Motorbike Reviews

ක්ලැසික් මොටර්බයික් එක පෙලට – පලමු කොටස

සරල උනත් සංකීර්න උනත් අව්වේ වැස්සේ එක විදියට අනාදිමත් කාලෙක ඉඳන් ඔබව එක තැනක ඉඳන් තවත් තැනකට ගෙනියන්න හැදුන අපුරු උපකරණය තමයි මොටර්බයික් එක.එ කාලේ හෙල්මට් නොදා පැද්දත් කෑලි සෙට්කරලා හදාගෙන යන පරණ බයික් එකට පාරෙ ඉන්න බලු රැලක්ම එලවන් ආවත් එක පිම්මේ බයික් එකේ යන එ ගැම්ම දකින්නේ දැනෙන්නේ මොටර්බයික් පිස්සෙක්ටම තමයි.මේ රොද දෙකේ අපූරු මැශින් එකෙන් දෙන වේගය,ආකර්ශනය ,ගැම්ම,ලස්සන, ඩිසයින් එක,නිදහසට වශී උනේ දැන් එන බයික් වලට වඩා එ කාලේ බයික් කිව්වොත් වරදක් නෑ.ඉතින් එ ආදරණීය අමරණීය බයික් වංශයේ කතාන්දර වලට පණපෙවු මොටර්බයිසිකල් ගැන මතක ආවර්ජනයකි මේ.

හොන්ඩා සුපර් කබ්

ගව් ගණනක් ඇතින් ආවත් බයික් එකටම අනන්‍ය වුන සද්දෙන්ම අඳුරගන්න පුලුවන් ලංකාවේ මෙන්ම ලෝකයේ එතෙක් මෙතෙක් වැඩිම අලෙවියක් තියෙන සුපිරිම බයික් එක තමයි හොන්ඩා සුපර් කබ්.හද්ද ඩොටේ උනත් කාර්‍යාබහුල නගරෙක උනත් මේ තනි සිලින්ඩරේ අඩු වියදම් බයික් එක ඕනේම නොදැක්ක කෙනෙක් මේ ලංකාවේම නැති තරම්.එ බව හොඳටම සනාථ කරන දේ තමයි බයික් එක දැනට අවුරුදු 55ක් තිස්සෙම කිසිම අවුලක් නැතිව නිශ්පාදනය වෙමින් පවතින එක.එ වගේම වාහන ඉතිහාසයේ සාර්ථකත්වයෙන් මේ බයික් එක වොක්ස්වැගන් බිට්ල් රථයට සමකරන්න විචාරකයෝ කටයුතු කරලා තියෙනවා.වැදගත්ම දේ මේ බයික් එකේ 50 වන වර්ශ සැමරුම සම්පුර්ණ කරපු දවසේ හොන්ඩා සමාගම මෙහි මිලියන 60 වන බයික් එක නිශ්පාදනය අවසන් කරා.බයික් මිලියන 60ක් ආසියාව ,අප්‍රිකාව,දකුනුඇමරිකාව ඇතුලු රටවල් 50ක අලෙවි කරන එකෙන්ම තෙරෙනවා මේ බයික් එකේ සාර්ථක බවේ රහස.

හොන්ඩා සීබී77

හොන්ඩා සමාගමේ තවත් අතිවිශිෂ්ඨ නිශ්පාදනයක් වෙන මේ බයික් එක හොන්ඩා සීබී77 නැත්නම් සුපර්හොක්.305සීසී පැරලල් ටුවින් එන්ජිමක් සහිත පැයට සැතපුම් 100ක වේගයෙන් ධාවනය කලහැකි මේ බයික් එක ඒ කාලේ ජපානයේ බයික් නිශ්පාදකයෙක් විදියට බ්‍රිතාන්ය ඇතුලු යුරෝපීය රටවල හොන්ඩා සමාගමට තමන්ගේ වෙලඳපල හදාගන්න පදනමක් වුන බයික් එකක් විදියට පෙන්වලා දෙන්න පුලුවන්.තවත් විශේෂ කරුනක් වෙන්නේ මේ බයික් එකේ ෆ්‍රෙක් එක ප්‍රෙස්කරලා හදන ලෝහ බාහු වෙනුවට සිලින්ඩරාකාර බාහු යොදාගෙන තියෙන එක.එකෙන් බයික් එකේ බර අඩු කරලා තියෙනවා වගේම නාවික කටයුතු වලදී බර මත වැටෙන බදු ගාස්තුත් අඩු කරගෙන මිල අඩු බයික් එකක් ලොකේ පුරාම අලෙවි කරන්න හොන්ඩා සමාගම සමත් වෙලා තියෙනවා.ජපනා හපනා කියන්නේ නිකන්ද?

