The Time Out

අවම හානියකින් අනතුරු වලක්වාගන්නේ කොහොමද?

ගිනි නිවන හමුදාවේ පුහුණුවක් දැකලා තියෙනවද? ත්‍රස්තවාදින්ගෙන් ප්‍රානැපකරුවෝ බේරගන්න විදිය පෙන්වන හමුදාවේ පුහුනුවක් දැකලා තියෙනවද? මේ වගේ දෙයක් ගැන තමයි අද biker.lk අපි ඔබ වෙත ගෙන එන්නේ.උදාහරනෙකට ගත්තොත් ගිනි නිවන හමුදාව එන්නේ ගින්නක් ඇති උනාට පස්සේ යම් කිසි හානියක් උනාට පස්සේ ඒ හානිය තව දුරටත් වැඩිවෙන එක වලක්වන්න.ඉතින් බයික් අනතුරකදිත් එහෙම තමයි.අනතුර වෙන එක වලක්වගන්න විදියක් ඇත්තෙම නැත්තන් එතනින් ඔබට හානිය අවම වෙන ආකරයට අනතුරට පත්වෙන එක දැනගෙන ඉන්න එක කවදාහරි කොතනකදී හරි ඔබට වැදගත් වේවී.

වෙන්න කලින් බේරෙන්න නම්,

පලවෙනි දේ මොටර්බයික් එකක් පදවන විදිය නිවැරදිව ඉගෙන ගෙන ඉන්න එක.ඒක හරි තැනකින් ඉගෙන නොගන්න නිසා ලංකාවේ ඇතිවෙන අනතුරු බහුලයි.මොකද ඕනැම වාහනයක් පදවන එක ඉගෙන ගන්න එක ලෙහෙසියි හැබයි නිවැරදි හික්මීමකින් එක පාලනයකින් යුක්තව ඉගෙන ගන්න එක වැදගත්.මේ ලියන මමත් අත්දැකලා තියෙන දෙයක් තමයි ගොඩක් නවකයන් බයික් එක පදවන්න ඉගෙන ගැනිමේදී තමන්ගේ ප්‍රධාන අරමුන කරගන්නේ කොතරම් වේගයකින් බයික් එකේ යන්න පුලුවන්ද කියන එක මිම්මක් කරගෙන.එක නිසාම අද ලංකාවෙ වෙන බයික් අනතුරු වලින් වැඩි දෙන අවුරුදු 25ට අඩු තරුණයන් වීම ඇත්තටම දුකට් කාරණයක්.මේ නිසා බයික් එකක් පදවන්න ඉගෙන ගන්න එක අත්දැකිම් සහිත නිවැරදි තැනකින්,අයෙකුගෙන් ඉගෙන ගන්න බලන්න.

ඊලඟ දේ ඔබ පදවන මොටර්බයික් එකක් මොකක් උනත් එය ඔබේ ශරීරයට හසුරවා ගත හැකි එකක් විය යුතුයි.උදාහරනෙකට ඔබ සාමාන්‍ය ප්‍රමානයට වඩා උස කෙනෙක් නම් හොන්ඩා චැලියක් ඔබට නොගැලපෙනව වගේම ඔබ සාමාන්‍ය ප්‍රමානයට වඩා උස අඩු කෙනෙක් නම් හොන්ඩා CRF450X වගේ බයික් එකක් ඔබට ගැලපෙන්නේ නෑ.මෙ වගේ කරුනු නිසා ඔබ යාලුවෙකුගේ බයික් එකක් පැද්දත් ඔබෙම බයික් එකක් පැද්දත් හැමවෙලෙම හසුරවගන්න ලෙහෙසි ගැලපෙන බයික් එකක් තෝරගන්න.

ඊලඟ දේ තමයි අලුත්වැඩියාව.ගෙවුන ටයර්,බ්‍රෙක්,සස්පෙන්ශන් කැඩුනු හෙඩ්ලයිට්,සිග්නල් ලයිට්,එන්ජිමේ එකේක දෝශ තියාගෙන බයික් එකේ යනවා කියන්නේ ඉතින් මරනය කරේ ඔතාගෙන යනවා වගේ දෙයක්.හැබයි ලංකාවේ දැන් දකින් සුබවාදි දෙයක් තමයි ගොඩක් දෙනා තමන්ගේ බයික් එක හොඳ තත්වයකින් තියාගන්න උත්සහ කරන එක.දුම්සහතික ගන්න,දඩ මුදල් වල ඉහල යෑම වගේ කරුනුත් එකට බලපාන්න ඇති.නමුත් එක — විදිය ගොඩක් සතුටුවෙන්න පුලුවන් කාරණයක්.එ වගේම රාත්‍රිකලයෙදී ඔබ ගමන් කරනවා නම් DSI GenX වගේ නියෝන් ඉෆෙක්ට් එකකින් අන් වාහන වලට ඔබව වඩා හොඳින් පෙන්වන ටයර් එකක් භාවිතා කරන්න බලන්න

ඊලඟ දේ තමයි හෙල්මට් එක ඇතුලු ඔබ සතුව තිබේ නම් පැලදිය හැකි ආරක්ශිත මෙවලම්.හෙල්මට් එකට අමතරව බයික් වලටම තියෙන ජැකට්,සපත්තු,ග්ලවුස් හැකි සෑම විටම පලදින්න පුලුවන් නම් එකෙනුත් අනතුරකින් ඔබට වෙන හානිය අඩු කරගන්න පුලුවන්.හැබයි හන්දියේ කඩේට යන්න බයික් එකෙන් යනකොට ඔවා ඇඳන් යන්න බැ කියලා හිතෙනවා නම් අඩුම ගානේ හෙල්මට් එකවත් අමතක නොකර පැලඳගෙන යන්න පුරුදුවෙන්න.ඔබ ලඟකට ගියත් දුරකට ගියත් කොහෙදි උනත් අනතුරක් උනොත් වෙන හානිය වෙන්නේ ඔබට නිසා එ ගැන සිතන්න.

