The Time Out

හොඳ බයික් රයිඩර් කෙනෙක් වීමට ටිප්ස්

දවසින් දවස අලුත් වෙන, අලුත් දේවල් ඉගෙන ගන්න පුලුවන් කලාවක් තමයි මෝටර් බයික් ධාවනය. සුමටව, වඩා ආරක්ෂාකාරීව සහ සමහර වෙලාවට වඩා වේගයෙන් bike එක පදින්න අද අපි කියන්න යන ටිප්ස් උපකාරී වෙයි.

  • Traffic එකේදී හොඳ බැලන්ස් එකක් තියාගන්න පිටිපස්සේ brake පාවිච්චි කරන්න.

Traffic එකේ අඩු වේගයකින් ගමන් කරන එක ටිකක් අමාරු වැඩක්. දෙපැත්තේ වාහන බලන ගමන්, ඒගොල්ලෝ මංතීරුව මාරු කරනවද, traffic lights පත්තු වෙලාද, මිනිස්සු පාර පනියිද වගේ ගොඩක් දේවල් ගැන අවධානය යොමු කරන ගමන් ඇහැ, අත් සහ කකුල් වල සම්බන්ධීකරණය කරන එක ලේසි වැඩක් නෙමෙයි. කරන්න තියෙන හොඳම දේ තමයි පොඩ්ඩක් පිටිපස්සේ brake ගහගෙන යන එක. එතකොට හදිසි අවස්ථාවක bike එක නවත්තගන්න එක හරිම පහසු දෙයක්. ඔයාගේ කකුලෙ ඇඟිලි වලින් පොඩි පීඩනයක් පිටිපස්සේ brake එකට දීගෙන හිටිය නම් හොඳටම ඇති.

  • පහළ gear එකකට මාරු වෙද්දි ටිකක් රේස් කරන්න.

බයික් එක brake කරද්දී අඩු gear එකකට මාරු වෙන්න ඕනේ නේ. ක්ලච් එක ඉක්මණින් අත ඇරලා ටිකක් රේස් කරන්න, එන්ජින් එකට නැවත පිටුපස රෝදයේ රිද්මයට එන්න ඒක උදව් වෙනවා. පහළට gear මාරු කරන එකෙන් එන්ජින් එකේ වේගය අඩාළ වෙලා පිටුපස රෝදය හිර වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ වෙලාවට කරන්න තියෙන හොඳම දේ තමයි පිටුපස රෝදයේ වේගයට ගැළපෙන විදියට එන්ජින් එක රේස් කරන එක. මේ දේ කියන්න හරිම ලේසියි. ඒත් ප්‍රායෝගිකව කරන එකෙන් තමයි හරියටම වැඩේ අල්ලගන්න පුලුවන් වෙන්නේ.

  • වේගයෙන් සහ ආරක්ෂාකාරීව වංගු ගන්න නම් පිටුපස brake පාවිච්චි කරන්න.

විනාඩියක් ඉන්න, ඔයාත් දැනන් හිටියේ සාමාන්‍ය පාරවල් වල නම් වැඩියෙන් ඉස්සරහ brake පාවිච්චි කරන්න කියලා නේ? ඔව් ඉස්සරහ brake ගහන එකෙන් බයික් එකේ වේගය අඩාළ වෙනවා සහ වඩා හොඳ handling හැකියාවක් ලැබෙනවා. ඒත් වේගය පවත්වාගනිමින් වංගුවක් ගන්න නම් පිටුපස brake පාවිච්චි කරන්න වෙනවා. මේක එක පාරම වාහන ගොඩක් එන මහ පාරක කළ යුතු දෙයක් නෙමෙයි. ආරක්ෂිත track එකක වගේ තැනක මුලින්ම පුරුදු පුහුණු වෙන්න ඕන දෙයක්.

වංගුව ටිකක් අරගත්තට පස්සෙ පිටිපස්සේ brake එක ගහන්න, ඊළඟ පාර තවත් ටිකක් වෙලා අරන් ගහන්න. මේ වගේ කරද්දී ඔයාට හරිම වෙලාව අඳුරගන්න පුලුවන් වෙනවා. ඉස්සරහ brake ටිකක් පාවිච්චි කරන නිසා ඉස්සරහ සස්පෙන්ශන් තද වෙලා තියෙන්නේ. දැන් කරන්න තියෙන්නේ ඉස්සරහ brake අත අරිද්දිම ත්‍රොට්ල් එක කරකවල රේස් කරන එක.

  • ඉහළ gear එකකට මාරු වෙද්දී ක්ලච් එක අමතක කරන්න.

