MaintenanceTech

මෝටර් බයික්වල බ්‍රේක් ගැන දැනගෙන සිටිය යුතු කරුණු

Motorbike ගත්ත ගමන් ඒක පාවිච්චි කරන්න කලින් දැනගෙන ඉන්න ඕනේ දේවල් ගොඩක් තියෙනවා. ඒවලින් වැදගත්ම එකක් තමයි හරියට Brake පාවිච්චි කරන විදිය. මොකද හදිසි වෙලාවක හරියට බ්‍රේක් ගහගන්න බැරි උනොත් motorbike එකයි ඔයාගේ ජීවිතයයි දෙකම අනතුරේ. ගොඩක් අයට බයික් එකක් ගත්ත ගමන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි හරිහට ගියර් මාරු කරන එක. ඒත් ඇත්තටම ලොකුම වැදගත්කමක් තියෙන්නේ කොයි වෙලාවේ මොන brake එකද හරියට ගහන්නේ කියන එකයි. මේ දේවල් හරියට දැනගෙන හිටියොත් බයික් එකටයි ඔයාගේ ජිවිතේටයි තියෙන අවදානම ගොඩක් අඩු කරගන්න පුලුවන්.

  • මොන බ්‍රේක් එකද පාවිච්චි කරන්නේ?

රෝද දෙකක වාහනයක යනකොට බැලන්ස් කරගෙන යන එක ඉතාමත් වැදගත්. ඒකයි ඉස්සරහ සහ පිටිපස්ස කියලා brake ජාති දෙකක් තියෙන්නේ. මේ ගැන විශේෂඥයෝ නම් කියන්නේ ආයාසය දරද්දී සාමාන්‍යයෙන් බයික් එකේ දකුණු පැත්තේ handle එකේ තියෙන ඉස්සරහ බ්‍රේක් 70% ක් සහ දකුණු පැත්තෙම පැඩ්ල් එක තියෙන පිටිපස්සේ බ්‍රේක් 30% ක් වෙන විදියට බ්‍රේක් කරන්න කියලා. ඉස්සරහ බ්‍රේක් එකට වැඩි ආයාසයක් දරන්නේ බයික් එකේ බර බැලන්ස් වෙන්නේ වේගයත් එක්ක පිටිපස්සේ රෝදෙ ඉඳලා ඉස්සරහ රෝදෙට. පාලනයෙන් ගිලිහෙන්නේ නැතුව වැඩි බරක් දරන්න ඕනේ නිසා තමයි මෙහෙම වැඩි ආයාසයක් දරන්නේ. මේ විදියට පිටිපස්සේ රෝදෙට දෙන ආයාසය අඩු වෙද්දී ඒ රෝදය පාලනය කරගන්න ලේසි.

  • බයික් එකට අනුව බ්‍රේක් කරන්න.

කලින් කියපු 70/30 අනුපාතය බයික් එක අනුව ටිකක් වෙනස් වෙන්න පුලුවන්. කෲසර් සහ චොපර් වගේ handle එක දිග වැඩි බයික් වල පිටිපස්සේ රෝදයට යෙදෙන බර වැඩි නිසා පිටුපස brake වැඩියෙන් පාවිච්චි වෙනවා. හැබැයි ස්පෝර්ට්ස් බයික් වල වීල්බේස් දිග අඩු නිසා සහ ෆෝර්ක්ස් සිරස් නිසා ඉස්සරහ brake වලට වැඩි ආයාසයක් යෙදුවත් ඒක දරාගන්න පුලුවන්. ඩර්ට් බයික්, එහෙම නැත්නම් අපි දන්න ට්‍රේලර් බයික් වල නම් ඉස්සරහ බ්‍රේක් පාවිච්චි වෙන්නෙම නැති තරම්. මොකද මේ බයික් පාවිච්චි වෙන පාරවල් වල් ලොකු ඝර්ෂණයක් නැහැ. හොඳ පළපුරුදු අය පදින සුපර්මොටො වගේ රේසින් බයික් නම් බයික් එක ඇල කරන එකෙන්ම වේගය අඩු කරගන්නවා.

  • කොච්චර තදින් බ්‍රේක් කරන්න ඕනෙද?

තමන්ගේ motobike එකේ brake system එක වැඩ කරන විදිය කලිනම දැනගෙන ඉන්න එක කෝකටත් හොඳයි. ඉතින් වාහන නැති හිස් ඉඩක පොඩ්ඩක් බ්‍රේක් කර කර බලන්න. එතකොට ඔයාට දළ අදහසක් එනවා කොච්චර තදට බ්‍රේක් එක අල්ලන්න/ පාගන්න ඕනෙද කියලා. ඉස්සරහ බ්‍රේක් විතරක් ගහලා බලන්න, පිටිපස්සේ brake විතරක් ගහලා බලන්න. ටිකක් වේගය වැඩි කරලා ඇවිත් බලන්න. පිටිපස්සේ බ්‍රේක් විතරක් ගැහුවම motobike එක ටිකක් ලිස්සලා යන විදිය, ඉස්සරහ බ්‍රේක් විතරක් ගැහුවම පිටිපස්සේ රෝදෙ ඉස්සෙන එක වගේ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්.

