Motorbike Reviews

Honda VTR 250 ගැන

එන්ජිම ගැන

මේ Honda VTR 250 motorbike එකේ එන්ජින් එක විදියට තියෙන්නේ 249cc DOCH V-Twin four stroke එන්ජින් එකක්.මේ එන්ජින් එක සතු උපරිම බ්‍රේක් හෝස් පවර් එක 35bhp වෙන අතරම උපරිම වේගය ලෙස පැයට කිලෝමීටර 155ත් 160ත් අතර වේගයක් ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා.මේ Honda VTR 250 motobike එකේ තිබෙන්නේ 90° V-Twin එන්ජින් එකක් නිසා එන්ජින් එක හරිම ප්‍රමිතියට හරිම කාලයට නඩත්තු කටයුතු කරේ නැත්තන් ඔබට ගැටලු රැසක් මැද ලොකු වියදමක් දරලා අලුත්වැඩියා කටයුතු කරගන්න වෙන නිසා වෙලාවට කලාවට අලුත්වැඩියාව නම් කරන්නම වෙනවා.

ඒක නිසා අතේ සතේ නැතිව ඉන්න වෙලාවේ ණයවෙලා මේ වගේ බයික් එකක් ගන්න එක නම් සාක්කුවට වාසිදායක නැතිවෙවී.මේ Honda VTR 250 motobike එකෙ කූලින් සිස්ටම් එක ගැන කථාකරොත් naked/sports ඛාන්ඩයේ මොටොබයික් වල සාමාන්‍යයෙන් තිබෙන ලික්විඩ් කූලින් පද්ධතියක් තමයි හොන්ඩා විසින් ලබාදී තිබෙන්නේ.මේ නිසා ඉහල  RPM වල ගමන් කරනකොට ඉන්ධන වලින් ලොකු කාර්යක්‍ෂමතාවයක් ලබාගන්න පුලුවන් වගේම එන්ජින් එක ඇතුලේ තිබෙන උෂ්ණත්වය අඩුවෙන්නත් ගොඩක්ම බලපානවා.හැබයි හොනර්ට්,ජේඩ්,CBR වගේ motorbike වල තිබෙන කූලින් සිස්ටම් වලට වඩා මේ බයික් එකේ කූලින් සිස්ටම් එක සයිස් එකෙන් නම් පොඩි බවක් පෙනෙන්නට තියෙන සුවිශේෂී කාරණයක්.

Honda VTR 250 motorbike ඉන්ධන ධාරිතාව විදියට ලීටර 12 ක ඉන්ධන ටැංකියක් සහ අමතර ලීටර 2.5 රිසව් ඉන්ධන ප්‍රමාණයක් ගබඩා කරගන්න පහසුකම් තිබෙන නිසා දුර ගමන් වලට වගේම බයික් එකේ පෙනුම වැඩි කරන්නත් ලොකු දායකත්වයක් ඉන්ධන ටැංකිය ලබාදිලා තිබෙනවා.මේ Motorbike එකට Injection ආකාරයට ඉන්ධන සැපයුමක් ලබාදී තිබෙන අතර කිලෝමිටර 25ත් 30ත් දුර ප්‍රමාණයක් පෙට්‍රල් ලීටර එකකින් ගමන් කිරීමට හැකියාව තියෙනවා .එ වගේම Honda VTR 250 පරණ මොඩ්ල් එකේ Carb එකක් හරහා ඉන්ධන සැපයුම සිදුවෙනවා.

සස්පෙන්ශන් සහ බ්‍රේක්

බ්‍රේකින් ගැන කතා කලොත් ඉදිරිපස සදහා මිලිමිටර් 296 ඩිස්ක් එකක් සමග පිස්ටන් දෙකේ නිසින් කැලිපරයක් හා පසුපස සදහා මිලිමිටර් 220 ඩිස්ක් එකක් සමඟ තනි පිස්ටන් නිසින් කැලිපරයක් යොදාගෙන තිබෙන නිසා ඉතා ඉහල තිරංග රෙස්පොන්ස් රේට් එකක් Honda VTR 250 යතුරුපැදියේ බ්‍රෙක් සිස්ටම් එක තුලින් ඔබට ලබා ගැනිමට ඉඩ සැලසෙනවා.

සස්පෙන්ශන් එක පිලිබඳව අවධානය යොමු කලොත්  ඉදිපස මිලිමිටර් 41 showa telescopic forks හා පසුපස සදහා direct-link යොදා ගෙන තිබෙන නිසා ධාවකයාටත් පසුපස ගමන් ගන්නා මගියාටත් සුවපසුවට යෑමට අවස්ථාව හිමිවෙනවා.

චැසිය ගැන

Honda VTR 250 බයික් එකේ චැසි එක විදියට steel diamond frame එකක් යොදාගෙන තියෙන නිසා ලොකු වේගයකින් යනකොට බයික් එකෙ ස්තාවර බව හා දෙදරීම් අවම කිරීමට මේ චැසි එක බොහෝ සෙයින් උදව් වෙනවා.එ වගේම බයික් එකේ මුලු බර විදියට කිලෝ ග්‍රැම් 161  විදියට දකින්න පුලුවන්.හැබයි බරට සාපෙක්ශව වෙනත් බයික් හා සැසඳීමේදී මේ බයික් එක හැසිරවීමේ පහසුවක් දකින්න පුලුවන්.

හැසිරවීම ගැන තව දුරටත් බැලුවොත් මෙහි සුවපසු ලෙස ඔනේම ට්‍රැෆික් එකක ධාවනය කල හැකි ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තිබෙනවා වගේම අඟල් 28.5 ක සීට් හයිට් එක නිසාඅ පහසුවෙන්ම ඕනෑම උසක කෙනෙක්ට හසුරවගන්න එක ලෙහෙසියි.

එ වගෙම මේ ඩිසයින් එක ගොඩක් දුරට Ducati Monster 2002-2005 මොඩල් වලට සමාන නිසා Ducati Monster මිලදී ගන්න බැරි නම් එ වගේ පෙනුමක් එන්න බයික් එක මොඩිෆයි කරගන්නත් මේ Honda VTR 250 බයික් එක යොදා ගන්නවා දකින්න පුලුවන්.

ගියර් හා ක්ලච් සහ මීටර් පැනල් ගැන

මීටර් පැනල් එක කතාකරොත් මුල් කාලේ Honda VTR 250 මොඩ්ල් එකේ ඇනලොග් මීටර් පැනල් එකක් ආවත් දැන් එන Honda VTR 250 බයික් වල සෙමි ඩිජිටල් මීටර් පැනල් එකක් තමයි එන්නේ.එ මිටර් පැනල් එකේ fuel gage නැතිව අනෙක් සියලු මිටර් සෙට් එක එ කිව්වේ temperature,Speed,odo,trip,rpm යන මීටර් ටික පෙන්වනවා.

ටයර් ගැන

ටයර් පිලිබඳව කතා කලොත් ඉදිපස සදහා 110/70-17 හා පසුපස 140/70-17 පුලුල් ටයර යොදා ඇති අතර මේ ටයර් ද සුවපහසුව ආරක්ෂාකාරී ධාවනයට ඉතා හොඳ උපකාරයක් ලැබෙනවා.

 

Tags
Back to top button
Close
Close