Maintenance

බයික් එක පේන්ට් කරන හරි විදිය – 1

ඔබ හැමදේම තනිවම කිරීමේ අභියෝගයට කැමති කෙනෙක් නම්, එහෙමත් නැත්නම් කීයක්හරි ඉතුරු කරගන්න හිතාගෙන තනියම වැඩ කරන්න ට්‍රයි කරන කෙනෙක් නම්, ඔබේ Motorbike එක තනියම පේන්ට් කරගන්නත් ඔබට හිතෙන්න පුලුවන්. ඒත් හැමකෙනෙක් ගාවම air compressor එකක්, spray booth එකක් එහෙමත් නැත්නම් spray gun එකක් නැතිවෙන්න ඉඩකඩ වැඩියි.

ඔබේ නිවසේදීම aerosol paint පාවිච්චි කරලා Motorbikes එකක් පේන්ට් කරන්න පුලුවන් කියලා ඔබ දැනගෙන හිටියද? ඔබට spray booth එකකින් ලැබෙන professional result එක ලැබෙන්නේ නැති වෙන්න පුලුවන්. එය නවීන two-part automotive paint එකක් තරම් කල් පවතින්නේ නැති වෙන්නත් පුලුවන්. නමුත් ඔබට අලුත් දේවල් කිහිපයක් ඉගෙන ගැනීමට වුවමනා නම්, හොඳ colour scheme එකක් තෝරගෙන, තනිවම පේන්ට් කිරීමෙන් තෘප්තියක් ලබා ගන්න මේ උපදෙස් අනුගමනය කරන්න.

පේන්ට් කිරීමේ ක්‍රියාවලිය අපි පියවර හයකට බෙදුවා. මේ ලිපියෙන් පියවර 3ක් සහ ඊළඟ ලිපියෙන් ඉතිරි පියවර 3 ඔබ වෙත අරන් එන්න අපි බලාපොරොත්තු වෙනවා.

  • පළමු පියවර

Bike එකේ අවසාන නිමාව ගැන හිතන්න. ඔබ බලාපොරොත්තු වෙන color scheme එක මොකක්ද? lettering, decals, patterns හෝ lines එකතු කරන්න ඔබ බලාපොරොත්තු වෙනවද? ඔබ අවසන් නිමාවක් තීරණය කළ පසු, පේන්ට් කිරීමේ ක්‍රියාවලිය සහ අවශ්‍ය බඩු බාහිරාදිය තීරණය කිරීමට එය උපකාරී වෙනවා. ඔබේ paint scheme එකේ දළ සැලැස්මකින්, ඔබට පේන්ට් කිරීමේ පියවර සැලසුම් කිරීමට උපකාරී වනවා. ඒ නිසා ඔබේ සැලසුම සහිත sketch එකක් හදාගන්න.

  • දෙවන පියවර

Paint system එකක් තෝරගන්න. මේ ක්‍රියාවලිය සඳහා ඔබට air compressor එකක් නොමැති බව උපකල්පනය කරොත්, ඔබේ තීන්ත තේරීම් ටිකක් සීමිත වෙනවා.

Single stage paint කියලා කියන්නේ තනි තීන්ත ආලේපනයකින් colour එක හා gloss යන දෙකම ලබා ගත හැකි තීන්තවලටයි. Two-stage paint වලට colour එක සඳහා එක් පේන්ට් ලේයර් එකක් අවශ්‍ය වන අතර protective clear coat එක සඳහා තවත් පේන්ට් ලේයර් එකක් අවශ්‍ය වෙනවා (gloss හෝ matt විය හැකියි). මේ Two-stage නිෂ්පාදන සාමාන්‍යයෙන් base coat/clear coat සිස්ටම් ලෙස හැඳින්වෙනවා.

1K coatings යනු කාර්‍යය සම්පූර්ණ වීම සඳහා hardener, activator හෝ වෙනත් නිෂ්පාදනයක් අවශ්‍ය නොවන ආලේපනයි. House paint එවැනි නිෂ්පාදනයක් සඳහා හොඳ උදාහරණයක්.