  • බයික් එක සිරස් අතට තියාගන්න.

බයික් එකේ ටයර් එක හදලා තියෙන්නේ කෙළින් අතට තියෙද්දී බ්‍රේක් උපරිම විදියට වැඩ කරන්න. බයික් එක ඇළ වෙන්න වෙන්න ටයර් එකට පාරත් එක්ක බැඳිලා ඉන්න පුලුවන් හැකියාවත් එන්න එන්න අඩු වෙනවා. බයික් එක හරවන ගමන් බ්‍රේක් කරන්න පුලුවන්, ඒත් ඇළ කරන්න කරන්න අවදානම වැඩි වෙනවා. මොකද මෙහෙම වෙද්දී බයික් එක ලිස්සලා යන්න තියෙන සම්භාවිතාවය ඉතාමත්ම වැඩියි.

  • පාරේ ස්වභාවය

බයික් එකේ විදියට වගේම පාරේ විදිය එක්කත් බ්‍රේක් පාවිච්චි කරන විදිය වෙනස් වෙනවා. වැඩිය රළු නැති පාරක යද්දී ඉස්සරහ බ්‍රේක් පාවිච්චිය ටිකක් අඩු කරන්න ඕනේ. මොකද කියනව නම් ඉස්සරහ රෝද ලොක් උන ගමන් බයික් එකේ පාලනය නැතිවෙලා යනවා. පාර ලිස්සනසුළු තෙත ස්වභාවයක් තියෙන කොට පිටුපස බ්‍රේක් පාවිච්චි කරලා පිටුපස රෝදය හිර වෙන එකෙන් ලොකු අකරතැබ්බයක් වෙන්න ඉඩ අඩුයි. තෙල් හැලුණු තැන් වගේ තැන්වල මුලින්ම පිටුපස බ්‍රේක් පාවිච්චි කරන්න ඕනේ. ට්‍රේල් බයික් වල ඕෆ් රෝඩ් යද්දි නම් ඉස්සරහ බ්‍රේක් පාවිච්චි කරන්නෙම නැහැ.

  • ලින්ක්ඩ් බ්‍රේක් (සම්බන්ධිත බ්‍රේක්)

සමහර scooter, කෲසර් බයික් වගේ ඒවල ඉස්සරහ පිටිපස්සේ බ්‍රේක් එකින් එකට සම්බන්ධ කරලා තියෙනවා. ඉස්සරහ brake ගැහුවම පිටිපස්සේ බ්‍රේක් වදින්නත්, මොන බ්‍රේක් එක ගැහුවත් දෙකම වදින විදියටත් බ්‍රේක් සම්බන්ධ කරලා තියෙන්නේ ඇති වෙන්න පුලුවන් සංකීර්ණතා අඩු වෙන්න.

  • ඇන්ටි ලොක් බ්‍රේකින් සිස්ටම් (ABS)

ABS කියලා කියන්නේ බයික් එක ලිස්සල යන්න හදන්නේ කියන එක හඳුනාගෙන කොච්චර තදට බ්‍රේක් කරත් රෝදෙ ලොක් වෙන්නේ නැති වෙන විදියට හදපු සිස්ටම් එකක්. හැබැයි බයික් එක ඇළ කරලා නම් තියෙන්නෙ ABS තිබ්බට වැඩක් නැහැ.

සමහර අය මේ ලින්ක්ඩ් බ්‍රේක්, ABS වගේ පරිගණකගත කරපු බයික් වලට කැමති නැහැ. අනතුරු අවම කරගෙන ආරක්ෂිතම විදියට බයික් එකක් පාවිච්චි කරන්න ඕනේ නම් ගන්න කලින් හොඳට හොයලා බලලා ටෙස්ට් රයිඩ් එකකුත් ගිහින් තමන්ට ගැළපෙනම බයික් එක ගන්න.

ඉතින් මේ brake ගැන වගේම බයික් එකට ඇතුලත් කරන Tyre එක ගැනත් අනිවාර්යෙන්ම හොඳ සැලකිල්ලක් දක්වන්න ඕන.මොකද කොච්චර හොඳ බ්‍රේක් සිස්ටම් එකක් තිබ්බත් වැඩක් නෑ බයික් එකට දාලා තියෙන්නේ ලංකාවේ පාරවල් වලට ගැලපෙන්නේ නැති ටයර් නම්.මේ නිසා ඕන තැනකදී හොඳට බ්‍රේක් වදින ලංකාවේ අපේ පාරවල් වලටම ගැලපෙන්න ලංකාවේ අපේම නිශ්පාදනයක් වෙන DSI Tyre වගේ ටයර් එකක් දාගන්න අමතක කරන්නත් එපා.

Tags
Back to top button
Close
Close