Tech

Motorbike එකට Compression Test එකක් කරන්නේ කොහොමද?

බයික් එකක එන්ජිමේ සෞඛ්‍යය තත්තවය පරීක්ෂා කරන්න ඔබව පොළඹවන අවස්ථා කිහිපයක් තිබෙනවා.

  • පාවිච්චි කරන ලද යතුරුපැදියක් මිලදී ගැනීමට පෙර ඒ සඳහා ආයෝජනය කිරීම වටිනවාද නැද්ද දැන ගැනීමට
  • ඔබේ මෝටර්බයික් එක misfire වන විට
  • සයිලන්සරයෙන් විශාල දුමාරයක් පිටවන විට
  • මෝටර් බයිසිකලයේ බලය ක්‍රමයෙන් අඩු වී යන විට
  • මෝටර් බයිසිකලයේ අභ්‍යන්තර පද්ධති හොඳින් ක්‍රියාත්මක වන බව සහතික කරගැනීමට අවශ්‍ය වූ විට

Compression test එකක් යනු ඔබේ බයික් එකේ සියලුම කොටස් ඉවත් නොකර, බයිසිකලය ක්‍රියා කරන්නේ කෙසේද යන්න මැන බැලීම සඳහා හොඳ ක්‍රමයක්. Compression test ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?  මේ ටෙස්ට් එක මඟින් ඔබේ බයිසිකලයේ සිලින්ඩරවල පීඩනය මනිනු ලබනවා. ඔබේ එන්ජිමේ චලනය වන කොටස් නිවැරදිව ක්‍රියාත්මක වන බවට සහතික කර ගැනීම සඳහා නිසි පීඩනය අත්‍යවශ්‍ය වෙනවා. පරීක්ෂණයෙන් අඩු පීඩන කියවීම් ලැබුණහොත් එමඟින් අවධානය යොමු කළ යුතු වැරැද්දක් ඇති බව දැක්වනවා.

ඔබට කාර්මිකයෙකු ලවා මෙම පරීක්ෂණය සිදු කළ හැකි අතර, බයිසිකල්වල වැඩ තමන් විසින්ම කිරීමට කැමති අයට නම් එය නිවසේදීම පහසුවෙන් කළ හැකි දෙයක්, උපකරණ කිහිපයක් පමණක් අවශ්‍ය වන තරමක් සරල ක්‍රියාවලියක්.

  • Compression ටෙස්ටර්
  • බයිසිකලයේ manual එක (අත්පොත)
  • ඝන අත්වැසුම් සහ ඇස් කණ්ණාඩි වැනි ආරක්ෂිත ආම්පන්න

මෙම ක්‍රියාවලිය පහසු වුවත් ඔබ පරිස්සම් විය යුතු බව හැමවෙලාවෙම මතක තබා ගන්න. Compression test එකක් ආරක්ෂිතව හා නිවැරදිව සිදු කරන බව සහතික කර ගැනීම සඳහා ඔබ අනුගමනය කළ යුතු පියවර කිහිපයක් තිබෙනවා. ඉතින් Compression test එක ආරක්ෂිතව හරියට කරන්නේ කොහොමද කියන දේ පිළිබඳ මූලික කරුණු ටික දැනගෙන ඉන්න එක වැදගත් දෙයක්.

  1. Compression tester එකක් ලබා ගන්න

ඔබට දැනට මෝටර්බයික් Compression tester එකක් නොමැති නම්, ඔබට එකක් මිලදී ගැනීමට හෝ කාගෙන් හෝ ඉල්ලා ගැනීමට සිදුවෙනවා. හොඳ ආරංචිය තමයි බොහෝ Compression tester විවිධ මෝටර්බයික් සමඟ භාවිතා කළ හැකි වීම සඳහා බහුවිධ ඇමුණුම් ඇතුළත්ව තිබෙනවා.

Compression tester එකක් මිල දී ගැනීම හොඳ ආයෝජනයක් වෙන්න පුලුවන්. මොකද tester කට්ටල සාපේක්ෂව මිල අඩු අතර ඔබ තෝරා ගන්නා බහුවිධ කට්ටලය විශාල වාර ගණනක් භාවිතා කළ හැකි බැවින්, ඔබ විසින් ඔබේම Compression test කිරීමෙන් විශාල මුදලක් සහ ගමන් වාර සංඛ්‍යාවක් ඉතිරි කර ගන්නත් පුලුවන්.

  1. පරීක්ෂා කිරීම සඳහා බයිසිකලය සූදානම් කරන්න

ටෙස්ට් එක අතරතුර ඔබේ බයිසිකලය තිබිය යුත්තේ කුමන තත්වයේද යන්න පිළිබඳව විවිධ අදහස් පළ වෙනවා. හැබැයි ඇත්තටම මේ දේ තීරණය වෙන්නේ ඔබේ කැමත්ත සහ ඔබ පරීක්ෂණය මඟින් තීරණය කිරීමට උත්සාහ කරන දේ අනුවයි.