ගොඩක් අයට තාම මේ දේ කරන්න බැහැ. හැබැයි මේකත් හොඳට පුරුදු උනොත් ඉතා පහසුවෙන් සහ ඉක්මණින් gear මාරු කරන්න පුලුවන් වෙනවා. Bike එකේ වේගය gear එකක් මාරු කරන්න ඕන මට්ටමට ආවම කරන්න තියෙන්නේ gear එක මාරු කරන ලීවර් එක ඇඟිලි වලින් හෙමින් ඉහළට ඔසවන එක. Gear එක මාරු වෙනවා කියලා දැනුන ගමන්ම ත්‍රොට්ල් එක අත ඇරලා නැවත රේස් කරන්න. සමාන වේගයකින් දිගටම ගමන් කරනවා නම් මේ ටිප් එක ප්‍රයෝජනවත් වෙන එකක් නැහැ. මොකද එතකොට gear මාරු වෙන එක අඩුයි.

  • දකුණට යන්න නම් වමට හරවන්න.

countersteering කියලා කියන්නේ ගොඩක් දෙනෙක් හරියට දන්නේ නැති ඒත් වටිනා ස්කිල් එකක්. කකුල් හොඳට පොළොවේ තියෙන විදියට ඔයාගේ බයික් එකේ වාඩි වෙන්න. දැන් බයික් එක හැන්ඩ්ල් එකෙන් වමට හරවන්න. Bike එක වැටෙන්න බලන්නේ මොන පැත්තටද? දකුණට!

මේකත් මුලින්ම 20mph වගේ වේගයකින් හිස් කාර් පාර්ක් එකක පුරුදු වෙන්න ඕන දෙයක්. පාපැදියකින් උනත් මේ දේ කරන්න පුලුවන්. එතනින් පටන් ගත්තත් කමක් නැහැ.

  • ඔයාට යන්න ඕන දිහාව බලන්න.

ඉදිරියෙන් බාධකයක්ද? වාහනයක් ඔයාගේ පැත්තට හරවනවද? ගමන් කරන්න තියෙන්නේ පොඩි ඉඩක් අස්සෙන්ද? මේ මොන වෙලාවේ උනත් ඔයාගේ ඇස් දෙක ඔයාට යන්න ඕන තැන වෙත යොමු කරන්න. එතකොට ඔයාගේ ඇඟත් ඒ අනුව හැඩගැහෙනවා. ඔයාගේ සිරුරට මේ විදියට හැඩගැහෙන්න බල කරන්න. ටිකක් practice කරාම වැඩේ හරි යනවා.

  • දණහිස් පාවිච්චි කරන්න.

ඔයා අහල ඇති වඩා හොඳින් bike එක පාලනය කරන්න නම් ඇඟේ බර අත්වලට දෙන්න එපා කියන එක. හැබැයි තදින් brake ගහන වෙලාවකට මේ වැඩේ අමාරුයි. මේකට විසඳුම තමයි කකුල් දෙකේ දණහිස් වලින් bike එකේ ටැංකිය තද කරගන්න එක.

  • හරියට brake කරන්න!

ඉස්සරහ brake කියන්නේ හරිම බලවත් දෙයක්. Bike එකේ එන්ජින් එක තරමටම ඉස්සරහ brake වැදගත්. ඒකයි අපි හැමවෙලාවෙම ආධුනික අයට කියන්නේ brake ගැන හොඳට ඉගෙන ගන්න කියලා. Brake ගැන මෙන්න මේ දේවල් ටිකත් ඔයාට උදව් වෙයි.

  • ඇඟිලි දෙකක් පාවිච්චි කරන්න. දබරැඟිල්ල සහ මැදඟිල්ල. අනිත් ඇඟිලි ත්‍රොට්ල් එකේ තියාගන්න.
  • Traffic මැද වගේ brake කරන්න උවමනා වෙයි කියලා හිතෙන වෙලාවට මේ ඇඟිලි දෙක ලීවර් එක උඩම තියාගෙන ඉන්න. වේගවත් ප්‍රතික්‍රියාවකට මේක උපකාරී වෙනවා.
  • ඉස්සරහ රෝදයේ grip එක වැඩි වෙන්න වාඩි වෙන්න brake කරන හැකියාව වැඩියි. කොච්චර හදිසි අවස්ථාවක උනත් ටිකෙන් ටික brake කරන්න මතක තියාගන්න. එක පාරම ඉස්සරහ brake සම්පූර්ණයෙන්ම ගැහුවොත් වෙන්නේ අනතුරට ලක් වෙන එක විතරයි.
  • ක්‍රම ක්‍රමයෙන් brake තද කරන ප්‍රමාණය වැඩි කරන්න. ඔයාට අවශ්‍ය ප්‍රමාණයට වේගය අඩාළ කරගත්තම ඒ මට්ටමින් brake අල්ලන් ඉන්න. පිටුපස රෝදය එසවෙනවා වගේ තේරුණොත් ඔයා උපරිම මට්ටමට ළඟා වෙලා තියෙන්නේ. ඊට වඩා brake කරන එක අනතුරුදායකයි.

 

Back to top button
Close
Close