The Time Out

ඔබට ගැලපෙනම Bike එක තෝරා ගන්න හැටි.

New Bike එකක් ගනිද්දී තමන්ට ගැළපෙනම Bike එක ගන්න වගබලා ගන්න ඕන. නැත්නම් Bike එක ගත්ත මෝඩකම කියලා ඔබට හිතේවි. විශේෂයෙන්ම තමන්ට පාලනය කර ගන්න පුළුවන් Bike එකක් ගන්න. ඒ වගේම ඔබේ අවශ්‍යතාවයන්ට වඩාත්ම ගැළපෙන Bike එකක් ගන්න අමතක කරන්න එපා.

ඔබේ උසට ගැලපෙන බයික් එකක් තෝරාගන්න හොඳම ක්‍රමය වෙන්නේ, එක එක වර්ගයේ බයික් විකුනන්න තියෙන සේල් වලට ගිහින් පොඩ්ඩක් නැගල, පැදලම බලන එක තමයි. එකෙන් ඔබට ගැලපෙන බයික් එක උස, බර, වේගය වගේ ගොඩක් දේවල් ගැන දැනුමක් ඔබට ලබාගන්න පුලුවන් වෙනවා.

ඒ වගේම තමයි හැකි තරම් පොළොවේ ඔබේ පය තියන්න පුළුවන් උසක බයික් එකක් තෝරාගන්න කියල අපි ඔබට යෝජනා කරනවා. මොකද ඒක ඔබේ සහ පසුපස යන කෙනාගේ ආරක්ෂාවට වැදගත් වෙනවා.

බයික් එකේ සැඟවුණ අනතුරු

new bike

Bike එකක් පදිනවා කියන්නේ හරියට සර්කස් එකක කඹයක් උඩ යනවා වගේ වැඩක්. ඒ කියන්නේ ඔබේ සමබරතාවය කියන කාරණය මෙහිදී අත්‍යාවශ්‍යයි. පොඩ්ඩ මිස් වුනොත් ලොකු අනතුරක් වෙන්න පුළුවන්. ඉතින් Bike එක නතරකරගන්න ඔබේ පාදයේ ඇඟිලි විතරක්ම මදි. මුළු කකුලම ඒ වැඩේට යොමුකරන්න ඕන. කකුලම නැතුව, කකුලේ ඇඟිල්ලකින් ඔබට Bike එක සමබර කරගන්න පුළුවන් උනත් කාලයක් යද්දී ඒක ඔබේ සෞඛ්යට හානි වෙන කාරණයක් වෙන්නත් පුළුවන්.

නියම වර්ගයේ යතුරුපැදියක් සොයාගන්න.

new bike

තමන්ට ගැලපෙන Bike එක ගැන හීනයක් හැම කෙනේක්ගේම හිතේ තියෙනවා. සැපපහසුකම, වේගය, පාට වගේ දේවල්. මේ කතාකරන්න යන්නේ ඒ ගැන. තමන්ගේ අවශ්‍යතා අනුව ගන්න ඕන Bike එකේ වර්ගය වෙනස් වෙන්න පුළුවන්. ලෝකයේ සම්මත Bike මොඩල 5 ක් තියෙනවා. ඒ මොඩල වලට අනුව තමයි ලෝකයේ සියලුම Bike වර්ග නිර්මාණය වෙන්නේ මේ Bike මොඩල වලට අනුව.

– Cruisers (කෘසර්)
සාමාන්යයෙන් මේ Bike මොඩලයේ තියෙන්නේ අඩු උස ආසනයක්. ඒ නිසා අලුතින්ම Bike පදින කෙනෙක්ට ගැලපෙන්නේ මේ වර්ගයේ Bike එකක්. විශේෂයෙන්ම ලංකාවේ පාරවල් වල යන්න මේ Bike වර්ගය ගොඩක් ගැලපෙනවා. Bajaj Avenger Street 220, Avenger 180 Street Bike තමයි ලංකාවේ වැඩියෙන්ම භාවිතා වෙන Cruiser Bike වෙන්නේ.

– Sport (ක්‍රීඩා සඳහා බයික්)
ක්රීඩා සඳහාම නිපදවල තියෙන මේ Bike සාමාන්‍ය ගමනාගමන කටයුතු වලට අනුමත කරන්න බැහැ. ඔබට මේ වර්ගයේ Bike එකක් හසුරුවගන්න මනා පළපුරුද්දක් තියෙන්න ඕන. හැබැයි මේ වර්ගයේ Bike එකක් කකුලේ එක ඇඟිල්ලකින් උනත් නවත්තගන්න පුළුවන් තාක්ෂණයකින් තමයි හදල තියෙන්නේ. කොහොම වුනත් ලංකාවට එන්නේ සීමිත වර්ගයේ Sports Bike ටිකක් විතරයි. ඒ අතරට Yamaha YZF R15 V3, Bajaj Pulsar RS200, TVS Apache RR 310 වගේ Bike ඇතුලත් වෙනවා.

– Touring (සංචාරය සඳහා බයික්)
ලෝකේ වටේම උනත් යන්න සැප පහසු වාහනය තමයි Bike එක කියන්නේ. හැබැයි ඒ වැඩේටත් ගැලපෙනම Bike වර්ගයක් ඔබ තෝරාගන්න වෙනවා. සියලු සැප පහසුකම් සහිතව දිර්ඝ කාලයක් ධාවනය කිරීම සඳහා මේ වර්ගයේ Bike නිර්මාණය කරල තියෙනවා. විවිධ වෙළඳ සන්නාම යටතේ මේවා ලබාගන්න පුළුවන් වුනත්, හැම Bike එකක්ම නිර්මාණය කරන්නේ එකම පහසුම් සහිතව. Touring Bike නම් ලංකාවේ විකුණන්න නෑ. ඒකට හේතුව ලංකාවෙ අය Tour යන්න Scooter Bike වලට පුරුදු වෙලා ඉන්න නිසා.

– Standard (සම්මත)
මේ වර්ගයේ බයික් තමයි සාමන්ය වෙළඳපොලේ මිලදී ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්ය මාර්ගයක ධාවනයට වඩාත් පහසු විදියට මේ Bike වර්ගය හදලා තියෙනවා. Standard Bike විවිධ එන්ජින් ධාරිතාවලින් සහ විවිධ මදිලිවලින් වෙළඳපොලට එනවා. ඒ නිසා ඔබ Standard Bike එකක් ගන්නවා නම් ඔබට වඩාත් ගැළපෙනම මාදිලිය තෝරා ගන්න. CT 100, Discover, Platina, Mrtro කියන්නේ ලංකාවේ තියෙන හොඳම Standard Bike.

– Dual-Sport (ද්විත්ව කාර්ය)
ඔබට අවශ්ය රටවටේ ඕනෑම මාර්ගයක යන්න පුළුවන් Bike එකක්ද? එහෙනම් මේ තියෙන්නේ ඔබට ගැළපෙන Bike එක. රට වටේ ඕනෑම තැනක යන්න පුළුවන් විදිහට තමයි මේ වර්ගය හදන්නේ. රළු / සුමට ඕනෑම මාර්ගයක මේ වර්ගය ඔබට ධාවනය කරන්න පුළුවන්. ඒ වගේම බොහෝ දුරට ක්රීඩා සඳහාත් මේ වර්ගය යොදාගන්න පුළුවන්. ලංකාවේ නම් Dual-Sport Bike සුලභ නෑ. Suzuki, Honda වගේ ආයතන තමයි ලංකාවට Dual-Sport Bike ගෙන්වන්නේ.

Tags

Leave a Reply

Back to top button
Close
Close