  • සිසිල් හා උණුසුම්

Compression test එකක් කිරීමට පෙර ඔබ ඔබේ මෝටර්බයිසිකලය ධාවනය කළ යුතුද? සමහර යාන්ත්‍රිකයන් එන්ජිම සිසිල්ව තිබියදී පරීක්ෂා කිරීමට උපදෙස් දෙනවා, මන්ද භෞතිකව උණුසුම් වී ඇති එන්ජිමක් මඟින් පිළිස්සුම් ඇති විය හැකි වීමේ ගැටළුව ඉවත් කිරීමට ඔවුන් උත්සහ කරනවා.

කෙසේ නමුත් සිසිල්ව පරීක්ෂා කිරීම මඟින් සාමාන්‍යයෙන් අඩු කියවීම් වලට හේතු වෙනවා. උණුසුම් බයිසිකලයක් පරීක්ෂා කිරීම ඔබට වඩා හොඳ නිරවද්‍යතාවයක් ලබා දෙනවා, මන්ද රත්වුණු බයිසිකලයක අභ්‍යන්තර තත්වයන් එය පාරේ යන අවස්ථාවක තත්ත්වයට වඩාත් සමීප වෙනවා.

  • වියළි හා තෙත්

ඔබගේ බයිසිකලය වියළි ලෙස පරීක්ෂා කිරීම යනු පරීක්ෂණය ආරම්භ කිරීමට පෙර ඔබ එන්ජිමට අමතර තෙල් එකතු නොකරීමයි. පීඩන ගැටලුවක් තිබේදැයි හඳුනා ගැනීමට ඔබ මුලින්ම භාවිතා කළ යුතු ක්‍රමය මෙයයි. ඔබට අඩු කියවීම් ලැබෙන්නේ නම්, ගෙවී ගිය පිස්ටන් මුදු (piston rings) ඊට හේතුව දැයි පරීක්ෂා කිරීමට තෙත් පරීක්ෂණයක් කළ හැකිය.

තෙත් පරීක්ෂාවක් කිරීම සඳහා, සිලින්ඩරයට තෙල් ටිකක් එකතු කරන්න. මෙය තාවකාලිකව පිස්ටන් මුදු සහ සිලින්ඩර බිත්තිය අතර මුද්‍රාවක් සෑදිය යුතුයි. සම්පීඩන පරීක්ෂණය නැවත සිදු කරන්න. ප්‍රතිඵල වැඩි නම්, ඔබේ පිස්ටන් මුදු ගැටළුව විය හැකි අතර ඒවා ප්‍රතිස්ථාපනය කිරීමට අවශ්‍ය වෙනවා. ඔබට තවමත් අඩු කියවීමක් ලැබෙන්නේ නම්, ගැටලුවට හේතුව වෙනත් දෙයක්.

  1. Fuel system අක්‍රීය කරන්න

ඇත්තටම පරීක්ෂණය කරන්න  උත්සාහ කිරීමට පෙර මෙය සිදු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඔබේ ඉග්නිශන් සහ fuel system එක අක්‍රීය කිරීමට කටයුතු කළ යුතුයි. එසේ කිරීමට අපොහොසත් වීමෙන් ගින්නක් ඇතිවීමේ අවධානමක් තිබෙනවා.මෙම පද්ධති අක්‍රීය කිරීමට, සුදුසු ෆියුස් හෝ රිලේ තීරණය කිරීමට ඔබේ manual එක පරීක්ෂා කරන්න. පරීක්ෂණය අවසන් වූ පසු මේ පද්ධති නැවත සම්බන්ධ කිරීම ඉතාමත් සරල ක්‍රියාවලියක්.

  1. Compression tester සම්බන්ධ කරන්න

ඔබේ ඊළඟ පියවර වන්නේ Compression tester එක සම්බන්ධ කිරීමයි. ඇමුණුම් සාමාන්‍යයෙන් ස්පාර්ක් ප්ලග් පෝට් එකකට සම්බන්ධ කිරීම සිදුවෙනවා. වඩාත්ම නිවැරදි කියවීම් සහතික කිරීම සඳහා ඔබ සියලු ස්පාර්ක් ප්ලග් ඉවත් කළ යුතුයි. ඔබගේ බැටරිය සම්පූර්ණයෙන්ම ආරෝපණය වී ඇති බව සහතික කරගැනීමට මෙය හොඳ අවස්ථාවක්. වඩාත් හොඳ නිවැරදි ප්‍රතිඵල සඳහා සෑම පරීක්ෂණයකදීම ඔබගේ බැටරිය සම්පූර්ණයෙන්ම ආරෝපණය වී තිබිය යුතුයි.

