Maintenance

ෆ්‍රේම් ස්ලයිඩර් මෝටර්බයික් එකට අවශ්‍යද?

ටවුන් එකේ විතරක් ළඟ ගමන් යන කෙනෙක් උනත්, රේස් පදින කෙනෙක් උනත් කවුරුත් කැමතියි තමන්ගේ බයික් එක තියාගන්න පුලුවන් හොඳම කන්ඩිශන් එකෙන් තියාගන්න. බැරි වෙලාවත් බයික් එක වැටුණොත්, ලිස්සලා ගියොත් එහෙමත් නැත්නම් බම්පර් එකක් උඩින් යද්දි වැටුණොත් බයික් එකේ frame එකට ඩැමේජ් වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි. ඔබ මේ වගේ නොහිතන අකරතැබ්බ වලින් ආරක්ෂා වෙන්න ක්‍රමයක් නම් කල්පනා කරන්නේ ෆ්‍රේම් ස්ලයිඩර් එකක් බයික් එකට සවි කරන එක තමයි කරන්න පුලුවන් හොඳම දේ.

  • ෆ්‍රේම් ස්ලයිඩර් එකකින් මොකක්ද වෙන්නේ?

ෆ්‍රේම් ස්ලයිඩර් එකකින් ඇත්‍තටම මොකක්ද කරන්නේ? ක්‍රියාකාරීත්වය පැත්තෙන් බැලුවොත් මේක ටිකක් සංකීර්ණ කතාවක්. හැබැයි මේක සරලව කියනවා නම්, අලෙවියෙන් පස්සේ එකතු කරන්න පුලුවන් වැඩි දියුණු කිරීමක් වන මේ ෆ්‍රේම් ස්ලයිඩර්ස් මඟින් ඔබේ මෝටර්බයික් එක ඝට්ටනයක්, ලිස්සායාමක්, වැටීමක් හෝ හැප්පීමකදී බයික් එක ආරක්ෂා කරනවා. මේ වගේ අවස්ථාවක් උදාහරණයකට ගන්න, ඔබේ මෝටර්බයික් එක පදවන අතර හදිසියේ ලිස්සා ගියොත්, ස්ලයිඩර් එක ඔබේ යතුරුපැදිය සහ පදික වේදිකාව අතර ආරක්ෂිත බාධකයක් විදියට කටයුතු කරලා බයික් එක ආරක්ෂා කරනවා.

ඔබට සාධාරණ සැකයක් ඇති වෙන්න පුලුවන්, තාර පාර නිසා බයික් එකේ පේන්ට් එක, ෆෙයාරින්ග් සහ වෙනත් කොටස් වලට හානි වෙන්න පුලුවන් කියලා. බයික් එකත් එක්කම එන ෆ්‍රේම් ස්ලයිඩර් වලින් අඩු වේගයකින් ‍යන වෙලාවක සිදුවෙන ලිස්සා යාම් හෝ වැටීම් වලදී ඔබේ බයික් එක ආරක්ෂා කිරීමට හොඳ වැඩ කොටසක් ඉටු කරනවා, ඒත් ඔබ තරමක් වේගයෙන් ගමන් කරන අවස්ථාවක නම් ඒවල ඵලදායිතාවය සෑහෙන්න අඩුයි. වැඩි වේගයකින් යද්දී ඔබ ෆ්‍රේම් ස්ලයිඩර්ස් අලුතින් එකතු කරලා තිබුණත් ඔබේ බයික් එකට බරපතල හානියක් සිදුවීමට වැඩි ඉඩක් තියෙනවා.

කොහොම නමුත් උසස් තත්ත්වයේ ෆ්‍රේම් ස්ලයිඩර්ස් වෙනුවෙන් ඔබට ආයෝජනය කරන්න පුලුවන්නම් යම්තාක් දුරට හිතට සැනසීමක් ලබාගන්න පුලුවන්. ඔබ මෝටර්බයික් ධාවනයට අති දක්ෂයෙක් නම්, ඔබේ මෝටර්බයික් එක ලිස්සා යාමේ අවස්ථා අවම වෙන්න පුලුවන්. ඒත් මඟ තොටදී වෙන්න පුලුවන් අනතුරුවල සම්පූර්ණ පාලනය අපේ අතේ නැහැ. අහම්බෙන් වෙනත් මෝටර්බයික් එකක යම්තමින් හෝ වැදීම බොහෝ ධාවකයින්ට අවසානයේදී සිදුවෙන්න පුලුවන් දෙයක්. ඔබත් මේ වගේ දේකට මුහුණ දුන්නොත්, ඔබේ බයික් එකේ ෆ්‍රේම් ස්ලයිඩර්ස් සවිකර තිබීම, සිදුවිය හැකි ව්‍යසනකාරී හානිය වළක්වා ගැනීමට ගොඩක් උපකාරී වෙනවා.

