Maintenance

බයික් ටයර් ගැන හරියට දැනගමු – හතරවෙනි කොටස

ටයර් වලට සම්බන්ධව biker.lk අනෙක් ලිපි කියෙවේ නැත්ත්නම් පහත ලින්ක් වලින් ඔබට එ ලිපි සඳහා පිවිසිය හැක.

දැන් ටයර් වල ඉතිහාසය,ටයර් වර්ග,ටයර් හදන හැටි දැනගෙන ඉවර නිසා මේ ලිපියෙන් අපි කථාකරන්න යන්නේ ටයර් වලට සම්බන්ධ ඉතාම වැදගත් දෙයක් වෙන මොටර්බයික් ටයර් වල ආරක්ශාව සහ එහි ජිවිත කාලය වැඩි කරගත හැකි ක්‍රම සහ වෙනත් වැදගත් තොරතුරු.මෙහිදී ඔබ ෆෙස්ස්බුක් පොස්ට් වල කමෙන්ට් කර තිබු සමහර ප්‍රශ්නවලට පිළිතුරුද ඇතුලත්.

ඉක්මනට ගෙවෙන්නේ ඇයි?

ටයර් එකේ ජිවිත කාලය ඉක්මනින් ඉවර වෙන ප්‍රධානම කාරණයක් තමයි ටයර් එකේ ගෙවීම.අන්තර්ජාතිකව ගත්තොත් මොටර්බයික් ටයර් එකක ජිවකාලය වැඩි කාලයක් තිබුනත් ලංකාවේදී මාර්ග වල තිබෙන තත්වය සහ උශ්නත්වය අධික පරිසර තත්ව නිසා මේ ආයුකාලය තවත් අඩුවෙන්න පුලුවන්.කොහොම උනත් බයික් එකේ ටයර් ඉක්මනට ගෙවෙන්න පුලුවන් ප්‍රධානම හේතු විදියට ඇබ්ස් හෝ ඉදිරිපස කොටස විවිධ මොඩිෆිකෙශ්න් මත අනවශ්‍ය ආකාරයට බරින් වැඩි අවස්ථා ,එ වගේම හැමෝම දන්න කතන්දරේ – අවශ්‍ය හුලං ප්‍රමානය නොමැති විට( ටයර් වැඩියෙන් ගෙවෙන එක අහන්න දෙයක් නෙමෙයිනේ).

හැබයි වැඩිය හිතන්නේ නැති දෙයක් තමයි ඔබ භාන්ඩ ප්‍රවාහනය කරනව නම් අනිවාර්යෙන්ම එහි බර බැලන්ස් වන ආකාරයට තියන්නේ නැති එක.එ වගේම අධික වේගය,කෙලින්ම තියෙන මාර්ග කියන්නේ ටයර් ඉක්මනට ගෙවා දමන ප්‍රධානම හේතු.මේ දෙවල් වලට අමතරව අපට වෙනස් කරගන්න බැරිම දේ දිගටම පුරුදු වෙලා තියෙන අපි බයික් එක ධාවනය කරන විදිය(සීට් එකෙන් ඔබ වඩා ඉදිරියට පැමිණිමත් වඩා පසුපසට ගොස් ධාවනයට පුරුදු වී ඇත්නම් එය ටයර් වල ගෙවීම වැඩිකරයි) සහ මාර්ග වල තත්වය(මේ ගැන නම් අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍යය නැහැනේ),වැරදි වීල්/ෆ්‍රෙම් එලයින්මන්ට්,බ්‍රෙක් වල වැරදි සැකසුම් වගේ කාරනාත් සෘජුවම ටයර් වල ජිවිත කාලයට බලපානවා. ඉතින් මේ ප්‍රශ්න ටික පොඩ්ඩක් නිවැරදි කරගන්න පුලුවන් නම් වැඩේ ගොඩ.

එ වගේම ඔය මොනව කරත් වැඩක් නෑ හරි කොලිටි ටයර් එකක් බයික් එකට දැම්මේ නැත්තන් ඉතින්
,ඔබට වැඩි කාලයක භාවිතා කරන්න ටයර් එකක් නම් හොයන්නේ biker.lk අපේ නිර්දේශය නම් ලන්කාව පුරාම විශ්වාසය දිනාගෙන ඉන්න වැඩි කාලයක් භාවිත කරන්න පුලුවන් DSI GenX ටයර් තමයි .වෙන බයික් ටයර්වල නැති රෑ කාලෙදි අනෙක් වාහන වලට පෙන්න මේ ටයර් එකේ විශේෂ නියෝන් ස්ටිකර් එකක් තියෙන නිසා ආරක්ශාව අතිනුත් හොඳයි.

ඇයි ඩැමේජ්ද?

