Maintenance

මොටර්බයික් එකේ ටයර් ප්‍රෙශර් එක ගැන

Motorbike එකක් නඩත්තු කිරීමේ මූලිකම අංගයක් තමයි ටයර් පීඩනය පරීක්ෂා කිරීම. Oil වෙනස් කරන්න හරි coolant මාරු කරන්න හරි උනත් මැකැනික් කෙනෙක් ගාවට යන කෙනෙක් පවා බයික් එකේ ටයර් පීඩනය පරීක්ෂා කරන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්න ඕනේ. ඇත්තටම ඔබ බයික් එකක්ද පාරට බහිනවා නම් ඔබ දැන සිටිය යුතු මූලිකම දේ විදියට මෙය සළකන්න පුලුවන්.

මූලික වශයෙන්, ඔයාගේ බයික් එකේ ටයර් පීඩනය පරීක්ෂා කිරීම motorcycle tire pressure gauge භාවිතා කරනවා තරම් සරලයි. කොහොම නමුත් ඔබගේ බයික් එකේ ටයර් පීඩනය පරීක්ෂා කිරීම කෙතරම් වැදගත්ද කියනවා නම් මේ කලාව ඉගෙන ගන්න සුළු කාලයක් ගත කරාට පාඩුවක්  නැහැ.

Motorbike එකක ටයර් පීඩනය පරීක්ෂා කළ යුත්තේ ඇයි?

සමහර බයික් වල යන්න කලින්ම ටයර් පීඩනය වැරදී කියලා කියන්න පුලුවන්. තව සමහර බයික් වල ටිකක් දුර යද්දි ටයර් පීඩනයේ වැරැද්දක් තියෙනවා කියලා ඔබට දැනෙන්න පුලුවන්. ඇත්තම කියනවා නම් සමහර බයික් අනෙක් ඒවාට වඩා සංවේදීයි. සමහර අවස්ථාවලදී, ඔබ හරියටම check කරලා බැලුවේ නැත්නම් ටයර් පීඩනය වැරදී කියලා අඳුරගන්න බැරි වෙන්නත් පුලුවන්.

ඔබේ ටයර් වල හුළං පීඩනය අඩු නම්, අක්‍රමිකතා කිහිපයක් සිදුවෙන්න පුලුවන්. උදාහරණයක් විදියට අඩු පීඩනයක් සහිත ටයරයක් නිසා ගැස්සිලි පැද්දිලි සහිත ගමනක්, steering වල අඩුපාඩු, ටයරයේ ආයු කාලය කෙටි වීම වගේ දේවල් සහ ටයර් එක rim එකෙන් එළියට එන්න පවා හේතු වෙනවා. ටයර් එකේ පීඩනය අධික වෙන එකත් බයික් එකට හොඳ නැහැ. නිසි මට්ටමට වඩා අධික පීඩනයක් සහිත ටයර් නිසා ටයරය පොළොවට ග්‍රහණය කර ගත හැකි පෘෂ්ඨීය (surface) ප්‍රමාණය අඩු විය හැකි අතර එමඟින් ගමන වඩාත් අස්ථාවර වෙනවා. මීට අමතරව, over inflated ටයර් ඉතා වැඩි ගැස්සිලි පැද්දිලි සහිත ගමනකට හේතු වෙනවා.

අනෙක් අතට හරි පීඩනය සහිත ටයර් වලින් අදහස් වෙන්නේ ඔබේ bike එකට වඩා හොඳ mileage එකක් , සුමට ගමනක් සහ ඔබේ ටයර් දිගු කල් පවතින බවත් වඩා හොඳ හැඩයකින් යුක්ත බවත්ය.සාරාංශයක් විදියට ගත්තොත් වැරදි ටයර් පීඩනයක් තිබීම ඔබේ බයිසිකලය අපහසුතාවයට හා අනාරක්ෂිත බවට පත් කරන්න පුලුවන්. ඔබේ ටයර් පීඩනය නිතර පරීක්ෂා කිරීම එතරම් වැදගත් වන්නේ මේ හින්දා.ඊලඟ වැදගත්ම දේ ඔබේ බයික් එකේ ටයර් එක ලංකාවේ පාරවල් වලට ගැලපෙනම ටයර් එකක්ද කියන එක බලන්න.උදාහරනෙකට ලංකාවේ පාරවල් වලට ගැලපෙන ඉහල තාක්ෂණයකින්, අපේම අමුද්‍රව්‍ය භාවිතා කරලා නිපදවන DSI ටයර් වගේ නම් ඔබට වැඩි ආරක්ශාවක් වගේම වැඩි කාලයක් ධාවනය කරන්නත් පුලුවන්.

නිර්දේශිත යතුරුපැදි ටයර් පීඩන පරීක්ෂාවක් කළ යුතු කාලය?

රෝද සීතල වී ඇති විට හෝ අවම වශයෙන් පැය තුනක්වත් බයික් එක නවතා ඇති වෙලාවක හරිම යතුරුපැදි ටයර් පීඩන පරීක්ෂාවක් කරන්න පුලුවන්. මෙය ඔබට වඩාත් නිවැරදි මිනුමක් ලබා දෙනවා. ගොඩක් යතුරුපැදි කරුවන් උදෙන්ම ටයර් පීඩනය පරීක්ෂා කරන්නේ මේ හින්දා. ඔබේ බයිසිකලය නවත්වලා තියෙන තැනත් වැදගත්. Bike එක පරිසර උෂ්ණත්වයේ තිබිය යුතුයි, ඒකෙන් අදහස් වෙන්නේ ඔබ ඔබේ බයිසිකලය තද හිරු එළියේ තාර පදික වේදිකාවක නවත්වලා තිබ්බොත් එහෙම නැත්නම ඔබ පැය කිහිපයක් බයික් එකේ ගමන් කරොත් ඔබගේ පීඩන කියවීම නිවැරදි නොවෙන්න පුලුවන් කියන එකයි.

