Maintenance

Brand new Bike එකක් ගන්නකොට මේ ගැනත් හිතන්න

Bike එකක් කියන්නේ තාරුණ්යයේ බොහෝ දෙනෙක්ගේ සිහිනයක්. ඒ වගේම Brand New Bike එකක් තමයි ඒ හැමෝම ගන්න සිහින දකින්නේ. ගොඩක් අය Brand New Bike එකක් ගනිද්දී ඒ Bike එක තමන්ට ගැලපෙනවාද කියලා හොයන්නේ නෑ. අන්න එතැනදී තමයි ඔබට වරදින්නේ.

තමන්ට ගැලපෙන්නේ නැති Bike එකක් අරගෙන එක්කෝ අනවශ්‍ය වියදම්, එහෙම නැත්නම් අත පය කඩාගෙන Hospital එකේ. බය වෙන්න එපා. දැන් කියලා දෙන්න යන්නේ ඔබට වඩාත්ම ගැළපෙන Brand New Bike එක ගන්න විදිය.

Cruiser

Brand New Bike Sri Lanka

මේ Modal එකේ Bike වලට හරිම ආකර්ශනීය, Romantic පෙනුමක් තියෙන්නේ. ගොඩක් දෙනෙක් මේ වර්ගයේ Bike වලට ප්‍රිය කරනවා. ඔබ Bike පදින්න ආධුනිකයෙක් නම් මේ වර්ගයේ Bike එකක් ගන්න එක තමයි වඩාත්ම හොඳ. එකට හේතු 2 ක් තියෙනවා.

1. Cruiser Bike වර්ග වල ආසනය තියෙන්නේ අනිත් Bike වලට වඩා පහතින්. ඒ නිසා ඔබට පසුවෙන් Bike එක හසුරුවන්න පුළුවන්. ඒ වගේම ධාවනයටත් පහසුයි.

2. සුමට බල සැපයුමක් තියෙන එක Bike පදින ආධුනිකයෙක්ට මේ වර්ගයේ Bike එකක් තෝරා ගන්න තවත් හොඳ හේතුවක්. ඒ වගේම වැඩි වේගයකින් යන්නත් පුළුවන්.

හැබැයි හැම Cruiser Bike එකකටම ලොකු වේගයකින් යන්න බැහැ. ඒ වුනත් සමහර Cruiser Bike කාණ්ඩ වලට නම් අධික වේගයකින් යන්න පුළුවන් කම තියෙනවා. Cruiser Bike වල විවිධකාණ්ඩ තියෙනවා. 250cc වල ඉඳන් 2000cc වෙනකන් Cruiser Bike තියෙනවා.

ඔබ Bike පදින්න අලුත් කෙනෙක් නම් 1200cc හෝ ඊට අඩු කාණ්ඩයක Cruiser Bike එකක් තෝරා ගන්න එක තමයි වඩාත්ම හොඳ.

Sport

ඔබ වේගයෙන් යන්න කැමති කෙනෙක් නම් මේ වර්ගයේ Bike නිපදවලා තියෙන්නේ ඔබටමයි. අශ්වබල 200 ක් සහ 200mph ක් ධාරිතාවකින් Sport Bike සමන්විතයි. හැබැයි ඉතිං හාහාපුරා කියලා Bike පදින්න පටන් ගන්න අයට නම් Sport Bike ගැළපෙන්නේ නෑ.
එහෙමෙයි කියලා ඔබ දුක් වෙන්න එපා. Bike පදින්න ආධුනික අයටත් Sport Bike පදින්න Chance එකක් තියෙනවා. ඒ මේ වෙද්දී 300cc සහ 500cc Sport Bike නිපදවන නිසා. අනිත් Sport Bike වල වගේම ABS ඇතුළු තාක්ෂණයන් ඒ Bike වලත් අඩංගු වෙලා තියෙනවා.
කොහොම වුනත් ඔබ තීරණය කළොත් Sport Bike එකක් ඔබේ පළවෙනි Bike එක වෙන්න ඕන කියලා නිවැරදි පුහුණුවක් ලබා ගත යුතු වෙනවා. ඒ වගේම නිවැරදි ධාවන උපකරණ භාවිතාකරන්නත් සැලකිලිමත් වෙන්න ඕන. ඊට පස්සේ Bike එකේ ක්රියාකාරිත්වය සහ තාක්ෂණය හොඳින් ග්‍රහණය කර ගන්න උත්සහා කරන්න. ඊළඟට සාමාන්‍ය Bike Ride එකක් ගිහිල්ලා බලන්න.

දැන් ඔබට Bike එක පහසුවෙන් පාලනය කරන්න පුළුවන් නම් Sport Bike එකක වේගය අත්හදා බැලුවට වරදක් නෑ.

