The Time OutWhat's Hot

Bike trip එකක් යන්න කලින් මේ ගැනත් හිතන්න

යාලුවෝ එක්ක එකතු වෙලා යමුද පොඩි රෝන්දයක්. හැබැයි ගමන Bike එකේ. ඇත්තටම Bike එකේ Ride කරන එක දැන් ඔබේ Hobby එක කියලා අපි දන්නවා. ඒ නිසයි අඩුම ගාණේ මාසෙකට පාරක් හරි Bike එකේ යාලුවෝ එක්ක හරි, අරයා එක්ක හරි පොඩි Trip එකක් යන්න ඕනේ කියලා අපි ඔබට යෝජනා කරන්නේ. එතකොට ඔබට දැනෙයි ජීවත් වෙනවා කියලා. හැබැයි රජෝ ඔය මොන Trip එක ගියත්, ගමන පිටත් වෙන්න කලින් හිතන්න ඕනේ දේවල් වගේම කරන්න ඕනේ දේවලුත් තියෙනවා. අන්න ඒ List එක ගැනයි දැන් අපි ඔබට කියන්න හදන්නේ.

01. හොදම Bike එක


ඔබ යන්න හදන්නේ Trip එකක්. ඒ ගමන යන්නේ කොහෙද? මොනවගේ පාරක්ද යන්න වෙන්නේ, km කීයක් දුරයිද? ගමන යන ප්‍රදේශයේ මොනවගේ කාලගුණයක්ද තියෙන්නේ? ඔය කියන ප්‍රශ්න වලට උත්තර දන්නේ ඔබ විතරයි. ඒ නිසා ඔබේ ගමනේ හැටියටයි Bike එක තෝරාගන්න වෙන්නේ. Bike එකේ ගියත් සැපට යන්න තියෙන්න ඕනේ. ඒ නිසා මේ ගමනට හරියන සැප පහසුව වැඩි Bike එකක් ඔබ තෝරගන්න ඕනේ. එතනදි ඔබට පුලුවන් Bike එකේ සමහර තත්ව වෙනස් කරගන්න. Handle Bar, සුව පහසු seats, head lights සහ guards අලුතින් එක් කරගන්න පුලුවන්. හැබැයි ඔය මොන දේ වෙනස් කරත් Bike එකේ ලස්සනට වඩා මේ වෙලාවේ ඔබ හිතන්න ඕනේ යන පාරේ හැටියට Bike එකේ ධාවන තත්වය කොහොමද කියන එක ගැනයි.

 

02.හොදම ඇදුම


ඊලගට ඔබ බලන්න ඕනේ Bike Trip එක යන්න අදින්නේ මොනවද කියලා. ඔබ නිතරම Ride කරනවා නම් Riding pants, ankle boots, riding jacket සහ Full face helmet ලග ඇති. නැත්නම් අන්තර්ජාල වෙළදපොල හරහා හෝ ලංකාවේ කඩ වලින් ගන්න පුලුවන්. මේ ඇදුම් set එක ඔබ Bike trip එකක් යනකොට අදින්න පුලුවන්. හැබැයි ගන්නකොට ඔබේ ඇගේ ගානට මේ දේවල් ගන්න අමතක කරන්න එපා. නැත්නම් ඔබට ගමන එපා වෙයි. මොකද මේ ඇදුම් ආයිත්තම් ඔබට තද වුනොත් හෝ ලොකු වැඩි වුණොත් ඔබේ ගමන ගොඩාක් දුශ්කර එකක් වෙනවනේ.

 

03.බැරි බර බිමින් තියන්


Trip එකක් යනකොට ගොඩාක් අය කරන වැරද්දක් තමයි ලොකූ බෑග් අරං යන එක. ඇත්තටම ඒක බරපතල වරදක්. අනික දැන් ඔබ Trip එක යන්න ලෑස්ති වෙන්නේ Bike එකේ. ඒ නිසා ඕනවට වඩා බර පටවන්න බැහැ. මතක තියා ගන්න ඔබ Trip යනකොට අරං යන්න ඕනේ අවශ්යම දේවල් ටික විතරයි. එතනදි අවශ්යම දේවලත් අවශ්ය ප්රමාණය විතරයි. ගොඩාක් අය Trip එකක් යනකොට සබන්, ශැම්පූ, ටූත් පේස්ට් පවා අලුතෙන් ගන්නවා. එහෙම කරන්න ඕනේ නෑ. ගෙදර පාවිච්චි කරපු සබන් කෑල්ලක්, ශැම්පු බෝතලෙන් ටිකක් පොඩි බෝතලේකට දාගෙන යන්න පුලුවන්නේ. එතකොට එනකොට ඒ දේවල් දාලා ආවත් පාඩු නැහැ. මොකද Trip එක ගිහින් එනකොට ඔබ ඒ අතර මග දකින දේවලුත් ඔය බෑග් එකටම ඔබා ගන්නවනේ. ඒ නිසා බර අඩූවෙන් ගමන් මල්ලක් හදා ගන්න වෙනවා.

