MaintenanceWhat's Hot

බයික් ටයර් ගැන හරියට දැනගමු – i

පලමු කොටස

බයික් එකේ තියෙන ඔබවයි මහ පාරයි එකිනෙක සම්බන්ධ කරන වැදගත්ම දේ තමයි බයික් එකේ ටයර් දෙක.ඔබ අනතුරකට ලක්වෙනවද? නැත්තන් එකෙන් බේරෙනවද ? කියන දේට බලපාන ප්‍රධාන සාධකයක් විදියට ටයර් දෙක අඳුරගන්න පුලුවන් නිසා බයික් එකේ අනෙක් කොටස් වලට වඩා වැඩි අවධානයක් අනිවාර්යෙන්ම ටයර් දෙකට නම් දෙන්න ඕනේ.හැබයි ඉතින් එහෙම කරන්න බයික් ටයර් ගැන දැනගෙන ඉන්න ඕනේනේ.ඉතින් biker.lk අපි අද තීරනය කරා එ ගැන කොටස් කිහිපයක ලිපි පෙලකින් ඔබව දැනුවත් කරන්න.

මුල අමතක කරන්න එපා

බයික් ටයර් ගැන පලමු ලිපිය අපි පටන්ගන්න හිතුවේ ටයර් එකේ අතීතයෙන්.ගෑස් හෝ ප්‍රේශර් එකක් යටතේ අපි අද ඔය භාවිතාකරන ටයර් වල මුලින්ම හදල තියෙන්නේ 1888දී ජෝන් ඩන්ලොප් කියන ස්කොට්ලන්ත ජාතික විද්වතා විසින්.හැබයි මේක බයිසිකල් සහ මොටර් බයික් අතර වැඩියෙන්ම ප්‍රචලිත වෙලා තියෙන්නේ 1895දී.ඊට පස්සේ 1894 ඉදන් 1897 කාලෙදී දැන් බයික් වල වගේ නිශ්පාදන මට්ටමෙදීම බයික් වලට මේ ටයර් ඇඩ් කරලා තියෙනවා.

tyre guide sri lankaඑකාලේ තිබිලා තියෙන්නේ අඟල් 22 සිට 28 වෙනකන් විශ්කම්බයක් තියෙන අඟල් 1.5 සිට 2 දක්වා පලලක් තියෙන පොඩ්ඩක් සයිස් එකෙන් අඩු ටයර්.කොහොම හරි 1915 ඉදන් 1929 වගේ කාලෙදි ටයර් එකේ ලොකු වෙනස්කම් වෙලා තියෙනවා.නිකම්ම රබර් වෙනුවට පීඩනය දරාගන්න පුලුවන් විදියට ලෝහදැලක් එක්ක පීඩනය දරාගන්න පුලුවන් ටයර් මේ කාලේ හදලා තියෙනවා.1956 සිට 1964 වගේ කාලෙදී හොදට වංගු ගන්න පුලුවන්,40% ඝර්ශනය වැඩි අනතුරු අඩු කරන ටයර් නිශ්පාදනය වෙලා තියෙනවා.

1970 දශකයෙදී ඒක තවත් වැඩි දියුනු වෙලා පලල වැඩි ටයර් වෙලදපොලට ඇවිල්ලා තියෙනවා.ඉතින් මේ ටයර් වල තාක්ශනය කොච්චර වෙනස් උනාද කියනව නම් 2013 වෙනකොට මොටො ජීපී තරඟාවලියෙදී මාර්ක් මාකුවෙස් කියන ස්පාඤ්ඤ ජාතික ක්‍රීඩකයා knee-and-elbow down turning එක ඉතාමත පහසුවෙන් වඩා වැඩියෙන් කරන තත්වයට පත්වෙනවා.එ ටයර් කන්ඩායමේ 2011 සිට කරපු පරීක්ශන වල ප්‍රතිඵලයක් විදියට.ඉතින් ඔය විදියට මොටර්බයික් ඉතිහාසේ බොහොම සැකවින් දක්වන්න පුලුවන්.