Standard

Brand New Bike Sri Lanka

කිසිම කාර්යකට විශේෂ නොවුන Bike මේ වෙද්දී ඕනෑ තරම් තියෙනවා. වැඩකෑලි නැති සාමාන්‍ය Bike එකකට නම් ඔබ කැමති Standard Bike එකක් ගන්න එක තමයි වඩාත්ම හොඳ. Standard Bike එකක් ඔබට අවශ්‍ය කරන කොටස් වලින් Upgrade කරන්නත් පුළුවන්.

ඔබට ඕනෑ නම් Saddlebags, Windscreen, Backrest සවි කර ගන්නත් Standard Bike වලට පුළුවන්. ඒ වගේම ඒ සියල්ල ගලවා ඉවත් කරලා භාවිතා කරන්නත් පුළුවන්.

Standard Bike 250cc වල ඉඳන් 1200cc දක්වා කාණ්ඩ වලින් මේ වෙද්දී වෙළඳපොළට එනවා. ඒ වගේම මේ Bike වල මිලත් ඔබේ Pocket එකට වඩාත් සුදුසුයි. අද වෙද්දී Standard Bike වලටත්සුපිරි තාක්ෂණයන් එකතු කරලා තියෙනවා. උදාහරණයක් විදියට ABS, Phone Charges වගේ තාක්ෂණයක් Standard Bike වලටත් එකතු කරලා තියෙනවා.

Bike පදින්න ආධුනික කෙනෙක්ට නම් 500cc හෝ 700cc කාණ්ඩයේ Standard Bike එකක් තෝරා ගන්න. ඒ වගේම ඔබේ ශරීර ප්‍රමාණයත් Standard Bike එකක් තෝරා ගැනීමේදී සලකාබලන්න.

Dual-sport/ADV

Dual-sport කියන්නේ Bike අතර තදයෙක්. ලේසියෙන් පහසුවෙන් මෙල්ල කර ගන්න පුළුවන් හාදයෙක් නම් නෙවෙයි. හැබැයි ඉතිං මාරුවෙන් හරි මෙල්ල කර ගත්තොත් ඕන අස්සක් මුල්ලක රිංගලා යන්න Dual-sport Bike වලට පුළුවන්.

Dual-sport සාමාන්‍යයෙන් දැඩි, සරල, සැහැල්ලු සහ හොඳ ඉන්ධන දහනයක් තියෙන Bike එකක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම හොඳ විනෝදයක් ලබන්නත් Dual-sport Bike වලින් පුළුවන්. Off Road පදින්න කියාපුම Bike එකක් තමයි Dual-sport Bike.

Dual-sport Bike වල 250cc වගේ සාමාන්‍ය පාරක ගමන් කරන්න පහසු Modal වගේම 1200cc වගේ කාන්තාරයක් හරහා වුනත් හසුවෙන් ගමන් කරන්න පුළුවන් කාණ්ඩ නිෂ්පාදනයකරනවා.

ගොඩක් Bike Riders ලාගේ ජනප්‍රියම Dual-sport Bike කාණ්ඩය තමයි 650cc කියන්නේ. කොහොම වුනත් Dual-sport Bike අනිත් Bike වලට වඩා උසින් වැඩි. හැබැයි බය වෙන්න එපා කෙටි උසක් තියෙන Dual-sport Bike පවා මේ වෙද්දී වෙළඳපොලේ තියෙනවා.

Touring

ඔබ Bike එකකින් සංචාරය කරන්න කැමති කෙනෙක්ද? එහෙනම් ඔබ වෙනුවෙන්ම හදපු Bike වර්ගයක් තමයි Touring Bike. මේ Bike හදලා තියෙන්නේ සුවිශේෂී පහසුකම් රැසක් ඇතුලත්කරලා. Stereos, GPS, Heated Seats, Windscreens සහ වැඩි භාණ්ඩ ධාරිතාවක් රැගෙන යාමේ හැකිව Touring Bike වල තියෙනවා.

කොහොම වුනත් Touring Bike එකක් පදින එක ලේසි පහසු නෑ. මොකද අනිත් Bike වලට වඩා Touring Bike විශාලත්වයෙන් සහ බරින් වැඩි. ඒ වගේම අනිත් Bike වලට වඩා සංකීර්ණයි.

හැබැයි Bike එකක සංචාරය කරන්න කැමති ඔබට තව Option එකක් තියෙනවා. ඒ Standard Bike එකක් අරගෙන සැහැල්ලු saddlebags කිහිපයක්, bug screen එකක් සවි කර ගන්න එක.කාලයක් මේ Bike එක පැදලා පුරුදු වුනාම ඔබට Original Touring Bike එකක් අරගන්න පුළුවන්.

