Maintenance

Bike engine එක over heat වෙන්න හේතු- Bike Overheating

බයික් එකක් පදිනකොට ඔබට එන තවත් ප්‍රශ්නයක් තමයි බයික් එකේ එන්ජිම අධිකව රත්වෙන එක- bike overheating. විශේෂයෙන්ම දීර්ඝ ගමනක දෙනකොට වගේම දිගු වෙලාවක් පාරේ ට්රැෆික් අස්සේ හිරවෙලා ඉන්න වේලාවකදී ඔබ මේ දේ වැඩිපුර අත්විඳලා ඇති. මේ දේ වෙලාවකට ඔබට පාලනය කරන්නත් අමාරු තරම්.

Air Cool engine තියෙන බයික් වල මේ ගතිය හොඳටම වැඩියි. එහෙමයි කියල Liquid cooled එන්ජින් තියෙන බයික් වල මේක නෑ කියල අපිට කියන්න බෑ. එත් Liquid cooled එන්ජින් තියෙන බයික් වල මේ ගතිය අඩු වෙන්නේ එන්ජිම තුළ එන්ජිම තුල හා ඉන් පිටතට සිසිල්ව තියාගන්න එන්ජින් ඔයිල් එක යම් ප්රමාණයකට උදව් වෙන නිසා. ඒ කොහොම වුනත් අපි මුලින්ම බලමු බයික් එකේ එන්ජිම අධිකව රත්වෙන්න බලපාන හේතු මොනවාද කියල.

01 යන්න කලින් Warm Up කරන්න

bike overheating

ඔබ එදිනෙදා රැකියාවට යන්න හරි වෙන ගමනක් යන්න හරි කලින් බයික් එක ස්ටාට් කරපු ගමන් යන්න ලෑස්තිවෙන්න එපා. එන්ජිම කිහිපයක් මිනිත්තු කීපයක් නිවුටල් එකේ තියන්න. මෙම ක්රියාවලියෙන් එන්ජින් එක උණුසුම් (Warm Up) වන නිසා මෙය කිරීමෙන් ඔබගේ යතුරු පැදියේ එන්ජිම නිරෝගීවෙනවා.

02 කාබ් එක Clean ද?

bike overheating

යතුරු පැදියේ එන්ජිම අධිකව උනුසුම් වීම වළක්වා ගැනීම නම් සිලින්ඩරයට ඇතුළුවූ වාතය සහ ඉන්ධන මිශ්රණය නිවැරදි වෙන්න ඕන. එන්ජිමට ඇතුල් වන වාතය / ඉන්ධන මිශ්රණය අසමතුලිතයි නම්, ඔබේ එන්ජිම වැඩි රත්වීමක් වෙන්න පුළුවන්. මේ නිසා පරිපූර්ණ මිශ්රණයක් සිද්ධ වෙන්න නම් ඔබේ කාබරේටර් එක පිරිසිඳුව තියාගන්න එක ඉතා වැදගත් වෙනවා.

03 Heat නොවෙන්න Check කරන්න

bike overheating

එන්ජින් එක අධිකව රත්වීම ජය ගන්න නම් ඔබේ එන්ජිමේ තියෙන්න ඕන ඔයිල් ප්රමාණය නිතරම තියාගන්න. එන්ජින් ඔයිල් ප්රමාණය අඩු වීම හෝ ඉකුත්වීම එන්ජිම අධිකව රත්වෙන්න හේතුවක් වෙනවා. එනිජිමේ සෞඛ්ය සම්පන්න ගතිය සුරැකෙන්න නම් නියමිත කාලයට එන්ජින් ඔයිල් මාරු කරන එක කරන්නම ඕන. වායු සිසිලනය කළ එන්ජිමක් සඳහා, එන්ජිම කිලෝ මීටර් 3,000 ක් පමණ දුරට එන්ජිමේ ඔයිල් මාරු කරන එක අනිවාර්යයි.

04 Bike එක Cool නම් ඔයත් Cool

bike overheating

ඔබ පාවිච්චි කරන්නේ ද්රව සිසිලනය කරන ලද යතුරුපැදි එන්ජිමක් තියෙන බයික් එකක් නම්, එන්ජිම ඵලදායීව සිසිලනය කරන්න එන්ජිම ඇතුළත සිසිලනකාරකයෙන් විකිරණ සපයනු ලබනවා. හරි වෙලාවට සිසිලන ජලය එක්ක තියෙන සිසිලන සංකලනය වැඩ කරනවද කියල සතියකට පාරක්වත් පරික්ෂා කරන එක ඔබ කල යුතුම දෙයක්.

05 රේඩියේටරේ කුණු නේද?

bike overheating

ඔබ පාවිච්චි කරන්නේ රේඩියේටරයක් හරහා සිසිල් වෙන එන්ජිමක් සහිත බයික් එකක් නම් මේ රේඩියටරයේ කුණු, දූවිලි බැඳිලා තියේද කියල පරික්ෂා කරන්න. මොකද මේ රේඩියෙටරේ අවිධිමත් විදිහට කුණු, දූවිලි බැඳිලා තිබුනොත් ඒකේ බලපෑම කෙලින්ම එන්නේ ඔබේ එන්ජිමට.

06 Leak වුනොත් Sorry

bike overheating

හැම වෙලාවකම සිසිලන මට්ටම් නිවැරදි බව තහවුරු කර ගන්න. නිර්දේශිත මට්ටමට වඩා අඩු වූ සිසිලනයක මට්ටම නම්, උෂ්ණත්ව ගැටලු වළක්වා ගන්න අවශ්ය කරන ජලය එකතු කිරීමෙන් උෂ්ණත්වය පාලනය කරගන්න. කාන්දු වීමක් දිගටම තියෙනවනම් රෙපායර් කරගන්නම වෙනවා.

07 Bike එකට Break එකක්

bike overheating

දිගු වේලාවක් අධි වේගයෙන් ගමන් කිරීම කියන්නේ එන්ජිම රත් වෙන එක නවත්තන්නම බෑ.ඉතින් මේකට හොඳම විසඳුම වෙන්නේ එකදිගට ධාවනය කරන අතරවාරයේ එන්ජිම නතර කරලා එය විනාඩි 10-15 ක් පමණ සිසිල් වෙනකන් තියල ආපහු ගමනේ ඉතිරිටික යන එක තමයි.

මෙන්න මේ කියන කාරනා නිසා Bike එක Over Heat වෙනවා වගේම එහෙම නොවී Bike එක ධාවනය කරන්න උපදෙස් මෙතන තියෙනවා. ඒ නිසා දැන් ඉතින් ඔබට Bike එක Heat එක නවත්ත ගන්නත් පුළුවන්, Heat වුණොත් ආයේ සිසිල් කරගන්නත් පුළුවන්.

Tags

Leave a Reply

Back to top button
Close
Close