ඔබ භාවිතා කරන gauge fitting වල රබර් මුද්‍රාවක් තිබෙනවා නම් එයට කිසිදු හානියක් සිදු නොවන බවට වග බලා ගන්න. නැතහොත් ඔබට වැරදි කියවීම් ලැබෙනු ඇත. Compression tester සම්බන්ධ කිරීමට ඔබ සුදානම් වන විට gauge fitting port එකට කරකවා සවි කරන්න.

  1. Throttle එක විවෘත කරන්න

ඔබ එන්ජිම ක්‍රියා විරහිත කිරීමට පෙර, ඔබ throttle එක උපරිමයට විවෘත කළ යුතු වෙනවා. මෙමඟින් පිස්ටන් චලනය කළ හැකි වන පරිදි එන්ජිමට වාතය ලබා දෙනවා. Throttle එක  විවෘත කිරීමට අපොහොසත් වීමෙන් නිවැරදි නොවන අඩු ශ්‍රේණිගත කිරීම් ලැබෙන්න ඉඩකඩ තිබෙනවා.

  1. එන්ජිම පණගන්වන්න

කියවීම ස්ථාවර වන තෙක් ඔබේ එන්ජිම කික්ස්ටාර්ට් කරන්න. මෙය ඉටු කර ගැනීම සඳහා ඔබට කිහිප වතාවක් උත්සහ කරන්න සිදුවෙන්න පුලුවන්.පළමු සිලින්ඩරයේ කියවීම ලබා ගැනීම සඳහා ඔබට කී වතාවක් කික්ස්ටාර්ට් කිරීමට සිදුවූවාදැයි සොයා බලන්න. සෑම කියවීමක්ම එකිනෙකට නිවැරදිව සැසඳිය හැකි ආකාරයට ලබා ගැනීම සඳහා ඔබ ඉතිරි සිලින්ඩර සියල්ලම එම වාර ගණනම කික්ස්ටාර්ට් කළ යුතුයි.

  1. කියවීම් වාර්තා කරන්න

මේක සරල දෙයක්, ඒත් අමතක වීම නිසා පස්සේ කණගාටු වනවාට වඩා එය ආරක්ෂිත බව මතක් කිරීමක් ලෙස අපි මේ පියවර ඇතුළත් කළා. සමහරවිට ඔබට ඉතා හොඳ, පරිපූර්ණ මතකයන් තිබිය හැකියි. ඒත් දෙවරක් පරීක්‍ෂණය කිරීමෙන් ඔබව බේරාගැනීමට PSI අගයන් ලියාගැනීමට අපි නිර්දේශ කරනවා. ඔබට analog valve තිබෙනවා නම් සෑම කියවීමක්ම හුණු කැබැල්ලකින් උපකරණ මත කෙලින්ම සලකුණු කරගත හැකියි.

  1. ඔබේ ප්‍රතිඵල තීරණය කරන්න

බයික් එකේ වර්ගය සහ ආකෘතිය අනුව සම්මත කියවීම් වෙනස් වෙනවා. ඒ නිසා නිශ්චිත පරිපූර්ණ මිනුමක් තීරණය කිරීමට ඔබේ මැනුවල් එකේ උපදෙස් ලබා ගන්න. ඔබ සොයන්නේ දළ අගයක් නම්, පීඩනය සෑම සිලින්ඩරයකම PSI 125 සිට PSI 150 දක්වා විය යුතු අතර සෑම සිලින්ඩරයක්ම අනෙක් ඒවායින් 10% කට වඩා වෙනස් නොවිය යුතුයි.

ඔබේ ප්‍රතිඵල මෙම පරාසය තුළ තිබෙනවා නම් ඔබේ එන්ජිම සෞඛ්‍ය සම්පන්නයි. ඔබට අඩු ප්‍රතිඵල ලැබී තිබෙනවා නම් යමක් ප්‍රතිස්ථාපනය කිරීමට අවශ්‍ය වෙන්න පුලුවන්. වෙන්න පුලුවන් නරකම දේ තමයි සම්පූර්ණ එන්ජින් එකම නැවත ගොඩනැගීමට සිදුවීම. එන්ජිමක් කොටස් වලට වෙන් කිරීමට ඔබට හුරු නැත්නම් මේ සඳහා කාර්මික මහතෙකුගේ සහය ලබා ගන්න.

සිලින්ඩර ඇතුළත සිදුවන්නේ කුමක්ද යන්න දැන ගැනීම මඟින් ඔබේ බයිසිකලයේ සමස්ත සෞඛ්‍යය ගැන තක්සේරුවක් ලබාගන්න ඔබට පුලුවන්. Compression tester එකක් සඳහා කුඩා ආයෝජනයක් කිරීම කියන්නේ වසර ගණනාවකට ඔබේ මෝටර්බයික් එක සඳහා ඔබ කරන නැණවත් ආයෝජනයක්.

Back to top button
Close
Close