The Time Out

දණ නමලා වංගු ගන්න විදිය

අපි හැම ලිපියෙම කියනවා වගේ පීනන්න ඉගෙන ගන්න නම් වතුරට බහින්නම ඕනේ වගේම බයික් එක ඇල කරලා වංගු ගන්නේ කොහොමද කියන එක දැනගන්න ඇත්තටම එක කරලම බලන්න ඕනේ.මේ ලිපිය කියෙව්වම නිකන් අර තැපැලෙන් පිනන්න ඉගෙන ගත්තා වගේ හිතෙවී.හැබයි වැඩේට බහින්න කලින් අනිවාර්යෙන්ම කරන විදිය ගැන ෆුල් දැනුමක් මේ ලිපියෙන් ලැබෙනවා කියන එක නම් සහතික කරන්න පුලුවන්.

බයික් එක ඇල කරලා වංගු ගන්නේ කොහොමද?

බයික් රේස් බලල තියන හැමෝම වගේ දන්න, ඒ වගේම බලන් ඉන්න ආස දෙයක් තමයි වංගුවක් ගන්නකොට බයික් එක ඇල කරලා දනහිස පොළොවේ ගෑවී නොගෑවී තියන එක. බලන් ඉන්න ලේසි දෙයක් උනාට ඒක ලොකු වේගයක යි, හරි ආනතියක යි, හොද මතුපිටක ප්‍රතිඵලයක්.

අවශ්‍ය කරන මෙවලම්

අපි හැම වෙලාවෙම බයික් වගේම බයික් එකට අවශ්‍ය කරන මෙවලම් ගැන කතා කරනවා. මෙතනදිත් ඒක ඒ විදියටම වැදගත් වෙනවා. දණහිස ඒ තරම්ම නවලා වංගුවක් ගන්න නම් අනිවාර්යෙන්ම දනහිස් ආවරණ ඕනේ. Racing වලටම තියෙන ඇදුම් කට්ටල වල ඒවා අඩංගු වෙනවා වගේම එහෙම නැත්නම් ඒවා හයි කරගන්න පුළුවන් වෙන විදිහට බකල් දෙකක් තියෙනවා.

මේකෙදි පදින බයික් එකත් වැදගත් වෙනවා. මොකද sports බයික් එකක් නම් වැඩි අමාරුවක් නැතිව මේක කරන්න පුළුවන්. ඒත් cruiser බයික් එකක් නම් අනිවාර්යෙන්ම සමබරතාවය ගිලිහී යනවා. ඒත් sport touring බයික් එකක් නම් තියෙන්නේ ඒක sport bike එකත් cruiser බයික් එකත් අතර තත්ත්වයක්.(අපේ පසුගිය ලිපි වල බයික් වර්ග ගැන සහ බයික් වලට ගැලපෙන ඇඳුම් කට්ටල ගැන පලකරලා තියෙනවා .එවා බැලුවේ නැත්තන් මේ ලිපිය කියවල ඉවර වෙලා biker.lk මුල් පිටුවට ගිහිල්ලා බලන්න)

මේකට යොදාගන්න බයික් එකේ suspension, ground clearance, ඒ වගේම බයික් එකට යොදල තියෙන ටයර් වර්ගයත් බලපානවා. සාමාන්‍යයෙන් sports බයික් එක තරම් අනිත් වර්ග දෙකේම suspension එච්චරම හොඳ නැහැ. ඒ වගේම sports බයික් නිර්මාණය කරල තියෙන්නෙ footpeg, kickstand පොළොවේ නොගෑවෙන ගානට. ඒත් වෙනත් බයික් වර්ගයක් මේකට පාවිච්චි කළොත් ඒවා පොළොවේ ගෑවෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ හින්දා ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම එකට වඩාත් සුදුසු වෙන්නේ ටයර් සාමාන්‍යයෙන් පළලින් අඩු බයික් වර්ගයක්.

ප්‍රැක්ටිස් කරන්න හොඳ කොහෙද?

මේකට අනිවාර්යෙන්ම යොදාගන්න ඕනේ වහපු race track එකක්. එතකොට මාර්ග තදබදය ගැනවත් ලොකු වාහන ගැන වත් වෙනත් බාධක ගැනවත් හිතන්න ඕන වෙන්නේ නැහැ. මොකක්හරි කරදරයක් වුනොත් කියලා කොයිකටත් සූදානමින් medical team එකක් ලෑස්ති කරන් ඉන්න එකත් හොඳයි.

ඒත් වහපු race track එකක් නැතුව පොදු ස්ථානයක් තෝරා ගන්නවා නම් මාර්ග තදබදයක් අඩු පාරක් තෝරාගන්න. ඒ වගේම මාර්ග තදබදය ගැන විමසිල්ලෙන් ඉන්නත් හදිසියේ ඕන වුණොත් හරි කියලා යාළුවෙක්වත් ගෙන්න ගන්න.

ඔයා රේස් ට්‍රැක් එකක නම් මේ දේ කරන්න යන්නේ පාරේ ට්‍රැෆික් එක ගැනවත්, ඉස්සරහින් වාහනයක් දායිද? කවුරුහරි පාර පනීද කියලා දෙපාරක් හිතන්න දෙයක් නැහැ.

