Motorbike Reviews & News in Sinhala

Honda CRF450X ගැන දැනගමු

හැඳින්වීම

CRF450X මෝටර්බයික් එක ගැන කෙටියෙන් කිව්වොත් මුලින්ම කියන්න තියෙන්නේ මේකේ හොන්ඩා කර්මාන්තශාලාව තුලින් පිට වෙන්නේ පාරේ ධාවනය කල නොහැකි යතුරුපැදියක් ලෙස එනම් ස්ට්‍රීට් ඉලිගල්(සාමානය පාරවල් වල තහනම් කියන එක) යතුරුපැදියක් ලෙස. මෙය සම්පුර්ණයෙන්ම නිශ්පාදනය කෙරෙන්නේ මොටර්ක්‍රොස් හා ඔෆ්රෝඩ් ධාවනය සඳහයි. නමුත් CRF450X මෝටර්බයික් එකේ ඇති බලයට පෙනුමට කැමති සෙට් එක මේ මොටර්බයික් මිලදී අරන් CRF M L වගේ ස්ට්‍රීට් ලිගල් යතුරුපැදි ලෙස වෙනස් කරගන්නා අතර බොහෝ අය සුපර්මොටො හරි ඩුවල් පර්පස් බයික් ලෙස මෙවා නැවත වෙනස් කරගන්නවා.

 

එන්ජිම

CRF450X මොටර්බයික් එකේ එන්ජින් එක ලෙස හොන්ඩා සමාගම විසින් 449cc DOHC තනි සිලින්ඩර Four-stroke වෑල්ව 4ක එන්ජින් එකක් ලබා දී ඇති අතර මෙම එන්ජින් එක තුලින් ලබා ගත හැකි උපරිම බලය අශ්වබල 44ක් ලෙස ඔවුන් සඳහන් කරනවා.එ වගේම මේ මොටර්බයික් එකේ අශ්වබල 44 මගින් තත්පර 15කට අඩු කාලකදි උපරිම වේගය පැයට කිලෝමීටර් 178ක් පමණ වේගයක් ලබා ගත හැකි අතර ප්‍රථම ගියර් එකේ සිටම ඉතා ඉහල පිකප් එකක් ධාවකයාට ලබාගත හැකියි දැකගත හැකි.

CRF450X මොටර්බයික් එකේ කූලින් සිස්ටම් එක විදියට අනෙකුත් CRF මොඩ්ල් වල වගේ ලික්විඩ් සිසිලන පද්ධතියක් යොදාගෙන ඇති නමුත් අනෙකුත් CRF මාදිලි හා WR450F, RM450X, KXF 450 වැනි මොටර්ක්‍රොස් මොටර්බයික් වලට වඩා තරමක වැඩි උෂ්ණත්වයක් පිට වීමක් මේ එන්ජින් එක තුල දැකගත හැකි අතර මේ සිසිලන පද්ධතියද තරමක් අනෙකුත් මාදිලි වලට සාපේක්ෂව කාර්යක්ෂමතාව අඩුයි.කොහොම උනත් මොටර්ක්‍රොස් මොටර්බයික් බොහෝ විට එක දිගට ධවනයේදී තරමක් අධික ලෙස රත් වෙන එක නම් සාමාන්‍ය දෙයක්.

 

ගියර් හා ක්ලච්

මේ බයික් එකේ ගියර් හා ක්ලච් එක දෙස අවධානය යොමු කලොත් වේග5ක ගියර් පද්ධතියක් සමග wet multi-plate clutch එකක් යොදාගෙන තිබෙනවා.මෙම මොඩ්ල් එකේ අනෙකුත් motarbayik ගියර් 6කින් යුතු උනත් CRF450X ගියර් 5 වීම තරමක අඩුවක් ලෙස සිතුනත් මේ ගියර් 5 නිසා ඉතා ඉක්මන් ත්වරණයක් ලබා ගැනීමට හැකි වී තිබෙනවා.එ වගේම කිසිවිටකත් වැඩි හුරුවක් නැති අයෙකු තමන්ගේ පලවෙනි යතුරුපැදිය ලෙස නම් මේ මොටර්බයික් වර්ගය තෝරා ගැනිම නුවණට හුරු නැහැ මොකද මේ යතුරුපැදිය 1 වෙනි ගියරයේ සිටම ඉතාම ජවසම්පන්න බවක් තමයි පෙන්නුම් කරන්න එමෙන්ම අඟල් 37.9ක ඉතාම ඉහල සීට් උස නිසා කොට කෙනෙකුට ට්‍රැෆික් ධවනයේ මෙන්ම සාමාන්‍ය ධාවනයේද ඉතාම අපහසුවක් දැනීමට ඉඩ තිබෙනවා මේ යතුරුපැදිය අඩි 5.8 වඩා උස පලපුරුදු ඇති අයෙකුට තමයි හොඳටම ගැලපෙන්නේ

