The Time OutWhat's Hot

ඉලෙක්ට්‍රික් බයික් ගැන දැනගමු

දැන් තත්වේ මොකක්ද?

ඉලෙක්ට්‍රික් බයික් ගැන මේ ලඟකදී ඉඳන් කතාව වැඩි උනාට මේ තාක්ශනයට පෙටන්ට් බලපත්‍රය අරන් තියෙන්නේ 1890දී හැබැයි තාක්ශනය දැන්දැන් තමයි මේ බයික් වෙලඳපලට එන තත්වේට පත් කරලා තියෙන්නේ.තවමත් වැඩි අලෙවියක් නැති උනත් KTM ආයතනය පමණක් 2016 අවුරුද්දෙදි ඉලෙක්ට්‍රික් මොටර්බයික් 3000ක් අලෙවි කරලා තියෙනවා.එ වගේම 2024 වෙනවිට බයික් මිලියන 55ක පමන අලෙවියක් තිබෙන කර්මාන්තයක් වන බවට දැනට ගනන් බලලා තියෙනවා.

ඉලෙක්ට්‍රික් බයික් කියන්නෙ ලංකාවේ තවමත් ලොකු ජනප්‍රියබවක් තියෙන දෙයක් නෙමෙයි උනත් රජයේ අයවැය බලද්දී තේරෙන දෙයක තමයි වසරෙන් වසර ඉලෙක්ට්‍රික් බයික් වලට සහන දෙන ප්‍රමානය වැඩි වෙන බව.සාමාන්‍ය මොටර් බයික් එකක් මිලදී ගන්න ගෙවන බදු ඉලෙක්ට්‍රික් බයික් මිලදී ගන්නකොට අඩු නම් හෝ නොමැති නම් ඉතින් මිල ගැන හිතන පාරිභොගිකයෝ එ පැත්තට යන එක අහන්න දෙයක් නෙමෙයි.හැබයි ඇත්තටම ලංකාවට ඊ-මොටර්බයික් ගැලපෙනවද?

වාසියක් තියෙනවද?

කොහොම උනත් පරිසරය පැත්තෙන් ගත්තොත් සාමාන්‍ය බයික් වලට වඩා වැඩි කාර්යක්‍ෂමතාවයක් ඊ-මොටර්බයික් වල තියෙනවා.එ වගේම ඇක්සලේටර් එක ගියර්බොක්ස් එකක් හෝ ක්ල්ච් එකක් හරහා නොගොස් කෙලින්ම මෝටරයට සම්බන්ධ වෙන නිසා සැහෙන බලයක් ඉතුරුත් වෙනවා.තව දෙයක් තමයි එන්ජිමේ සද්දේ ඇහෙන්නේවත් නැති තරම්.එක නිසා රෑක නගරයක් මැද්දේ මොටොබයික් රේස් එකක් මේ ඉලෙක්ට්‍රික් බයික් භාවිතා කරලා තිබ්බත් කාටවත් ඇහෙන්නේ නැතිවෙන්න තියන්න පුලුවන් බව නම් විශ්වාසයි.

හැබයි දැනට ලංකාවේ වැඩියෙන්ම භාවිතාවෙන්නේ ඊ-බයික් සහ ඊ-ස්කූටර් විතරක් බව දකින්න පුලුවන්.එවත් ගොඩක්ම නගරබද ප්‍රවාහනයට ,ට්‍රැෆික් එකටම ගැලපෙන විදියට හදලා තියෙන්නේ. විශේෂයෙන් ට්‍රැෆික් එකේ යනකොට එකදිගට සිදුවෙන නැවැත්වීම ඉලෙක්ට්‍රික් අයික් එකකට ප්‍රශ්නයක් නෙමෙයි. එ වගේම බ්‍රේක් සිස්ටම් එකට බැටරිය යලි ආරෝපනය කිරීමේ සිස්ටම් එකක් සවිකර තියෙනවා නම් ට්‍රැෆික් එකේදිම බැට්රියත් සුලුවෙන් හරි චාර්ජ් වෙනවා.

