Reviews
Trending

හෙල්මට් එකක් ගන්නේ බයික් එකට ගැලපෙන්නද? ඔලුවට ගැලපෙන්නද?

ඕනම දෙයක් කරනකොට අපි අපේ ඔලුව පරිස්සම් කරගන්න ඕනේ. ඒක තමයි 1. හැබැයි වෙන වැඩ වලට වඩා බයික් පදිනකොට නම් අපි ඔලුව පරිස්සම් කරගැනීම ගැන ඕනවටත් වඩා හිතන්න ඕනේ. ඒ නිසයි ආවට ගියාට නැතුව හරියටම ඔලුවට ගැලපෙන හෙල්මට් එකක් ඔබ තෝර ගන්න ඕනේ. ඉතින් අද අපි ඔබට කියලා දෙන්නේ හරියටම ඔබේ ඔලුවට ගැලපෙන හෙල්මට් එක තෝර ගන්නේ කොහොමද කියලයි.

හෙල්මට් වර්ග

හැඩය අනූව හෙල්මට් වර්ග 3ක් තියෙනවා. ඒ තමයි Round oval, Intermediate Oval සහ Long Oval. මේ අතරින් ඔබ කැමති විදිහට, බයික් එකට ගැලපෙන විදිහට හෙල්මට් එකක් තෝර ගන්න.

Helmet-types-01

 

ටිකක් ලොකු වුනොත්

ඔලුවට වඩා ටිකක් ලොකු හෙල්මට් එකක් ගත්තොත් ගොඩාක් කල් පාවිච්චි කරන්න පුලුවන් කියලා ඔබට හිතෙයි. හැබැයි ඒක වැරදි මතයක්. හෙල්මට් එක ඔලුවට ලූස්ව තිබුනොත් අනතුරකදි හෙල්මට් එක ගැලවිලා යන්න ඉඩ තියෙනවා. ඒ නිසා කිසිම වෙලාවක ඔලුවට වඩා ලොකු හෙල්මට් දාන්න එපා.

4

 

ටිකක් තද වුනොත්

දැන් ඔබට හිතෙයි අනතුරකදි ගැලවිලා නොයන්න නම් හෙල්මට් එක හොඳට ඔලුවට තද වෙන්න ඕනේ කියලා. නෑ, ඒකත් වැරදි මතයක්. මොකද ඔලුවට ඕනවට වඩා තද වුණු හෙල්මට් නිසා අනතුරකදි ඔබේ හිසට අනවශ්‍ය තෙරපීමක් වෙලා හානි සිද්ධ වෙන්න පුලුවන්.

Helmet-types-02

 

හරිම Size එක

හෙල්මට් එක ඔලුවට දාලා, ඒ හෙල්මට් එක අතින් අල්ලගෙන ඔලුව එහෙට මෙහෙට හොලවන්න. එතකොට හෙල්මට් එක අතුලේ ඔබේ ඔලුව එහෙට මෙහෙට හොලවන්න බැරි නම් ඒක තමයි ඔබේ ඔලුවට හරියනම හෙල්මට් එක. ඒ වගේම හෙල්මට් එක දැම්මම ඔලුවට මහා තද ගතියක් දැනෙන්නත් බැහැ. අන්න එහෙම හෙල්මට් එකක් තමයි ඔබ ගන්න ඕනේ.

දැන් ඉතින් ඔලුව පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔබ පාවිච්චි කරන හෙල්මට් එක මේ අතරින් කොයි වගේද කියලා. ඊට පස්සේ කරන්න ඕනේ එක අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ.

biker

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close