The Time Out

බයික් එකක් ගන්නද යන්නේ – මෙන්න චෙස්ක්ලිස්ට් එක

පාවිච්චි කරන ලද මෝටර්බයික් එකක් මිලදී ගැනීමේදී වැදගත් වන උපදෙස්

අද කාලයේ පාවිච්චි කරන ලද බයික් එකක් මිලදී ගැනීම ලේසි වැඩක් නෙමෙයි. ඉතින් අපි හිතුවා ඒ සඳහා ඔබට උදව් විය හැකි උපදෙස් කිහිපයක් අරන් එන්න.

බයික් එක පරීක්‍ෂා කිරීමට පෙර සූදානම් වීම

  • ඔබ මිලදී ගැනීමට සූදානම් වන model එකට විශේෂ වුණු forums (සංසද) පරීක්ෂා කරන්න. මේ නිශ්චිත model එක සඳහා වෙනත් කෙනෙක් checklist එකක් පළ කර තිබෙනවද? මේ model එකේ යම් ගැටලුවක් ඔවුන් පෙන්වා දී තිබෙනවද? ඔබට මේ තොරතුරු සොයාගත නොහැකි නම්, forum එකේ ඒ ගැන අසමින් උදව් ඉල්ලන්න. මේ model එක ගැන දන්නා අය උදව් කිරීමට ඉදිරිපත් වේවි.
  • මිල ගණන් පරීක්ෂා කරන්න. මේ model එක විවිධ වෙබ් අඩෙවිවල අලෙවි කරන මිල ගණන් බලන්න. ඔබට සොයා ගත හැකි ඉහළම මිල කුමක්ද? ඒ බයික් එකේ condition කොහොමද?
  • විකිණීමට ඇති බයික් එකේ ඡායාරූප පරීක්‍ෂා කරන්න. ඔබට පැහැදිලි ගැටලු දැකිය හැකිද? හැකි නම්, ඔබ බයික් එක පරීක්ෂා කිරීමට යාමට පෙර replacement parts මිල පරීක්ෂා කරන්න. මෙම පිරිවැය විකිණුම්කරු සමඟ සාකච්ඡා කිරීමට ද භාවිතා කළ හැකියි. අනෙක් අතට, ඔබට ලබා දී ඇත්තේ අඳුරු ස්ථානයක ගන්නා ලද අපැහැදිලි ඡායාරූප පමණක් නම්, එය අනතුරු ඇඟවීමක් වෙන්නත් පුලුවන්.
  • පරීක්‍ෂා කිරීම සඳහා උපකරණ කිහිපයක් ගමනට එකතු කර ගන්න: හොඳ විදුලි පන්දමක් අවශ්‍ය විය හැකි අතර wrenches සහ screwdrivers වැනි ආයුධ කිහිපයක් රැගෙන යන්න අමතක කරන්න එපා. බයික් එකෙන් හා ඔබේ අත්වලින් කුණු සහ තෙල් ඉවත් කිරීම සඳහා පරණ රෙදි කැබැල්ලකුත් එක් කරගන්න, බයික් එකේ ගැටළු ගැන ලිවීමට මේ checklist එක, කොළයක් සහ පෑනක් ගෙනයන්න.
  • මෝටර්බයික් එක ධාවන තත්වයේ තිබෙනවා නම්, ඔබ එහි යාමට පෙර බයික් එක start කර හෝ warm up කර නැති බවට තහවුරු කර ගැනීමට විකුණුම්කරුගෙන් අසන්න. භාවිතා නොකර start වන්නේ කෙසේදැයි බැලීමට මෙය හොඳ අවස්ථාවක්.

බයික් එකේ පෙනුම!

  • බයික් එක හොඳද? ටිකක් පිටුපසට වී බයික් එක වටේ ඇවිදින්න. කිසිවක් කැපී පෙනෙනවාද? පැහැදිලි අඩුවක් දකින්නට තිබෙනවාද? වම් පස සහ දකුණු පස වෙනස් ද?
  • බයික් එක කෙළින්ම පේනවද? පිටුපස, ඉදිරිපස සහ පැති දෙස බලන්න. Forks කෙලින්ම හා සමාන්තරව තියෙනවද? Frame tube වලට පැහැදිලිවම හානිවීමක් වෙලා තියෙනවද?
  • ඉදිරිපස සහ පසුපස රෝද පරීක්ෂා කරන්න – ඒවා කෙළින් හා සමාන්තරව තියෙනවද? බයික් එක center stand හෝ race stand එකේ ඇති විට මෙය වඩාත් පැහැදිලියි.
  • බයික් එක center stand හෝ race stand එකක තිබේ නම් පසුපස රෝදය කරකවන්න. එය නිදහසේ හා සුමටව කැරකැවිය යුතු අතර පසුපස brake තද වූ වහාම නැවැතිය යුතුයි.

