මහා වැස්සේ Bike පදිනකොට හිතන්න ඕනේ දේවල්

මේ දවස් වල ලංකාවට තියෙන්නේ වැසි සහිත කාලගුණික තත්වයක්. තව ටික දවසක් මේ අයහපත් කාලගුණය ඒ විදිහටම තියේවි. හැබැයි වැස්සයි කියලා අපිට අපේ වැඩ නවත්තන්න බැහැනේ. ඒ නිසයි අද Biker.lk තුළින් මේ වැසි කාලයේ Bike පදින ඔබ හිතන්නම ඕන කාරනා ගැන කියන්න හිතුවේ.
Bike in the Rain
01. හොඳ නැති ආත්ම විශ්වාසය
ආත්ම විශ්වාසය කියන්නේ අපි ළඟ තියෙන්නම ඕනේ කාරනාවක්. හැබැයි වැස්සට පස්සේ පාරට Bike එක දානකොට තියෙන ආත්ම විශ්වාසය එච්චර හොඳ නැහැ. වැස්සකට පස්සේ Bike එක පාරට දාන්න ඇත්තටම ඔබ බය වෙන්න ඕනේ. මොකද වැස්සට පස්සේ පාරේ තාර පාරේ තියෙන තෙල් ගතිය පාර පුරා විසිරිලා තියෙන්න පුළුවන්. ඒ නිසා පාර ලිස්සන බැවින් වැඩි වෙනවා. ඉතින් වැස්ස අස්සේ පාරට Bike එක දානවා නම් ඔබ පොඩි සැකයකින් තමයි Bike එක පදවන්න ඕනේ. කොයි වෙලේ හරි පාර ලිස්සයි, කකුල ගහලා නොවැටී ඉන්න ඕනේ, වගේ දෙයක් හිතේ තියන් ගියාට කමක් නැහැ.
02. හේදිලා යන පාර
පාර හේදෙන නිසා වහින එක හොඳයි කියලත් ඔබට හිතෙන්න පුළුවන්. ඔව් එක අතකින් දුහුවිලි ටික හේදිලා යනවා. එක හොඳයි. හැබැයි වැස්ස නිසා ඕනෑම පාරක තියෙන රළු ගතියත් හේදිලා යන්න පුළුවන්. ඕනෑම පාරක යන්න නම් රළු බවක් ටයර් වලට දැනෙන්න ඕනේ කියලා ඔබ දන්නවනේ. හැබැයි තියෙන වැලි, පුංචි බොරළු කැට වගේ පාර රළු කරපු දේවල් පාරෙන් ඉවතට හේදිලා ගියොත් පාර ලිස්සන බව වැඩි වෙන්න ලොකු හේතුවක් වෙනවා.
03. කඳු කඩා…. කඩා වැටේ
ලංකාවේ ඉන්න ඔබ දැන් දැන් වැසි සහිත වේලාවකදී නාය යෑම් ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම කඳුකර ප්රදේශ වන නුවර එළිය, හැටන්, ගිනිගත්හේන සහ රත්නපුර, ගාල්ල, මාතර, බදුල්ල වගේ ප්රදේශත් දැන් පොඩි වැස්සටත් නාය යන තත්වයක් උද්ගතවෙලා. ඒ නිසා වැස්ස සහිත වෙලාවක මේ කියපු ප්රදේශ වල ඔබ ගමන් කරනවා නම් නාය යාමේ අනතුරු ඇඟවීම් ගැන සිය පාරක් හිතන්න ඕනේ. එක වරම පාරට පෙරලෙන ගස් ගල් නිසා Bike එකේ යන ඔබට තමයි වැඩියෙන්ම හානි සිද්ධ වෙන්න ඉඩ තියෙන්නේ.
04. වැස්සේ Parking
මේ වැහි කාලේ ඔබ Bike එකෙන් ගමනක් යනවා නම් ඊළඟට හිතන්නම ඕනේ කාරණාව තමයි Parking. වෙනදට කොහේ හෝ තැනක Bike එක නැවත්තුවට දැන් එහෙම බැහැ. හොඳට බලන්න Bike එක නවත්තන තැන බිම මොකද තත්වය කියලා. විශේෂයෙන්ම ඔබ තණකොළ සහිත බිමක Bike එක නවත්තනවා නම් හොඳට බලන්න ඒ ස්ථානය එරෙන්න ඉඩ තියෙනවද කියලා. මොකද වැස්සකට පසු තණකොළ සහිත ප්රදේශයක, තණකොළ වලට යටින් පස තරමක් බුරුල් වෙලා තිබුනොත් ඔබ ආයේ එනවිට Bike එක මඩේ ගිලිලා තියේවි.
