Maintenance

බයික් ටයර් එකක් මාරු කරන විදිය

පීනන්න ඉගෙන ගන්න නම් වතුරට බහින්නම ඕනේ වගේම motorbike ටයර් එකක් මාරු කරන්නත් ඇත්තටම එක කරලම බලන්න ඕනේ.මේ ලිපිය කියෙව්වම නිකන් අර තැපැලෙන් පිනන්න ඉගෙන ගත්තා වගේ හිතෙවී.හැබයි වැඩේට බහින්න කලින් අනිවාර්යෙන්ම කරන විදිය ගැන ෆුල් දැනුමක් මේ ලිපියෙන් ලැබෙනවා කියන එක නම් සහතික කරන්න පුලුවන්.

  1. සාමාන්‍ය බයික් ටයර් එකක් මාරු කරද්දි

සාමාන්‍යයෙන් බයික් හදන තැනකින් ටයර් එකක් මාරු කරගන්න සැලකිය යුතු ගානක් යනවා. ඒ ඒකට යන කාලයත් ඒක ඔවුන්ගේ වෘත්තියත් වෙන හින්දා. එහෙත් ඒ ගැන තරමක දැනුමකුත් අවශ්‍ය කරන ආයුධ කිහිපයක් තියෙනවා නම් බයික් එකක ටයර් එකක් මාරු කරගන්නවා කියන්නේ ගෙදර ඉඳන් කරගන්න පුළුවන් දෙයක්.

  1. ආයුධ

වැඩේට අවශ්‍ය ආයුධ අතරට

  • Socket සහ ස්කුරුප්පු
  • Valve extractor
  • ටයර් ලීවර දෙකක්
  • ටයර් පීඩන මානයක්
  • Compressor එකක් හෝ foot pump එකක්

ඇතුලත් වෙනවා.

මීට අමතරව ටයර් එක මාරු කරද්දි බයික් එකට ආධාරකයක් විදියට හයිය බංකුවක් වගේ දේකුත් ඕනේ වෙනවා.

හැම දේකදිම විශේෂයින්ම බයික් එක්ක වැඩ කරද්දි ආරක්ෂාව කියන්නේ ගොඩක් වැදගත් දෙයක්. ටයර් එකක් මාරු කරද්දී ලොකු පෙර සූදානමක් තියෙන්න ඕනි. ඒ වගේම සමහර වෙලාවට ටයර් ගලවද්දී නැත්නම් මාරු කරද්දි brake system එකත් ගලවන්න වෙනවා. වැඩේ පටන් ගන්න කලින් මේ හැමදේටම සූදානම් වෙලා ඉන්න ඕනේ.

ටයර් එක ගලවන්න කලින් බයික් එක ස්ටෑන්ඩ් එක උඩ සමබරව තියාගන්න ඕනේ. මේ සමබරතාවය ටයර් එක ගලනවා එක්කම නැති වෙනවා. පිටිපස්සේ ටයර් එක ගලවනවා නම් ඉස්සරහත් ඉස්සරහ ටයර් එක ගලවනවා නම් පිටිපස්සත් එකපාරටම බරෙන් වැඩි වන නිසා බයික් එක එකපාර වැටෙන්නේ නැති වෙන්න ආධාරක කිහිපයකුත් කලින් සූදානම් කරගෙන ඉන්න ඕනේ.

ගොඩක් බයික් වල ටයර් spindle nut එක ටිකක් බුරුල් කරල පහසුවෙන්ම ගලවාගන්න පුලුවන්. ඊට පස්සේ spindle එකට ප්ලාස්ටික් හෝ රබර් මිටියකින් පොඩි තට්ටුවක් දීලා ටයර් එක ගලවගන්න පුළුවන්.

 

ඒත් සමහර බයික් වල මේකට ඩ්‍රිල් එකක් පාවිච්චි කරන්න වෙනවා එහෙම නැත්නම් රවුම් ඇලුමිනියම් බට කෑල්ලකිනුත් මේක ලේසියෙන්ම කරගන්න පුලුවන්.

  1. මේ විදියට රෝදය ගලවා ගත්තට පස්සේ valve එකෙන් හුලං යන්නේ නැති විදියට හොඳට තද කරගෙන වැඩ කරන මේසෙ උඩ තියාගන්න ඕනේ.