Triumph Bonneville

පෙනුමෙන්ම බයික් ලොකයේ තදයෙක් කිව්වොත් වරදක් නැති බයික් එකක්.එ වගේම මේ බයික් එකේ නිශ්පාදන කටයුතු තුන්වරක්ම නැවතිලා නැවත පණගැන්වුන අතීතය තියෙන බයික් වර්ගයක්.එ කිව්වේ 1959 සිට 1983 වෙනකම් සහ 1985 සිට 1988 වෙනකම් සහ 2001 සිට මේ වෙනකම් බයික් නිශ්පාදනය වෙලා තියෙන නිසා එක් විදියක අදි නිශ්පාදනයක් නැති ආවෙනිකත්වයක් ඇති බයික් එකක්.මේ බයික් ඒක 650සීසී සිට මේ වෙනකොට 865සීසී පැරලල් ටුවින් එන්ජිම දක්වා වැඩිකරලා තියෙනවා එ වගේම මේ Bonneville කියන නම ඇවිල්ලා තියෙන්නේ Bonneville Salt Flats, කියන ප්‍රදේශයෙන්.ඒකේ විශේෂත්වය වෙන්නේ 2016දී ලෝකයේ වේගවත්ම බයික් වාර්තාව බිඳහෙලන්න එ කිව්වේ පැයට සැතපුම් 274.2ක වේගය වාර්තාකලේ මේ ප්‍රදේශයෙදි වීමයි. ඔය තියෙන්නේ ඒකේ විඩීයෝ එක

හොන්ඩා සීබී750

1969දී හොන්ඩා ආයතනය මේ ඤ්ඤ්ඤ්ඤ් ස්ලින්ඩර් එන්ජින් එකක් සහිත බයික් එක හඳුන්වා දුන්නා.ලොක්යේ පලවෙනි සුපර්බයික් වර්ගය ලෙස මෙකට ක්‍රෙඩිට් එක දුන්නට වරදක් නෑ.මොනවා උනත් මේ බයික් එක ඒ කාලේ ඇමරිකානු වෙලඳපලේ වැඩිම අලෙවියක් තිබ්බ බයික් එකක්.පැයට සැතපුම් 120ක වේගයකින් යන්න පුලුවන් රේස් වලට කියාපු භාන්ඩයක් නිසාම මේකේ බයික් ලොකේ විප්ලවයක් කරපු ඩිස්ක්බ්‍රෙක් එක්ක තමයි නිශ්පාදනය කරලා තියෙන්නේ.එ වගේම එ කාලෙ හැටියට ලොකු දෙයක් උන ඉලෙක්ට්‍රික් ස්ටාර්ට් එක ,කිල් ස්විච් එක සහ ඔවර්හෙඩ් කැම්ශාෆ්ට් නිසා මේ බයික් එකේ ජනප්‍රියබව වැඩි උනා කිව්වොත් වරදක් නැ.

කව්සාකී Z1

නිශ්පාදනයෙදි ප්‍රෙජෙක්ට් ටී 103 ලෙස සහ නෙව්යෝක් ස්ටීක් කියන කේත නාම වලින් හඳුන්වලා තියෙන මේ බයික් එක කව්සාකි සමාගමෙන් හොන්ඩා සීබී750 බයික් එකට දුන්න පිලිතුරක් විදියට තමයි සඳහන් වෙන්නේ.1973දී වෙලඳපලට හඳුන්වලා දීලාඅ තියෙන මේ බයික් එක 903සීසී බලැති එන්ජිමකින් සමන්විතයි.එ වගේම අශ්වබල 82ක ජවයකින් කිලෝග්‍රැම් 249ක් බරැති මේ බයික් එක පැයට කිලෝමිටර් 130ක වේගයකින් යා හැකි බයික් එකක් බවට පත්කරන්න කව්සාකි සමාගම කටයුතු කරලා තියෙනවා.ඇත්තම කතාව එ වෙනකොට මේ කව්සාකී Z1 සුපර්බයික් එක පරද්දන්න වෙන බයික් එකක් තිබිලම නැති එක.එ වගෙම අවුරුදු 4ක් එකදිගට මැශීන් ඔෆ් ද ඉයර් කියන සම්මානය මේ බයික් එකට ලැබිලා තියෙනවා.

ඊලග ලිපියෙන් අපි තවත් ක්ලැසික් බයික් ගැන කතාකරන්න බලාපොරොත්තු වෙනවා.ඔබ කැමති ක්ලැසික් බයික් ගැන තොරතුරු,පින්තුර තියෙනවා නම් මතක ඇතුව ඇතුව අපේ ෆෙස්බුක් පොස්ට් එකේ කමෙන්ට් කරන්න.එ වගේම මේ වගේ ක්ලැසික් බයික් එකක් ඔබ සතුව තියෙනවා නම් පොඩි වීඩියෝ එකක් අපට එවන්න.එකත් ඉදිරි ලිපි වලදි පලකරන්න අපි සුදානම්,ඔබට ජය

 

Tags

Leave a Reply

Back to top button
Close
Close