කොහොමද දණහිස බිම ගාවන්නේ?

ඔයාට මෙච්චර කල් බයික් එක නවලා වංගු ගන්න ඕනේ උනාට ඒකේ කලාව දැනගෙන හිටියේ නැත්නම් අදින් ඒ ප්‍රශ්නෙ ඉවරයි. භෞතික විද්‍යාත්මකව වැඩේ කියලා දෙන්නම්.

බයික් එකක් එච්චර නවලත් ඇයි වැටෙන්නේ නැත්තේ කියන ප්‍රශ්නෙ ඇවිත් තියෙනවද? මේක බැලන්ස් එක ගැන ප්‍රශ්නයක්. ඔයාට ඇල කරන්න පුලුවන් ප්‍රමාණය තීරණය කරන්නේ ඔයාගේ ස්පීඩ් එක. පොඩ්ඩක් නම් ඇල කරන්නේ පොඩි ස්පීඩ් එකක් ඇති. ගොඩක් ඇල කරන්න නම් වැඩි ස්පීඩ් එකක් ඕනේ වෙනවා.

ඔයා හිතන්න බයික් එකෙන් එක තැන රවුම් ගහනවා කියලා. ඔයාගේ ටයර් වල රවුමට වඩා ඔලුව තියෙන්නේ ඇතුළෙන්. බයික් එක එන්න එන්න ඇල කරන ප්‍ර්‍රමාණය වැඩි කරද්දී ඔලුවත් තව ඇතුළට වෙනවා. නිකමට මෙහෙම හිතන්න. අත් දෙක හැන්ඩ්ල් එකේ තියන්නේ නැතුව ප්ලේන් එකක තටු වගේ අත් දෙක දිග ඇරගෙන බයික් එකේ යනවා කියලා. එතකොටත් ඔයා හැරෙන පැත්තේ අත ටිකක් පල්ලෙහාට යනවා. දණහිස වෙන්නෙත් ඔය දේම තමයි.

ඉතින් ඔබට පේනවා ඇති මේ කතන්දරේ හරියටම කරන්න බයික් එකේ ටයර් නම් 200% සුවර්ම වෙන්න ඕන කියන එක.බාල ටයර් හරියන්නෙත් නෑ.ලංකාවේ පාරවල් වලට නොගැලපෙන ඔය එකේක ටයර් හරියන්නෙත් නෑ.එක නිසා මේ වගේ වැඩ කැල්ලක් දාන්න ට්‍රයි එකක් හරි කරනවා නම් අනිවාර්යෙන්ම මාර්ගය එක්ක වැඩි ග්‍රහනයක් ලබාදෙන,ලංකාවේ පාරවල් වලටම ගැලපෙන අපේම නිශ්පාදනයක් වෙන හැමෝම දන්න DSI Tyre වගේ ටයර් එකක් බයික් එකට දාගන්න බලන්න.

වැඩේ මෙහෙම කරගෙන යන්න බයික් එකේ සාමාන්‍යයෙන් යන විදියට වාඩි වෙලා ඉඳලා බැහැ. පොඩ්ඩක් වාඩි වෙන පොසිශන් එක වෙනස් කරන්න ඕනේ.

– වංගුව ගන්න පැත්තට විරුද්ධ පැත්තට බර වෙන විදියට වාඩි වෙන්න ඕනේ.

– ඇඟේ බර බයික් එකෙන් එළියට දෙන්න බැහැ. කවන්ධය බයික් එකේ හරි මැදට වෙන්න තියෙන්න ඕනේ.

– එළියේ කකුල පෙට්‍රල් ටැංකියට හේත්තු කරගෙන ඇඟ බැලන්ස් කරගන්න උදව් කරගන්න ඕනේ.

– ඇත්ළේ කකුලේ කලවා , ටිකක් විතර පොලොව පැත්තට දික් වෙන්න තියෙන්න ඕනේ.

ඇඟ මේ විදියට වංගුවෙන් පිට පැත්තට බර කරගෙන කකුල බිම ගෑවෙන නොගෑවෙන තරමට වංගුවක් ගද්දී කරන්න ඕනෙම තවත් වැදගත් දෙයක් තමයි, කෙළින් ඉස්සරහ බලන එක. කොයිම වෙලාවකවත් බිම බලන්න යන්න එපා. මෙහෙම වංගුව ගද්දී අත් දෙකත් ටිකක් වකුටු වෙයි. වංගුව ඉවර වෙද්දිම බයික් එකේ ස්පීඩ් එක පවත්වගෙන ‍යන ගමන් ආයෙත් ඇඟත් කෙළින් කරගන්න ඕනේ. මේ හැමදේම හරියට උනේ නැත්නම් ‍රිසාල්ට් එක මොකක්ද දන්නවද? බිම වැටෙන එක. ඒක නම් එච්චර සුන්දර අත්දැකීමක් වෙන එකක් නැහැ. ඒක නිසා පරිස්සමෙන්!

 

Tags
Back to top button
Close
Close