සස්පෙන්ශන් ,බ්‍රේක් සහ ටයර්

සස්පෙන්ශන් දෙස අවධානය යොමු කලොත් ඉදිරිපස සදහා ශෝවා බ්‍රැන්ඩ් එක යටතේ එන මිලිමීටර් 47ක ශක්තිමත් ඉන්වර්ටඩ් ෆෝක් (USD)ලබා දී ඇති අතර මෙය සීරු මාරු කල හැකි.
පසුපස සදහාද ශෝවා මෝනෝ ශොක් එකක් සමඟ ප්‍රො ලින්ක් ස්වින්ග් අර්ම් එකක් ලබා දී තිබෙනවා එමෙන්ම මෙයය සීරු මාරු කල හැකියි.මේ සස්පෙන්ශන් නිසා ඕනෑම දුශ්කර මාර්ගයක කිසිම ගැටලුවකින් තොරව CRF450X යතුරුපැදිය ධාවනය කිරීමේ අවස්තාව ධාවකයා හට ලැබෙනවා.

බ්‍රේක් ගැන කතා කලොත් ඉදිරිපස නිසින් පිස්ටන දෙකක කැලිපරයක් සමඟ මිලිමීටර් 240ක ඩිස්ක් එකක් ලබා දී ඇති අතර පසුපස ද එම ප්‍රමාණයෙන්ම ඩිස්ක් එකක් සමඟ පිස්ටන් එකක කැලිපරයක් යොදා තිබෙනවා.

ටයර් ගැන අවධානය යොමු කලොත් ඉදිරිපස 80/100 – 21 ප්‍රමානයෙන් හා පසුපස 110/100 – 18 ප්‍රමාණයෙන් මොටර්ක්‍රොස් ටයර් යොදා ඇති අතර සාමාන්‍ය මාර්ග වල ධාවන කිරිමේදී නම් මෙම ටයර් නිසා පොලව සමඟ සම්බන්ධතාවය අඩු බවක් තිරිංග යෙදීමේදී ලිස්සා යෑමක් හා ඉහල වේගයන් හී අස්තාව බවක් දැකගත හැකි අතර CRF450X මොටර්බයික් එක සුපර්මොටො ලෙස වෙනස් කරගැනීම මෙයට හොඳම විසදුමයි.

චැසිය

අනිත් සීආර්එෆ් බයික් වගේම CRF450X මොටර්බයික් එකත් Semi Double Cradle frame එකක් චැසිය ලෙස ලබා දී ඇති අතර මෙය බරින් අඩු ශක්තිය ඉහල දෙදරීම අවම ෆ්‍රේම් එකක් වෙනවා එමෙන්ම මෙම මොටර්බයික් එකේ මුලු බර කිලෝ 118 වන අතර අදාල කාණ්ඩයේ බරින් අඩුම යතුරුපැදියක් ලෙස සැලකෙනවා.මේ නිසා මෙම අශ්වබල 44ක එන්ජින් එකත් සමඟ හීන්දැරි පුද්ගලයෙකුට මෙම යතුරුපැදිය හැසිරවීමේදි අස්තාව බවක් ඇතිවිය හැකියි.එමෙන්ම මෙහි ඉතා පැහැදිලි ඉඩක් පොලව සමඟ ඇති අතර එය අඟල් 13.6ක් වෙනවා මේ නිසා දුශ්කර මාර්ග වල ධාවනය ඉතාම පහසු වී තිබෙනවා.

 

CRF450X මොටර්බයික් එක ගැන මුලින්ම කිව්වා වගේ මේක ස්ට්‍රීට් ඉලීගල් මොටර්බයික් එකක් නිසා මෙම යතුරුපැදිය ස්ට්‍රීට් ලීගල් ලෙස පරීවර්තනය කරගැනීම සඳහා සිග්නල් ලයිට්,ටේල් ලැම්ප් සමහරවිට හෙඩ්ලයිට්, මීටර් පැනල් එක,(මෙහි ඔරිජිනල් මට්ටමේදී මීටර් එකක් නොමැත නිසා) පසුපස ගමන්ගන්න කෙනා වෙනුවෙන් ෆුට් පෙග්ස් වැනි මුලික අමතර කොටස් අමුතුවෙන්ම එකතුකල යුතු අතර supermoto කිරීම සදහා රිම්සෙට්, ස්පෝක්, හබ්, ටයර්, ටියුබ් වැනි සියල්ල අලුතෙන් එකතු කල යුතු යි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close