The Time Out

මොටර්බයික් ‘වීල්’ කරන එක ගැන දන්නවද?

පලවෙනි දේ මේ ලිපිය කියෙව්ව පමණින් ඔබට වීල් කිරීම කල නොහැකි බව සිතේ තබාගන්න.පිහිනන්න නම් වතුරට බහින්න වෙනවා වගේම wheel කරන්න ඉගෙන ගන්න එකත් ටික ටික ඔබට බයික් එකකින්ම පුරුදුවෙන්න වෙනවා.(ආරක්ශාව ගැන සෑම විටම අවධානය යොමුකරන්න) හැබයි මේ ලිපියෙන් ඔබට එ ගැන දැනගෙන සිටිය යුතු තාක්ෂණික දැනුම යම් මට්ටමකට ලබාගන්න පුලුවන්.

වෙන වාහනයකට වඩා මෝටර්බයික් ටිකක් වෙනස්. ත්‍රාසජනකයි. අනිත් වාහන පදින අයට වඩා ටිකක් වැඩි අවධානම් දරන්නන් මෝටර් බයිසිකල් පදින්න යොමු වෙනවා වැඩියි. ඒකයි සමහර අය motocross සහ stunt වලට යොමුවෙන්නේ. අවධානම් දරන්නන් උනාට අපි කොයිම වෙලාවකවත් නොසැළිකිලමත් ධාවකයින් වෙන්න නරකයි, කිසිම අවස්ථාවකදිවත්. ඉතින් අපි අද කියන්න යන, අවදානම් සහිත විය හැකි wheeling එහෙම නැත්නම් බයික් එකේ ගමන් කරන ගමන් හරි නවත්තද්දි හරි රෝදයක් ඔසවන එක කරන්න කලින්, බයික් හොඳට පදින්න පුලුවන් සහ හොඳින් පාලනය කරගන්න පුලුවන්ද කියන එක හොඳට හිතන්න.

Stunt කරන එක ලේසි දෙයක් නෙමෙයි. පැය ගණන් දවස් ගණන් ප්‍රැක්ටිස් කරලා වේදනාකාරී අත්දැකීම් එක්ක තමයි මේ ශිල්පය ඉගෙනගන්න වෙන්නෙ. Stunt අවදානම් සහිතයි වගේම බයික් එකට සහ ඔයාට වෙන්න පුලුවන් හානිවලටත් ලොකු ඉඩක් තියෙනවා. ඉතින් මේ දේවල් කරන්න කලින් ඒවයේ හොඳ සහ නරක හොඳට අධ්‍යනය කරන්න.

Wheeling වර්ග 3

Wheel කරන එක ශිල්පයක්. විවිධ ක්‍රම සහ ටෙක්නික් ගොඩක් මේ එක්ක බැඳිලා තියෙනවා. සමහර අය අර්ථ දක්වන විදියට වීලින් වර්ග 3ක් තියෙනවා.

01. අන්ඉන්ටෙන්ශනල්

අපි නොසිතූ විදියට, අපේ උවමනාවක් නැතුව සිදුවන අනපේක්ෂිත wheeling හඳුන්වන්නේ මේ නමින්. විවිධ හේතු නිසා මෙහෙම වෙන්න පුලුවන්. වඩාත්ම සුලබම ආකාරය තමයි ඔයා ක්ලච් එක අල්ලමින් සහ ත්‍රොට්ල් එක කරකවමින් බයික් එක රේස් කරද්දි පාරේ තියෙන බාධකයක් නිසා බයික් එකේ ඉදිරිපස රෝදය එසවන එක. විමසිල්ලෙන් සහ සූදානමින් හිටියේ නැත්නම් මේ වගේ අන්ඉන්ටෙන්ශනල් wheeling නිසා දරුණු අනතුරු වෙන්න පුලුවන්.