පොඩි පොඩි ටිප්ස්

ඔබත් ඉලෙක්ට්‍රික් මොටර්බයික් එකක් හරි ස්කූටර් එකක් මිලදී ගනවා නම් දල වශයෙන් පහල තිබෙන කරුනුටික වැදගත් වේවි.සෑම විටම බයික් එකකට ලබාදී තිබෙන චාර්ජින් කෙබල් පාවිච්චි කරන්න.මොකද ෆෝන් වල චාරීන් කෙබල් මාරු කරන නිසා එ වගේ බයික් එකේත් කරන්න ගියොත් බැටරියේ ආයුකාලය අඩුවෙන්න පුලුවන්.මේ ටිප් එක බයික් එක අනුව වෙනස් වෙන්න පුලුවන්.

නමුත් සාමානයෙන් බැටරිය චාර්ජ් කරන කාලය පැය 10කට වඩා තියන්න එපා.එ වගේම විශේෂයෙන් ඉලෙක්ට්‍රික් ස්කුටර් වල නම් කිලෝමිටර් 15 විතර ගියාට පස්සේ ලැබෙන ඕනැම ඉඩකදී චාර්ජ් කරන්න.අනෙක් දේ තමයි බයික් එක ගෙදර පාවිච්චියකින් තොරව තියෙනවා නම් අඩුම ගානේ සති දෙකකට වතාවක්වත් බැටරිය චාර්ජ් කරන්න.එ වගේම අඩුමගානේ කිලොමිටර් 40ක දුරක් මසකට වතාවක්වත් බයික් එක ධාවනය කරලා චාර්ජ් කරන්න.

අනෙක් වැදගත්ම දේ තමයි හැමවෙලාවෙම ටයර් වල නිවැරදි හුලං ප්‍රමානය තියෙනවද බලන එක.එ වගේම ඔබේ ධාවනය ආරම්භ කරනකොට සෙමින් ආරම්භ කරන්න.ඒක අනිවාර්යෙන්ම බැටරියේ ආයුකාලයට හොඳින් බලපාන සාධකයක්.බයික් එක වතුර යොදාගෙන පිරිසිදු කරනවා නම් බැටරිය ඉවත්කරන්න පුලුවන් නම් ඉවත්කරන්න.එ වගේම එ අවස්ථාවේ චාර්ජ් කරන එක නම් අනිවාර්යෙන්ම නවත්වන්න.(මේ ටිප්ස් බයික් එකේ මොඩ්ල් එක අනුව වෙනස් වෙන්න පුලුවන්.)

අනෙක් දේ තමයි දැනට සාමාන්‍ය මොටර්සයිකල් නිශ්පාදකයන් ඉලෙක්ට්‍රික් මොටර්බයික් නිශ්පාදනයට යොමුවෙලා නැති තරම්.ඉතින් දැනට හොඳ කොලිටි ඉලෙක්ට්‍රික් මොටර්සයිකල් හදන නිශ්පදකයන් ගැනත් ඔවුන්ගේ විවිධ මාදිලි ගැනත් දැනුවත්ව ඉන්න එක හොඳයි.හැබයි එක දෙයක් ඉලෙක්ට්‍රික් බයික් වලින් ඔය උඩ කිව්ව වාසි තියෙනවා වගේම දැනට එකේ තියෙන ලොකුම අවාසිය මිල ගනන් කියන එක මතක තියාගෙන පහල කරුනු බලන්න.

