Motorbike Reviews

HONDA PCX 125 ගැන දැනගමු

එන්ජිම

හොන්ඩා ආයතනය තම බයික් වෙළඳපළ කොටස ඉන්දියාව ඇතුලු දකුනු ආසියාවේ වර්ධනය කිරීමට උත්සහ කරන අවස්ථාවක් විදියට මේ බයික් හඳුන්වලා දෙන්න පුලුවන්.ලෝකයේ විවිධ රටවල් වලින් විවිධ එන්ජින් කැපැසිටි මේ බයික් එක සම්බන්ධව වාර්තා උනාට දැනට අපේ රටේ එන්ජින් කැපැසිටි එක 124.9සී කියලා තමයි වාර්තාවෙන්නේ.මෙහි එන්ජිමේ මුලු පවර් එක 11.17 BHP @ 8000 rpm ලෙස අර්ථදක්වන්න පුලුවන්. Honda PCX 125 බයික් එක තනි සිලින්ඩරේ ලික්විඩ් කූලින් සිස්ටම් එකක් සහිත 4 ස්ට්‍රොක් බයික් එකකි.එමෙන්ම මෙහි ඇත්තේ ඔටොමැටික් ගියර් පද්ධතියකි.මේ එන්ජිම මගින් පැයට කිලෝමිටර් 96ක උපරිම වේගයක් ලබාගැනීමට බයික් එක නිපදවා ඇත.

හැඩය සහ නිමාව

Honda PCX 125 බයික් එකේ මුලු දිග මිලි මිටර් 1917 වන අතර මුලු පලල මිලි මිටර් 738කි.එහි මුලු දිග ලෙස මිලි මිටර් 1094ක් දකින්න පුලුවන්.මේ බයික් එකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක පොලව මට්ටමේ සිට මිලි මිටර් 135කින් යුක්තයි.වීල්බේස් එක මිලිමිටර් 1305කින් යුක්තයි.වෙනත් ස්කුටර් ඛාන්ඩ වලට ලගින්ම මෙහි බර ලෙස කිලෝග්‍රෑම් 124.4ක් ලෙස නිශ්පාදනය කර ඇත.එමෙනම් මෙහි ඉන්ධන ධාරිතාවය ලෙස පෙට්‍රල් ලීටර් 6.2ක් දැක්විය හැක.එමගින් පෙට්‍රල් ලීටරයකින් කිලෝමිටර් 40 ක පමණ දුරක් යා හැකි බව හොන්ඩා ආයතනය සඳන් කරයි.නමුත් අන්තර්ජාල තොරතුරු සහ පාරිභෝගික රිවිව්ස් සලකා බැලීමේදී මෙය පෙට්‍රල් ලීටරයකින් කිලෝමිටර් 30 අගයකින් යුක්තබව පැවසේ.එමෙන්ම Honda PCX 125 බයික් එක රතු,සුදු,සිල්වර් සහ කලු යන වර්ණ වලින් ඔබට මිලදී ගතහැක.

ටයර් බ්‍රේක් සහ සස්පෙන්ශන්

Honda PCX 125 බයික් එකේ 90/90-14M/C – 100/90-14M/C සයිස් ඇලොයි(ඇලුමිනිම් හෝ මැග්නිසියම් වලින් තැනු)  ටයර් ඇති අතර ඉදිරිපස මිලිමිටර් 33ක telescopic fork සස්පෙන්ශන් සහ පසුපස Twin suspension aluminium swingarm සස්පෙන්ශන් වලින් සමන්විතයි.බ්‍රේක් සඳහා ඉදිරිපස් රෝදයේ මිලිමිටර් 220 හයිඩ්‍රොලික් ඩිස්ක් බ්‍රෙක් යොදාගෙන ඇති අතර පසුපස් රෝදයේ මීලිමිටර් 130 combined leading / trailing drum බ්‍රෙක් යොදාගෙන ඇත.මෙහි ඇති අඟල් 14 ටයරය නිසා ලංකාවේ පාරවල් වලත් කිසිම අපහසුවකින් තොරව ධාවනය කලහැකියි.

වෙනත් තොරතුරු

මනරම් පෙනුමකින් ඇති ඇනලොග් ස්පීඩොමිටරයකින් සහ ඩිජිටල් ට්‍රිප් මිටරයකින් සහ ෆුවල් මිටරයකින් සමන්විත Honda PCX 125 බයික් එක ඉලෙක්ට්‍රික් ස්ටාට්ර් ඔප්ශ්න් එකෙන්ද සමන්විතයි.එ වගේම වෙනත් ස්කූටර් වල මෙන්ම Tubular steel underbone වර්ගයේ චැසියකින් සම්න්විතයි. සීට් එක ගැන කතාකරොත් මෙහි ඉතා පලල් ඉතා හොඳට කුශන් කරන ලද පහසුවෙන් පරිහරනය කරන්න පුලුවන් අකාරයට නිමවා තිබෙනවා වගේම පිටිපස ඇති LED ටේල් ලයිට් එකත් බයික් එකේ පෙනුම තවත් වැඩි කරන අයිරක් දක්නට ලැබෙනවා.මීට අමතරව සිට් එක යට ඇති තරමක් විශාල ගබඩා පහසුකම සහ USB චාර්ජින් පහසුකම නිසා ඔබට ඕනේ දුරකථනය චාර්ජ් කරගැනීමත් කරගත හැකියි.

 

Tags

Leave a Reply

Back to top button
Close
Close