Maintenance

හෙල්මට් එක පිරිසිඳු කරන්නේ කොහොමද?

පිරිසිඳු හෙල්මට් එකක් තරම් වැදගත් දෙයක් තියෙනවද? සමහරවිට තව දේවල් කිහිපයක් ඔබේ ලැයිස්තුවේ තියෙන්න පුලුවන්. ඔබේ දැක්ම පැහැදිලිව තබා ගැනීමට සහ ඔබේ ඔලුව සැපපහසු ලෙස තබා ගැනීමට වගේම බයික් ‍රේස් එකකට උනත්, රට හරහා යන බයික් සංචාරයකට උනත් පිරිසිඳු හෙල්මට් එකක් කියන්නේ ඉතා වැදගත් අංගයක්. ඒ විතරක් නෙමෙයි එය ඔබේ හෙල්මට් එකට දිගු ආයු කාලයක් ලබා දෙනවා. සමහර මෝටර්බයික් හෙල්මට් ක්ලීනර් සහ අපි මේ කියන පියවර මඟින් ඔබේ හෙල්මට් එක මිලදී ගත්ත දවසේ වගේම කන්ඩිශන් එකකින් තියාගන්න ඔබට පුලුවන්.

හෙල්මට් එක්ක පිරිසිඳු කිරීම අමාරු දෙයක් නම් නෙමෙයි. එය මෙම මූලික පියවර වලට වෙන් කරන්න පුලුවන්:

  • ඔබේ මෙවලම් එක්රැස් කරන්න
  • කොටස් වෙන් කරන්න
  • ලයිනර් එක පිරිසිඳු කරන්න
  • ශෙල් එක පිරිසිඳු කරන්න
  • වයිසර් එක පිරිසිඳු කරන්න
  • වා කවුළු වලට අවධානය යොමු කරන්න
  • ෆේස් ශීල්ඩ් එක පිරිසිඳු කරන්න
  • කොටස් නැවත එකතු කරන්න
  • රයිඩ් එකකට ඔබ සූදානම්!

අවශ්‍ය මෙවලම්

අපිරිසිඳු හා කුණු දැවටුණු හෙල්මට් එකක් පිරිසිඳු කිරීම රොකට් විද්‍යාව තරම් අමාරු නැති වුණාට, නිවැරදි මෙවලම් මඟින් නිවැරදි නඩත්තුවම් කිරීමට සහ හොඳින් ගැඹුරට පිරිසිඳු කිරීමට උපකාරී වෙනවා. මේ සඳහා අත්‍යවශ්‍ය දෑ කිහිපයක් තියෙනවා.

ඔබ බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලබා ගැනීමට ඔබට මයික්‍රෝ ෆයිබර් රෙදි කැබැල්ලක් අවශ්‍ය වෙනවා. දත් බුරුසුවක් මඟින් ඔබේ හෙල්මට් එකේ කොන් පහසුවෙන් සීරීමට උපකාරී වෙනවා. තිබිය යුතු දෑ ලැයිස්තුවට අයත් අනෙකුත් අංග වන්නේ උණුසුම් ජලය සහ පිරිසිදු කිරීමේ කාරකයක් (පෙට්‍රෝලියම් අඩංගු නැති). මේ සඳහා අපි බේබි ෂැම්පූ භාවිතා කරමු, එහෙම නැත්නම බොහෝ පෙට්‍රෝලියම් අඩංගු නොවන සබන් මේ සඳහා යොදාගන්නට පුලුවන්.

පෙට්‍රෝලියම් මත පදනම් නොවූ පිරිසිඳුකාරකයක් භාවිතා කිරීම වැදගත්. මෙවැනි පිරිසිඳුකාරක මඟින් හෙල්මට් එකේ විවිධ කොටස් වලට හානි කළ හැකියි. එයාර් කම්ප්‍රෙෂර් එකක් ඔබ ළඟ තිබෙනවා නම්, එයත් හෙල්මට් පිරිසිඳු කිරීමේ මෙවලම් කට්ටලයට එකතු කරගන්න. එයාර් වෙන්ට්ස්/ වා කවුළු පිරිසිදු කිරීමේ කාලය අඩු කිරීමට මේ උපකරණය ගොඩක් උදව් වෙනවා.

ඔබේ හෙල්මට් එක සූදානම් කරගන්න

හොඳම ප්‍රතිඵල සඳහා ඔබට හෙල්මට් එකේ එක් එක් කොටස් වෙන වෙනම පිරිසිදු කිරීමට අවශ්‍යවනවා. හෙල්මට් වයිසර් පිරිසිඳු කරන්නේ කොහොමද කියලා අපි ඉදිරියේදී කියනවා, දැනට එය ඉවත් කර පසෙක තබන්න. හෙල්මට් එකෙන් තාක්‍ෂණික වැඩිදියුණු කිරීම් ඉවත් කරන්න. බ්ලූටූත් ස්පීකර්, මයික්‍රොෆෝන් සහ කැමරා සියල්ලම ඉවත් කරන්න