ඔබේ මෝටර්බයිසිකලය ඔබට අවශ්‍ය විදියට වෙනස් කරන අතරතුර ඔබ බයිසිකලයේ ෆෙයාරින්ග්ස්, එහෙම නැත්නම් පිටත කොටස් කිහිපයක් හෝ සියල්ල ඉවත් කරනවා නම්, ෆ්‍රේම් ස්ලයිඩර්ස් සවි කිරීම අවශ්‍ය වෙන්න පුලුවන් හැකියාව ගොඩක් වැඩියි. මොකද කියනවා නම් ෆෙයාරින් වලින් ඔබේ බයිසිකලයේ එන්ජින් කේසින්, ඉන්ධන ටැංකිය සහ වෙනත් සංවේදී කොටස් ආරක්ෂා කරනවා. ඔබේ බයිසිකලයේ තවදුරටත් මේ ෆෙයාරින්ග්ස් නැත්නම්, සුළු වැටීමකදී හෝ ලිස්සා යාමකදී වුණත් වැඩි වැඩියෙන් හානි වීමේ සම්භාවිතාවයක් තියෙනවා.

  • ෆ්‍රේම් ස්ලයිඩර්ස් සවි කිරීම

අපි කලින් විස්තර කරපු විදියට ෆ්‍රේම් ස්ලයිඩර් සවි කිරීම ලිස්සායාමක්, ඇදවැටීමක් හෝ ඝට්ටනයක් අතරතුර ඔබේ යතුරුපැදියේ බොඩි එක, එන්ජින් එක, ඉන්ධන ටැංකිය සහ වෙනත් කොටස් ආරක්ෂා කිරීමට උපකාරී වෙනවා. ඔබේ  බයික් එකටත් ෆ්‍රේම් ස්ලයිඩර්ස් සවි කිරීමට ඔබ තීරණය කරලා නම් තියෙන්නේ, ෆ්‍රේම් ස්ලයිඩර්ස් හරියට සවි කරන්නේ කොහොමද කියලා ඔබ දැනගත යුතුයි.

මුලින්ම ඔබ තීරණය කරන්න ඕනේ උපරිම ඵලදායිතාවයක් ලබා ගැනීමට නම් ෆ්‍රේම් ස්ලයිඩර්ස් සවි කළ යුත්තේ කොතැනද කියලා. හොඳම තැන තමයි ඔබේ අලුත් ෆ්‍රේම් ස්ලයිඩර් එක ඔබේ බයිසිකලයේ චැසියෙහි සවිමත් කොටසකට සවිකිරීම. සාමාන්‍යයෙන් ෆ්‍රේම් එක එන්ජිමට ආසන්න තැනක් අසල ස්ථානගත කිරීම හොඳ අදහසක්.

ඔබ ස්ටොක් ෆෙයාරින්ග්ස් සහිත බයික් එකක් පදවනවා නම් ස්ලයිඩර්ස් සවි කිරීම සඳහා ඔබේ බයිසිකලයේ බොඩි පැනල් කපා දැමිය යුතු වෙනවා. පැරණි කියමනක් තියෙනවානේ “දෙපාරක් මැනලා එක පාරක් කපන්න” කියලා, මේ කියමන අපේ වැඩේටත් අදාළයි. ඔබේ බයිසිකලයේ ෆෙයාරින්ස් සිදුරු කරන්න කලින් ස්ලයිඩර්ස් නිවැරදි ස්ථානවල ස්ථානගත කරලා තියෙනවද කියලා සහතික කරගත යුතු වෙනවා. ඔබගේ මිනුම් වැරැදියි නම් ෆෙයාරින්ග්ස් වල සිදුර නොපෙනෙන ආකරයට යමක් කිරීම හෝ අලුත් ෆෙයාරින්ග්ස්  ආදේශ කිරීමට මුදල් වැයකිරීමට සිදු වෙනවා. සිදුරු විදීමට කලින් හරියටම හරියන තැන් සොයා ගත්තොත් මේ අනවශ්‍ය වැඩ දෙකම නොකර ඉන්න පුලුවන්.

