Maintenance

Chain Breaker එකක් පාවිච්චි කරන්නේ කොහොමද?

තත්ත්වයෙන් ඉහළ motorbike chain එකකට සාමාන්‍යයෙන් සැතපුම් 20,000 ක් හෝ ඊට වැඩි ආයු කාලයක් තිබුණත් නිතර නිතර ධාවනය කරන කෙනෙක්ට ඒ ආයුකාලය සම්පූර්ණ වෙන්න යන්නේ හරිම පොඩි කාලයක්. අඩු මිලට තියෙන chain වල දිග හරියටම ගැළපෙන අවස්ථා හරිම අඩුයි, ඒ නිසා නිවැරදි යෝග්‍යතාවය ලබා ගන්න නම් ඔබට යම් වෙනස් කිරීම් කිහිපයක් කරන්න වෙනවා. මෙන්න මෙතනදි තමයි චේන් කටර් (Chain cutter) එකක් අවශ්‍ය වෙන්නේ. මේ පහසු මෙවලම නිසා ඔබේ ගරාජයේදීම නිවැරදි චේන් දිගක් නිර්මාණය කිරීමට ඔබට ඉඩ ලැබෙනවා. Chain හා සම්බන්ධ මෙවලම් පිළිබඳ මූලික කරුණු සහ chain breaker එකක් භාවිතා කරන්නේ කොහොමද කියලා උපදෙස් අඩංගු මේ ලිපිය ඔබට සෑහෙන්න ප්‍රයෝජනවත් වේවි!

  • Chain Breaker යනු කුමක්ද?

බොහෝ chain හුදෙක් එක එක ඩිසයින් අනුව link කර ඇති සම්බන්ධක උනාට motorbike chain හදලා තියෙන්නේ rivet එකට සම්බන්ධ කිරීමෙන්. ඔබේ bike එක ධාවනය කිරීම සඳහා chain එක sprocket හරහා යා යුතුයි.

Links ඉවත් කිරීමට හෝ chain එක දිග හැරීමට නම් ඔබ rivet පිටතට ඇද දැමිය යුතු වෙනවා. ඉස්සර කාලයේ නම් කුඩා ලෝහ මිටියක් භාවිතා කරමින් මේ දේ කරා. නමුත් Chain breaker එක මඟින් ඔබේ ශක්තිය ඉතිරි කර ගැනීමට සහ ඔබේ අත්වලටත් පහසුවෙන් මේ වැඩේ ඉතා ලේසියෙන්ම කරගන්න පුලුවන්, මෙතනදි වෙන්නේ ඉස්කුරුප්පුවකින් යාන්ත්‍රික බලයක් භාවිතා කරලා rivet වෙන් කරන එකයි.

  • Chain Breaker සහ Chain Riveter අතර ඇති වෙනස

මේක ඉතාමත් සරල ප්‍රශ්නයක්, භාෂා භාවිතය තමයි මෙතන වෙනස. Motorbike රයිඩර්ස්ලා සහ සමාගම්වලින් ඒ සඳහා විවිධ නම් පාවිච්චි කරත් මේ හැම එකක්ම එකම ආම්පන්නයම තමයි. Chain tool කියලත් සමහර අය මේක හඳුන්වන්න පුලුවන්.

  • ඔබට Chain Breaker එකක් අවශ්‍යද?

මේ ප්‍රශ්නයට කෙටිම පිළිතුර ‘නැත’ යන්නයි. ගොඩක් විශේෂිත මෙවලම් වගේම chain breaker වල අවශ්‍යතාවයත් ඉතාම අල්ප, පටු පරාසයක තියෙන දෙයක්. විශේෂයෙන් උසස් තත්ත්වයේ model සඳහා අද වෙද්දි Clip Master Links වඩාත් ජනප්‍රිය වෙලා තියෙනවා. මේ අලුත් ඩිසයින් ක්ලිප් එකක් ආකාරයට ක්‍රියා කරන අතර chain එක ඉවත් කිරීම පහසු කරනවා.

