The Time Out

මෝටර්බයික් අනතුරු වළක්වාගන්නේ කොහොමද?

අනිත් ප්‍රවාහන මාධ්‍ය වලට සාපේක්ෂව motorbike ටිකක් අනතුරුදායකයි. හැබැයි මේ අනතුරුදායක බව අවම කරගන්න පුලුවන් විදියේ හොඳ brake, හැන්ඩ්ලින්, පුළුල් දර්ශනපථයක්, හොඳ ටයර් වගේ දේවල් වලින් සන්නද්ධ වෙලා තමයි motorbike තියෙන්නේ. මේ දේවල් හරියට පාවිච්චි කරලා බයික් අනතුරු අවම කරගන්නේ කොහොමද කියලා මේ ලිපියෙන් ඉගෙන ගමු.

01. ඉදිරියෙන් යන වාහනය එකවර හැරවීම.

ඉතා සුලබ අනතුරු වර්ගයක් මේක. මේ විදියට ඉස්සරහින් යන වාහනය හදිසි හැරවීමක් කරාම bike එක එකපාර පාලනය කරගන්න එක ටිකක් අමාරු දෙයක්. ඒ වාහනයේ ඩ්‍රයිවර් side mirrors වලින් පැත්ත බැලුවට බයික් එක නොදැක ඉන්න ඉඩ තියෙනවා.

වළක්වාගන්නා ආකාරය – එකම විදියයි තියෙන්නේ. හොඳින් විමසිලිමත් වෙන්න. සාමාන්‍ය මනුස්සයෙක්ගේ සංවේදන 5ට වඩා motorbike පදින කෙනෙක්ගේ 6 වෙනි සංවේදනයත් හොඳින් දියුණු කරගන්න ඕනේ. ඉව වැදගත් වෙන්නේ එහෙමයි. හොඳ විමසිලිමත් සංවේදනවලට මේ වගේ අනපේක්ෂිත දේවල් අඳුරගෙන ඉක්මණින් ප්‍රතිචාර දක්වන්න පුලුවන්.

02. වංගුවක දාරයේ ගැටීම

ලොකු වංගුවක් තරමක් වේගයෙන් ගන්නකොට වංගුවේ තියෙන ආරක්ෂක බැම්මක, වැලි කොට්ටයක වගේ දේක bike එකේ ඉදිරිපස රෝදය වැදෙන්න ඉඩ තියෙනවා.

වළක්වාගන්නා ආකාරය – මූලිකම දේ වද්දගන්නේ නැතුව ඉන්න එක. වංගුව ගද්දි වේගය ටිකක් අඩාළ කරගන්න. ඉස්සරහ දර්ශනය පැහැදිලි වෙද්දි ප්‍රතිචාර දක්වන්න පුලුවන් මට්ටමකට motorbike එක ඔයාගේ පාලනයේ තියාගන්න. කොණකින් වංගුවට ඇතුල් වෙද්දි වඩා හොඳින් ඉදිරිය පේනවා. විවිධ අවස්ථානුකූලව brake කරන්න ඕන විදි ඉගෙන ගෙන ඉන්න එකේ වටිනාකම දැනෙන්නේ මේ වගේ වෙලාවට.

03. ඉතා වේගයෙන් කොණකට ඇතුළු වීම.

වංගුව ගන්න කොහෙත්ම ඉඩක් නැති වෙන ආකාරයට වංගුවකට ඇතුළු වීම නිසාත් බොහෝ අනතුරු සිද්ධ වෙනවා.

වළක්වාගන්නා ආකාරය – පාරේ තියෙන සංඥා පුවරු, ලයිට් කණු, ටෙලිෆෝන් කණු වගේ දේවල් වලින් පාරේ ඉස්සරහ ගැන අදහසක් ගන්න. ඔයාට පාලනය කරගන්න පුලුවන් වේගයෙන් විතරක් motorbike එකේ යන්න. වැරදිලා හරි මෙහෙම අවස්ථාවක් උදා උනොත් brake කරන්න, තව රේස් කරන්න වගේ දේවල් කරන්නේ නැතුව bike එක විශ්වාස කරලා ඇඟේ බර පාලනය කරගෙන හැරවීම සිද්ධ කරන්න. බයික් එකේ උපරිම හැකියාවන් මොනාද කියලා ඒ වගේ අවස්ථාවක් එනකන් කියන්න බැහැ. Bike එකේ කොටස්වත්, දණහිසවත් පොළොවේ ගැටෙන්නේ නැති වෙන්න ප්‍රවේසම් වෙන්න.

04. ඉදිරියෙන් යන වාහනය මං තීරුව මාරු කිරීම.

Traffic තියෙන වෙලාවක වෙන මං තීරුවක වාහනයක් ඔයා ගමන් කරන මං තීරුවට එන එකෙනුත් අනතුරු සිද්ධ වෙනවා. motorbike ප්‍රමාණයෙන් කුඩා නිසා සමහර වෙලාවට අනිත් ඩ්‍රයිවර්ස්ලට නොපෙනෙන්න ඉඩ තියෙනවා.

වළක්වාගන්නා ආකාරය – blind spots, එහෙම නැත්නම් අනිත් අයට ඔයාව දර්ශනය වෙන්නේ නැති තැන්වල ඉන්න කාලය අවම කරගන්න. මං සන්ධි, traffic lights තියෙන තැන් වගේ මංතීරු මාරු කරන්න ඉඩ තියෙන තැන් ගැන දැනගෙන ඉන්න. වාහනවල සංඥා ගැනත් අවධානය යොමු කරන්න.