එකේක වර්ගේ වෙන වෙනම

ඊලගට බලමු මොටර්බයික් ටයර් වර්ග ගැන,බයික් එකේ වර්ගේ අනුව අද වෙනකොට ටයර් එකත් ගොඩක් වෙනස්කම් එක්ක තමයි වෙලඳපලට එන්නේ.ඉතින් ඒක නිසා අනිවාරයෙන්ම ටයර් වල වර්ග ගැන ඔබේ දැනුවත් බව වැදගත් උදාහරණ විදියට ස්පෝට්ස්,ස්පෝර්ට් ටුවරින්,ටුවරින්,කෲස,ස්කූටර්,ඔන්/ඔෆ් රෝඩ්,ඩුවල් ස්පෝට්,එන්ඩියුරෝ,මොටර්ක්‍රෝස් සහ රේසින් වගේ ලොකු පරාසයකින් දකින්න පුලුවන්.

ස්පෝර්ට් ටයර් මේ වර්ගයේ ටයර් යොදාගන්නේ රේසින් තරග වලට,තියෙන ලොකුම විශේෂත්වය තමයි වංගු ගැනීමේදි තියෙන ග්‍රීප් එක සැහෙන ඉහල අගයක් ගැනීම එ වගේම දැඩි වේගය නිසා ඇතිවෙන අධික උෂ්ණත්වයට අනුකුලව හදලා තිබෙන නිසා මේ වර්ගයේ ටයර් නම් සාමාන්‍ය පාරක ධාවනය නම් සුදුසු වෙන්නෙ නෑ.එ වගේම රේස් එකක ඉකමනින් තමන්ගේ වේගය වැඩි කරගැනීමට මෙම වර්ගයේ ටයර් කෘතිමව උශ්නත්වයකට පත්කිරීමද සිදු කරනවා.එ සඳහා tyre warmer පාවිච්චි කරනවා.එමගින් ටයර් එකේ ග්‍රිප් එක වැඩි වෙනවා වගේම ටයර් එක හීට් වීමට අමතර වාර ගනනක් අවශ්‍යය නැති නිසා ටයර් එකෙ ආයු කාලයද වැඩි වෙනවා.

motobike tyre guide sri lanka

ස්පෝර්ට් ටුවරින් දැඩි තියුනු වංගු නැති පාරවල් වල,එක දිගට ඉතා දිගු කාලයක් ඔබට ගමන් කරන්න වෙනවා නම්(උදාහරනෙක්ට කොලඹ-ගාල්ල,වව්නියාව-යාපනය වගේ)මේ ටයිප් එකේ ටයර් තමයි ගැලපෙන්නේ.ටයර් එකේ ග්‍රිප් එක සහ ආයුකාලය ඉහල අගයක් එන විදියට හදලා තියෙන නිසා සාක්කුවටත් වාසි.

ස්පෝර්ට් ස්ට්‍රීට් සාමානය පොදු පාරක ඕනේම වංගුවකට ගැලපෙන වේගයෙන් තමන්ගේ ගමන් බිමන් යන්න කියාපු ටයර් වර්ගය තමයි මේ.වේගවත් බව වැඩිවෙන්න වැඩිවෙන්න වංගු ගැනිම ලෙසී වෙනවා උනත් අධික උශ්නත්වයෙදී ග්‍රිප් එක අඩුවීමෙ සම්භාවිතාව වැඩි.හැබයි තෙත්,සීත කාලගුනයකදි උනත් මේ ටයර් වල ධාවනය අවුලක් නෑ.

