MaintenanceTech

බයික් ටයර් ගැන හරියට දැනගමු – දෙවන කොටස

බයික් එකේ තියෙන ඔබවයි මහ පාරයි එකිනෙක සම්බන්ධ කරන වැදගත්ම දේ තමයි බයික් එකේ ටයර් දෙක කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.ඔබ අනතුරකට ලක්වෙනවද? නැත්තන් එකෙන් බේරෙනවද ? කියන දේට බලපාන ප්‍රධාන සාධකයක් විදියට ටයර් දෙක අඳුරගන්න පුලුවන් නිසා බයික් එකේ අනෙක් කොටස් වලට වඩා වැඩි අවධානයක් අනිවාර්යෙන්ම ටයර් දෙකට නම් දෙන්න ඕනේ.හැබයි ඉතින් එහෙම කරන්න බයික් ටයර් ගැන දැනගෙන ඉන්න ඕනේනේ.ඉතින් බිකෙර්.ල්ක් අපි ටයර් ගැන පලකරපු පලමු ලිපිය බැලුවේ නැත්නම් මෙතන ක්ලික් කරන්න.එ ලිපිය බැලුවා නම් ටයර් ගැන එතනින් එහාට තොරතුරු තිබෙන ඊලඟ ලිපිය පහලට බලාගෙන යමු.හැබයි ටයර් ගැන පලවෙනි ලිපිය බැලුවේ නැත්නම් මෙතන ක්ලික් කරලා මුලින්ම එක බලලා එන්න.

ටියුබ්ලස් සහ ටියුබ්ඩ් ටයර් අතර වෙනස

ගියවර ලිපියෙන් අපි කතා කරා ටයර් ටයිප් 8 ගැන ඉතින් මේ පාර ටයර් වර්ග බෙදන්න පුලුවන් ප්‍රදාන වර්ග 2 ගැන තමයි බලන්නේ.මේ කතාව ගොඩක් ෆේස්බුක් ගෲප් වල අහල තිබ්බ ප්‍රශ්නයක්.බයික් එකක් ගත්ත නවකයෙක් මේ ප්‍රශ්නය අහන එක ප්‍රශ්නයක් නෙමෙයි.හැබයි බයික් ගැන හොඳින් දන්න උදවියත් මේ ටියුබ්ලස් සහ ටියුබ්ඩ් ටයර් අතර වෙනස ගැන හරි හැටි අවබොධයක් තිබෙනවද කියන එක සලකලා බලන්න ඕන කාරනයක්.

වචනෙම තියෙනවා වගේ මේ ටියුබ්ලස් ටයර් එකේ ටියුබ් එක නෑ අනිකේ තියෙනවා.ටියුබ් ටයර් ගැන කතාව හැදෙන්නේ ටයර් හදපු මුල් කාලේ වාතයේ ප්‍රෙශර් එක රඳව ගන්න ටියුබ් එකක් භාවිතා කරපු නිසා.මේ ටියුබ් එක ටයර් එකෙන් වෙන්ව වෙනම ටයර් ස්පෝක් සමඟ තිබෙන බයික් වල සාමාන්‍යෙන් භාවිතා කරනවා.මෙහෙම වෙන්න ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ ටයර් එකේ රබර් වලට වාතයෙ ප්‍රෙශර් එක තියාගන්න තරම් නම්‍යශීලී බවින් අඩු නිසා කියලා තමයි කියන්නේ.ඉතින් බැලන්ස් එක තියාගන්න එ කාලේ ටියුබ් එකයි ටයර් එකයි වෙන වෙනම රබර් වර්ග දෙකකින් හදන්න පටන් අරන්.