02. ඉන්ටෙන්ශනල්

අපි හිතලම උවමනාවෙන් කරන wheeling මේ නමින් හඳුන්වනවා. ආරක්ෂිතව රෝදය එසවීම සහ නැවත පොළොවට ගෙන ඒම මෙහිදී සිදු වෙනවා. මේ wheeling 1. පවර් wheeling සහ 2. ක්ලච් wheeling කියලා කොටස් දෙකකට වෙන් කරන්න පුලුවන්.

03. ඉන්ටෙන්ශනල් – ෆේල්ඩ්

Stunt ප්‍රැක්ටිස් කරද්දි සෑහෙන්න අනතුරු වෙන්න පුලුවන්. කොච්චර හොඳ රයිඩර් කෙනෙක් උනත් wheel කරද්දි වැරදෙන අවස්ථා තියෙනවා. වැඩියෙන් රේස් කරලා, එක්කො බැලැන්ස් නැති වෙලා වගේ දේවල් උනාම වෙන අනතුරු වළක්වගන්න අමාරුයි. උවමනාවෙන් කරන, නමුත් වැරදෙන wheeling මේ වර්ගයට අයත් වෙනවා.

  • ඉගෙනගන්න සුදුසුම බයික් එක

wheeling ඉගෙනගන්න හොඳම බයික් වර්ගය විදියට dirt bike හඳුන්වන්න පුලුවන්. ගොඩක් වටින බරෙන් වැඩි හොඳ බයික් එකක wheeling කරන්න යන්න කලින් dirt bike එකක wheeling ඉගෙනගන්න මූලිකම හේතුව තමයි බයික් එකට වෙන්න පුලුවන් හානි සහ ක්ෂය වීම්. Dirt bike හදල තියෙන්නේ රළු භාවිතයන්ට. වැටෙන්න, විසික් වෙන්න, උඩින් යන්න මේ ඕන දේකට ඩර්ට් බයික් ඔට්ටුයි, කල් පැවැත්ම වැඩියි සහ වෙන හානිය අවමයි.

  • පවර් වීලි (The Power Wheelie)

ක්ලච් wheelie වලට යන්න කලින් ආත්මවිශ්වාසය ගොඩනඟාගන්න පුලුවන් හොඳම විදිය තමයි පවර් වීලි කියන්නේ. ඒ කියන්නේ wheeling වල පළමු අදියර තමයි මේ. පවර් wheelie එකක් කරන්නේ මෙහෙමයි. මුලින්ම බයික් එකේ ටිකක් පස්සට බර වෙලා වාඩිවෙන්න. පළවෙනි ගියර් එකට දාලා ක්ලච් එක අත ඇරලා හෙමිහිට ඉදිරියට යන ගමන් ත්‍රොට්ල් එක කරකවලා රේස් කරන්න. ඔයා හරියට කරා නම් බයික් එක ඉස්සරහෙන් ඉස්සෙනවා. දිගටම මේක ප්‍රැක්ටිස් කරන ගමන් රෝදය උස්සන් ඉන්න පුලුවන් වෙලාව ටිකක් වැඩි කරන්න.

  • ක්ලච් වීලි (The Clutch Wheelie)

පවර් wheelie වලට වඩා ක්ලච් wheelie අමාරුයි. ඉගෙනගන්න ගත වෙන කාලය වැඩියි. ප්‍රගුණ කරාට පස්සේ වැඩි වේලාවක් වැඩි දුරක් රෝදය උස්සගෙන ගමන් කරන්න පුලුවන්. ක්ලච් wheelie වලට පියවර 6ක් තියෙනවා.

01. කෙළින් වාඩි වෙන්න

පවර් wheelie වගේ පස්සට බර වෙන්න ඕනේ නැහැ. කෙළින් වාඩි වෙන්න. ක්ලච් එකෙන් සහ ත්‍රොට්ල් එකෙන් තමයි ඔක්කොම වැඩ වෙන්නේ. මූලිකම දේ තමයි ක්ලච් එක සහ ත්‍රොට්ල් එක පාලනය කරන එක හරියට දැනගන්න එක.