සීරෝ – Zero

වැඩි කථාවක් නැතුවම දැනට ඉලෙක්ට්‍රික් මොටර්බයික් නිශ්පාදන අංශයේ අංක එකේ ඉන්න වෙළඳ නාමයක් තමයි මේ.2006 දී තනි බයික් මොඩ්ල් එකකින් ආරම්බ වෙලා තියෙන මේ සමාගම දැනට මොඩ්ල් 8ක් දක්වා එය වර්ධනය කරගෙන තියෙනවා. හොඳම දේ මොවුන් සාමාන්‍ය පාර්වල් වලට වගේම ඔෆ් රෝඩ් අංශයේ ඉලෙක්ට්‍රික් මෝටර්සයිකල් ද නිශ්පාදනය කිරීමයි.මොවුන් 2017 වසරෙදි එලිදක්වපු සීරෝ-එස් මාදිලිය එක් වරක් චාර්ජ් කිරීමේන් සැතපුම් 200ක ධාවනයක් ලබාගැනීමට හැකියාව තිබෙනවා.කොහොම උනත් මෙම සමාගම නිති කටයුතු සහ හමුදාමය ක්‍රියා වලට අදාල බයික්ද නිපදවන නිසා තාක්ශනය අතින් නම් අඩුවක් නැති බවයි අපේ විශ්වාසය.

එනර්ජිටිකා – Energetica

ලෝක ප්‍රසිද්ධ Isle of Man TT Zero තරඟාවලිය නියෝජනය කල වෙලඳපල නිශ්පාදනයට ඇතුලත් ප්‍රථම ඉලෙක්ට්‍රික් මොටොබයික් එක වන “එගෝ“ බයික් එක නිශ්පාදනය කරන්නේ මෙමෙ සමාගමයි.එ වගේම ප්‍රථම ඉතාලියානු ඉලෙක්ට්‍රික් මොටර්සයිකල් නිශ්පාදන සමාගම වන මොවුන්ගේ “එගො“ බයි එක පැයට සැතපුම් 150ක් වේගයකින් යැමට සමත් .එ වගේම මෙය එක වරක් චාර්ජ් කිරීමේන් පැයට සැතපුම් 50ක වේගයකින් සැතපුම් 90ක දුරක් යා හැකියි. ඔවුන්ගේ අලුත්ම මොඩ්ල් එක Eva EsseEsse 9 යන්නයි.2018 වසරේ මොවුන් බයික් 400ක් නිපදවා සැලසුම් කර තිබෙන අතර මෙහි එකක මිල් රුපියල් ලක්ශ 33ක පමන අගයක්වන බවට ආරංචියි.ලෙසී නෑ මිල ගනන් නම් ඉතින්.

සුපර් සෝකෝ – Super Soco

මේ බයික් නිශ්පාදකයනෙගේ Soco TS බයික් එක වෙලඳපලට එන්නේ ලක්ශ 6කට වගේ මුදකට.හැබයි පෙනුම අගේට තිබ්බට ඔක්කොම ප්ලාස්ටික්.හැබයි ස්කුටර් එකකට වඩා නම් පෙනුමයි.දැනට පැයට සැතපුම් 30ක උපරීම වේගයකින් මෙයට යන්න පුලුවන්.

Evoke

මේ සමාගම කලින් කිව්ව Zero සහ Energetica යන සමාගම් වල වෙල්ඳපලට තමයි තරග කරන්නේ දැනට මොවුන්ගේ Urban S කියන ඉලෙක්ට්‍රික් මොටර්බයික් එක චාර්ජ් එකකෛන් සැතපුම් 120 යා හැකි අතර ලක්ශ 15කට අලෙවි වෙනවා.

Denzel

මේ ඉලෙක්ට්‍රික් මොටර්බයික් නිපදවන චීන සමාගම දැනට ECR V1 මාදිලිය වෙලඳපලට නිකුත් කරල තියෙනවා.කිලෝවොට් 7.5ක බැටරි ධාරිතාවක් ඇති මෙයට පැයට සැතපුම් 58ක උපරිම වේගයකින් යාහැකියි.එ වගේම රුපියල් ලක්ශ 10ක නිශ්පාදන මට්ටමෙන් වෙලඳපලට නිකුත් කරලා තියෙනවා.

Tags

Leave a Reply

Back to top button
Close
Close