ටියුබ්ලස් ටයර් ගැන බැලුවොත් දැන් කාලේ තිබෙන උපරිම තාක්ශනයක් යටතේ තමයි හදන්නේ.මේ වර්ගයේ ටයර් සැහැල්ලු බවින් ,ආරක්ශාකාරි බවින්,පැච් වලට ඔරොත්තු දෙන ,අලුත්වැඩියා කිරිමට පහසු බවෛන් යුක්තයි.ඉතින් මේ වාසි අතුරින් හොඳින්ම කැපි පෙන්නේ හිල් වෙන එකෙන් ආරක්ශිත බව සහ අලුත්වැඩියාව පහසු වෙන එක.සාමාන්‍යා ටයර් එකක් ඇති බයික් එකක ඔබ පැයට සැතපුම් 80ක වේගයෙන් ගියාද,මඩ ගොහොරක ගියාද කියලා අදාලම නෑ පැච් එකක් යන වෙලාවට .කාර් වෑන් වල වගේ අමතර රෝදයක් තියෙන එකක්යෑ.ගැරෙජ් ගානේ තල්ලු කරන්නම වෙනවා.ඉතින් මේ වගේ ඇන්,තියුනු ගල් වගේ දේවල් වලින් ටයර් එක ආරක්ශාවෙන විදියට තමයි ටියිබ්ලස් ටයර් එක හදලා තියෙන්නේ.ඇත්තටම වෙන්නේ ඇනයක් හරි වෙන ඕනෙම තියුනු දෙයක් ඇනුනම ට්යිබ්ලස් ටයර් එකෙ තියෙන ප්‍රදාන ලෙයර් එකකින් අර සිදුර වටේට සීල් කරලා ටයර් එකේ තියෙන වාතය එලියට යන එක නැති කරන එක.

ඇයි ඩර්ට් බයික් වල ටියුබ් තියෙන්නේ?

දැන් බලපු කරුනු අනුව ටියුබ් ටයර් ගොඩක් අවාසි කියලා තෙරෙනවනේ.හැබයි අපි හැමෝම බයික් රේස් වල එහෙම දකින දෙයක් තමයි තාම ඩර්ට් බයික් වල ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ ටියුබ් ටයර් වීම.මෙකට හේතු වෙලා තියෙන්නේ ධාවනය රළු මාර්ගයකදි ටියුබ් ටයර් එ සඳහා දාවකයාට දෙන සහයෝගය ටියුබ්ලස් ටයර් වලට වඩා වැඩි වීම.මොකද ඩර්ට් බයික් එකක් යන පාරේ ඇති බාදක වලින් දෙන පීඩනය ටියුබ් ටයර් සහිත බයික් එකකින් වඩා හොඳට අවශෝශනය කරගන්න බව හොයාගෙන තියෙන.වාකොහොම උනත් ගොඩක් දාවකයන් ස්පෝක් තියෙන ටයර් වලට තවමත් කැමැත්තක් දක්වන එක තවත් එක හේතුවක් විදියට දකින්න පුලුවන්.

කෝ මේ හුලං ගහන වැල්ව් එක?

ටියුබ්ලස් ටයර් එකක සහ ටියුබ් සහිත ටයර් එකක තියෙන ඊලඟ වෙනස තමයි “හුලං ගහන වැල්ව් එක“ සාමාන්‍යෙන් ටියුබ් සහිත් ටයර් එකක වැල්ව් එක ටියුබ් එකෙ ඉදන් ටයර් එකෙන් රිම් එක දක්වා එලියට එනවා.ඒක ලොක් නට් එකකින් දැඩි කරලා තියෙනවා දකින්න පුලුවන්.හැබැයි ටියුබ්ලස් ටයර් එකක වැල්ව් එක එක රිම් එකට සෙට් කරලා වෙනම කොටසක් විදියට තමයි තියෙන්නේ.ඔබ ටයර් එක මාර් කරන හැම වාරයකදීම මේ නිසා වැල්ව් එකත් මාරු කරන්න වෙනවා.

පුපුරයිද? පුපුරනවද?