ඒ වගේමයි ඔබ ගෙවී ගිය chain එකක් ඉවත් කරනවා නම්, cutting wheel එකක් හෝ bolt cutter කට්ටලයක් සමඟ grinder එකක් භාවිතයෙන් ඔබට එය වෙන් කළ හැකිය. එහෙමත් නැත්නම් තව විදියක් තියෙනවා, පැරණි තාලයට ප්ලයර්ස්, මිටියක් භාවිතා කරලා chain එක වෙනස් කරගන්න පුලුවන්. ඒත් වැඩේ ඵලදායී විදියට කරගන්න නම් chain breaker tool එකක සහය ලබා ගැනීම වඩා හොඳයි.

මේ මෙවලම මිල අධික නොවන ලාභදායී කුඩා මෙවලමක්. Saddlebag එකක හෝ backpack එකක පහසුවෙන් දාගෙන යන්න පුලුවන් තරම් මේක කුඩායි. ඔබට පාර අයිනක chain breaker එකක් පාවිච්චි කරන්න ඕනේ වෙන්නේ නැති වෙයි, ඒත් වෙන ඔප්ශන් එකක් ඇත්තෙම නැති නම් ඔබට එහෙම උනත් කරන්න බැරි කමක් නැහැ.

  • සූදානම් වීම.

Chain එක ඇත්තටම බ්‍රේක් කරන්න කලින්, ඔබේ අලුත් මෙවලම වෙනුවෙන් මිනිත්තු කිහිපයක් වැය කරන්න ඔබට පුලුවන්නම් මෙහෙයුම තවත් පහසු වෙනවා. Chain breaker එක කොටස් කර යාන්ත්‍රණය තුළ එකතු වී ඇති කුඩා ලෝහ කොටස් සහ සුන්බුන් ඉවත් කරන්න. Grease ආලේප කිරීමෙන් පින් එකක් කැඩීමේ සම්භාවිතාව අඩු වන අතර rivet පිටතට ගැනීම වෙනුවෙන් දැරිය යුතු උත්සාහයත් අඩු වෙනවා.

Pin එක වැඩ කරන්නෙත් පැරණි ක්‍රමයේ punch එක ක්‍රියා කරන විදියටමයි. මේකෙන් අදහස් වෙන්නේ ඔබේ bike chain එකට සුදුසු ප්‍රමාණයේ මෙවලමක් තිබිය යුතු බවයි. Chain box එකේ මේ සයිස් එක සඳහන් වෙනවා. නමුත් වඩාත් පොදු සයිස් වෙන්නේ 520 සහ 530. මේ සයිස් දෙකේ තවත් විශේෂත්වයක් තමයි එකම ප්‍රමාණයේ පින් භාවිතා කිරීම. ඔබට අවශ්‍ය ප්‍රමාණයෙන් අමතර pin එකක් තිබීම කිසි විටෙකත් පාඩුවක් වෙන්නේ නම් නැහැ.

  • දිග සොයා ගැනීම.

“දෙවරක් මනින්න, එක පාරෙන් කපන්න” කියන කියමන chain breaker සමඟ හොඳටම අදාළ වෙනවා. ඔබේ අලුත් chain එක ඔබේ පැරණි එකට හැකි තරම් සමීප කිරීමට ඔබට අවශ්‍ය වෙනව නේ? කිසියම් හේතුවක් නිසා ඔබට මෙය කරන්න බැරි නම්, ඔබ එය ඔබගේ බයිසිකලයට සාපේක්ෂව මැනිය යුතු වෙනවා. Axle එක ඉදිරියට ඉදිරියට තල්ලු කර දම්වැල තද වන තුරු stretch කරන්න. Master link එක සඳහා කුඩා ඉඩක් ලබා දී swing arm movement සලකා බැලීමට ඔබේ උපරිමය කරන්න. මුලින්ම වැඩි දිගක් අරගෙන පසුව කෙටි කිරීමේ කිසිම වැරැද්දක් නැහැ. ඔබේ chain එක ඉතා කෙටි වුණොත් master link දෙකක් භාවිතා කිරීමට අවශ්‍ය වෙන්න පුලුවන්, එමඟින් පාරේ ගමන් කරන අවස්ථාවක chain එක කැඩී යාමේ සම්භාවිතාවයන් වැඩි කරනවා.