2K coatings කියන්නේ වියළීමේදී රසායනික ප්‍රතික්‍රියාවක් සක්‍රීය කිරීම සඳහා ස්ප්‍රේ කිරීමට පෙර hardener එකක් සමඟ මිශ්‍ර කළ යුතු නිෂ්පාදනයි. මෙමඟින් කාලගුණය, පාරජම්බුල කිරණ, ඉන්ධන හෝ රසායනික ද්‍රව්‍ය වලින් සිදුවන හානි අවම කරන, වඩා කල් පවතින නිමි මතුපිටක් සපයනවා.

වෙළඳපොළේ 2K clear coat එකක් ලබා දෙන aerosol spray can තිබෙනවා. නිෂ්පාදකයින් කෑන් තුළ වෙනම කුටීර නිර්මාණය කිරීමෙන් මේ දේ කළමනාකරණය කරනවා. ස්ප්‍රේ කිරීමට කලින්, ඔබ hardener සැපයුම activate කළ යුතු අතර එය clear coat සමඟ මිශ්‍ර වෙනවා. එහෙම නැත්නම් ඔබට 1K base coat (වර්ණය) සහ 2k clear coat සහිත අදියර දෙකක පේන්ට් සිස්ටම් එකක් භාවිතා කරන්න පුලුවන්.

මිලෙන් තරමක් වැඩි enamel aerosol paint භාවිතා කරන්න හේතු කිහිපයක්ම තියෙනවා.

  1. නැවත ආලේප කිරීමේ (re-coating) කාලය මිනිත්තු 20 ක් පමණ වේගවත් වෙනවා.
  2. මලකඩ වලින් පිරී ඇති බයික් කොටස් වලට හොඳින් ගැළපෙනවා.
  3. automotive paint වලට සාපේක්ෂව මෙය ඉතාමත් ලාභදායී පේන්ට් එකක්.

  • තුන්වන පියවර

ගුණාත්මක නිමාවක් සඳහා, වැඩේට හරියට සූදානම් වීම ඉතා වැදගත්! සාමාන්‍ය ක්‍රියාවලිය නම්: පේන්ට් ඉවත් කිරීම, ෆිල් කිරීම, වැලිකඩදාසියෙන් මැදීම, Primer යෙදීම, ස්ප්‍රේ පුටි / ෆිලර්, සහ නැවතත් Primer.