ඊළඟට සියලුම ඉන්ටීරියර් පැඩින් ඉවත් කර පැත්තකින් තබන්න. ඔබේ හෙල්මට් එකේ බාහිරට/ එක්ස්ටීරියර් කොටස් වලට හෙල්මට් ලයිනර් ක්ලීනරයට වඩා වෙනස් පිරිසිඳු කිරීමේ ක්‍රියාවලියක් ලැබෙනවා. හෙල්මට් පෑඩ් ඉවත් කරන්නේ කෙසේදැයි හොඳින් බලන්න. සමහර ලයිනර් මැග්නටික් සමඟ සවි කර ඇති අතර අනෙක් ඒවා ස්නැප්, කොකු සහ ලූප් හෝ ක්ලිප් භාවිතා කර සවි කර තිබෙනවා.

රෙදි කැබැල්ලක් ගන්න

දැන් ඔබේ හෙල්මට් එක සම්පූර්ණයෙන්ම කොටස් කර ඇති බැවින් පිරිසිඳු කිරීම ආරම්භ කිරීමට හොඳම ස්ථානය ශෙල් එකයි/ කබොලයි. මතක තබා ගන්න, ඔබ ද්‍රාවක භාවිතා කරන්නේ නැති නමුත් උණුසුම්, තෙත් රෙදිකැබැල්ලකට කරන්න පුලුවන් දේවල් බොහොමයක් තිබෙනවා. ඔබේ පිරිසිඳු මයික්‍රෝ ෆයිබර් රෙදි වලින් එකක් උණුසුම් ජලයේ පොඟවා ඔබේ හිස් වැස්ම මත තබන්න.

ඉලක්කය වන්නේ හොඳ ස්ක්‍රබ් කිරීමකට ඔබේ හෙල්මට් එක සකස් කරගැනීමයි. උණුසුම් රෙදි කැබැල්ලෙන් තදින් ඇළුණු අපිරිසිඳු කුණු දූවිලි කැබලි ගැලවී යාමට පටන් ගන්නවා. ඉදිරි පිරිසිඳු කිරීමේ පියවරවලදී මෙය ලොකු පහසුවක්. තව දුරටත් හෙල්මට් එක සීරීම ගැන කරදර වෙන්න එපා. අපිරිසිඳු ෆේස් ශීල්ඩ් එකක් සීරීමට හා පිරිසිඳු කිරීමට උත්සාහ කළහොත් තවත් සීරීමට ඉඩ තියෙනවා.

ලයිනර් පිරිසිඳු කරන්න

රෙදි කැබැල්ල පොඟවන අතරතුර, බාල්දියක් හෝ සින්ක් එකක් උණුසුම් ජලය සහ සබන් මඟින්  පුරවන්න. එක් එක් කොටස අතින් අතුල්ලන්න. ඔබේ ලයිනර් සහ පෑඩින් කෑලි වඩාත් කිළිටි වුණු, දහඩියෙන් පෙඟුණු හෙල්මට් කොටස් කිහිපයක්, එමනිසා මේ කොටස්වලට හොඳ පිරිසිදු කිරීමක් ලබා දීම අත්‍යවශ්‍ය වෙනවා.

හෙල්මට් ඩියෝඩරයිසර් භාවිතා කිරීම ගැන සළකා බලන්නත් ඔබට පුලුවන්. මොකද කලින් දවසේ දහඩිය වලින් ඔබේ මුහුණ කිළිටි වෙන එක සුන්දර අත්දැකීමක් නම් නෙමෙයි.

පිරිසිඳු වී ඇති මට්ටම ගැන ඔබ සෑහීමකට පත් වූ පසු, සියලු ජලය මිරිකා ඒවා හුළඟේ වියළීමට ඉඩ හරින්න. දැන් මෙම කෑලි සියල්ලම සෝදා ඉවත් කර ඇති නිසා, ඔබේ හෙල්මට් එකේ බාහිර කොටස් වෙත ආපසු යාමට සූදානම් වෙමු.

ෂෙල් එක පිරිසිඳු කරන්න

දැන් ඔබේ හෙල්මට් එකේ ශෙල් එක පොඟවා ඇති නිසා, ඔබට එහි ඇති අපිරිසිඳු දැළිකුණු සියල්ල සූරා දමන්න පුලුවන්. අවුරුදු ගණනාවක් තිස්සේ එකතු කර ඇති කුණු වේවා, පැය ගණනක් මඩේ ගමන් කිරීමෙන් එකතු වුණු කුණු වේවා, මේ පිරිසිඳු කිරීමේ ක්‍රියාවලිය මූලික වශයෙන් සමාන ක්‍රියාවලියක්.

