Bike Performance වැඩි කරන Parts

Bike එකක් ගත්තම ඇහැට කනට පේන්න හැබැයි ඇගට පතට නොදැනී යන්න තියෙන්න ඕනේ. හැබැයි ඔබේ Bike එක පරණ වෙන්න පරණ වෙන්න Bike එකට අවශ්‍ය Update කරේ නැත්නම් bike performance බලං ඉද්දි අඩු වෙනවා. අන්න ඒ නිසයි කොයි කාලෙටත් හරියන්න Bike එකේ performance වගේම Bike එකේ Look එක වැඩි කරගන්න පුලුවන් Bike Performance Parts ගැන අපි ඔබට කියන්නේ. සමහර විට මේ Parts ටිකක් ගණන් වැඩි වෙන්න පුලුවන්. හැබැයි Bike එකේ පෙනුමට සහ Bike Performance වැඩි කරගන්න මේ මූල්‍යමය පාඩුව ඔබට දරාගන්න වෙනවා.
01. පැති කණ්නාඩි
කණ්නාඩි කියන්නේ හැම Bike එකේම නීත්‍යානුකූලව තියෙන්න ඕනේ කොටසක්. හැබැයි සමහර වෙලාවට අලුතෙන් ගන්න කොට bike එකේ තියෙන පැති කණ්නාඩි එතරම්ම කැපී පෙනෙන පෙනුමක් නෑ. විශේෂයෙන්ම off road හෝ sports bike වල කණ්නාඩි වල පෙනු එච්චර හොද නෑ. හැබැයි ලගම තියෙන bike parts වෙළද වැලට ගියොත් හරියටම bike එකට ගැලපෙන කණ්නාඩි set එක මිලදී ගන්න පුලුවන්. CRG Hindsight හෝ Blindsight Bar End Mirrors ඔබට වෙළඳපොලෙන් ගන්න පුළුවන් හොඳම තේරීමයි. handlebars දෙකෙලවරට ඒවා සම්බන්ධ කරන්න පුළුවන්.
02. Reflectors
Bike එක ගන්නකොටම Bike එකේ තියෙන Reflectors වල පෙනුම එතරම් ආකර්ශනීය නැහැ. ඒ නිසා ගොඩාක් Riders ලා ඒ Reflectors මාරු කරගන්නවා. එතැනදී අනිවාර්යයෙන් Bike එකට ගැලපෙන Reflectors දාගන්න ඔබට පුළුවන්. Bike එකට හොඳ Mirrors තියෙන්න ඕනේ කියලා ඔබත් හොඳටම දන්නවා. හැබැයි මේ Reflectors තියෙනවද නැද්ද කියලා නම් කවුරුත් වද වෙන්නේ නැහැ. හැබැයි අඳුරේ ගමනකදී වගේම ඕනෑම වේලාවකදී ඔබට වගේම Bike එකේ ආරක්ෂාවටත් Reflectors ඉතාම වැදගත්. ඒ නිසා ඔබේ Bike එකෙත් Reflectors මොන තත්ත්වයෙන්ද තියෙන්නේ කියලා නිතරම හොයලා බලන්න ඕනේ.
03. Exhaust System
Bike එකක Performance වැඩි කරන්න අපිට කරන්න පුළුවන් ලොකුම Upgrade එක තමයි Exhaust System එක හෙවත් ජ්වලන පද්ධතිය වැඩි දියුණු කිරීම. එවිට දහනයට වැඩිපුර වාතය ලබා ගැනීමට හැකි වනවා සේම Engine එක මඟින් නිපදවන ශක්තිය අපතේ යාමද මඟ හැරෙනවා. එහිදී Exhaust System එකම අලුතෙන් මාරු කිරීම මිල අධික වැඩක් නම් muffler සහ slip on පමණක් මාරු කිරීමත් ප්‍රමාණවත්. හැබැයි Carbon fiber exhausts වල පෙනුම හොඳ වුණත් කල්පැවැත්ම අතින් titanium හෝ steel යොදා නිපදවපු එකක් තෝරා ගැනීම වැදගත්.
04. Fender Eliminator Kit
Fender Eliminator කට්ටලය මඟින් Bike එකේ පෙනුම සම්පුර්ණයෙන්ම වෙනස් වෙලා, ලස්සන ආකර්ශනීය පෙනුමක් ලැබෙනවා. සමහර Fender Eliminator කට්ටල ඕනෑම Bike එකකට ගැලපුනත් සමහර Fender Eliminator කට්ටල ගැලපෙන්නේ එක නියමිත Bike වර්ගයක් සඳහා පමණයි. එම නිසා Fender Eliminator කට්ටල ගන්නකොට සැලකිලිමත් වෙන්න.