ඔබේ යතුරුපැදි ටයර් පීඩනය පරීක්ෂා කිරීම ඔබේ “ටී-ක්ලොක්ස්/  T-CLOCKS” චර්යාවේ කොටසක් විය යුතුයි. “T-CLOCKS” කියලා කියන්නේ ඔබේ බයිසිකලයේ යන සෑම අවස්ථාවකම පරීක්ෂා කළ යුතු සියල්ල එහෙම නැත්නම් “tires and wheels, controls, lights, oil, and stands” යන්නයි. ආරක්ෂිත ගමනක් සහතික කිරීම සඳහා ඔබේ බයිසිකලයට නැගීමට පෙර මේ සියල්ල ක්‍රියාකාරීව පිළිවෙලකට තියෙන්න ඕනේ.

Motorbike එකක නිවැරදි ටයර් පීඩනය!

අවාසනාවකට මෙම ප්‍රශ්නයට හරියටම හරියන තනි උත්තරයක් නැහැ. ටයර් පීඩනය ගැන සැලකිලිමත් වන විවිධ බයික් වලට විවිධ අවශ්‍යතා  තියෙනවා. ඔබගේ විශේෂිත යතුරුපැදිය සඳහා නිර්දේශ ලබා ගැනීම සඳහා ඔබ ඔබේ manual එක පරීක්ෂා කළ යුතුයි. මීට අමතරව ඔබේ ටයර්වල ඇති sidewalls වල නිෂ්පාදකයා නිර්දේශ කරන නිවැරදි ටයර් පීඩනය දක්වා තියෙනවා. ටයර් පීඩනය මනිනු ලබන්නේ PSI වලින්, ඒකනිසා ඔබේ ටයරයේ කොතැනක හරි “42 PSI” හෝ නිර්දේශය කුමක්ද කියලා සඳහන් වෙලා තියෙන්න ඕනේ.

ඔබ ඔබේ යතුරුපැදි ටයර් පීඩනය පරීක්ෂා කරනකොට, ඔබ තනිවම ගමන් කරනවාද හවුල්කරුවෙකු සමඟ ගමන් කරනවාද, නැත්නම් ඔබේ බයිසිකලයේ විශාල බඩු තොගයක් තියෙනවාද යන්න සැලකිල්ලට ගැනීමට වග බලා ගන්න. ගමනේ බර මත පදනම්ව විවිධ ටයර් පීඩන නිර්දේශ තියෙන්න පුලුවන්.

ටයර් පීඩනය පරීක්ෂා කරන්නේ කොහොමද?

Bike එකකන්ටයර් පීඩනය පරීක්ෂා කිරීම ඉතා පහසු දෙයක් වන අතර අවශ්‍ය වන්නේ එක් උපකරණයක් විතරයි: යතුරුපැදි ටයර් පීඩන මිනුමක්/motorcycle tire pressure gauge. මේවා සාමාන්‍යයෙන් බෝල්පොයින්ට් පෑනක සයිස් වන අතර ඒවා නැතිවෙන එක ලේසියෙන්ම වෙන්න පුලුවන් නිසා ඒවායින් එකකට වඩා තිබීම ඇඟට ගුණයි. වාසනාවකට වගේ මේවා ඉතා ලාභදායී දෙයක්.ඔබේ බයික් එකේ ටයර් පීඩනය පරීක්ෂා කිරීම සඳහා, පළමුවෙන්ම PSI කුමක් විය යුතු දැයි ඔබ දැනගෙන ඉන්න ඕනේ.

PSI කුමක් විය යුතු දැයි ඔබ තේරුම් ගත් පසු, ඔබට අවශ්‍ය වන්නේ ඔබේ ටයර් දෙකෙන් පළමුවැන්න වෙත ගොස් (කුමන එකක් වුවත් කමක් නැත) valve cap එක ඉවත් කරන්න. මේක ඉවත් කරාට බයික් එකේ හුළං යයි කියලා බය වෙන්න එපා.ඔබේ motorcycle pressure gauge එක අවශ්‍ය වන්නේ දැන්. එහි එක කෙළවරක ඔබේ valve stem එකට ගැළපෙන විවරයක් තිබිය යුතු අතර අනෙක් කෙළවර ඩිජිටල් මිනුම් දණ්ඩක් හෝ manual මිනුම් දණඩක් තිබිය යුතුයි. valve stem එකට ඉහළින් යතුරුපැදි පීඩන මිනුම පහළට තල්ලු කරන්න. ටයරයේ වාතය කොපමණ දැයි තක්සේරු කිරීමට යතුරුපැදි පීඩන මිනුමට මෙය ඉඩ ලබා දෙනවා.

ඔබට මෙම කියවීම ලැබුණු පසු, valve stem cap එක නැවත දමා ඔබේ අනෙක් ටයරය පරීක්ෂා කරන්න. සෑම විටම ඔබේ ටයර් දෙකම එකවර පරීක්ෂා කරන්න.ඔබට මෙම කියවීම අවසන් වූ පසු අවශ්‍ය නම් ටයර් පීඩනය වෙනස් කරන්න පුලුවන්. ඔබේ නිවස සඳහා personal compressor සඳහා ආයෝජනය කිරීමට ඔබ අකමැති නම්, සාමාන්‍ය බයිසිකල් පොම්පයක් මඟින් ඔබේ යතුරුපැදි ටයරයෙන් PSI කිහිපයක් එකතු කිරීමට හෝ ඉවත් කිරීමට ඔබට පුලුවන්.

Back to top button
Close
Close