05. පාර මාරුවෙන සත්තු
වැස්සකට පස්සේ පරිසරයේ ඉන්න සත්තු ටිකක් එලියට ඒමේ සම්භාවිතාව ගොඩාක් වැඩියි. ඒ නිසාම ඔබ Bike එකේ යනවිට පාර දෙපස ගැනත් පොඩ්ඩක් බලන්න. මොකද වැස්සෙන් පස්සේ ඒ පරිසරයේ ඉන්න සත්තු එළිමහන් තැන් සොයාගෙන යන්න ඉඩ තියෙනවා.
06. පැන මඩ කඩිති
ඕනෑම වැස්සකට පස්සේ වතුර බැහැලා නොගිය තැන අපිට ඕන තරම් හම්බ වෙනවා. ගොඩාක් වෙලාවට ඒ තැන්වල මද වලවල් නිර්මාණය වෙලා තියෙන්න පුළුවන්. පයින් යනවිට නම් ඒවා මතින් පැන පැන ගියාට Bike එකේ යනකොට එහෙම කරන්න බැහැ. ඒ මඩ වලවල් ඇතුලේ මොනවා තියෙනවද දන්නේ නැහැ. ඒ නිසා අමතක නොකර මඩ වලවල් පුළුවන් තරම් මඟ හරින්න. ඒ වගේම පාර මැදින් වතුර පාරක් ගලාගෙන යනවා නම් හෝ පාර යම් කිසි මට්ටමකට ජලයෙන් යටවෙලා නම් හොඳම දේ විකල්ප මාර්ගයක් භාවිතා කරන එකයි. ඔබ නොදන්නා පළාතකදී එහෙම වුණොත් ඒ ප්රදේශයේම කෙනෙක්ගෙන් මේ ජල කඳේ උස හරියටම දැනගෙන එය Bike එකට ඔරොත්තු දෙනවා නම් විතරක් Bike එක වතුරට දාන්න. හැබැයි ඉතින් හොඳම දේ විකල්ප මාර්ගයක යන එක තමයි.
07. වැස්සේ නොපෙනෙයි.
වැස්ස වෙලාවට Bike එකේ යනවිට ඔබ වැඩි අවධානයක් ලබා දෙන්න ඕනේ ඊළඟ කාරණාව තමයි මේ. වැස්ස වෙලාවට ඔබ විතරක් නෙවෙයි පාරේ යන්නේ. ඒ නිසා හැමවිටම පාරේ යන අනිත් රියදුරන්ට ඔබව හොඳින් පෙන්න ඕනේ. ඒ නිසා දවල් වරුවක නම් මතක ඇතුව වැස්ස ලොකුද පොඩිද කියලා බලන්නේ නැතුව Lights on කරන්න. එවිට ඉදිරියෙන් සහ පිටුපසින් එන රියදුරන්ට ඔබව හොඳින් පෙනේවි.
08. වැස්සටම ගැලපෙන ඇඳුම
වැස්ස වහින්නේ අපිට කියලා නෙවෙයි. හැබැයි ඕනෑම වෙලාවක වැස්සක් වහින්න පුළුවන්. ඒ නිසා නිතරම Bike එකේ යන එන කෙනෙක් නම් ඔබට සිද්ධ වෙනවා ඕනෑම වැස්සකට ලෑස්තිපිට යන්න. ඒ වෙනුවෙන් ඔබේ වැසි ආවරණ කට්ටලයක් මිලදී ගත්තට පාඩු නැහැ. ඒ වගේම වැස්ස වෙලාවට ඔබ අනිවාර්යයෙන්ම gloves අත්වලට දාන්න ඕනේ. ඔබට හොඳින් Handle Bar එක ග්රහණය කරගන්න එක උදව් වේවි. ඒ වගේම goggles වගේ දෙයක් පළඳින්න පුලුවන් නම් ඔබට වැස්සකදී පවා මාර්ගය පැහැදිලිව දකින්න පුළුවන් වෙනවා. ඒ වගේම මතක තියා ගන්න ඔබ වැසි ආවරණ කට්ටලය හෝ ජැකට් එක තැඹිලි හෝ කහ පැහැයෙන් තිබුනොත් ඕනෑම වැස්සකදී ඔබව මාර්ගයේ යන එන යට පෙනේවි. එක ඔබේ ආරක්ෂාවටත් අමතර වාසියක් ගේනවා.
මෙන්න මේ කියන කාරනා මේ වැස්සට විතරක් නෙවෙයි, ඔය කොයි කාලේ වැස්සටත් එක හා වලංගුයි. ඒ නිසා අමතක නොකර මේ වැහි කාලේ Bike එකේ ගමන් යනවා නම් අපි කිවුව මේ දේවල් ටිකත් මතක තියා ගන්න.