Maintenance

මෝටර්බයික් එකට Muffler එකක් සෙට් කරන්නේ කොහොමද?

motorbike රයිඩර්ස්ලා විදියට අපේ බයික් එකේ පෙනුම ටිකක් වෙනස් කරන එකෙන් අපේ පෞරුෂය පෙන්වන්න අපි හැමෝම කැමතියි. කස්ටමයිස් කිරීම සඳහා පහසුවෙන් ඉඩ ලබාදෙන කොටස් කිහිපයක්ම බයික්වල තියෙනවා, ඒ අතරින් පහසුවෙන්ම වෙනස් කරන්න පුලුවන් දෙයක් තමයි මෆ්ලර් කියලා කියන්නේ. අප්ග්‍රේඩ් කිරීම්, ‍රිප්ලේස් කිරීම් හෝ බර අඩු කරගැනීම වගේ ඔබේ මෆ්ලර් එක මාරු කිරීමට විවිධ හේතු තිබෙන්න පුලුවන්. මේ හේතුව මොකක් වුණත් මෆ්ලර් එකක්/ එක්සෝස්ට් එකක් හයි කරන එක සරල වැඩක්.

බයික්වල එක්සෝස්ට් අප්ග්‍රේඩ් කිරීම්, රිප්ලේස් කිරීම් සඳහා ‍රටේ තියෙන නීතීරීති ගැන දැනගෙන ඉන්න ඕනේ. බොහෝ රටවල්වල මේ වගේ වෙනස් කිරීම් ගැන රෙගුලාසි තිබෙනවා. ඉතින් මෆ්ලර් ඇතුළු ඕනෑම අප්ග්‍රේඩ් කිරීමක් මිලදී ගන්න කලින් සහ හයි කරන්න කලින් මේ නීති පිළිබඳව දැනුවත් වීම හොඳයි. ඉතින් මේ කාර්‍යය අපි පටන් ගන්නේ බයික් එකක් තරමක් ඉහළට ඔසවලා.

බයික් නිෂ්පාදකයාට වඩා ඔබ හොඳින් දන්නවා කියලා හිතන්න එපා!

බොහෝමයක් මෆ්ලර් ඉවත් කිරීම සහ රිප්ලේස් කිරීම සඳහා එකම ක්‍රියාවලියක් අනුගමනය කරන බව ඇත්‍ත. නමුත් ඔබ මිලදී ගත් අප්ග්‍රේඩ් කිරීම සඳහාම සුවිශේෂී අවශ්‍යතා කිහිපයක් තිබෙන්න පුලුවන්. ඒ නිසා මේ අපි අද ගෙන එන හැමෝටම පොදු උපදෙස් වගේම ඔබේ මෆ්ලර් එක සඳහාම සුවිශේෂී වුණු, නිෂ්පාදකයාගේ උපදෙස් අනුගමනය කරන්න අමතක කරන්න එපා!

  • මෆ්ලර් එක ඉවත් කිරීම සඳහා සූදානම් කරන්න

එක්වරම ඔබගේ පරණ මෆ්ලර් එකේ සෑම බෝල්ට් එකක්ම ඉවත් කරමින්, මෆ්ලර් එක ගලවන්න නම් එපා. ඕනෑම වෙනස් කිරීමක දී වගේම මෙතනදීත් ඉවසීම ඉතා වැදගත්. පැරණි එක්සෝස්ට් සිස්ටම් එක ඉවත් කිරීමට සූදානම් කිරීම සඳහා, ඔබට පහත සඳහන් දෑ ලිහිල් කිරීමට අවශ්‍ය වනවා:

  • කනෙක්ෂන් ජොයින්‍ට්

motorbike එකේ නිෂ්පාදකයා සහ මොඩ්ල් එක අනුව කනෙක්ෂන් ජොයින්‍ට් වෙනස් වෙන්න පුලුවන්.

  • මෆ්ලර් බ්‍රැකට්

කනෙක්ෂන් ජොයින්‍ට් වගේම එක්සෝස්ට් බ්‍රැකට්ද වෙනස් වෙන්න පුලුවන්. මූලිකම දෙය නම් එක්සෝස්ට් සිස්ටම් එකට, විශේෂයෙන් හෙඩර් පයිප් එකට සිදුවිය හැකි හානි වළක්වා ගැනීම සඳහා ඔබ බ්‍රැකට් ලිහිල් කරන විට මෆ්ලර් එකේ බරට සහාය විය යුතුයි.

  • හෙඩර් පයිප් එක නිරාවරණය කරමින් මෆ්ලර් එක ගලවන්න

මෝටර්බයික් මෆ්ලර් ගැන කතා කරද්දී “slip-on” කියන්නේ නිතර කතා වෙන දෙයක්. ඒකට හේතුව තමයි, මෆ්ලර් නිතරම slipping on/off යන ආකාරයට ක්‍රියා කිරීම. ඒත් හැමවෙලාවෙම මෙහෙම වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ඔබේ බයික් එකේ දීර්ඝ කාලයක් තිස්සේ මෆ්ලර් එකක් සම්බන්ධ කර තිබුණා නම්. සමහර මෆ්ලර් ඉවත් කිරීම සඳහා තරමක බලයක් අවශ්‍ය වෙනවා, නමුත් ඕනෑවට වඩා බලය යෙදීමෙන් ඔබගේ එක්සෝස්ට් සිස්ටම් එකට හානි වෙන්න පුලුවන්.