  • තීන්ත ඉවත් කරන්න. දැනට පවතින coat එකකට උඩින් නැවත පේන්ට් කරන්න පුලුවන්. පේන්ට් එක හොඳ තත්ත්වයේ තිබෙනවා නම්, 400 grit wet-and-dry paper එකක් මුලින්ම භාවිතා කරලා, ඒ උඩින් පේන්ට් කිරීම කරන්න ඔබට පුලුවන්.
  • Filler! ටැංකියක් හෝ ෆ්‍රේම් එකක් පේන්ට් කිරීමේදී ඔබට මේ පියවර මඟ හැරලා යන්න පුලුවන්. එහෙම නැති අවස්ථාවල automotive body filler කිහිපයක් සූදානම් කරගන්න. මෙය සාමාන්‍යයෙන් කොටස් දෙකක නිෂ්පාදනයක්. ප්‍රතික්‍රියාවක් ආරම්භ කිරීම සඳහා ඔබ filler එක සමඟ hardener එකක් මිශ්‍ර කළ යුතුයි. Filler එක මිශ්‍ර කිරීමට කලින්, ඔබේ සම ආරක්ෂා කර ගැනීම සඳහා ඉවත දැමිය හැකි gloves දෙකක් පැළඳ ගන්න. ඉටි සහ ග්‍රීස් ඉවත් කිරීමට පිරිසිඳු ‍රෙදි කැබැල්ලක් භාවිතා කරන්න. මතුපිට පිරිසිඳු  බව සහතික කරගෙන ඊළඟ පියවර සඳහා සූදානම් වෙන්න. Filler මිශ්‍ර කිරීම සඳහා ඔබට සුදුසු මතුපිටක් අවශ්‍ය වෙනවා. හැමවිටම නිෂ්පාදනයේ ඇසුරුමේ ඇති උපදෙස් අනුගමනය කරන්න. බයික් එකේ මතුපිට Filler යෙදීමට ප්ලාස්ටික් කැබැල්ලක් (plastic spreader) භාවිතා කරන්න.
  • වැලිකඩදාසියෙන් මැදීම! Filler එක වේළුණු පසු (සියල්ල හොඳින් සිදුවුවහොත්, මිනිත්තු 30 කින් පමණ), ඔබට වැලිකඩදාසියෙන් මැදීම ආරම්භ කරන්න පුලුවන්. නැවත පිරවිය යුතු ලොකු සීරීම් ඇති කරන්නේ නැතිව filler ඉවත් කිරීම කරන්න. 80 grit aluminum oxide paper මේ සඳහා භාවිතා කරන්න පුලුවන්. Filler එක සුමට කිරීම ආරම්භ කරන්න. මෙය දූවිලි එක්ක ගනුදෙනු කරන්න වෙන වැඩක් නිසා ඉවත දැමිය හැකි මාස්ක් එකක් පැළඳ ගන්න. Filler පහත් ස්ථානවල පමණක් ඉතිරි වන තෙක් ඔබේ වැලි කඩදාසියෙන් දිගටම filler ඉවත් කිරීම සිදු කරන්න. ඔබේ අත්ල, මතුපිටට උඩින් ගෙන යන්න. ඔබට පහත් ස්ථාන හමුවේවී. මේ වගේ තැන්වල පවතින පෘෂ්ඨයට ගැලපෙන තරම් ඉහළ මට්ටමකට filler යෙදී නැහැ. තවත් filler ටිකක් මිශ්‍ර කර පිරවීම සහ මැදීමේ ක්‍රියාවලිය නැවත සිදු කරන්න.

  • Primer භාවිතා කරන්නේ මතුපිට සහ තීන්ත අතර ලේයර් එකක් නිර්මාණය කිරීම සඳහායි (මෙහිදී filler සහ පේන්ට් අතර). සාමාන්‍යයෙන් නම් පේන්ට් නිෂ්පාදකයින් හොඳම පේන්ට් නිමාවක් සඳහා ගැළපෙන හොඳම Primer වර්ගය නිර්දේශ කරනවා. ඇසුරුමේ සටහන්ව ඇති පරිදි එය තැබිය යුත්තේ කෙතරම් ඝනකමින්ද, සහ coat අතර කොපමණ කාලයක් බලා සිටිය යුතුද යන දේවල් නිවැරදිව අනුගමනය කරන්න. Primer යෙදීමට කලින් fuel filler වැනි පේන්ට් අවශ්‍ය නොවන ඕනෑම කොටසක් ආවරණය කිරීමට ටේප් භාවිතා කළ යුතුයි. Primer යෙදීමට සුළු මොහොතකට කලින් පිරිසිඳු රෙදි කැබැල්ලකින් මතුපිට හොඳින් පිසදැමීමෙන් දූවිලි, රොඩු ආදිය ඉවත් කරන්න.
  • Spray Putty! Primer යෙදීමෙන් පසු සුළු සීරීම් තිබෙනවා නම්, spray putty යොදා මේ සීරීම් පුරවන්න ඔබට පුලුවන්. මෙහිදීත් නිෂ්පාදකයාගේ උපදෙස් පිළිපදින්න. සාමාන්‍යයෙන් නම් spray putty coat තුනක් හෝ හතරක් යොදා පසුව වැලි කඩදායකින් මැදීම කරන්න පුලුවන්. කලින් සිදුකළ ආකාරයටම අත්ලෙන් මතුපිට පරීක්ෂා කර බලන්න. සමහර නිෂ්පාදනවල නම් නැවත වරක් primer යෙදීමට උපදෙස් දී තිබෙන්න පුලුවන්.

මේ තමයි අපේ මුල්ම පියවර 3! ඉතින් අපි ඉක්මණින්ම ‘බයික් එක පේන්ට් කරන හරි විදිය – 2’ එක්ක හමුවෙමු.

Back to top button
Close
Close