වැඩි වේගයකින් ධාවනය කරන විට ටියුබ්ලස් ටයර් වල ඝර්ශන බලය බොහොම අඩුයි.එ කිව්වේ ටයර් එක සහ පාර අතර තිබෙන ගට්ටනය අඩුයි කියන එක.උදාහරනෙකට ඔබේ අත්දෙක එක දිගට ඇතිල්ලුවොත් ඔබට ඉබේම අත්ලේ උශ්නත්වය වැඩි වෙනවා වගේ ටයර් එක සහ පාරෙත් එ දේම වෙනවා.හැබැයි ටියුබ් ටයර් වලදී වැඩියෙන් මේ ඝර්ශනය කියන කතාව වෙන නිසා ඇතිවෙන උශ්නත්වය වැඩියි.මේ නිසා ටයර් එක පුපුරන්න උනත් පුලුවන්.මේ ටිප් එක ගොඩක්ම වැදගත් ඔය රෝඩ් ට්‍රිප් යන සෙට් එකට තමයි.

උදාහරනෙකට හම්බන්තොට පැත්තේ වගේ ඇරලා දාලා යන්න පුලුවන් ෆුල් ෆ්‍රී පාරක පරිසරේ තියෙන රස්නේත් එක්ක අධික වේගයෙන් ගියොත් මේ වගේ පිපිරීමක් වෙන්න පුලුවන්.හිතලා බලන්නකො තාර පාරේ ගිනි කට්ට අව්වේ හයිස්පීඩ් යනකොට ටයර් එකක් පිපුරුනාම තියෙන සනීපේ.එක නිසා ටියුබ්ලස් ටයර් එ අතින් නම් ආරක්ශිතයි කියලා කියන්න පුලුවන්.ඔය පහල තියෙන විඩීයෝ එකේ තියෙන්නෙත් එ වගේ උන අනතුරක් වාසනාවකට යන්තම් බෙරුනත් හැමවෙලේම එ වාසනාව තියෙවි කියලා කවුද දන්නේ?

 

එ වගේම වැදගත්ම දේ ඔය උඩ තියෙන විඩීයෝ එකේ වගේ අනතුරක් නොවී යන්න දැනට ලංකාවේ ටියුබ්ලස් ටයර් එහෙම ගන්නවා නම් අපේම දෙයක් වෙන DSI ටයර් රෙකමන්ඩ් කරන්න පුලුවන්.සෙෆ්ටි අතින් ගත්තම විශේෂයෙන්ම රෑ කාලේ ධාවනයෙදි DSI වලින් වෙලඳපලට හඳුන්වලා දීලා තියෙන DSI Gen X ටයර් එක ගොඩක් වටිනව.හේතුව මේ DSI Gen X ටයර් එකේ තියෙන නියෝන් ඉෆෙක්ට් එක නිසා රාත්‍රී කාලයෙදි ඔබව අනෙක් වාහන වල හොඳින් පේන එක. එ නිසා ඔබට වෙන්න පුලුවන් අනතුරු අඩුවෙනවා කියන එක අලුතෙන් කියන්න දෙයක් නෙමෙයිනේ.රාත්‍රි කාලේ අනතුරු වලින් වලකින්නේ කොහොමද කියන ලිපියෙදිත් මේ DSI Gen X  ටයර් ගැන සඳහන් කරා ඔබට මතක ඇති.එ ලිපිය බලන්න කැමති නම් මෙතන ක්ලික් කරන්න

එ වගේම අනෙක් DSI ටයර් ගැන බැලුවත් කල්පැවැත්ම අතින් කොලිටිය අතින් තිබෙන උසස් බව නිසා ඔබේ සාක්කුවට වගේම හිතටත් වාසි වෙයි.හොඳම කතාව තමයි දැන් DSI ටයර් Daraz එකෙන් ඔඩර් කරන්නත් පුලුවන්.වැඩි විස්තර බලන්න මේ ලින්ක් එකෙන් – https://bit.ly/2LvixFy

ඉතින් ඊලග ලිපියෙන් අපි බලාපොරොත්තු වෙනවා ටයර් වල සැකැස්ම සහ ඊට අදාල කරුනු අරන් එන්න .ඔබට ජය,සුබ ගමන්, අපිට මිස් උන මේකට අදාල තවත් කරුනු ඔබ දන්නවා නම් ෆෙස්බුක් පොස්ට් එකට කමෙන්ට් එකක් විදියට දාන්න අමතක කරන්න එපා.

Tags

Leave a Reply

Back to top button
Close
Close