Bike Spare Parts ගන්න කලින් මේ ගැනත් හිතන්න.

බයික් එක කැඩුණොත් නැත්නම් Service කරනකොට, bike spare parts ගන්න ඔබට සිද්ධ වෙනවා. හැබැයි ඉතින් මහමඟ රස්තියාදු නොවී රජා වගේ ගමන යන්න නම් හොඳම Parts තමයි ඔබ බයික් එකට දාන්න ඕනේ. ඇත්තටම වෙළදපොලේ තියෙන ඕනම bike spare parts එකක් හොඳද ? නැත්නම් කොහොමද හොඳම Spare Parts තෝරා ගන්නේ. ඔන්න ඔය ප්‍රශ්ණ වලටයි අද Biker.lk අපි උත්තර දෙන්නේ.
Replace කරනවද? Upgrade කරනවද?
බයික් එක හදන්න කියලා ගරාජ් එකට දැම්මම ඔබට කියයි, මේ මේ බයික් Spare Parts දාන්න වෙනවා කියලා. හැබැයි එතකොට ඔබ අහලා දැන ගන්න ඕනේ ඒ බයික් Spare Part එක අලුතෙන්ම දාන්න ඕනෙද? නැත්නම් තියෙන එකම ආයෙත් ඔයිල් කරලා, Upgrade කරලා ගන්න පුලුවන්ද කියලා. මොකද ඇත්තටම බයික් එකේ සමහර Parts, Replace කරන්නැතුව Upgrade කරලා ගන්න පුලුවන්. ඒක සාක්කුවටත් වාසියි.
පොඩ්ඩක් Smart වෙන්න
බයික් එකක් ගැම්මට Smart විදිහට පදිනවා වගේම බයික් Spare Parts දානකොටත් ඔබ Smart වෙන්න ඕනේ. අලුතෙන් Spare Parts දාන්න ඕන වුණාම අමතර උපාංග තියෙන Shops තුන හතරකටවත් ගිහිං ගණං අහලා, Catalog එක කියවලා, ඕන නම් තව දන්න කියන කෙනෙක් ගෙනුත් මේ Spare Parts ගැන විස්තර අහලා දැනගෙනයි සල්ලි වියදම් කරන්න ඕනේ.
Original දානවද?
සාමාන්‍යයෙන් ඕනම Spare Part එකක Quality දෙක තුනක නිශ්පාදන තියෙන්න පුලුවන්. බොහෝදුරට ඒවල මිල ගණනුත් වෙනස් වෙනවා. බාල Spare Parts වල ගාණ අඩුයි. හැබැයි “බාල බඩුවෙ හිලක්” කියන කතාව අමතක කරන්න එපා. ඒ නිසා පොඩි වාසිය බලන්නේ නැතුව පුලුවන් හැමවෙලාවකම Original Spare Parts අරන් බයික් එකට දාන්න. එතකොට කල්පැවැත්මත් හොදයි
මෙන්න මේ කිවුව දේවල් ටික බයික් එකට Spare Parts දානකොට ඔබ හිතන්න ඕනේ. එත්කොට තව සෑහෙන්න කාලෙකට ඔබට ගරාජ් ගානේ රස්තියාදු වෙන්න සිද්ධ වෙන එකකුත් නැහැ.