බයිසිකලයේ බොඩියේ සිදුරු විදීමෙන් පසු, බෝල්ට් සහ නට් භාවිතයෙන් ඔබේ නව ස්ලයිඩර් සවිකරන්න පුලුවන්. සාමාන්‍යයෙන් නම් ඔබගේ බයිසිකලයේ චැසිය වෙත කෙලින්ම ළඟා වෙන්න පුලුවන් ආකාරයේ දිග බෝල්ට් එක්කමයි ස්ලයිඩර්ස් තියෙන්නේ. ඔබ මෝටර්බයිසිකලය වෙනස් කර තිබෙනවා නම් හෝ ෆෙයාරින්ග්ස් ඉවත් කර ඇත්නම්, ඔබේ ස්ලයිඩර් සමඟ එන බෝල්ට් එක අවශ්‍ය ප්‍රමාණයට වඩා දිග වෙන්න පුලුවන්. එහෙම උනොත් ඔබට දිග අඩු බෝල්ට් මිලදී ගැනීමට අවශ්‍ය වෙනවා.ස්ලයිඩර් කට්ටලය වෙනස් කිරීමේදී ඔබ ප්‍රවේශම් විය යුතුයි. ස්ලයිඩරය ඔබේ බයික් එකේ හරයට වඩා ඇති තරම් දුරින් තැබුවේ නැත්නම්, බිම වැටීමකදී හෝ ලිස්සා යාමකදී ඔබේ මෝටර්බයිසිකලය හානිවලින් ඵලදායී ලෙස ආරක්ෂා කිරීමට ඇති හැකියාව අඩුයි.

ඔබේ මෝටර්බයිසිකලයට ෆ්‍රේම් ස්ලයිඩර් සවිකිරීමේ පරමාර්ථය ඉතාම සරලයි. සවිකිරීම හැකි තරම් තදින් සිදු කරන්න. ඔබ සවිකර අවසන් කළ පසු ඔබට සෙලවීමක් දැනෙනවා නම් ඔබ කාර්යය සාර්ථකව සිදුකර නැහැ. ඒ වගේ සෙලවීමක් වෙනවා නම් ඔබේ ස්ලයිඩරය ඔබට අවශ්‍යම අවස්ථාවේ ගැලවී කැඩී යන්න පුලුවන්.ටිකක් මහන්සිවෙලා සැලකිලිමත් වුණොත් බයිසිකලයට ෆ්‍රේම් ස්ලයිඩර්ස් සවි කිරීමේ කාර්යය සාර්ථකව නිමා කරන්න ඔබට පුලුවන්.

  • නිවැරදි ෆ්‍රේම් ස්ලයිඩර්ස් තෝරා ගැනීම

ඔබේ යතුරුපැදියට ස්ලයිඩර්ස් සවි කරන්න කලින් මේ දේ මතක් කරගන්න. හැම ෆ්‍රේම් ස්ලයිඩර් එකක්ම සමානව නිර්මාණය කරලා නැහැ. ස්ලයිඩර්ස් කියන්නේ අවුරුදු ගණනාවක් පුරාවට ධාවකයන් අතර ජනප්‍රිය වී ඇති දෙයක් උනත් සාධක කිහිපයක් මත පදනම්වෙලා ස්ලයිඩර්ස් වල ගුණාත්මකභාවය සහ උපයෝගීතාව වෙනස් වෙනවා.

ඔබගේ මෝටර්බයිසිකලය සඳහා ගැළපෙන ස්ලයිඩර් තෝරාගැනීමේදී ඔබගේ බයිසිකලයේ ෆ්‍රේම් එකට ස්ථිරවම සවිකළ හැකි ස්ලයිඩර්ස් තෝරගන්න. ඔබ තාවකාලික ස්ලයිඩර්ස් තෝරා ගත්තොත් සැබෑ ආරක්ෂාවක් වෙනුවට ඔබේ බයිසිකලයේ පෙනුම පමණක් වෙනස් කරන්න පුලුවන්. අඩු ගුණාත්මක ස්ලයිඩරයක් ලිස්සායාමකදී හෝ වැටීමක් අතරතුරදී ඉවතට විසිවීමේ ඉඩකඩ වැඩියි. මේ වගේ අඩු ගුණාත්මක ස්ලයිඩර් එකක නරකම දේ තමයි, ස්ලයිඩර් ගැලවී යන විට ඔබගේ බයිසිකලයේ ශරීරයටත් හානි වීමේ අවස්ථාවන්ද තියෙන එක.

