ඔබට ගැලපෙන Motorcycle Gloves මිලදී ගන්නේ ආකාරය
Motorcycle Gloves කියන්නේ අත්‍යවශ්‍ය නැති, නොගැළපෙන දෙයක් කියලා ඔබට හිතෙන්න පුලුවන්. ඒත් ඔබට bike එකෙන් වැටුණු අත්දැකීමක් හරි සීතල රෑක bike එකේ දුර ගමනක් ගිය අත්දැකීමක් හරි තියෙනවා නම් Motorcycle Gloves වල වටිනාකම දැනටමත් ඔබ දන්නවා ඇති. Motorcycle Gloves මූලික වශයෙන් ඔබේ දෑත් තුවාල වලින් ආරක්ෂා කරනවා.
නිවැරදි, ඔබට ගැළපෙන Motorcycle Gloves යුගලයක් සොයා ගැනීම bike rider කෙනෙක් විදියට ඉතා වැදගත් දෙයක්. මේ සඳහා ඔබේ riding style එක සලකා බැලිය යුතුයි. සමහරු textile Gloves වල breathability එකට කැමති අතර අනෙක් අය leather Gloves වල කල්පැවැත්මට කැමතියි. මේ මාර්ගෝපදේශය මඟින් Motorcycle Gloves වර්ග සහ material වෙනස්කම් පැහැදිලි කිරීම අපේ අරමුණ වන අතර අවසානයේ ඔබට වඩාත් ගැලපෙන විකල්පය තෝරා ගැනීමට රුකුලක් වෙන්න අපි බලාපොරොත්තු වෙනවා.
Gloves Styles
ඔබ සඳහා හොඳම Gloves යුගලයක් සොයා ගැනීමේ පළමු පියවර වන්නේ ඔබේ Riding Style එක තීරණය කිරීමයි.
Street
ඔබට තිබෙන්නේ Street Bicycle එකක්ද? ඔබ ගමන් බිමන් සඳහා bike එක භාවිතා කරන කෙනෙක්ද? Street රයිඩර්ස්ලා සාමාන්‍යයෙන් බහුකාර්ය රයිඩර්ස්ලා කොට්ඨාසයක්. මේ වර්ගයේ gloves කෙටි cuffs සහ touchscreen fingertips වල සුඛෝපභෝගී බව ලබා දෙන අතර, මේ පහසුකම් තිබුණත් street gloves වලින් ඔබේ අත්වලට ආරක්ෂාව සපයනවා. ඒ වගේමයි මේ gloves බොහෝ විට Textile, Leather සහ Hybrid කියන materials තේරීම් තුනෙන්ම සාදා තිබෙනවා.
Racing
Race gloves කියන්නේ high-performance gloves වර්ගයක් වන අතර ඒවා ආක්‍රමණශීලී ධාවනයක් සඳහා නිර්මාණය කර තිබෙනවා. මේවා full gauntlet gloves විදියටත් හඳුන්වනවා. එයින් අදහස් වන්නේ මැණික් කටුවෙන් ඉහළට විහිදෙන බවයි. මේ gloves වලින් ඉහළ ආරක්ෂාවක් සපයනවා. එසේම මේ gloves බොහෝ විට leather සහ සමහර තැන්වල carbon fiber වලින් සාදා ඇත්තේ ඔබේ අත් දෙක, අතේ knuckles සහ සුළැඟිල්ල වටා ශක්තිමත්, ආරක්ෂාවක් සැපයීම සඳහායි. Racing gloves වල මෙවැනි නිශ්චිත අවශ්‍යතා නිසා මේ gloves බොහෝ විට වඩාත්ම මිල අධික gloves වර්ගයක් වෙනවා.
Dirt
Dirt රයිඩර්ස්ලාත් එක ආකරයකින් racing ගණයට අයිති වුණත්, mobility සහ control කියන වැදගත් සාධක නිසා Racing සහ Street කියන රයිඩර්ස්ලාගේ සම්මත ආරක්ෂාවන්ගෙන් මොවුන් ටිකක් ඈත් වෙනවා. එමනිසා dirt gloves බොහෝ විට සිහින්, breathable රෙදිපිළි වලින් සාදා ඇති අතර ඒවායින් impact protection එකක් හෝ abrasion resistance එකක් හෝ ලැබෙන්නේ නැහැ. Dirt gloves වලට ඉතා වැඩි ආයුකාලයක් නැහැ. මේ gloves bike රයිඩර්ස්ලා සඳහා ලාභම විකල්පයක්!