Dirt

Brand New Bike Sri Lanka

ඔබ Off Road පදින්න කැමති කෙනෙක් නම් නියම Dirt Bike එකක් තම ඔබට තියෙන හොඳම විසඳුම. යකෙක් වගේ ගස් ගල් උඩින් ධාවනය කරන්න Dirt Bike වලට පුළුවන්. හැබැයි ඉතින් Dirt Bike ඔබට මහ පාරේ ධාවනය කරන්න නම් අවසර නැහැ.

Dirt Bike තරමක් උසින් වැඩියි. හැබැයි ඔබට තෝරා ගන්න විවධ වර්ගයේ Dirt Bike ඕනෑ තරම් තියෙනවා. 50cc වැනි කුඩා ළමයින් වෙනුවෙන් නිපදවූ Dirt Bike වගේම 500cc වගේ සුපිරිධාවකයන් වෙනුවෙන් නිපදවූ Dirt Bike වෙළඳපොළේ තියෙනවා. කොහොම වුනත් ඔබ Dirt Bike වලට ආධුනිකයෙක් නම් 200cc – 350cc කාණ්ඩයේ Bike එකක් තෝරා ගන්න එක තමයිවඩාත්ම හොඳ.

Dirt Bike එකක් පදිනකොට ආරක්ෂිත උපකරණ පැළඳීම අත්‍යාවශ්‍යයි. මොකද ඔබව ඕනෑම වෙලාවක් වැටෙන්න, ලිස්සා යන්න සහ අනතුරට ලක්වෙන්න පුළුවන් නිසා.

Electric

මේ වෙද්දී Electric Bike පවා වෙළඳපොළට නිකුත් කරනවා. ඔබ නාගරික පරිසරයක, traffic මැද්දේ ධාවනය කරන කෙනෙක් නම් Electric Bike එකක් ඔබට වඩාත්ම සුදුසුයි. Electric Bike වේගවත්, සරලයි වගේම ධාවනය හරිම විනෝදජනකයි. Bike පදින්න ආධුනිකයෙක් නම් Electric Bike එකක් ගන්න එක වඩාත් සුදුසුයි.

සාමාන්‍යයෙන් Electric Bike වල මිල අනිත් Bike වලට වඩා ටිකක් වැඩි. හැබැයි ඉතින් ඔබට ඉන්ධන සඳහා වැයවන මුදල පහසුවෙන්ම ඉතිරි කර ගන්න පුළුවන්. මිලදී ගැනීමේ පිරිවැය වැඩිවුනාට අනිත් Bike වලට වඩා අඩු මුදලක් තමයි Electric Bike නඩත්තු කරන්න යන්නේ.

කොහොම වුනත් දුර ගමන් සඳහා නම් Electric Bike ගැලපෙන්නේ නෑ. මොකද කිලෝමීටර් 100 ක් වගේ වෙද්දී නැවත Bike එක Charge කරන්න වෙන නිසා.

Scooter

Brand New Bike Sri Lanka

සරල පහසු ගමනකට ගැළපෙනම Bike එකක් තමයි Scooter. පොඩි පොඩි ගමන් වලට කියාපුම Bike එක තමයි Scooter. මේ වෙද්දී විවිධ වර්ගයේ Scooter වෙළඳපොළට එනවා. වඩාත් ආරක්ෂිත සහ වඩාත් සුවපහසු ගමනක් වෙනුවෙන්ම තමයි Scooter නිපදවලා තියෙන්නේ.

Scooter වල අනිත් Bike වලට වැඩ කුඩා රෝද තමයි තියෙන්නේ. හැබැයි බොහොම පහසුවෙන් Bike එක Control කරන්න පුළුවන්. ඒ වගේම සැහැල්ලු එන්ජිමක් තමයි Scooter වලතියෙන්නේ. කෙටි පුහුණුවකින් පස්සේ පළපුරුදු ධවකයෙක් වගේ Scooter පදින්න ඔබටත් පුළුවන්.

ඔබට රියදුරු බලපත්රයක් නැති වුනත් 49-50cc කාණ්ඩයේ Scooter කිසිම ප්‍රශ්නයක් නැතුව පාරේ පදින්න පුළුවන්. හැබැයි ඒ Scooter වලට පැයට කිලෝමීටර් 30 ක් උපරිම වේගයකින්තමයි යන්න පුළුවන්. ඔබට රියදුරු බලපත්‍රයක් තියෙනවා නම් 150cc හෝ ඊට වැඩි ධාරිතාවක් තියෙන Scooter එකක් ගන්න පුළුවන්. ඒවා සුවිශේෂී පහසුකම් වලින්ද සමන්විත වෙනවා.

Scooter වල තියෙන තවත් විශේෂත්වයක් තමයි Gear නොමැති වීම. ඒ නිසා සරලව ධාවනය කරන්න පුළුවන්. ඇත්තටම චීනය, ජපානය සහ කොරියාව වගේ රටවල Scooter එක කියන්නේ ජීවිතයේ කොටසක්.

Tags

Leave a Reply

Back to top button
Close
Close