සාමාන්‍ය Muffler එකක් ඉවත් කිරීම සහ රිප්ලේස් කිරීම සරල ක්‍රියාවලියක් වුණත්, ඉවත් කිරීමේදී විශාල බලයක් යෙදවුවහොත් ඔබ අනවශ්‍ය අකරතැබ්බයකට මුහුණ දෙන්න පුලුවන්. එමනිසා ඔබේ ගෑස්කට් ගැටළු ඇතිවීම හෝ ඔබේ සිලින්ඩර් හෙඩ් එකට හානි වීම වළක්වා ගැනීම සඳහා, මෆ්ලර් එකට බලයක් යොදන්න කලින් සියල්ලම දෙවරක් පරීක්ෂා කරන්න.

  • අලුත් මෆ්ලර් එක ඇතුළට තල්ලු කරන්න

පැරණි මෆ්ලර් එක ඉවත් කළ පසු, ඔබේ අලුත් Muffler එක හයි කිරීමේදී සෙමින් හා ප්‍රවේශමෙන් එය ඇතුළු කිරීමට වගබලාගන්න. ඔබේ එක්සෝස්ට්  සිස්ටම් එක හානිවනසුළු වන අතර අලුත් මෆ්ලර් එක හරියටම ගැළපෙන විදියට නිර්මාණය කරලා තිබෙනවා. ගලවන එකේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියක් විදියට නැවත හයි කරන කටයුත්ත කළ යුතුයි. ඒත් මෙහිදී සමහර වෙනස්කම් තියෙන්න පුලුවන් කියන එකත් අමතක කරන්න එපා. උදාහරණයක් විදියට මවුන්ටින් ක්ලෑම්ප් තරමක් වෙනස්වෙන්න පුලුවන්. වැදගත්ම දේ වෙන්නේ සෑම පොඩි දෙයක් ගැනම අවධානය යොමු කිරීම සහ ඔබ අලුත් මෆ්ලර් එක හෙඩර් පයිප් එකට ප්‍රවේශමෙන් ඇතුළු කිරීමයි.

  • මෆ්ලර් එක motorbike එකට සම්බන්ධ කරන්න

දැන් මෆ්ලර් එක තිබෙන්නේ හරි තැන. ඔබ එය සවි කර සුරක්ෂිත (secure) කළ යුතුයි. මෆ්ලර් එක සුරක්ෂිත කිරීම හෝ සම්බන්ධ කිරීම බොහෝ ආකාරවලින් කළ හැකි නමුත් සෑම ක්‍රමයක්ම ඔබ මිලදී ගත් මෆ්ලර් නිෂ්පාදකයා මත රඳා පවතිනවා. උදාහරණයක් විදියට, සමහර නිෂ්පාදකයින්ට අතිරේක O-rings හෝ වෙනත් ඇමුණුම් අවශ්‍ය වෙනවා.

  • බ්‍රැකට්ස්

සාමාන්‍යයෙන් මෆ්ලර් බ්‍රැකට්ස් මඟින් මෆ්ලර් එක බයික් එකට සවි කරනවා.

  • බෑන්ඩ් ස්ටයිල් ක්ලෑම්ප්

විකල්පයක් විදියට බෑන්ඩ්-ස්ටයිල් ක්ලෑම්ප් මඟින් මෆ්ලර් බොඩි එක වටා අතක් විදියට ක්‍රියා කරනවා. මෙම ක්ලෑම්ප් බයිසිකලය සුරක්ෂිත කරන අතර කම්පන අඩු කර මෆ්ලරය ස්ථාවරව තබා ගැනීමට උපකාරී වෙනවා.

සෑම දෙයක්ම තද කළ බවට දෙවරක් පරීක්ෂා කිරීමෙන් පසු හා මෆ්ලර් එක හෙඩ් පයිප් එකට සුරක්ෂිත කිරීමට පෙර, ඔබට අනෙක් අංග – ගෑස්කට් ක්ලෑම්ප්, ෆ්ලැන්ජ් සහ ස්ප්‍රින්ග්ස් නැවත සම්බන්ධ කරන්න පුලුවන්. වුවමනාවට වඩා තද කරන්න එපා.

  • පිස දමන්න, කාන්දුවීම් ගැන පරීක්ෂා කරන්න

දැන්මම ගමනක් යන්න හදිස්සි වෙන්න එපා! හැලුණු ඔයිල් සහ අනෙක් කුණු දූවිලි පිස දැමීමට කලින්, එන්ජින් එක රේස් කිරීමෙන් ස්ථිර පැල්ලම් ඇති විය හැකියි. මෆ්ලර් එක හයි කරන අතරතුර ඔබ මෆ්ලර් එක ඇල්ලූ නිසා මෆ්ලර් බොඩි එකේ ඔබේ අත්වලින් තෙල් සළකුණු ඇති විය හැකි අතර, මෙම තෙල් පිරිසිදු නොකළ හොත් ස්ථිර පැල්ලම් ඇතිවෙන්න පුලුවන්. අළුත් මෆ්ලර් එක පිසදමා පිරිසිඳු කර, එන්ඩ් කැප් පිරිසිදු කිරීමේදී ඉතා පරිස්සම් වෙන්න, විශේෂයෙන්ම ඒවා කාබන් ෆයිබර්වලින් සාදා ඇත්නම්, ඉතා කුඩා අපිරිසිඳු දේවල්වලින් පවා නිමාව සහ අවුටර් කෝටින් එක ඉවත් වෙන්න පුලුවන්. මෆ්ලර් පිරිසිදු කිරීමෙන් පසු, එහි බේස් එකේ සහ හෙඩ් එකට ඉහළින් කාන්දුවීම් තිබේදැයි පරීක්ෂා කරන්න, පයිප් වලින් පිළිස්සුම් තුවාල ඇතිකරගන්න එපා!

 

Back to top button
Close
Close