ADV
ADV gloves නිර්මාණය කර තිබෙන්නේ dual-sport සහ adventure riders සඳහායි. එමනිසා මේ gloves බහුකාර්ය සහ සුවපහසු විය යුතුයි. Control හා mobility යන දේවලට බාධා නොකර street සහ trail riding යන දෙක සඳහාම ගැළපෙන බව සහතික විය යුතුයි. එමනිසා ADV Gloves බොහෝ විට සුවපහසුව සහ නම්‍යතාවය සඳහා කෙටි cuffs සහිතව hybrid material වලින් නිර්මාණය කර තිබෙනවා. Dirt gloves මෙන් නොව, මේවා තරමක් ආරක්ෂාවකින් යුක්ත වන්නේ ඒවා trai සහ street යන දෙකටම ගැලපෙන ලෙස නිර්මාණය කර ඇති නිසයි.
Touring
Touring රයිඩර්ස්ලා විවිධ කාලගුණික තත්ත්වයන් හරහා ගමන් කරනවා. එමනිසා, touring gloves තෙහෙට්ටුව වළක්වා ගැනීම සඳහා ප්‍රමාණවත් කුෂන් සහ ආරක්ෂාවක් සපයන අතරම water හා weatherproof විය යුතු වෙනවා. මේ gloves සාමාන්‍යයෙන් gauntlet style වන නමුත් racing gloves වලට වඩා අඩු ආරක්ෂාවක් තමයි ලැබෙන්නේ.
Glove materials
ඔබ මොන විදියේ rider කෙනෙක්ද කියන දේ තීරණය කළ පසු, bike gloves සඳහා ඇති materials වලින් ගැළපෙන material එක තෝරාගත යුතුයි.
Textile
Textile යනු bike gloves නිර්මාණය කිරීම සඳහා විවිධාකාරයෙන් භාවිතා වන විකල්පයක්. ඒවා සාමාන්‍යයෙන් ඕනෑම riding style එකක් සහ කාලගුණික තත්ත්වයක් සඳහා භාවිතා කරන්න පුලුවන්. Waterproof තාක්ෂණය නිසා බොහෝ Textile gloves අයහපත් කාලගුණය තුළ අත් තෙතබරිත වීමෙන් ආරක්ෂා කරගන්නවා. කෙසේ වෙතත් රස්නය සහිත කාලවල මේ gloves මඟින් වඩා සුවපහසුවක් ලබා දෙනවා.
Leather
Leather gloves කල් පවතින අතර විවිධ කාලවලදී භාවිතා කිරීමට හොඳ විකල්පයක්. සාමාන්‍යයෙන් සීතල කාලගුණය හෝ අයහපත් කාලගුණික තත්ත්වයන් සඳහා Leather gloves සුදුසු වෙන්නේ නැහැ. කෙසේ වෙතත් ඒවා ඇදහිය නොහැකි තරම් කල් පවතින අතර අවාසනාවට කරුණ නම්, Leather අත්වැසුම් යනු bike රයිඩර්ස්ලා සඳහා වඩාත්ම මිල අධික gloves වර්ගයයි.
Hybrid
Hybrid යනු leather-textile ද්‍රව්‍ය දෙකේම හොඳම අංග ඒකාබද්ධ කිරීමට ගත් උත්සාහයක්. එමනිසා, කල්පැවැත්ම වැඩි කිරීම සඳහා leather භාවිතා කරන අතර, textile භාවිතා කරනුයේ waterproofing සහ lining වැනි බහුකාර්යතාව වැඩි කිරීමටයි. මෙම gloves සම්පුර්ණ textile හා leather gloves අතර මිල කර ඇති අතර එක් එක් ප්රතිලාභ ඒකාබද්ධ කර ඇති නිසා ඒවා බොහෝ bike රයිඩර්ස්ලාට හොඳම විකල්පයක් බවට පත් වී තිබෙනවා.
Glove fit
Glove fit කියන දේ කොටස් දෙකකට බෙදන්න පුලුවන් American fit සහ European fit කියන දෙආකාරයට. American gloves වල සාමාන්‍යයෙන් කෙටි ඇඟිලි සහ අත්ල වටා වැඩි ඉඩක් තිබෙනවා. European gloves වල දිගු ඇඟිලි සහ අත්ල වටා අඩු ඉඩක් තමයි තිබෙන්නේ. අත්ල හෝ ඇඟිලි වටා වුවමනා පමණට වඩා material නැති gloves තෝරාගැනීමට වගබලාගන්න.
Glove Size
බොහෝ නිෂ්පාදකයින් පළල හෝ වට ප්‍රමාණය විස්තර කර ඇති size guide එකක් නිකුත් කරනවා. Size guide එකෙ පළල දක්වා ඇත්නම්, මේසයක් මත මිනුම් පටියක් තබා ඔබේ අත්ලෙහි විශාලතම කොටස මැනීමෙන් ඔබේ gloves size එක මැනගන්න පුලුවන්. Size එක ලබාගැනීමට ඔබේ අත් දෙකම මනින්න, ඒ අතරින් විශාල අගය ලබාගන්න. නිෂ්පාදකයා size එක දැක්වීමට පරිධිය භාවිතා කරන්නේ නම්, ඔබේ නකල්ස් සහ අත්ල වටා ටේප් මිනුම ඔතා මිනුම ලබාගන්න.