02. වේගය පාලනය කරන්න

වැඩේ පටන් ගන්න කරන්න ඕන පළවෙනිම දේ තමයි RPM එක ස්ථාවරව තියාගන්න එක. මේ ආකාරයේ wheelie එකකට RPM එක 1500-2000 අතර සහ වේගය පැයට සැතපුම් 10-20 අතර පවත්වාගන්න ඕන.

03. ත්‍රොට්ල් එකෙන් භාවිතා කරමින් ඇක්සලරේට් කරන්න

මෙතන රහස තමයි එක පාරම රේස් කරන එක. ක්ෂණිකව වෙන මේ දේ නිසා පිටුපස සස්පෙන්ශන් තද වෙන්නත් ඕනේ. එතකොට තමයි බයික් එක wheel වෙන්නේ. මතක තියාගන්න, අපි ගොඩනඟන්නේ වේගය නෙමෙයි. බයික් එක ඉස්සෙන්න අවශ්‍ය බලයයි. එහෙම වෙන්නේ RPM එක 5000දි වගේ.

04. ක්ලච් එක තදින්  අල්ලන්න.

බයික් එක ඉස්සෙන්න කලින් එක පාර ක්ලච් එක අල්ලන් ඉන්න වෙනවා. ඇක්සලරේට් කරපු ගමන් ක්ලච් එකත් ඇල්ලුවම  එන්ජින් එක 5000-6000 RPM අගයක් ගන්නවා. මේ දේ සුමටව කරගන්න පුලුවන් වෙනකන් පුරුදු වෙන්න ඕනේ.

05. එක පාර ක්ලච් එක අත අරින්න.

බයික් එකේ බලය 80% වගේ වෙද්දි ක්ලච් එක අත අරින්න. මේ දේ එක පාරටවත් ඉතාම හෙමින්වත් කරන්න බැහැ. අවාසනාවකට මේක මැජික් එකකින් වගේ එක පාර කියලා දෙන්නත් බැහැ. ප්‍රැක්ටිස් කරලමයි පුරුදු වෙන්න ඕනේ. ඔයා ඒක හරියට කරද්දි බයික් එක ඉස්සෙනවා.

06. ක්ලච් එක සහ ත්‍රොට්ල් එක පාලනය කරන්න.

බයික් එක වීල් උනාට පස්සේ කරන්න තියෙන්නේ ක්ලච් එක සහ ත්‍රොට්ල් එක පාලනය කරන එක. එතකොට තමයි තව වෙලාවක් රෝදය උස්සන් ඉන්න පුලුවන් වෙන්නේ. මේක හරියට බැලැන්ස් කරගන්න එක ඉගෙනගන්න වෙනවා. කොච්චර ත්‍රොට්ල් එක අල්ලන්න ඕනෙද කොච්චර ක්ලච් එක අල්ලන්න ඕනෙද කියලා ටිකෙන් ටික උත්සහ කරද්දී අඳුරගන්න පුලුවන්.

  • නැවත පොළොවට එන එක

wheel කරනවා වගේම ආයෙත් ඉස්සරහ රෝදය ආරක්ෂිතව පොළොවට ගේන එක ඉතාම වැදගත්. හොඳ පාලනයකින් යුක්තව පිටිපස්සේ බ්‍රේක් ගහන එකෙන් නැවත ඉස්සරහ රෝදය පොළොවට ගේන්න පුලුවන්.අන්තිමට කියන්න තියෙන්නේ මේ දේවල් ඉගෙනගන්නකොට පුලුවන් තරම් ප්‍රවේසම් වෙන්න. තමන්ගේ ජීවිතාරක්ෂාව වැදගත්ම දේ විදියට සලකලා විනෝද වෙන්න.

 

 

Back to top button
Close
Close