ට්‍රැක් රේසින් තරඟ සඳහා පමනක්ම වෙන්වුන ටයර් එකක් කියලා හඳුන්වන්න පුලුවන්.පොලව සහ ටයර් එක අතර සබදතාව වෙනත් ටයර් වලට වැඩි නිසා ආරක්ශාකාරි බව පොඩ්ඩක් ඉහලයි.හැබයි සාමානය ධාවනයට යෙදුවොත් නම් ආයු කාලය ඉතාම කෙටියි.( මේ ටයිප් ටයර් හදන්නේ ඉහලම තත්වයේ සුමුදු රබර් වලින් නිසා සාමානය රලු දාවනයකට නොසුදුසුයි.)

කෲස් මේ ටයර් ටයිප් එක අනෙක් ටයර් ටයිප් එක්ක සැසඳු විට අලුත්.මෙම ටයිප් එක වෙලඳපලට එන්න කලින් ස්පෝර්ට් ටයිප් එක එ වෙනුවට භාවිතා කරලා තියෙනවා.හැබයි කෲස් ටයර් ඝනකමින් අඩු සහ පලලින් වැඩි වන අතර එමගින් සුමුදු ධාවනයකට ඉඩ ප්‍රස්තාව ලබාදෙනවා.

OFF ROAD TYRE GUIDE

ඕෆ් රෝඩ් මඩ,වැලි,බොරළු වගේ ඕනෙම කර්කෂ පරිසරයකට ඔරොත්තු දෙන කට්ට සහිත මේ ටයිප් එකේ ටයර් ඔෆ්රෝඩ් බයික් වලටම විශේෂිතයි.

ටුවරින් ඉතා දැඩි රබර් වලින් සාදා ඇති මෙම ටයර් විශේෂය ඉතා දිගු ආයු කාලයක් හිමියි.හැබැයි ග්‍රීප් එක පැත්තෙන් ගත්තොත් මේ ටයර් ස්පෝට් ටයර් වලට වඩා පහල අගයක් ගන්නවා.හැබයි උශ්නත්වය අඩු කාලගුන තත්වවලදී ,විශේෂයෙන්ම නුවර එලිය වගේ සීත පැති වලට ගැලපෙනවා.

ස්ලීක් ටයර් සහ ලග් ටයර් – එ වගේම තව ටයර් ටයිප් දෙකක් තමයි ස්ලීක් සහ ලග් කියන්නේ.ඔතන ස්ලීක් කියන ටයර් ටයිප් එක මුලින්ම භාවිතා කරලා තියෙන්නේ ෆොර්මියුලා ධාවන තරඟ වලට හැබැයි දැන් එ ටයිප් එකේ ටයර් ඔබේ බයික් වලටත් ගැලපෙන නිශ්පාදනය වෙනවා.එ වගේම ලග් ටයර් ටයිප් එකේ විශේෂත්වය තමයි ඒකේ කට්ටා වල හැඩය සහ මතුපිටට නෙරපු ස්භාවය.දැක්කම ඕනෙම බයිකර් කෙනෙකුට තෙරේනවා ඔෆ් රෝඩ් වලට නම් කියාපු ටයර් එකක් කියලා මේක නම්.කොහොම හරි මේ ටය්ප් දෙකේ ටයර් ඔබට ගෙදරටම ගෙන්න ගන්න පුලුවන් DSI  එකෙන්.ස්ලීක් ටයිප් එක නම් මිලදී ගන්න ඕන නම් මෙතන ක්ලික් කරන්න.ලග් ටයිප් ටයර් මීලදී ගන්න කැමති නම් මෙතන ක්ලික් කරන්න

ඉතින් ඊලග ලිපියෙන් අපි බලාපොරොත්තු වෙනවා ටයර් වල සැකැස්ම සහ ඊට අදාල කරුනු අරන් එන්න .ඔබට ජය,සුබ ගමන්, අපිට මිස් උන මේකට අදාල තවත් කරුනු ඔබ දන්නවා නම් ෆෙස්බුක් පොස්ට් එකට කමෙන්ට් එකක් විදියට දාන්න අමතක කරන්න එපා.

 

Tags

Leave a Reply

Back to top button
Close
Close