Motorbike Reviews

Honda Hornet 160R ගැන දැනගමු

Engine එක ගැන

Honda Hornet 160R බයික් එකේ තියෙන්නේ 162.71CC Air Cooling,4 ස්ට්‍රොක් ,SI එන්ජින් එකක්.මේ එන්ජිමෙන් 15.04 BMP max output එකක් තියෙනවා වගේම 110KM/h ක max speed ලබාගන්නත් පුලුවන්.එ වගේම මේ එන්ජින් එක 0 ඉදන් 100KM/h ක වේගයකට එන්න 16.3s ක කාලයක් විතරයි ගන්නේ.සාමානයෙන් හොන්ඩා බයික් සද්ද බද්ද අඩු දෙදරිලි අඩු bike එකක් විදියට නිශ්පාදනය කරන එක මේ bike එකේ ඩිසයින් එකටත් Honda ලබාදීලා තියෙනවා.එක නිසා මේ එන්ජිමෙන් 60000ත් 70000ත් KM ගානක් දුවාගන්න පුලුවන්කමක් තියෙනවා.honda-cb-hornet-160r-striking-green

Gear සහ Clutch ගැන

මේ bike එකේ වේග 5 ගියර් පද්ධතියක් තියෙනවා වගේම wet multi plate ක්ලච් එකක්ද Honda විසින් ලබාදීලා තියෙනවා.එ වගේම බයික් එකේ තියෙන 12L ක ඉන්ධන ටැංකියක් තිබෙන නිසා ඉන්ධන කාරයක්ශමතාවය අතින් බැලුවොත් 48KM ක් විතර තමයි යන්න පුලුවන්.මේකට හෙතුව වෙන්නේ bike එකේ බරත් carburetor ෆුවල් සප්ලයි එකත් නිසා Fz16 V2.0 වල ලැබෙන 55 kmpl ඉහල ඉන්ධන කාරයක්ශමතාව මේ බයික් එකෙන් ලබාගන්න බැරි එක.බර ගැන කතාකරොත් bike එකේ මුලු බර – double disk වර්ගේ 140 Kg සහ Single disk වර්ගේ 138 Kg ක් විදියටත් කියන්න පුලුවන්.

අනෙක් Options

Honda Hornet 160R බයික් එක  Fz V2.0 බයික් සහ suzuki gsxr bike වගේම ෆුල් Digital පැනල් එකක speed එක,මයිලේජ් එක,Fuel Meter,වෙලාව වගේ ඔක්කොම පෙන්න හදලා තිබ්බත් කලින් කතා කරපු Yamaha FZ25 වල වගේ gear position එක නම් පෙන්නන්නේ නෑ.එ වගේම ඉන්දියාවෙදි Honda ඇසෙම්බල් කරනකොට දිගටම වෙච්ච දෙයක් වෙන engine kill switch එක නැති එක නම් මේ බයික් එකටත් වෙලා තියෙනවා.එ අතින් බැලුවාම  Fz V2.0 බයික් සහ suzuki gsxr බයික්, pulsar 150 වගේ bike වල නම් එ option එක තියෙනවා.මේක ලොකු අඩුවක් විදියට බලන්න පුලුවන් අලුතෙන්ම hornet එකකට මාරු වෙන කෙනෙක්ට.හැබයි දිගටම hornet නම් පාවිච්චි කරෙ එක එච්චරම අවුලක් නෑ.තව Honda Hornet 160R එකේ Kick Start එකත් වාසියක් විදියට දකින්න පුලුවන්.

Honda Hornet 160R sri lanka

Suspension system එක ගැන

මේ බයික් එකේ Frame එක විදියට diamond frame එකක් විදියට තමයි හොන්ඩා ලබාදීලා තියෙන්නේ.ඉතින් මේ Frame එකත් Honda Engine එකත් නිසා ලොකු RPM එකකදී උනත් බයික් එක දෙදරන එක අඩුවෙන්ම කරගෙන අවුලක් නැතුව ශේප් එකේ පදින්න පුලුවන් කියන එක නම් සහතිකයි.ඉස්සරහ telescopic suspension සහ පිටුපස monoshock suspension ලබාදීලා තියෙනවා Honda Hornet 160R බයික් එකට.මේවා ගැන වැඩි විස්තර නැති උනත් bajaj TVS මැද පන්තියටයි suzuki gsxr එකට ගැලපුවාම මේ bike එකේ යන දෙදෙනාටම අවුලක් නැතුව පහසුවෙන් යන්න පුලුවන් තත්වයක් තියෙනවා.

Brake ගැන

මේ bike එකේ single disk brake කියලා සහ Double disk brake කියලා වර්ග දෙකකින් එනවා.මේකේ single disk brake එකේදී ඉස්සරහා 276mm ක triple pot nissin brake caliper එකක්ද පිටිපස්සේ 130mm ක එකක්ද දීලා තියෙනවා.අනිත් වර්ගේ එ කිව්වේ Double disk brake එක තියෙන Honda Hornet 160R  බයික් වල ඉදිරිපස 276mm ක triple pot nissin brake caliper එකක්ද පිටුපස 220mmක single pot nissin brake caliper එකක්ද සහ Honda Hornet 160R single disk brake වර්ගේ නැති honda combined braking system එකත් ලබාදීලා තියෙනවා.එ අතින් බලකොට ආරක්ශාව අතින් Double disk brake තියෙන Honda Hornet 160R බයික් එක ඉදිරියෙන් ඉන්නවා.එ වුනාට වැලි සහිත බොරලු පාරක නම් ලිස්සලා යන්න පුලුවන් සම්බාවිතාව වැඩි.හැබයි සාමානය පාරක ඉතා අඩු දුරකින් bike එක නවත්වගන්න චාන්ස් එක නම් වැඩි බ්රෝ.

TYRE ගැන

ඉදිරිපස 100/80-17 සහ පිටුපස 140/70-17 පලල් ටයර් HONDA විසින් දීලා මෙච්චර කල් INDIAN HONDA වලින් සිහින් ටයර් දාලා කරපු අඩුව Honda Hornet 160R bike එකේදී නැති කරලා තියෙනවා.ලංකාවෙදී නම් අපි කවුරුත් දන්න DSI ටයර් නම් එකෙන්ම මේ බයික් එකට ගැලපෙනවා.මේ තරම් පලල් ටයර් නිසා bike එකේ control එක වැඩි වෙලා තියෙනවා වගේම රෙසින් තරග වල දකින් knee down සීන් එක උනත් කරන්න පුලුවන් හැකියාවක් මේ බයික් එකට තියෙනවා.හැබයි ලංකාවේ පාරවල් වල එහෙම නොකරනවා නම් හොදයි කියන එක තමයි අපේ මතය.bike rim එක දිහා බැලුවොත් එතන 17 inches ක රීම් එකක් මේ bike එකට තියෙනවා.

Tags

Leave a Reply

Back to top button
Close
Close