ඊලඟ කරුනු සෙට් එක තමයි පොඩි ගමනක් යන්න ලැස්ති උනත් පොඩ්ඩක් හරි බයික් එක චෙක් කරන්න.දවසේ මුලදීම එක පාරම ස්ටාට් කරලා යන්නේ නැතුව බයික් එක ස්ටාට් කරලා ටික වෙලාවක් ඉදලා එන්ජිමට යම් කාලයක් දිලා යන්න පුරුදුවෙන්න.අනතුරක් ඔබේ වැරද්දකින් වගේම වෙන රියදුරෙක්ගෙන් හරි ස්වභාවධර්මයෙන් හරි වෙන්න පුලුවන් නිසා ඔබේ මනස නිරවුල්ව තියෙන වෙලාවෙදි පමනක් මොටර්බයික් වල ගමන් යන්න මතක තබාගන්න.

අවම හානියකින් වැඩේ ගොඩ?

දැන් මේ කියන්න යන කරුනු තැනෙ හැටියට වෙනස් වෙන්න පුලුවන්.මේ අනතුරු වල හානිය අවම කරගන්න දැනගන්න ඕනේ නම් දකින්න ඕනේ නම් ඔබට අන්තර්ජාතිකව වෙන බයික් තරගවල අනතුරු ටිකක් යුටියුබ් එකේ බලන්න.වේගයත් එසේමෙසේ ගනන් වල නෙමෙයිනේ තියෙන්නේ එ තරගවල.ඉතින් ඔබ අනතුරකට පත්වෙන්න යන බව දැනුන වහාම කලයුතු පලවෙනි දේ බ්‍රෙක් වල පිහිටෙන් වේගය අඩු කරගන්න එක.ඉදිරි පස් රෝදේ බ්‍රේක් වලින් වේගය නතර කරගන්න ලොකු පිටුවහලක් ලැබුනත් බයික් එකේ උපරිම වේගයෙන් ගිහිල්ලා එක පාරම ඉදිරිපස් බ්‍රෙක් ඇල්ලුවොත් වෙන්නෙ මොකක්ද කියලා කියන්න ඔනේ නෑනේ.එක නිසා පසුපස් බ්‍රෙක් සමඟ ක්‍රමිකව බ්‍රෙක් කිරීම කල යුතුයි.

බැලන්ස් එක කෝ?

ඊලඟ ලොකුම දේ බැලන්ස් එක.බයික් එකේ වේගයත් එක්ක බ්‍රෙක් කලපසුව අනතුරේ ස්භාවය අනුව ඊලඟට වෙන්න පුලුවන් ලොකුම දේ ඔබේ සමබරතාව ගිලිහෙන එක.එක නිසා පාරදෙපැත්තේ ඔබට හානිඅඩුවෙන පැත්තකට බයික් එක යොමුකිරීම මෙහිදි වැදගත් වෙනවා.මෙන්න මෙතනදී තමයි හෙල්මට් එකට අමතරව ජැකට්,සපත්තු වැදගත් වෙන්නේ.

ඊටපස්සේ ඔබ තව දුරටත් බයික් එක අල්ලගෙන ඉන්න එකෙන් වෙන්නෙ ඔබට හානිය වැඩිවෙන එක.බයික් එක ඇතහැරිම මගින් ඔබේ වේගය අඩුවෙන වගේම රෝල්වීමට් හැකියාවක් තිබෙනවා නම් එමගින් තවදුරටත් වෙන හානිය අඩුවෙවි.එක වරම නතරවෙන්න හෝ බයික් එකෙන් පනින්න උත්සහ ගන්න එපා එමගින් අස්ථි වලට හානි වෙන්න පුලුවන්.එ වගේම වර්ශාව අධික වේලාවක නම් ගොඩක් වෙලාවට ඔබව ලිස්සා යෑමකට හසුවේ එ වගේ අවස්ථාවකදී අත්වලින් සහ කකුල් වලින් ලිස්සා යන වේගය අඩු කරගන්න බලන්න.

මේ ඔක්කොම කතන්දරේ වෙන්න තත්පර දෙක තුනකදි වෙන්න පුලුවන් හැබයි ඔබ ආරක්ශිතව වැටිලා නතර උන ගමන් නැගිටින්න හදන්න එපා.හේතුව මේ වෙනකොට ඔබේ සමබරතාව නැතිවෙලා,තුවාල සිදුවෙලා ,අස්ථි වලට හානියක් වෙලා තිබෙන්න පුලුවන්.එ නිසා එකවර සිටගන්නේ නැතුව මුලින්ම ඇල්වෙන්න පහසු ඉරියව්වකින් බලන්න ඔබේ තත්වය පසුව ආරක්ශිත තැනකට සෙමින් යන්න.

එ වගේම අපිට මිස්වුන කරුණු තියෙනවා නම් පොඩි කමෙනට් එකක් දාල හැමොම දැනුවත් කරන්න කියලා ඔබෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මේ ලිපියේ ඊලඟ කොටස විදියට විවිධ අනතුරු අවස්තාවලදී ඔබ ක්‍රියාකලයුතු ආකාරය වෙන වෙනම දක්වන්න අපි බලාපොරොත්තු වෙනවා.එ වගෙම අනතුරකින් පස්සේ ක්‍රියාතමක වියයුතු අකාරය ගැන කලින් පල කල ලිපිය බලන්න මෙතන ක්ලික් කරන්න.

Tags

Leave a Reply

Back to top button
Close
Close