05. Air Filter
අලුත් වායු පද්ධතියක් Bike එකේ දහනය සඳහා රැගෙන ඒමේ සියලු වගකීම තියෙන්නේ Air Filter එකටයි. එම නිසාම නිතරම වගේ, එහෙමත් නැත්නම් දින දෙක තුනකට වරක්වත් Air Filter එක ගලවලා පිරිසිඳු කිරීම වටිනවා. ඒ මඟින් ඉන්ධන දහනය කාර්යක්ෂම වෙලා Bike Performance වැඩි වෙනවා. මෙය Bike එකේ ආයු කාලය ඉහල දාන්නත් කෙලින්ම බලපානවා.
06. Rear Seat Cowl 
Bike එකේ පෙනුම වැඩි කරන උපාංගයක් තමයි Rear Seat Cowl. හැබැයි මේ මඟින් ඔබේ Bike එකේ පෙනුම වැඩිකරන අතරම Bike එකේ පිටුපස යන කෙනාට තරමක අපහසුවක් ගෙන එනවා. හැබැයි ඔබ තනියමම Bike එකේ යනවා එනවා නම් මේ Part එක දැම්මා කියලා ප්‍රශ්නයක් නැහැ.
07. Suspension
මේ මඟින් ඔබේ බර, සුවපහසුව මෙන්ම Bike එක හැසිරවීමේ හැකියාව පාලනය කෙරෙනවා. එපමණක් නෙවෙයි Bike Performance වැඩි කරගෙන ඔබ ගමන වඩා වැඩි වේගයකින් යනවිට එම ගමන වඩාත් සුමට සහ ආරක්ෂිත එකක් වන්නේත් මේ Suspension නිසයි.
08. Tires
Bike එකේ Performance වැඩි කරගන්න නම් ඔබ වැඩියෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ මෙන්න මේ කාරනාව ගැනයි. හැබැයි ලෝකේ ඕනෑම Bike නිෂ්පාදකයෙක් වෙළඳපොළට Bike එකක් විකිනීමට ඉදිරිපත් කරනවිට කිසිසේත්ම සැලකිලිමත් නොවෙන දේත් ටයර්ම තමයි. මොකද ඕනෑම කෙනෙක් දන්නවා Bike එක ගත්තට පස්සේ කොහොමත් මේ Tires මාරු කරනබව. හැබැයි එතැනදී ඔබ ආනයනය කරන ලද ටයර්ම ආයෙත් මිලදී නොගන්න වගබලා ගන්න ඕනේ. මොකද පිටරටින් ගෙන්වන හැම Tire එකක්ම නිෂ්පානය කරලා තියෙන්නේ අදාළ නිෂ්පාදිත රටේ මාර්ග වලට ගැලපෙන්න. ඒවා කිසිසේත්ම ලංකාවේ අපේ පාරවල් වලට ගැලපෙන්නේ නැති බව ඔබට පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා සෑම විටම දේශීය ටයර් සන්නාමයක් භාවිතා කිරීම ඥානාන්විතයි. එහිදීත් කට්ට රටා හොඳට තියෙන, වැඩි නම්‍යශීලි බවකින් යුතු, වැඩි ප්‍රමාණයක් පොළොවේ ස්පර්ශ වෙන ටයර් දෙකක් දාගන්න. එවිට පොළව හොඳින් ස්පර්ශ වන නිසා Bike Engine එක නිපදවන බලය පොඩ්ඩක්වත් අපතේ නොයවා උපරිම කාර්යක්ෂමතාවකින් ගමනේ යෙදෙන්න ඔබට පුළුවන් වේවි.
09. Frame Sliders
ඔබේ Bike එකේ ආරක්ෂාව වෙනුවෙන් මේ Part එකත් ගොඩාක් වැදගත්. Bike එකේ දෙපැත්තෙන්ම Frame Sliders තිබුනොත් අනතුරකදී හෝ හදිස්සියේ Bike එක පෙරලුනොත් සිද්ධ වෙන හානිය අවම වෙනවා. ඒ වගේම ඔබේ Bike එක දිහා බලන් ඉන්න කෙනෙක්ට මේ Frame Sliders නිසා ඔබ Bike එක අධික වේගයෙන් පදවන බව පේනවා.
ඔන්න ඔය කියපු විදිහට මේ වෙනස්කම් මගින් ඔබගේ Bike Performance මෙන්ම පෙනුමත් යන දෙකම වැඩි දියුණු වෙනවා. හැබැයි එතැනදී පෙනුම සම්බන්ධ දේවල් ඔබේ කැමැත්ත මත වෙනස් වුණත්, Bike Performance සම්බන්ධ කාරනා සියල්ලම හැකි ඉක්මනින් සපුරා ගැනීම තුලින් ලොකු මුල්‍යමය වාසියක් වගේම බඉකේ එකෙන් උපරිම කාර්යක්ෂමතාවයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.