 

04.ජලයෙන් අනූන ගමනක්

bike trip sri lanka
ගොඩාක් Ridersලා හිතන්නේම නැති කාරණාවක් තමයි මේ. හැබැයි ඇත්තටම කල්පනා කරලා බැලුවොත් ඔබ වැඩියෙන්ම සැළකිලිමත් වෙන්න ඕනෙත් මේ ගැනයි. ඔබ Trip එක යන්නේ Bike එකක. ඒ නිසා ඔබ බාහිර වාතයට සම්පූර්ණයෙන්ම නිරාවරණය වෙනවා. එතනදි දිවා කාලයේ ඔබ නොදැනුවත්වම විජලනය ඇති වෙන්න ඉඩ වැඩී. ඒ නිසා Bike Rider වෙනුවෙන්ම හදපු hydration pack එකක් ගන්න. ඒකට වතුර පුරවලා පිටේ එල්ල ගත්තා නම් ඔබට ගමන අතරතුර Bike එක නවත්තන්නේ නැතුව, helmet දාගෙනම වතුර බොන්න පුලුවන්. ඒ Pack එක ටිකක් ගණන්. ඒක ඕන නෑ කියලා හිතුණත් සාමාන්ය වතුර බෝතලයක් හරි අමතක නොකර දාගෙන යන්න. වතුර තිබහ නැති වුණත් Bike එක නවත්තන හැම තැනකදිම වතුර උගුරක් දෙකක් බොන්න.

 

05. පාර දැනගෙන ගමන

bike trip sri lanka
අපිට යන එන හැම පාරක්ම මතක තියා ගන්න බැහැ. ඒ නිසා හොදම දේ ගමන පිටත් වෙන්න කලින්ම ඔබේ ගමනාන්තය Google map එකකින් බලලා Screen shots ටිකක් ගන්න එක. මොකද ගමන අතරතුර ඔබේ Phone එකට Signal තත්වේ කොහොම වෙයිද කියන්න බැහැ. ඒ වගේම පුලුවන්නම් ඒ screen shots, Print out එකකටත් ගන්න. එතකොට Phone එකේ බැටරි බැස්සත් ප්රශ්නයක් නෑ. මේ දේවල් වලින් හරි පාරෙන් අතරමන් නොවී ගමන යන්න ඔබට හැකියාව ලැබෙනවා වගේම වෙලාවත් ඉතුරු කරගන්න පුලුවන්. සමහර නොදන්න පළාත් වලට ගියාම සමහරු ඒ ගම් වල අයගෙන් පාර අහන්න ලැජ්ජයි. එහෙම වෙන්නත් එපා. ඒ වගේම හැම ගමනාන්තයකටම යන්න පාරවල් දෙකක් වත් බලා ගන්න. ලේසියෙන්ම යන්න පුලුවන් එකයි, සිරි නරඹන්න පුලුවන් පාරයි. එතකොට ඒ පරෙන් ගිහින් මේ පාරෙන් එන්න පුලුවන්නේ.

 

06. Bike එකට ඕන දේ ගත්තද?

bike trip sri lankaඔබ Trip එක යන්නේ Bike එකේ. සමහරවිට ඔබත් නොදන්නා පළාතකට. ඒ නිසා ඔබ ගමන යන්න ඕනේ කෝකටත් සුදානම් ශරීරයෙන්. ඔබට ඕන දේවල් ගත්තා වගේම අතර මඟදී Bike එකට ඕන වෙන දේවල් ටිකත් මතක් කරලා ගන්න. එතැනදී Bike එකෙන් Bike එකට ඕන කරන දේවල් වෙනස් වෙනවා. හැබැයි පොදුවේ ඔය ඕනෑම Bike එකකට spare tube, spark plugs, break සහ accelerator cables, engine oil වගේ දේවල් ඕන වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ දේවලුත් ඔබ Trip එක යන්න ගන්න ඕනේ.

 

07. යමුද රවුමක්

bike trip sri lanka
ලංකාවේ ඉන්න ඔබ Bike එකෙන් යාළුවො එක්ක හරි තනියම හරි Trip එකක් යන්න Plan කරනවා නම්, යන්නේ කොහෙද කියා කියා ලතවෙනවා නම් අපි කියන්නම් යන්න හොඳම තැන් කිහිපයක්.

ඔබට සුන්දර කඳු වැටි, තේ වතු යායක මිහිර විඳිමින් සීතල පරිසරයකට යන්න ආස නම් නුවර එළිය හරහා ඇල්ල පැත්තට යන්න. රටේ ඉතිහාසය ගැන මතක් කරගන්න, අතීතෙට යන්න ඕන නම් නුවරින් අනුරාධපුරයට ගිහින් පොළොන්නරුව හරහා ආයේ දඹුල්ල පැත්තට ඇවිත් සීගිරියට යන්න පුළුවන්. එතකොට අපේ රටේ තැනිතලා භුමියේ ගැමි සුන්දරත්වය විඳගෙනම හොඳට පීන පීන නාන්න වැව් රාශියක් මුණගැහේවි. ඒ වගේම අපේ රටේ සුන්දර මුහුදු වෙරළ තීරයේ සුන්දරත්වය විඳින්න ඕනේ නම් ඔබට පුළුවන් ගාලු පාර දිගේ ගිහින් යාල හරහා ආරුගම්බේ පැත්තට යන්න. මුහුදු සුළඟ, මුහුදු කෑම, ධීවර දිවිය වගේම ආරුගම්බේ මුහුදේ දියකෙලියටත් එතකොට ඔබට ඉඩකඩ ලැබෙනවා.

ඔන්න ඕකයි කතාව. යාලුවෝ හරි අරයා හරි කමක් නෑ, කවුරු එක්ක Trip ගියත් Bike එකට නගින්න කලින් මෙන්න මේ කියපු දේවල් ගැන ඔබ සැළකිලිමත් වෙන්න ඕනේ. ඒ ටික Ok නම් අපි යමු රවුමක්…

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
Close
Close