පැච් එකක් ආවම ට්යුබ් එක හදාගෙන ආයෙත් බයික් එකේ අමුණගෙන දිව්වට ටයර් එකට ඇදුණු කාලෙත් එක්ක පැදලම තුනිවෙලා තියෙන ටියුබ් අනිවාර්යෙන්ම භාවිතයෙන් ඉවත් කරන්න.කලින් කිව්ව වගේ නිවැරදි එයාර් ප්‍රෙශර් එකක් තියාගන්න ට්යුබ් එකෙන් අධාරයක් දෙන්නේ නෑ කියන්නේ ටයර් එක වැඩිපුර ගෙවෙන්න ගන්නවා.එ නිසා ගැරෙජ් එකෙන් දෙන කෑලි එල්ලලා සෙට් කරපු ටියුබ් දාන්නේ නැතුව අලුත් එකක්ම දාගන්න.එ වගේම ටයර් එකක් උනත් කාලයත් එක්ක ගෙවුනට පස්සේ ශේප් එකේ පැදගෙන යනවා කියලා හිතලා මාරු නොකර ඉන්න නම් එපා.එකක් එකෙන් වෙන්නේ ඔබව සහ අනෙක් අයව අනතුරු වලට ලක්වෙන එක.අනෙක නීතිමය තත්වය යටතේ ඔබ කරන්නෙ බරපතල වරදක් .

යන්න කලින් බලන්න

මොන ගමනක් යන්න කලින් උනත් විශේෂයෙන් දුරගමනක් යනවා නම් බයික් එකේ රෝද නම් අනිවාර්යෙන්ම චෙක් කරන්න අමතක කරන්න එපා.ගෙවිලා තියෙන ටයර් එකකින් විශේෂයෙන් තෙත් මාර්ගයකදී බයික් එක නවතාගැනීම අසීරු කරන නිසා කලින් ඒ ගැන දැනුවත්වීම වැදගත්.මෙහිදී මිලිමිටර් 1ක් ගැඹුරක් දක්වා ටයර් එකේ කට්ට ගෙවුනු පසුව ටයර් එක මාරුකරගන්න පුලුවන් නම් ඔබේ අවධානම ලොකු ප්‍රමානයයකින් අඩුවේ යයි අපගේ විශ්වාසයයි.

මීට අමතරව කලින් කිව්වා අලුත් රෝද බයික් එක සවිකිරීමෙදී වෙන අනෙක් වරදක් වෙන බැලන්ස් එක නිසියාකාරව නොකිරීම ටයර් වල පැවැත්මට ලොකු බලපැමක් එල්ල කරනවා.ටියිබ්ලස් ටයර් වල සහ ටියුබ් සහිත ටයර්වල එකිනෙකට වෙනස් ක්‍රම දෙකකට මෙය සිදුකරන නිසා එ පිළිබඳව නිවැරදි දැනුමක් සහ ආම්පන්න ඇති ස්ථානයකින්ම වැඩේ කරගන්න.(මොකද ඇහේ මිම්මට මේ බැලන්ස් එක බලන තැන් සැහෙන තියෙන නිසා).අනෙක් වැදගත්ම දේ පිටුපස ටයර් එකට වඩා හරි බැලන්ස් එකක් තිබීම අනිවාර්ය දෙයක්.

අමතක වෙනවද හැමදාම?

බයික් එකේ තියෙන්නේ ටියුබ්ලස් ටයර්ද? ආ.. එහෙනම් ඉතින් ඔය ඇනයක් එහෙම ඇනුනට අවුලක් නෑ.ලොකුවට හුලං යන්නේ නැති නිසා ගමන යන්න පුලුවන්.හැබයි මේ වගේ ඇනයක් හරි මොකක් හරි ටයර් එක හිල්කරන් රැදිලා තියෙනවා කියලා ඔබ දන්නේ නැත්තන් මොකද වෙන්නෙ කියලා හිතලා බලලා තියෙනවද?වැඩි දුරක් ධාවනය වෙන වෙලාවක එ වගේ සිදුරකින් ඔබටත් බයික් එකටත් වෙන්න පුලුවන් හානිය ගැන හිතිලා තියෙනවද? එක නිසා හුලං යන්නේ නෑ ගමන යන්න පුලුවන් කියලා ටයර් එකේ රෙපෙයාර් එක අමතක නොකර මුලින්ම කරගන්න.

එ වගේම එ වගේ අවස්ථාවකදී ටයර් එක සහ රීම් එක අනිවාර්යෙන්ම හොඳින් පරීක්ෂා කරගන්න එ වගේම පැච් එක ටයර් එකේ පැත්තක නම් තියෙන්නේ එතනදි සාමාන්‍ය පැච් එකක් විදියට පොඩි රෙප්යාර් එකක් දාන එක නම් අපි අනුමත කරන්නේ නෑ.එ ඇයි කියන එක ඔබට වඩාත් හොඳින් තෙරුම් යයි ටියුබ්ලස් ටයර් එක සම්බන්ධ අපි පලකල ලිපියේ ඇති රූප සටහන් බැලුව නම්.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close