The Time Out

සොරුන්ගෙන් Bike එක පරිස්සම් කරගන්න හැටි : Bike Theft Prevention Tips

වාහන හොරකම් කරන හොරෙක්ට ලේසියෙන්ම හොරකම් කරගෙන යන්න පුළුවන් වාහනය තමයි ඔබේ බයික් එක. මොකද බයික් එකට එන ලොක් එක පළපුරුදු හොරෙක්ට කඩලා ඔහුගේ වගේ රැගෙන යන්න පුළුවන් තල්ලු කරගෙනම. ඉතින් අපි පහතින් කතා කරන්නේ හොරකුට අවස්ථාවක් නොදී අපේ බයික් එක රැකගන්නේ කොහොමද කියලයි.

01.Hidden Kill Switch

Bike Theft Prevention Tips

මෙම වර්ගයේ Switch එකක් ඔබේ Bike එකට දීමෙන් හොරෙක්ට එක පාරටම Bike එක ස්ටාර්ට් කරගෙන යන්න බැරි වෙනවා. මෙතැනදී වෙන්නේ සාමාන්‍යයෙන් Bike එක Start කරන Switch එක හොරෙක් කැඩුවම, දෙවෙනි Start කරන Switch එක විදිහට මේ Switch එක වැඩ කරන එකයි. පලවෙනි Start Switch එක හොරා කැඩුවට, Bike එක Start කරගන්න නම් මේ Switch එක ක්‍රියාත්මක කරගන්නම වෙනවා. හැබැයි මෙහෙම Switch එකක් Bike එකේ තියෙනව කියල දන්නේ ඔබ පමණයි. පළපුරුදු කාර්මිකයෙකුගේ උපදෙස් මත මේ වර්ගයේ Switch එකක් ඔබේ Bike එකට සවි කරගන්න පුළුවන්.

02.Anti-Theft Locks

Bike Theft Prevention Tips

 

අගුල් භාවිතයෙන් ඔබගේ බයික් එක පරිස්සම් කරගන්න පුළුවන් ක්‍රම 03ක් තියෙනවා.

1. Cable locks – කේබලයක් සහිත ආරක්ෂණ පද්ධති
2. Steering lock – Bike එකේ Handle එකට විතරක් එන ආරක්ෂණ පද්ධති
3. Disc lock (with or without an alarm) – බයික් එකේ රෝද වල Disk වලට එන ආරක්ෂණ පද්ධති (දැනුම් දීමේ Alarm එක සහිත සහ රහිත ලෙස)

ඉහත දැක්වූ ආරක්ෂණ පද්ධති වෙළඳපලේ විවිධ මිල ගණන් යටතේ පවතිනවා. ඔබට Bike එකේ ආරක්ෂාවට වියදම් කල හැකි ප්‍රමාණය ඔබම තීරණය කරගන්න. පළපුරුදු Bike කාර්මිකයෙක්ගේ උපදෙස් මත ඔබේ Bike එකේ ආරක්ෂාවට මෙම අගුල්  භාවිතයෙන් ඔබගේ Bike එක පරිස්සම් කරගන්න පුළුවන්.

03.GPS System

දැනට තියෙන ටිකක් මිළ අධික වුණත් වඩාත් ආරක්ෂිතම ක්‍රමය තමයි මේ. මේකෙන් හොරෙක් ඔබේ Bike එක අරගෙන ගියත් ඒක තියෙන තැන හොයාගෙන හොරත් එක්කම Bike එක හොයාගන්න පුළුවන්.

යතුරු පැදි සොරකම් වළක්වාගැනීමේ සරල ඉඟි

1. Bike එක නවත්වන හැම විටම එන්ජිම ක්‍රියා විරහිත කර යතුර ඔබේ අතටම ගන්න.
2. Bike එක හැමදාම ස්ථාවර තැනක ලොක් කරන්න.
3. තැටියක අගුලක් හෝ මාරු Switch එකක් වැනි වෙනත් ආකාරයේ අගුලක් භාවිතා කරන්න. (ඉහතින් සඳහන් කල Hidden Kill Switch)
4. වෙනත් biker කෙනෙක් සමඟ ගමන් කළොත්, ඔබගේ බයිසිකල් දෙකම එකට ලොක් කරන්න.
5. ඔබට නිතර පේන තැනක බයික් එක Park කරලා Lock කරන්න.
6. ඔබ නවත්වන ස්ථානයේ CCTV තිබේ නම් එයට කෙලින්ම පේන ආකාරයට Bike එක Park කරන්න.
7. Bike එකට අදාළ සියළුම ලියකියවිලි (registration, motorcycle insurance card) හැම වෙලාවකම ඔබ ළඟ සුරක්ෂිතව තබා ගන්න.
8. ඔබේ ගරාජය තුළ රැගෙන යාමට නොහැකි ලෙස බයික් එක පාක් කරන්න (පළමුව Bike එක Park කර, ඊට පිටුපසින් විශාල ප්‍රමාණයේ වාහනයක් ලෙස)

මෙන්න මේ කියන කාරනා වලට අනුව ඔබ Bike එක පරිස්සම් කරගන්න කල්පනා කළොත් කිසිම ජගතෙකුට ඔබේ Bike එක උස්සනවා තියා හොල්ලන්නවත් බැරි වෙයි.

Tags

Leave a Reply

Back to top button
Close
Close