හොඳම මෝටර්බයික් ෆ්‍රේම් ස්ලයිඩර්ස් ඔබේ යතුරුපැදියට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයනවා. ෆ්‍රේම් ස්ලයිඩර් විවිධ හැඩයන්ගෙන්, ප්‍රමාණ‍යන්ගෙන් සහ විවිධ නිෂ්පාදිත අමුද්‍රව්‍ය වලින් ලබාගන්න පුලුවන්. ස්ලයිඩර්ස් මිලදී ගැනීමේදී අවධානය යොමු කළ යුත්තේ ඔබේ ශරීරය සහ එන්ජිම ආරක්ෂා කර ගැනීම සඳහා ඔබේ යතුරුපැදියේ චැසියෙන් ප්‍රමාණවත් දුරක් සහිත ෆ්‍රේම් ස්ලයිඩර්ස් මිලදී ගැනීම වෙතයි.

ඒවගේම ඔබ තෝරා ගන්නා ද්‍රව්‍යයේ කල්පැවැත්ම ගැනත් සිතන්න. ඝන ප්ලාස්ටික් සහ නයිලෝන් මඟින් විශිෂ්ට ස්ලයිඩර්ස් නිෂ්පාදනය කරනවා. ඒ වගේමයි ඔබට ඇලුමිනියම්වලින් නිපදවන ලද ස්ලයිඩර්ස්ද ලබාගන්න පුලුවන්. සමහර යතුරුපැදිකරුවන් අතර වැරදි මතයක් තිබෙනවා ඇලුමිනියම් ස්ලයිඩර්ස් මෝටර්බයික් එක ඵලදායී ලෙස ආරක්ෂා කිරීමට තරම් ශක්තිමත් නැහැ කියලා. ඒත් ඒ මතය වැරදි මතයක්.

  • වඩාත් හොඳ ආරක්ෂාවක් සඳහා

ඔබේ මෝටර්බයික් එකට ෆ්‍රේම් ස්ලයිඩර් සවි කිරීම ගැන ඔබ සිතන විට බයික් එක හානිවලින් ආරක්ෂා කර ගත හැකි වෙනත් ක්‍රම ගැනත් ඔබ සැලකිලිමත් වෙනවා නොඅනුමානයි. ස්ලයිඩර්ස් මඟින් බොහෝ විට ඔබේ යතුරුපැදියේ බොඩිය ආශ්‍රිතව කොටස් ආරක්ෂා කිරීම සඳහා ඵලදායී කාර්යයක් සිදු කරනවා. ඒත් හැන්ඩ්බල් සහ වෙනත් කොටස් අනතුරුවලදී නිරාවරණය වෙනවට කවුද කැමති?

වාසනාවකට වගේ ඔබට අවශ්‍ය ආරක්ෂාව ලබා ගන්න පුලුවන් විදියේ අලෙවියෙන් පසු එකතු කරන්න පුලුවන් වැඩි දියුණු කිරීම් කිහිපයක්ම තියෙනවා. නිදසුනක් විදියට bar ends වගේ ඔබගේ බයිසිකලයේ හැන්ඩ්බාර් වලට හානි වීම වැළක්විය හැකි උපාංග තියෙනවා. Swingarm sliders හෝ fork වැනි දෙයක් සවිකිරීමෙන් ඔබේ යතුරුපැදියේ ෆ්‍රේම් එකට සමාන ආරක්ෂාවක් ලබාගන්න හැකියාව ලැබෙනවා.

ෆ්‍රේම් ස්ලයිඩර්ස් සවිකිරීමෙන් වැඩේ සම්පූර්ණ වෙන්නැහැ. මේ සමීකරණයේ එක කොටසක් විතරයි. ගෙවන මිලට උපරිම වටිනාකමක්, ආරක්ශාවක් ලබාදෙන අමතර කොටස් මිලදී ගතහැකි අවස්ථාවත් ඔබ අවට තිබිය යුතු වෙනවා. ඔබ උසස් තත්ත්වයේ මෝටර්බයික් ෆ්‍රේම් ස්ලයිඩර්ස් තෝරා ගන්නා විට, ඔබේ නවීකරණයේ ප්‍රතිඵල ගැන විශ්වාසවන්ත විය යුතුයි. නිවැරදි තොරතුරු සහ නිවැරදි කොටස් වලින් ඔබේ මෝටර්බයිසිකලය ආරක්ෂාකාරී සහ ඵලදායී යන්ත්‍රයක් බවට පත් කරගැනීමට ඔබට පුලුවන්.

Back to top button
Close
Close