ඔබ හෙල්මට් පොඟවා ගැනීමට භාවිතා කළ එම ‍රෙදි කැබැල්ල ඉවත් කර නව රෙදි කැබැල්ලක් තෙත් කරගන්න. සම්පූර්ණ පිටතම උණුසුම් ජලයෙන් පිස දමන්න. හෙල්මට් එකේ බාහිරට සබන් හෝ පිරිසිඳුකාරක ද්‍රාවණ යෙදීම ගැන කරදර වෙන්න එපා. මොකද ඒවා මඟින් මතුපිටට හානි සිදුවෙන්න පුලුවන්, ඔබේ හෙල්මට් එක  සීරීමට, වර්ණය වෙනස් වීමට හෝ වෙනත් ආකාරයකින් හානි වීමට ඉඩ තියෙනවා.

ඔබේ හෙල්මට් එක බොහෝ වක්‍ර, ඉරිතැලීම් සහ වෙනස් ආකාරයන්ගේ හැඩයන්ගෙන් සකස් කර ඇත්නම්, ඔබේ දත් බුරුසුවේ උදව් ලබා ගැනීමට කාලයයි මේ. මේ සඳහා නවීනතම දත් බුරුසු තාක්ෂණය අවශ්‍ය වෙන්නේ නැහැ. දත් බුරුසුව අපිරිසිඳු වීමට සූදානම් නම්, එය ප්‍රමාණවත්. ඔබේ හෙල්මට් එකේ ළඟා වීමට අපහසු අහුමුළු දත්බුරුසුවෙන් හොඳින් පිරිසිඳු කරන්න.

හෙල්මට් වයිසර් පිරිසිඳු කරන්නේ කොහොමද කියන එක ගොඩක් අයට ප්‍රශ්නයක්. මේ දේ ඉගෙන ගැනීමට ඔබට විශේෂ ක්‍රම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ ශෙල් එකට යොදන ලද උපාය මාර්ගයන්ම ඔබේ වයිසර් එකටත් පාවිච්චි කරන්න.

Vents/ වා කවුළු ඉවත් කරන්න

මේ එයාර් කම්ප්‍රෙශර් එකේ වටිනාකම දැනෙන මොහොතයි. මෝටර්බයික් හෙල්මට් වෙන්ට්ස් වල/ වා කවුළු වල කුණු, කුඩා කෘමීන් සහ සියලු ආකාරයේ අපද්‍රව්‍ය වලින් අපිරිසිඳුවීම පහසුවෙන් සිදුවෙන දෙයක්. ඔබේ එයාර් කම්ප්‍රෙශර් එකේ නොසල් එක වෙන්ට්ස්/ වා කවුළු ඇතුළත තබා තද සුළං පහරකින් එහි සුන්බුන් සියල්ල ඉවත් කරන්න.

ෆේස් ශීල්ඩ් එක පිරිසිදු කරන්න

හොඳ ගැඹුරු පිරිසිදු කිරීමක් සඳහා සබන් භාවිතා කිරීමට පෙළඹුණත්, ෆේස් ශීල්ඩ් එක පිරිසිඳු කිරීම සඳහා භාවිතා කළ යුත්තේ උණුසුම් ජලය පමණයි. හෙල්මට් එකක තියෙන මේ විශේෂිත කොටසට සාමාන්‍යයෙන් anti-fog/ ඇන්ටි ෆොග් සහ UV -protective/ පාරජම්බුල කිරණ ආරක්ෂක ආලේපන තියෙනවා. එබැවින් සබන් මඟින් ඒවාට හානි කළ හැකි අතර ඔබට සපයා ඇති විශේෂ ආරක්ශාව නැති වෙන්න පුලුවන්. ඔබේ ෆේස් ශීල්ඩ් එකට උඩින් උණුසුම් තෙත් රෙදි කැබැල්ලක් තබා ඔබේ හෙල්මට් එක පිරිසිදු කිරීමේ ක්‍රමෝපාය අනුගමනය කරන්න.

කොටස් නැවත එකලස් කරන්න

සෑම කොටසක්ම සම්පූර්ණයෙන්ම වියළී ගිය පසු, ඒ සියල්ල නැවත එකට එකලස් කළ යුතුයි. ලයිනර්, වයිසර්, ඉලෙක්ට්‍රොනික් උපාංග සහ ෆේස් ශීල්ඩ් යන සියල්ලම නැවත ස්ථානගත කළ යුතුයි. මේ සියල්ල අවසන් වූ පසු ඔබේ හෙල්මට් එක ඔබ සමඟ ගමනක් යන්න හොඳින් සූදානම්!

ඔබේ හෙල්මට් එක කොපමණ වාරයක් සේදීමට අවශ්‍යද යන්න ඔබේ ධාවන විලාසය අනුව වෙනස් වෙනවා. ඔබ ඩර්ට් ධාවන පථයක රයිඩර් කෙනෙක් නම්, දිනපතා සේදීමේ පුරුද්දක් ඇති කරගන්න. ටිකක් පිරිසිදු, සන්සුන් හා කොන්ක්‍රීට්/ තාර වලින් සාදන ලද පාරවල් වල ගමන් කරන කෙනෙක් නම්, පිරිසිඳු කිරීම් දෙකක් අතර වැඩි කාලයක් ඔබට භුක්ති විඳින්න පුලුවන්.

 

Tags
Back to top button
Close
Close