    .
  2. ටයර් එක ටිකක් කල් තිස්සේ ඒ රිම් එකේ තිබ්බා නම් ටිකක් ගලව ගන්න අමාරු වෙනවා. ඒත් වයර් එක ගලව ගන්න හදනවා ට කලින් රිම් එකෙන් සම්පූර්ණයෙන්ම ගලවා ගෙන ඉන්න ඕනේ. මේ වැඩ කරන මිකැනික් ලා ළඟ නම් ඒකටම පාවිච්චි කරන උපකරණ කීපයක් තියෙනවා.
    .
  3. ටයර් එක රිම් එකෙන් ගලවා ගන්න පාවිච්චි කරන්නේ ලීවර දෙක. සාමාන්‍යයෙන් මේ ලීවර දෙක තියන්නේ ටයර් එකේ valve එකේ හරි දෙපැත්තෙන්. ලීවර දෙකට පීඩනයක් යොදන්න කලින් ලීවර දෙක හරියට තිබ්බා ද කියලා පරීක්ෂා කරලා බලන්න ඕන.
    .
  4. මෙහෙම රිම් එකෙන් ටයර් එකේ බාගයක් ගලවනකොට ටියුබ් එක බලාගන්න පුලුවන් ටියුබ් එකට හානි වෙලා නම් අලුත් ටයර් එකක් දාන්න කලින් ටියුබ් එකක් දාන්න ඕනේ.
    .
  5. ලීවර දෙකේ උදව්වෙන් ටයර් එකේ මුල් ටික ගලවා ගත්තම ඉතුරු ටික අතින් ඇදල ගලවන්න පුළුවන්.
    .
  6. දැන් රිම් එක පරික්ෂා කරන්න ඕනේ. ඒකට හානි වෙලාද මලකඩ බැඳිලද කියලත් spoked රිම් එකක් නම් ටියුබ් එකට හානි නොවෙන්න හරියට රබර් පටි තියනවද කියලත් පරීක්ෂා කරන්න ඕනේ. බෑන්ඩ් එකට talcum powder යෙදීමෙන් ටියුබ් එකට ඇලෙන ගතිය වළක්වා ගන්න පුළුවන්. ටියුබ් එක ටයර් එකට නොඇලෙන්න powder උදව් වෙනවා.
    .
  7. අලුත් ටයර් එක දාද්දි ටයර් එකේ දිශාව සලකුණු කරල තියෙන එක ගොඩක් උදව් වෙනවා.
    .
  8. දැන් රිම් එක අලුත් ටයර් එකට හයි කරගන්න ඕන. මේකටත් ලීවර උදව් වෙනවා. දැන් ටියුබ් එක හරියට ඇතුල් කරන්න ඕන.
    .
  9. ටියුබ් එක ඇතුල් කරාට පස්සෙ ටයර් එකේ ඉතුරු බාගේ රිම් එකට හයි කරගන්න ඕනේ. මෙතනදි ලීවර් පාවිච්චි කරන්න ඕනේ ටියුබ් එකට පොඩ්ඩක්වත් හානි නොවෙන්න. මේක ලේසි වෙන්න තියෙනවනම් tire fitting fluid එකක් හරි නැත්නම් සබන් දියර හරි පාවිච්චි කරන්න පුළුවන්.

ටියුබ් එකේ valve එක දැම්මට පස්සේ හරි පීඩනය වෙනකන් pump කරන්න ඕනේ. මුලදී ටයර් එක බයික් එකෙන් ගලවගත්ත විදිහටම ආයෙ හයි කරගන්න ඕනේ. ඊට පස්සේ හරියට හයි වෙලාද බලන්න ටයර් එක ටිකක් අතින් කරකවලා බලන්න. ආයේ හයි කරද්දි බ්රේක් පෑඩ් වලට හානියක් නොවෙන්න වග බලාගන්න ඕනේ. සාමාන්‍යයෙන් ටයර් නිෂ්පාදකයෝ ටයර් එකේ මතුපිට ලිහිසි ද්‍රව්‍යයක් යොදනවා. ඒ හින්දා බයික් එක පාවිච්චි කරන්න කලින් බ්‍රේක් cleaner ටිකක් දාපු රෙදි කෑල්ලකින් ටයර් එක පිහිදගෙන ඉන්න ඕනේ. ඒත් ගෙදරදිම ටයර් එකක් මාරු කර ගත්තත් කඩේකින් මාරුකරගත්තා මුල් සැතපුම් 100 වත් අවධානයෙන් යන්න ඕන.

හැබැයි මේ වගේ ටයර් නිතර නිතර මාරුකරන්න වෙන්න්නෙ ලංකාවේ පාරවල් වලට ගැලපෙන්නෙ නැති බාල ටයර් දැම්මොත් විතරයි.එක නිසාඅ වැඩි කාලයක භාවිතා කරන්න පුලුවන් ලංකාවේ අපේම පාරවල් වලට ගැලැපෙන්න ලංකාවේ අපේම දේශිය නිශ්පාදනයක් වෙන හැමෝම දන්න DSI වගේ ටයර් එකක් ගන්න බලන්න.නැත්තන් පෙනවනේ ටයර් එකක් මාරු කරන්න වෙන කරදරේ.

Tags
Back to top button
Close
Close