Motorbike Chain ඇතුළතින් ඝනකමින් වැඩි සම්බන්ධක සහ පිටතින් තුනී සම්බන්ධක වලින් සමන්විත වෙනවා. ඔබ ඔබේ chain එක ගලපන විට, සෑම අවසානයක්ම අභ්‍යන්තර සබැඳියක් වීමට වගබලාගන්න. මෙම ඇතුළත සබැඳි දෙක master link එක මගින් සම්බන්ධ වෙනවා. වැඩේ ආරම්භ කරන්න කලින් ඔබ බ්‍රේක් කිරීමට යන ස්ථානය සැමවිටම ලකුණු කරගන්න. Chain breaker එක අරගෙන, ඔබට බිඳ දැමීමට අවශ්‍ය link එක හොයාගන්න බැරි නම් වැඩක් නැහැ. ඊටත් වඩා තත්ත්වය දරුණු වෙන්නේ වැරදි link එකක් බ්‍රේක් කිරීමයි.

Chain rivets වල ඒවා තබා ගැනීමට heads තිබෙනවා. ඔබ chain එක බ්‍රේක් කිරීමට කලින් ඒවා grind කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ, නමුත් එය ඔබගේ කාර්යය පහසු කරවනවා.

  • Chain එක බිඳීම

ඔබේ Chain Detacher Tool එක භාවිතා කිරීමේ වැදගත්ම කොටස වන්නේ සැකසුමයි. සෑම දෙයක්ම නිවැරදිව සූදානම් කර තිබුණොත්, ඇත්තටම බ්‍රේක් කිරීමේ ක්‍රියාවලිය පහසු වෙනවා. අනෙකුත් කිසිම දෙයක් කරන්න කලින් නිවැරදි සයිස් එකේ Pin තිබේදැයි දෙවරක් පරීක්ෂා කරන්න. ඔබ වැරදි Pin එකක් ස්ථාපනය කිරීම නිසා Pin එකක් නැමී ගියහොත් ඔබට පසුතැවිලි වෙන්නට සිදු වෙනවා සැකයක් නැහැ.

Alignment bolt මඟින් pin එකට සහය දක්වනවා, එමනිසා ඔබ ක්‍රියාවලිය ආරම්භ කරන විට ඒවා ගැලවී යා යුතුයි. Alignment bolt එක අල්ලාගෙන Push bolt එක වමට කරකවන්න.

Pin එක සත්‍ය Rivet එක මත ඇති බවත් link body එකෙහි කිසිදු කොටසක් තල්ලු නොකරන බවටත් වග බලා ගන්න. Link blade මතට තල්ලු කිරීම, Pin එක නැමීමට පහසු ක්‍රමයක්. මෙවලමෙහි පතුල rivet පහළට වැටීමට ඉඩ සලසන ආකාරයට සකස් කර තිබෙනවා. Rivet එක පැහැදිලිද යන්න ඔබ දෙවරක් පරීක්ෂා කර බැලිය යුතුයි.

Chain splitter එක හැරවීමට wrench එකක් හෝ ඉස්කුරුප්පු නියනක් භාවිතා කරන්න. Rivet එක ආරම්භ කිරීම සඳහා විශාල බලයක් අවශ්‍ය වෙනවා, නිකරුණේ ශක්තිය නාස්ති නොකරන්න අවශ්‍ය නිසයි ඔබ හැමදේම දෙවරක් පරීක්ෂා කර බැලුවේ. Rivet එක ගැළවෙනතුරු දිගටම කරකවන්න. සුදුසු දිගට ආසන්න chain කැබැල්ලක් ලබා ගැනීමෙන් ඔබේ කාර්‍යය සාර්ථකව අවසන් වෙනවා.

අවශ්‍ය නම් ඔබට master links දෙකක් භාවිතා කළ හැකි නමුත් අපි කලිනුත් කිව්වා වගේ එමඟින් chain එක කැඩී යාමේ සම්භාවිතාවයන් වැඩි කරනවා. පළවෙනි සැරයෙන්ම සෑම දෙයක්ම නිවැරදිව කිරීමට පුලුවන්නම් වඩාතම හොඳයි.

Back to top button
Close
Close