Motorbike Reviews

Hero Hunk 150 ගැන දැනගමු

එන්ජිම

149.2සීසී, එයාර් කුල්ඩ්, තනි සිලිඩර් එන්ජිමක් තමයි මේ බයික් එකට තියෙන්නේ.එ වගේම පැයට කිලොමිටර් 112 ක උපරිම වේගයකින් මේ Hero Hunk 150 බයික් එකේ යන්න පුලුවන්.එ වගේම මේ එන්ජින් එකෙන් 15.6 බ්‍රේක් හොස්පවර් එකක් ගන්න පුලුවන්.එ අතින් බලනකොට 150 කාන්ඩේ වෙනත් බයික් එන්ජින් එක්ක බලකොට මේකේ එන්ජින් පවර් එක නම් හොද තත්වෙක තියෙනවා.එ වගේම පැයට කිලොමිටර් 60ක වේගයක් ලබාගන්න යන්නේ තත්පර 5.2ක කාලයක්.එ වගේම 0 ඉදන් පැයට කිලොමිටර 100ක් වේගයක් ලබාගන්න යන්නේ තත්පර 15.2ක කාලයක්.

තව මේ එන්ජිම එයාර් කුලින් එකක් නිසා පොඩ්ඩක් ලොකු ආර්.පී.එම්. එකක්දී එන්ජින් එක ඔවර් හීට් වෙන සීන් එක නම් වෙන්න පුලුවන්.හැබයි ලන්කවේ තියෙන අනෙක් 150 කාන්ඩේ බයික් වල තියෙන එයාර් කුලින් හරි ඔයිල් කුලින් හරි එන්ජිම් එක්ක ගත්තාම ඉතින් මේ එන්ජිමේ එ පැත්තෙන් ලොකු වෙන්සක් ඇත්තේ නෑ.හැබයි ඉතින් ලික්විඩ් කූලින් දැම්ම නම් දැන් දෙන ගානට මේ බයික් එක දෙන්න වෙන්නේත් නෑ.

කාර්යක්‍ෂමතාවය

කාබියුරේටර් එකක් තියෙන Hero Hunk 150 එකේ පෙට්‍රල් ලිටර් එකකින් කිලොමීටර පනහත් පනස්පහත් අතර ගානක දුර යන්න පුලුවන් නිසා මේක එදිනෙදා වැඩ කරගන්න නම් හොදටම ගැලපෙන බයික් එකක් කියලා කියන්න පුලුවන්.මෙකේ ප්‍රෙට්‍රල් ටැංකියේ ධාරිතාව ලීටර් 12.4ක් වෙනවා වගේම රිස්ව් එකේ ධාරිතාව පෙට්‍රල් ලීටර් 2.2ක් විතර වෙනවා.එ වගෙම ප්ලාස්ටික් ඉන්ධන ටැංකියක් වෙනුවට මේ බයික් එකට තියෙන්නේ cb hornet, fz වල වගේ මෙට්ල් ටැංකියක්.එ වගේම එක ලොකුවට තියෙන නිසා හොද පෙනුමක්ද නැතුව නෙමෙයිනේ.එ වගේම මේකේ පෙනුම සමාන කරලා තියෙන්නේ කුලු ගවයෙක්ට වීම එ වගේ පෙනුමක් මේ බයික් එකට එන්න තව හෙතුවක්.ලාංචනෙයේ ඉදන්ම එක දකින්න පුලුවන්.

ගියර්

Hero Hunk 150 බයික් එකේ ගියර් පහක ගියර් බොක්ස් එකක් දකින්න පුලුවන් වගේම වේට් මල්ටිප්ලේට් ක්ලච් එකක්ද ඇතුලත්.චැසිය ගත්තොත් ටියුබියුලර්,ඩයමන්ඩ් ටයිප් ෆ්‍රේම් එකක් තමයි බයික් එකට දාලා තියෙන්නේ.ඒකේ වාසිය තමයි ශක්තිය අතින් ඉහල වීම.එ වගේම යමහා,හොන්ඩා බයික් වගේම ඉහල ආර්.පී.එම්.එකකට ඕරොත්තු දීමට මේ බයික් වලට හැකිවීම.