  • බයික් එකේ සියලුම controls තිබෙනවද බලන්න. Brake සහ clutch ලීවර? Throttle එක? පසුපස brake පැඩලය? Gear shift පැඩලය? Mirrors? ලයිට් සහ indicators තිබේද? Lenses කැඩිලද? Switches තියෙනවද? වගේ දේවලුත් බලන්න.
  • ටයර්වල තත්ත්වය කොහොමද? Seat එක, fenders, hugger, pillion pegs දෙකම?
  • බයික් එකේ frame එක පෙනෙන්නේ කෙසේද? ප්ලාස්ටික් කොටස්? ඉන්ධන ටැංකියේ මලකඩ තිබේදැයි පරීක්‍ෂා කරන්න. මතුපිට මලකඩ සාමාන්‍යයෙන් අලුත්වැඩියා කළ හැකියි. හැබැයි මලකඩ නිසා ඉන්ධන ටැංකිවල සිදුරු තිබීම විශාල ගැටලුවක්. Filler cap එක විවෘත කර ටැංකිය තුළට විදුලි පන්දම යොමුකර බලන්න.
  • එන්ජිමට යටින් oil කාන්දු වෙනවාද? බයික් එක යට අලුත්, දිලිසෙන තෙත් oil සළකුණු තිබෙනවාද? ඔබ test run එකක් සඳහා බයික් එක පිටතට ගෙන ගියා නම්, බයික් එකෙන් බැහැලා එන්ජින් ආවරණ යට බලන්න. කාන්දු වන තෙල් වලින් එන්ජිමේ පතුල තෙත් වෙලාද බලන්න.
  • Chain එක දෙස බලන්න. එය තෙල් හා කුණු වලින් වැසී තිබේද? එය පිරිසිදු හා නිවැරදිව lubricate කර තිබේද? නැත්නම් එය වියළි හා මලකඩ කා තිබේද?
  • Seat එක ඉවත් කර බලන්න. එහි tools සහ owner’s manual (අයිතිකරුගේ අත්පොත) තිබෙනවාද?
  • බැටරිය වෙත අවධානය යොමු කරන්න. එය පිරිසිඳුද, නැතහොත් positive terminal එක සුදු කුඩු වලින් (පර්යන්ත විඛාදනයට) ආවරණය වී ගොස් තිබෙනවාද?
  • බයික් එක රෙජිස්ටර් කර තිබෙනවාද? එහි දින පරීක්‍ෂා කරන්න.

ස්පර්ශ කිරීම සහ සවන් දීම

  • ඔබේ අතේ පිටුපස පාවිච්චි කර එන්ජිම ස්පර්ශ කරන්න. එය සීතල විය යුතුයි. ඔබේ ඉල්ලීමට පටහැනිව අයිතිකරු බයිසිකලය start කර තිබේ නම්, එය ගැටලු රාශියක් සැඟවීමේ උත්සහයක් විය හැකියි.
  • Gear shift ලීවරය අල්ලා බලන්න. ගියර් මාරු කරන විට ඔබට ප්‍රතිරෝධයක් දැනීමට පෙර සුළු ලිහිල් බවක් (‘free play’) තිබිය යුතුය. එය ඉහළට හා පහළට පමණක් (සැලකිය යුතු පැත්තක චලනයකින් තොරව) පමණක් ගමන් කරයිද? Brake pedal වලටත් එම පරීක්‍ෂණයම කරන්න.

වාඩිවෙලා බලන්න.

  • බයික් එකේ වාඩි වී ඉදිරිපස brake තද කරන්න. Rear suspension සම්පීඩනය කිරීම සඳහා ආසනය මත bounce වෙන්න. Front suspension සම්පීඩනය කිරීම සඳහා ඉස්සරහට බර වෙලා බලන්න.
  • ඔබ බයික් එක පදවන ආකාරයට handlebar එක වමට සහ දකුණට හරවන්න. Bar එක නිදහසේ චලනය වෙනවාද, නැත්නම් හරවන වන විට තද වෙනවාද?
  • Handlebar එක සහ controls පරීක්‍ෂා කරන්න. Clamps වල bar භ්‍රමණය වෙනවාද? Switch block තද වී ඇති බවක් පෙනෙනවාද? Mirrors හොඳින් සවි කර තිබෙනවාද?
  • සියලුම විදුලි පහන් ක්‍රියාත්මක වනවාදැයි පරීක්‍ෂා කරන්න. Head light, high beam, brake light, instrument lights සහ brake lights චෙක් කරන්න.

Road Test

  • එන්ජිම start කිරීම පහසුද, නැත්නම් අයිතිකරු විශේෂ යමක් කරමින් start කරනවාද? ආරම්භයේදී engine එක ඝෝෂාකාරීද? ඔබට chain හෝ gear ශබ්දය ඇසෙනවාද?
  • බයික් එකෙන් දුම් දමනවාද? එය කිසියම් ශබ්දයක් නිකුත් කරන්නේ නම්, එන්ජිම ක්‍රියාත්මක වන විට ඒවා වේගවත් වෙනවාද?

  • Exhaust එකෙන් ශබ්ද මට්ටම අධික බවක් පෙනෙනවාද? ඔබට කිසියම් exhaust leak වීමක් සොයාගත හැකිද?
  • බයිසිකලය පළමු ගියරයට දමන්න. එය පහසුවෙන් ගියරයට මාරු වේද? විශාල උත්සාහයක් නොගෙන එය නැවත neutral වෙත ගෙන ඒමට ඔබට හැකිද?

අපි මේ කිව්වේ ඔබට චෙක් කරන්න පුලුවන් දේවල් කිහිපයක් පමණයි. ඔබට මේ චෙක් කරපු දේවල් ගැන හරි විශ්වාසයක් නැත්නම්, සුදුසුකම්ලත් කාර්මික ශිල්පියෙකු ලවා බයික් එක පරීක්‍ෂා කරගන්න. Test run එකක් යන විට brake හොඳින් ක්‍රියාත්මක වන බව ඔබට සහතික වන තුරු හෙමින් යන්න. ඕනෑම ශබ්දයකට හොඳින් සවන් දෙන්න. වේගය අඩු වැඩි වන විට ශබ්දය අඩු වැඩි වීමක් හෝ නැති වීම සිදු වේද? ඔබ බලාපොරොත්තු වන ආකාරයට සෑම දෙයක්ම ක්‍රියාත්මක වේද යන කරුණු හොඳින් අධ්‍යනය කර ඔබේ තීරණය ගන්න.

Back to top button
Close
Close