Motorbike Reviews

Hero Xtreme 200r ගැන දැනගමු

හැඳින්වීම

හීරෝ බයිසිකල් කම්පැනි එකෙන් කාලෙන් කාලෙට බයිසිකල් ලෝකේම වෙනස් කරන විදියේ මොඩ්ල්ස් එළියට දානවා කියල බයික් ගැන දන්න කොල්ලෝ හොඳටම දන්නවා. CD100, Splender, CBZ, Karizma වගේ බයිසිකල් ඒවා මාර්කට් එකට රිලීස් කරපු කාලෙට වඩා ගොඩක් ඉස්සරහ අනාගතේ ගැන පෙන්නපු මොඩ්ල්ස්. බයිසිකල් ඉන්ඩ්ස්ට්‍රි එක කණපිට හැරෙව්වා කියලා ඕනේනම් කියන්න පුලුවන්. ගොඩ කාලයක් සද්ද නැතුව ඉඳලා දැන් හීරෝ එකෙන් අලුත්ම මොඩ්ල් එක්ක එළියට දාන්න ලෑස්ති වෙලා ඉවරයි. Hero Xtreme 200R තමයි හීරෝ පවුලේ මේ අලුත්ම සාමාජිකයා. ඉන්දියාවේ 2018 auto expo ප්‍රදර්ශනයේදී තමයි මේ බයික් එක රිලීස් උනේ.

එන්ජිම

Hero Xtreme 200R එකේ තියෙන විශේෂම අංගය විදියට අපි නම් දැක්කේ මේ බයික් එකේ ලාලිත්‍ය. 200cc එන්ජින් එකක් තිබුණට වයිබ්‍රේට් වෙන එක අඩු කරන්න අමතර ෆීචර්ස් ගොඩක් මේ බයික් එකට එකතු කරලයි තියෙන්නේ. Rpm එක 6,000 පැන්නේ නැත්නම් මේ ෆීචර්ස් ටික සුපිරියටම වැඩ කරලා කිසිම වයිබ්‍රේශන් එකක් නැතුව බයික් එකේ යන්න පුලුවන්. මේ 200cc එන්ජින් එකත් නිකන්ම එන්ජින් එකක් නෙමෙයි. Air cooled carbureted single-cylinder engine එකක් මේක. මේ මොඩ්ල් එක ක්‍රියාකාරීත්වය පදනම් කරලා හදපු බයික් එකක් විදියට Hero කම්පැනි එක හැඳින්වුවට මේ ක්ලාස් එකේ පවර් එක අඩුම මෝටර් එක තමයි Hero Xtreme 200R බයික් එකට දාලා තියෙන්නේ. බර වෙන්නේ කිලෝග්‍රෑම් 147ක් විතරයි.

කම්‍යුටර් බයික් වලට පොදු ලක්ෂණයක් වෙන torque එක ගැන මේකේ නිශ්පාදකයෝත් අවධානය දීලා තියෙනවා . අපේ ටෙස්ට් රයිඩ් එකේදි අපිට පුලුවන් උනා 3 වෙනි ගියර් එකෙදි පැයට කිලෝමීටර් 90 ස්පීඩ් එකට යන්න. 5 වෙනි ගියර් එකට දාද්දී පැයට කිලෝමීටර් 110 වේගය පහු කරන්න පුලුවන් උනා. ඊට වඩා නම් හයියෙන් යන්න ට්‍රයි කරේ නැහැ. එක ජීවිතයයි නේ තියෙන්නේ ඔය ඕන දේකට. ක්ලච් එක ගියර් ශිෆ්ටින් හැමදේම හොඳයි.

සස්පෙන්ශන්

Hero Xtreme 200R එකේ සස්පෙන්ශන් නම් සොෆ්ට් වැඩී. බ්‍රේක් කරද්දී එහෙම බයිසිකලේ ගැස්සෙන ගතියක් දැනුණා. එක පාරට හරවන එක , යන පැත්ත මාරු කරන එක වගේ හැන්ඩ්ලින් වල දේවල් කරන්නත් ටිකක් අමාරු උනා. හැබැයි ඇත්ත පාරක පදින්නේ නැතුව හරිම නිගමනේකට එන්න අමාරුයි.

