Motorbike Reviews

Harly Davidson Low Rider ගැන දැනගමු

හැඳින්වීම

ඉන්දියාවේ වෙළෙඳපොළ ඉතාම හොඳට අඳුරගත්ත බයික් එක්ක විදියට Harley Davidson හඳුන්වන්න පුලුවන්. ලංකාවේ නම් ඉතාමත් කලාතුරකින් තමයි මේ ජාතියේ බයික් එකක් දකින්න පුලුවන් වෙන්නේ. බයිසිකලේකට දෙන්න පුලුවන් හැමදේම ඇතුළත් කරලා මේකේ අලුත් වර්ශන්ස් මාකට් එකට දාන්න කම්පැනි එකේ අය මහන්සි වෙනවා. 2018 දී Harley Davidson කම්පැනි එක low rider වර්ශන් එක ‍රිලීස් කරා. මේක ලෝකේ පුරාම සෑහෙන්න ප්‍රසිද්ධ වුණා. 70 දශකයේ පෙනුම එක්ක තමන්ට කැමැති විදියට කස්ටමයිස් කරගන්න පුලුවන් මේ වර්ශන් එක වෑල්ව් 4 සිලින්ඩර වලින් යුත් Milwaukee-Eight V-twin එන්ජිමකින් සමන්විතයි.

තත්ත්වය

අලුත් Harley Davidson Lowrider බයික්ස් පරණ Harley Davidson එක්ක සන්සන්දනය කරන්න ටිකක් අමාරුයි. මොකද පරණ මොඩ්ල්ස් වල තත්‍ත්වය ඉතාමත් ඉහළයි. ඒත් කම්පැනි එකේ අය නම් මහන්සි වෙන්නේ ඒ කොලිටි එකම ආයෙත් දෙන්න. ඒ මහන්සියයේ ප්‍රතිඵල විදියට මේ අලුත් බයික් එකේ පාර්ට්ස් හොඳ තත්‍ත්වයෙන් හදලා තියෙනවා.හැන්ඩ්ලින් වගේම ස්පීඩ් එකත් වැඩි කරලා තියෙනවා මේ මොඩ්ල් එකේ.ගියර් මාරු කරන පැඩ්ල් එකේ ප්ලාස්ටික් එක නම් කිසිම වරදක් නැහැ. හැබැයි කකුල් තියන්න හදලා තියන පැඩ්ල් එක නම් ලක්ෂ 30ක් බයික් එකකට ගැළපෙන්නේවත් නැහැ. ඒක නිකන් ලක්ෂ 2-3 බයික් එකක පැඩ්ල් එකක් වගේ.

සුවපහසු බව

පුරුදු වෙන්න ටිකක් කල් ගියාට මේ බයිසිකල්වලින් ගොඩක් මාරම සුවපහසුයි. හැබැයි මේ අලුත් Lowrider මොඩ්ල් එකට නැගපු ගමන්ම ගෙදර වගේ හැඟීමක් එයි.. සාමාන්‍යයෙන් නම් Harley Davidson Lowrider එකක යද්දී අත් කකුල් සම්පූර්ණයෙන්ම දිග ඇරගෙන යන්න වෙනවා උනාට මේ Lowrider මොඩ්ල් එකේ ඒ තරම් අමාරුවෙන් යන්න ඕනේ නැහැ. සීට් එකේ අඩු නිසා බයික් එක නැවැත්තුවාම කකුල් දෙකම කිසිම අමාරුවක් නැතුව පොළොවේ තියන්න පුලුවන්. ඒ වගේම මේකේ සීට් එක හොඳට ඉඩ තියෙන සුවපහසු සීට් එකක්.

බයික් එකේ තව වැදගත්ම දෙයක් තමයි Showa Dual Bending Valve fork එක සහ single under-seat coil-over unit එක. මේ දෙක නිසා රෝදවලට වැඩියෙන් ගමන් කරන්න පුලුවන්. මොන වගේ බම්පර් එකක්, වළක් තිබ්බත් Lowrider එකට පුලුවන් ඔයාව කාර්පට් පාරක යනවා වගේ සුවපහසු ගමනක් අරන් යන්න.මේ බයික් එකේ තියෙන පොඩි අවුලක් තමයි එන්ජින් එක හරියට ගිනිකන්දක් වගේ රත් වෙන එක. ඉතින් කකුල් දෙක බාබික්‍යු කරගන්නේ නැතුව මේ Lowrider එක පදින්න.

