Honda XBlade ගැන දැනගමු
හැඳින්වීම
CB unicorn 160 බයික් එකේ ඇතුලයි CB Hornet 160Rආර් එකේ පට්ට පෙනුමයි දෙකට එකතු කරලා තමයි Honda XBlade නිර්මාණය වෙලා තියෙන්නේ.එවගේම සුපිරි ගතියක් එන LED ලයිට් සෙට් එකක් දාලා තියෙන නිසා Honda XBlade බයික් එකට ගාම්භීර ලුක් එකක් ලබාදෙනවා.ඕනතැනකදි කැපිලා පේන නිසා බයික් එකේ යන ඕනෑම කෙනෙක්ට වෙනත් අයගේ අවධානය නම් නොඩුව ලැබෙන බයික් එකක් විදියට Honda XBlade හදුනගන්න පුලුවන්.
ෆර්ස්ට් ලුක් එක
දැනට වර්ණ පහකින්(peral spartan red,matte marshal green metallic,peral igneous black,matte frozen silver,matte marvel blue metallic) හොන්ඩා අයතනය විසින් ජාත්‍යාන්තර වෙලඳපලට මෙම බයික් නිකුත් කරලා තියෙනවා.කියන්න ඕන විශේෂම දේ බයික් ෆ්‍රේම් එක සහ රෝද වල සියලු කොටස් කලු පාට විම නිසා මොන වර්ණයක බයික් එකක් ගත්තත් එන ලුක් එක නියමයි.මෙම බයික් එකට ගැලපෙන විශේෂ හැඩය සහ නිමාව ඉතා ඉහල මට්ටමකින් තියෙනවා වගේම ෆයිබර් වලින් නිමවා තිබෙන කොටස් වලත් ඉහල ප්‍රමිතියක් දකින්නට පුලුවන් දෙයක්.එ වගේම චේන් සහ ටයර් වල ගාර්ඩ් බයික් එකේ හැඩේ තවත් වැඩි කරන විදියට නිමවා තියෙනවා.
pearl spartan red
matte marshal green metallic
peral igneous black
matte frozen silver
matte marvel blue metallic
ඇතුලට එබුනු නිමාවක් ඇති පෙට්‍රල් ටැංකිය නිසා වැඩි අපහසුවකින් තොරව ඔබේ කකුල් තබාගැනීමේ හැකියාව අගය කලයුතුම කරුනක්.එමෙන්ම වංගු ගැනීමේදී මෙම විශේෂ හැඩය ඔබට රුකුලක් වන බව නොඅනුමානයි.ඊට අමතරව කකුල් තැබිය යුතු රඳවනය පසුපසට වෙන්නට තිබෙන නිසා සහ සීට් එක ටිකක් පහලට වෙන්න තිබෙන හැඩය නිසා අපහසුවක් නැතුවම ඔබට Honda XBlade එකක් එකදිගට වැඩි කාලයක් දාවනය කරන්න පුලුවන්.එ වගේම පිටුපස යන දෙවැන්නාටත් සැලකියයුතු මට්ටමක පහසු ඉඩක් තිබෙන ශීට් එකක් තිබීම අගය කල යුතුයි.
එන්ජිම සහ වේගය
honda x blade specification වල එන්ජිම ගැන කතාකලොත් 4500ක RPM එකකින් වගේ ලොකු වේගෙකින් යනකොට ඔබට බයික් එකෙන් ඇහෙන ශබ්දය වැඩි උනාට බයික් එක ගැස්සේන්නේ නැතුව පැද්දෙන්නේ නැතුව ආරක්ශිතව යන්න පුලුවන් විම සහ බයික් එකේ වේගය වැඩි කිරිම් එහෙම ක්‍රමානුකුලව නිර්මාණය කරලා තියෙනවා.එ අතින් එන්ජිම සුපිරියි.හැබැයි ගියර් සිස්ටම් එකේ වැරදි නියුට්‍රල් ගියර්ස් වැටෙනවා කියලා පොඩි චොදනාවකුත් තියෙනවා.හැබැයි එක ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරලා ඔබම මිලදී ගන්න කලින් honda x blade review කරගන්න ඕනේ.
බයික් එකේ ඩිස්ප්ලේ එක ගැන කතාකරොත් එකේන් බයික් එක දැන් දාලා තියෙන ගියර් එකේ ඉදන් අනෙක් ඔක්කොම සංඤා ටික ඔබට ලබාදෙනවා.හැබයි ඉතින් එන්ජින් එක ඔෆ් කරාම එ දේවල් වැඩ කරන්නේ නෑ කියලා පොඩි චොදනාවකුත් තියෙනවා.හැබැයි ඉතින් කලින් කිව්ව වගේ ෆ්රන්ට් LED ලයිට් සෙට් එක නම් නියම ගතියක් ලබාදෙනවා බයික් එකට.ඉතින් මේ බයික් එක සම්බන්ධව ඔබට තියෙන අත්දැකිම් අපිත් එක්ක බෙදාගන්න අපේ ෆේස්බුක් පේජ් එකෙ කමෙන්ට් එකකුත් දාගෙන යන්න
ටයර් සහ බ්රේක්
කොලඹ වගේ ට්‍රැෆික් එකේ කිසිම ශබ්දයක් නැතුව 20km/h වගේ වේගෙකින් යන්න පුලුවන්.අනෙක් වාසිය තමයි වෙන ජියර් එකකට මාරු කරන්නේ නැතුවම 100km/h වගේ වේගයක් එහෙම්ම ගන්න පුලුවන්.හැබයි ඉතින් සස්පෙන්ශන් ඩිසයින් වෙලා තියෙන්නේ නම් වලවල් නැති ස්මූත් පාරවල් වලට මොකද වලවල් තියෙන පාරවල් වල යනකොට පිටිපස්ස ශොක්ස් වලට ටිකක් අවුල් කියලා අනිව තේරේවි.හැබයි මොනවේගෙන් ගියත් එක පාර නවත්වන්න බ්‍රෙක් සිස්ටම් එක නම් නියමෙට වැඩ කරනවා කියලා කියන්න පුලුවන්.හැබයි බ්රේක් සිස්ටම් එක ABS, CBS මිශ්‍ර කරලා හදලා තියෙන නිසා බයික් එක ගන්නකොට අපිට කැමති විදියට වෙනස් කරගන්න ඔප්ශන් එකක් දුන්නා නම් ව්ටිනවා.
මිලගනන් එක්ක බැලුවොත් CB Unicorn 160 සහ CB Hornet 160R යන බයික් වල මිලට අතරමැදි මිලක් තමයි Honda XBlade එකට තියෙන්නේ.එ වගේම දැනට ස්ටැන්ඩඩ් සහ ABS ලෙස වර්ග දෙකකින් මෙය මිලදී ගන්න පුලුවන්.දැනට Yamaha FZ-S, Suzuki Gixxer, TVS Apache RTR 160 4V, Bajaj Pulsar NS160, සහ TVS Apache RTR 180 බයික් සමඟ වෙලදපලේ තරඟකරමින් ඉහල තැනක් ලබාගැනීමට මේ බයික් එක සමත්වෙලා තිබෙනවා.