Hero එකේ අය තමන්ගේ ඉලක්ක වෙළෙඳපොළ වෙනුවෙන් තමයි බ්‍රේක් මේ විදියට හැදුවේ. මේකේ තියෙන්නේ single channel ABS බ්‍රේක් සිස්ටම් තමයි ඉස්සරහටයි පිටිපස්සටයි දාලා තියෙන්නේ. මේ බ්‍රේක් සිස්ටම් එක හොඳටම ඇති ඕනම හදිස්සියකදි බයික් එක නවත්තගන්න.

අනෙකුත් අංග

සීට් එක ටිකක් උඩට වෙන්න ඉතාම සැප පහසු වෙන්න තියෙන්නේ. හැන්ඩ්ල් බාර් එකත් ටිකක් ඉස්සිලා තියෙන්නේ. කකුල් තියන කෑලිත් ටිකක් පස්සට වෙන්න තියෙන්නේ. සීට් එකත් හොඳට හයියයි වගේ සුවපහසුයි. කකුල් දෙක හේත්තු කරගන්න පුලුවන් විදියට තමයි පෙට්‍රල් ටැංකියත් හදලා තියෙන්නේ. ගියර් මාරු කරන කෑල්ලේ කකුල් තියන කෑලිවල ප්ලාස්ටික් හොඳට හයියයි කොලිටි එකත් හොඳයි.

ABS බ්‍රේක් සිස්ටම් එක ඇරෙන්න ලොකු ලොකු ටෙක්නිකල් වැඩ කෑලි Hero Xtreme 200R බයික් එකේ නැහැ. 2016 මොඩ්ල් එකක් වගේ හරියට. කටු කැරකෙන මීටරයක් වගේම ඩිජිටල් ඩිස්ප්ලේ එකකුත් තියෙනවා. Speed එක, dual trip meters වගේම වෙලාවත් මේ ඩිජිටල් ඩිස්ප්ලේ එකේ පෙන්නනවා. ඒ කලෙට නම් මේ වගේ මීටර් දෙකක් ගැළපෙන්න ඇති උනාට අද කාලේට නම් මේක එක්ස්පයර් උන ස්ටයිල් එකක්.

වෙනත් තොරතුරු

රේස් ට්‍රැක් වලට හරියන බයික් එකක් නම් නෙමෙයි Hero Xtreme 200R බයික් එක. ගොඩක් හොඳ ෆීචර්ස් එක්ක තියෙන මේ බයික් එක හොඳට පෙට්‍රල් කරයි කියලා අපි හිතනවා. සීට් එකේ සැපපහසු බව, ගියර්ස් මාරු කරන්න ලේසි බව වගේ දේවල් නිසා මේ බයික් එක සාමාන්‍ය පාරවල් වලට නම් හොඳටම ගැළපෙයි. 150cc බයික් එකකින් අප්ග්‍රේඩ් වෙන්න බලාගෙන ඉන්න අයට නම් මේ බයික් එක නැගලා යයි. Hero කම්පැනි එකේ අය කියන්නේ 160cc බයික් හොයන අයට ගන්න පුලුවන් වෙන්න ඉතාම තරඟකාරී මිලකට  Hero Xtreme 200R එක වෙළෙඳපොළට හඳුන්වලා දෙනවා කියලා. අපිට තියෙන සැකේ නම් TVS Apache RTR 200 4V වගේ ඉතාම අඩුම ගාණකට තියෙන බයික් එක්ක තරඟ කරලා දිනන්න Hero Xtreme 200R ට පුලුවන් වෙයිද කියන එකයි.

Tags

Leave a Reply

Back to top button
Close
Close