ක්‍රියාකාරීත්වය

බයික් එන්ජින් වල අලුත් කඩයිමක් සටහන් කරපු බයික් එකක් විදියට Harley Davidson Lowrider හඳුන්වන්න පුලුවන්. මොකද මේකේ තියෙන්නේ Milwauki-Eight 107 motor එන්ජින් එකක්. බට්න් එක ප්‍රෙස් කරපු වෙලාවේ ඉඳලා කිසිම කරදරයක් නැතුව එන්ජින් එක වැඩ. ගියර් 6ක ගියර් සිස්ටම් එකක් වගේම ලාවට ක්ල්ච් එක දෙන්න ඕනේ එකත් ලොකු වාසියක්.

1745cc එන්ජින් දාරිතාවයකින් යුත් Lowrider බයික් එකට පුලුවන් rpm එක 3000ට අඩුවෙන් පැයට කිලෝමීටර් 120ක වේගයට ළං වෙන්න. මේ බයික් එකේ තාක්ශණය නිසා හැන්ඩ්ලින් නම් ඉතාම හොඳ තත්ත්වයක තියෙනවා. ට්‍රැෆික් වෙලාවට නම් මේ කිලෝ 300 සද්දන්තයාගේ බර නිසා ටිකක් කරදර විඳින්න වෙනවා. හැබැයි හයියෙන් යන වෙලාවට නම් Harley Davidson Lowrider එක කියාපු බයික් එක. වංගුවකදි බය නැතුව අංශක 29.6 වෙනකන් නවලා ගන්න පුලුවන් කියලා කම්පැනි එකේ අය සහතික වෙලා තියෙනවා. ඉස්සරහ සහ පිටිපස්සට දෙකටම තියෙන සින්ගල් ඩිස්ක් dual channel ABS බ්‍රේක් සිස්ටම් එකත් බයික් එකේ ආරක්ශාව තව වැඩි කරනවා.

තාක්ශණය

ඔයා සාමාන්‍යයෙන් අලුත්ම තාක්ශණයට ආස කරන කෙනෙක් නම් Harley Davidson Lowrider බයික් එක ඔයාගේ හිත බිඳිනවා ශුවර්. මොකද මේකේ ලොකු ලොකු ටෙක්නිකල් වැඩ කිඩ නැහැ. ස්පීඩ් මීටරේ සහ rpm මීටරේ සාමාන්‍ය කටු කැරකෙන මීටර් දෙකක් විදියට තමයි තියෙන්නේ. ඩිජිටල් විදියට තියෙන්නේ fuel gauge, tripmeter එක සහ gear indicator එක විතරයි. ආරක්ශාව පැත්තෙන් තාක්ශණික දේකට තියෙන්නේ ABS බ්‍රේක් සිස්ටම් එක තමයි.

ඉන්දන කාර්යක්ෂමතාව

පෙට්‍රල් ලීටරයකින් සාමාන්‍යයෙන් කිලෝමීටර් 16 ක් නගරයක් ඇතුළේ බයික් එක පදිනවා නම් යන්න පුලුවන්. සයිස් එකෙන් ලොකු මේ Harley Davidson Lowrider බයික් එකේ ලීටර් 19.1 ක දාරිතාවයකින් යුතු පෙට්‍රල් ‍ටැංකියක් තියෙනවා. ඒ කියන්නේ ෆුල් ටෑන්ක් ගැහුවොත් කිලෝමීටර් 300ක් වගේ දුරක් කිසි අවුලක් නැතුව යන්න පුලුවන්. හැබැයි ඔයා යන්නේ හයිවේ එකක වගේ නම් ඉන්දන කාර්යක්ෂමතාව මීට වඩා සෑහෙන්න වැඩියි.අපේ හයිවේ එකේ ඉතින් බයික් වලට ඉඩ නෑනේ.කොහොමත් මේ වගේ බයික් එකක් දැන් පවතින නිතී එක්ක සහ බදු එක්ක ගෙනවා කියන්නෙත් හීනයක්ම තමයි

Tags

Leave a Reply

Back to top button
Close
Close