, ටයර්, Seats. අන්න ඒ නිසා දැන්ම Bike එක විකුණන්න හිතුවේ නැති වුණත් මේ කියපු තැන් හොඳ පෙනුමට තියා ගන්න ඔබ නිතරම Try කරන්න ඕනේ. එතකොට හදිස්සියකට වුනත් Bike එක විකුණගන්න ඕන වුණොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

04. Photo Shoot එකක්
How to Sell a Bike Fast

පත්තරේක හරි Internet එකේ හරි Add එකක් දැම්මොත් ඔබට පුළුවන් Bike එක ඉක්මනටම විකුණ ගන්න. පත්තරේට Add එකක් දාන්න නම් ඔබට අඩුම ගානේ රුපියල් 1000ක් වත් වියදම් වෙනවා. හැබැයි ඒ ගාණත් ඉතුරු කරගෙන ලංකාවේ තියෙන On line දැන්වීම් පළ කරන Site එකකට නොමිලේම ඔබේ Bike එක ගැන Add එකක් දාගන්නත් පුළුවන්. ඒක තමයි හොඳම සහ වේගවත්ම ක්‍රමයට මේ වෙනකොට. හැබැයි ඒ Site එකේ ඔබ Add එක දානකොට Bike එකේ ලස්සන, අලුත් බව කැපිලා පේන Photos ටිකක් දාන්න. ඒ වෙනුවෙන් Photo කිහිපයක් ගන්න. ඔබේ Smart Phone එකෙන් Photos ගත්තත් ප්‍රශ්ණයක් නැහැ. හැබැයි අමතක නොකර Bike එකේ Features හොඳට පෙන්න Photos ගන්න. එතැනදී අලුත් ටයර්, ලස්සනට පෙන ඉන්ධන ටැංකිය, seat එක, වගේ දේවල් වැඩිපුර ඉස්මතු වෙන්න ෆොටෝස් ගන්න ඕනේ. හැබැයි මතක ඇතුව Bike එක එළිමහනක ලස්සන පසුබිමක තියලා Photo ගහන්න.

05. Best Price
How to Sell a Bike Fast

Bike එක විකුනද්දී මිල ඉතාම වැදගත්. මොකද Bike එකේ දැන් තත්වෙට හරියන මිලක් ඔබ කියන්න ඕනේ. ඒක ඔබට පාඩු වෙන්නත් බැහැ, ගන්න කෙනාට පාඩුවක් වෙන්නත් බැහැ. හොඳම දේ තමයි ඔබේ Bike එක නිෂ්පාදිත වසරේම, ඔබේ Bike එකේ වර්ගයට සහ කාණ්ඩයට සමාන විකුණන්න Add දාලා තියෙන අනිත් Bike වල ගාණ හොයලා බලන්න. වෙළඳ දැන්වීම් තියෙන web Site වලට ගියොත් ඒක ලෙහෙසියෙන්ම කරගන්න ඔබට පුළුවන්. ඒ මිල සංසන්දනය කරලා මිලක් තීරණය කරන්න. ඒ වගේම ඔබේ Bike එක finance කරලා තව වාරික කිහිපයක්ම තියෙනවා නම් ඔබේ අතට එන ගාණ පොඩ්ඩක් එහෙමෙහෙ වෙන්න පුළුවන්. ඒ වගේම පුළුවන් නම් හෙල්මට් එකක්, Jacket එකක්, Tool Kit එකක් වගේ අමතර දෙයක් Bike එකත් එක්ක ලබා දෙන්න.

6. Ad එක දන්නේ මෙහෙමයි
How to Sell a Bike Fast

මුලින්ම Bike එක විකුණගන්න දැන්වීම පළ කරන්න හොඳ තැනක් පත්තරයක්, හෝ web SIte එකක් හොයා ගන්න. ඒකට කලින් Bike විකුණපු යාලුවෙක්ගෙන් උපදෙස් ගත්තට කමක් නැහැ. එයාගේ අදහස් එක්ක හෝ නැතුව ඕනේ නම් ඔබට පුළුවන් Bike විකුනන්න Adds දාපු Sites වල පොඩි රවුමක් දාන්න. ඔයාගේ වැඩේට ගැලපෙනවා කියලා හිතෙන Site එක තෝරා ගන්න. එතැනදී බොහෝ පිරිසක් නිතරම භාවිතා කරන Web Site එක ඔබ තෝරා ගත්තොත් සති ගන්නන් Bike විකුනන්න Add දාගෙන බලාගෙන ඉන්න වෙන්නේ නැහැ. දැනට Ikamn.lk , Sambole.lk , riyasewana.com, automachan.lk, hitad.lk, carmudi.lk වගේ Web Sites තමයි වැඩිම පිරිසක් යන එන Web අඩවි බවට පත්වෙලා තියෙන්නේ. ඉතින් මේ අතරින් එකකට ගිහින් පහසුවෙන්ම Add එක දාලා ඉක්මනටම Bike එක විකුණා ගන්න ඔබට පුළුවන්.

Tags

Leave a Reply

Back to top button
Close
Close