ටයර් සහ බ්‍රේක්

මේ බයික් එකට ඉදිරිපස මිලිමිටර් 240ක ඩිස්ක් එකක් සහ පසුපසට මිලිමිටර් 220ක ඩිස්ක් එකක් බ්‍රෙක් විදියට යොදලා තියෙනවා.ටයර් ගත්තොත් ඉස්සරහා ටයර් එක 80/100 x 18-47 P ටියුබ්ලස් ටයර් සහ පසුපස ටයර් එක 100 / 90 X 18-56 P ටියුබ්ලස් ටයර් එකක් භාවිතා කරලා තියෙනවා. උදාහරනෙකට DSI එකෙන් හදන 100 / 90 X 18 (SRI/MC- 46) ටයර් නම් මේ බයික් වලට නියමෙට ගැලපෙනවා.වැඩට යන හින්දා ටයර් කඩවල් ගානේ ටයර් ගන්න යන්න වෙලාවක් නැත්තන් දැන් Daraz එකෙන්ම ඔඩරේ දාන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න https://bit.ly/2GWSeT4

සැපට ගොඩක් දුර යන්න පුලුවන් නිසත්,පට්ට පෙනුමත් නිසා තමයි මේක ලංකාවේ ජනප්‍රිය උනේ,එ වගේම ගොඩක් 150 සීසී කාන්ඩේ බ්‍රේක් විදියට ඩ්‍රම් බ්‍රේක් තිබ්බට මේ බයික් එකේ තියෙන්නේ ඩිස්ක් බ්‍රෙක් නිසා ට්‍රැෆික් එකකදී උනත් බයික් එක හසුරවගන්න ලෙහෙසියි.

සස්පෙන්ශන්

සස්පෙන්ශන් ගැන බැලුවොත් Hero Hunk 150 එකේ බයික් එක ඉස්සරහට ටෙලිස්කොපික් හයිඩ්‍රොලික් ශොක් ඇබ්සොබර්ස් තමයි දාලා තියෙන්නේ.පසුපසට රෙක්ටැන්ගියුලර් ස්වින් ආර්ම් විත් ගැස් රිසිවර් සස්පෙන්ශන් තමයි යොදාගෙන තියෙන්නේ.එ හින්දා ඕනැම පාරක,විශෙශයෙනම් අලි නාවන වලවල් පාරෙ තියෙන ලන්කාව වගේ රටකදී පහසුවෙන් යන්න,ස්ටන්ට් වලදිත් බයික් එකට වෙන ඩැමෙජ් එක අඩුයි බ්රෝ.

වෙනත් බයික් එකේ මීටරේ එකෙන්ම සෙමි ඩිජිටල් මීටරයක් තමයි තියෙන්නේ එකේ ස්පීඩ් එක ඩිජිටල් විදියටත් ,ආර්.පී.එම්. එකයි ෆුවල් ගේජ් එකයි ඇනලොග් විදියට පෙන්න තමයි හදලා තියෙන්නේ.මෙකේ විශේෂ දෙයක් විදියට කියන්න පුලුවන් 150සීසී කාන්ඩේ බයික් වල දකින්න අඩු සයිඩ් ස්ටැන්ඩ් ඉන්ඩිකෙටර් එකක් ලයිට් ඉන්ඩිකෙටර් එකක් විදියට මේ බයික් එකේ පැනල් එකේ දකින්න පුලුවන් එක.එ වගේම fz v2 වල නැති කික් ස්ටාර්ට් සීන් එක මේ බයික් එකේ තියෙනවා.හැබයි එන්ජින් කිල් ස්වීච් එක නම් මෙකෙත් නෑ.

ලයිට්

ලයිට් ගැන කතාකරොත් ඉතින් 12 V – 35 W / 35W –  හැලොජින් බල්බ් – එම්.අර්.එෆ්. හෙඩ්ලයිට් එකක් තමයි තියෙන්නේ.එක රෑ කාලේ බයික් පදිනවා නම් ගොඩක් ලෙහෙසි වෙයි.සිග්නල් ලයිට්ස් විදියට  12 V – 10 W (ඇම්බර් බල්බ්) සහ පිටුපස ටේල් ලැම්ප් එක විදියට 12 V – 0.5 W / 4.1W (එල්.ඊ.ඩි බල්බ්) පාවිච්චි කරලා තියෙනව.එක හින්දා ඉතින් මේ බයික් එකේ පෙනුම අකර්ශනීය වෙනවා වගේම තියුනු ආලොකයකින් පිටිපස වාහන වලටත් සංඤාවක් දෙනවා.

Tags

Leave a Reply

Back to top button
Close
Close