05. පිටිපස්සෙන් එන වාහනය ගැටීම.

මොකක්හරි හේතුවක් නිසා ඔයා වාහනයේ වේගය අඩාළ කරනවා/ නවත්තනවා. මේවගේ වෙලාවකට පිටිපස්සෙන් එන වාහනේ අපේ බයික් එකේ ගැටෙන්න තියෙන ඉඩ වැඩියි.

වළක්වාගන්නා ආකාරය – traffic light එකක නම් හරි විදියට ගිහින් දැනටම නවත්තලා තියෙන වාහනයක් ඉස්සරහින් නවත්තන්න. හැම වෙලාවෙම මං තීරුවක් මැදට නොවෙන විදියට අයිනකින් නවත්තන්න. හැම වෙලාවෙම පිටිපස්සෙන් එන වාහන ගැනත් අවධානය දෙන්න.

06. ඔයාගේ සඟයෝ හැමෝම ඥානවන්ත අය නෙමෙයි.

සෙට් එකක් එක්ක bike එකේ ගමනක් යනවා ඔයා. එක පාරටම එක්කෙනෙක් bike එක නවත්තනවා. වෙන එක්කෙනෙක් දවල් හීනයක් බලන ගමන් ඉන්නේ. පිටිපස්සෙන් ඇවිත් අර නවත්තපු කෙනාගේ හැප්පෙන්න ඉඩ ඕන තරම් තියෙනවා.

වළක්වාගන්නා ආකාරය – ඔයත් එක්ක ගමන් යන මිනිස්සු ගැන සැළකිලිමත් වෙන්න. හොඳ අවධානයෙන් කට්ටියව තියාගන්න. කණ්ඩායමක් විදියට යන්න ඕන පිළිවෙලක් හදාගන්න.

07. හදිසියේ ඉස්සරහ බ්‍රේක් lock වීම.

ඉස්සරහ තියෙන කහ ඉරෙන් සිත්ගන්නාසුලු මනුස්සයෙක් පාර පනිනනවා. තියෙන ඔක්කොම හයිය දාලා ඔයා ඉස්සරහ brake ගහනවා. ගහපු අනිත් පැත්තට ඔයා උඩින් යනවා.

වළක්වාගන්නා ආකාරය – brake ගහන කලාව ප්‍රගුණ කරන්න. පුරුදු වෙන්න ටිකක් අමාරු දෙයක් තමයි ඉස්සරහ brake ගහන එක. ඒත් motorbike එකේ පාලනය කළ හැකි ඉස්සරහ බ්‍රේක් ගැන හොඳින් ඉගෙන ගන්න. මේවා නම් අත්දැකීමෙන්ම තමයි කරන්නේ.

08. වාහනයක් දොරක් විවෘත කිරීම.

පාරේ අයිනේ නවත්තලා තියෙන වාහන සහ traffic එකේ ඇත්තටම තියෙන වාහන අතර ගැප් එකක් තියෙන්න පුලුවන්. ගොඩක් අය කරන්නේ traffic එකේ ඉස්සරහට යන්න මේ අයින දිගේ ගමන් කරන එක. එහෙම යද්දී නවත්තලා තියෙන වාහනයක දොර එක පාරටම ඇරියොත්?

වළක්වාගන්නා ආකාරය – මේ ගැප් එකට death zone කියලා කියන්නේ නිකන් නෙමෙයි. ඉතින් පුලුවන් හැමවෙලාවෙම මේ වගේ තැන් අතරින් ගමන් නොකර ඉන්න. වාහනවල දොර අරින නිසා විතරක් නෙමෙයි, මිනිස්සු පාරට එන එක, නවත්තන වාහන/ නවත්තපු වාහන දාන්න පුලුවන්, තව ඕන තරම් හේතු තියෙනවා.

09. ලිස්සනසුළු ගතිය

වැස්සත් එක්කම පාරවල් ලිස්සනසුළු වෙනවා. අනතුරු වෙන්න පුලුවන් ඉඩකඩ පුළුල් වෙනවා.

වළක්වාගන්නා ආකාරය –  motorbike එකේ රෝද සහ brake චෙක් කරගන්න. පාරේ තියෙන තෙල් වර්ග ගැනත් සැලකිලිමත් වෙන්න. වැස්ස ගමන් පළවෙනි පැය තමයි අවදානම වැඩි. ඒත් එක්කම හයියෙන් වහිද්දී දර්ශන පථයට බාධා වෙනවා. සාමාන්‍ය අවස්ථාවක brake කරනව වඩා ටික්ක කලින් brake කළ යුතුයි.

10. බීමත්ව ධාවනය

මේක නම් අලුතෙන් කියන්න දෙයක් නෙමෙයි.වැඩිම අනතුරු ප්‍රමාණයක් වාර්තා වෙන්නේ මේ කාරණයෙන්. ඒ අගය සාමාන්‍යයෙන් වෙන අනතුරුවලින් 50% වගේ ප්‍රමාණයක්.

වළක්වාගන්නා ආකාරය – කොයිම වෙලාවකවත් බීමතින් බයික් පදින්න එපා! ඒක තමයි දෙන්න පුලුවන් හොදම උපදේශය.

Back to top button
Close
Close