Maintenance

Bike එකට ගැළපෙන Oil එක තෝරා ගන්න විදිය

අපේ ඔලුවට කාලෙකින් තෙල් ටිකක් දැම්මේ නැති වුනොත් ඔලුව වේලිලා යනවා. ඊට පස්සේ දරා ගන්න බැරි හිසේ කැක්කුම. Bike වලටත් එහෙමයි. හරි වෙලාවට තෙල් මාරු නොකරොත්, ගැළපෙන තෙල් නොදැම්මොත් ලෙඩ ගොඩයි. ඒ නිසා දැන් අපි කියන්න යන්නේ ඔබේ Bike එකට ගැළපෙන Oil එක තෝරා ගන්න විදිය.

ලොකුම බොරුව

Bike Oil

ඔබ අන්තරජාලයේ Bike Oil ගැන හොයලා බැලුවොත් එක එක අය කියපු එක එක කතා දකින්න පුළුවන්. හැබැයි ඒවගෙන ගොඩක් බොරු. තම තමන්ගේ අත්දැකීම් අනුව තමයි ගොඩක් අය Bike Oil ගැන විස්තර කරන්නේ. ඒ නිසා හරිම තොරතුරු විතරක් තෝරා බේරා ගන්න එක ඉතාම වැදගත්.

අන්තර්ජාලයේ Bike Oil ගැන තියෙන ලොකුම බොරුව තමයි සැතපුම් 3000 කට පස්සේ තෙල් මාරු කරන්න ඕන කියන එක. Bike Oil ව්‍යාපාරකයින් ඇති කරපු මිත්‍යාවක් තමයි ඒක. එතකොට ඔවුන්ගේ Business වැඩි කරගන්න පුළුවන්නේ. ඒ වගේම ගොඩක් අය මේ බොරුවට තාමත් රැවටිලා ඉන්නේ.

මොකක්ද ඇත්ත?

එක එක කඩකාරයෝ කියන විදියට Bike එකේ Oil මාරු කරන්න යන්න එපා. ඔබ Bike එක මිලදී ගනිද්දී නිෂ්පාදන සමාගමෙන් User Manual එකක් දෙනවා. අන්න එකේ තියෙනවා හරියටම කොච්චර කාලෙකින්ද Oil මාරු කරන්න ඕන කියලා. මොකද නිෂ්පාදකයාගෙන් නිෂ්පාදකයාට Bike එකේ Oil මාරු කරන්න ඕන කාලසීම වෙනස් වෙනවා.

ඔබ අපිරිසිදු පරිසරයක Bike පදින කෙනෙක් නම්, එහෙම නැත්නම් Track එකක Bike පදින කෙනෙක් නම්, ඉතා ඉක්මනට ඔබට Oil මාරු කරන්න වෙනවා. හැබැයි ඔබ සාමාන්‍ය පාරක නම් ධාවනය කරන්නේ ඔබට Oil මාරු කරන්න වෙන කාලය දීර්ඝ වෙනවා.

synthetic ද? conventional ද?

Bike Oil

සාමාන්‍යයෙන් Oil වර්ග 2 ක් තියෙනවා. ඒ synthetic සහ conventional කියලා. මේ Oil වර්ග දෙකම පොළවෙන් ලබා ගන්නා සාමාන්‍ය මූල ද්‍රව්‍ය තමයි අඩංගු වෙන්නේ. බැලු බැල්මටම දෙකම එක වගේ. එහෙනම් මොකක්ද වෙනස? මේ Oil වර්ග දෙක වෙනස් වෙන්නේ ඒවා සතු දිගු කාලයක් පුරා දුස්ස්රාවීතාව පවත්වා ගැනීම සඳහා එක් එක් Oil වර්ගයේ තියෙන හැකියාව.

මේ Oil වර්ග දෙකම එකම කාර්යන් සඳහා භාවිතා කරනවා. උදාහරණයක් විදියට ඝර්ෂණයට, දුස්ස්රාවීතාවට සහ පිරිසිදු කිරීමට. හැබැයි synthetic Oil රසායනික වශයෙන් ස්ථායි. ඒ නිසා ඒවාට අපද්‍රවය බැහැර කිරීම සහ අඩු උෂ්ණත්ව වල පහසුවෙන් ගලා යාමේ හැකියාවක් තියෙනවා. හැබැයි conventional Oil වර්ග වල ඒ හැකියාවන් අඩුයි.

කෙටියෙන්ම කිව්වොත් synthetic Oil තමයි ඔබේ Bike එකට වඩාත්ම ගැළපෙන්නේ.

Semi synthetic ද? Full synthetic ද?

synthetic Oil වර්ග 2 ක් තියෙනවා. ඒ තමයි Semi synthetic සහ Full synthetic. මේ Oil වර්ග දෙකේත් ක්‍රියාකාරිත්වය එකිනෙකට වෙනස්. දැන් බලමු ඒවා මොනවටද භාවිතා කරන්නේ කියලා.

Semi synthetic

පිරිපහදු කළ ගුණාත්මක බොරතෙල් සහ කෘතීම සංයෝග කිහිපයක් එකතු කරලා තමයි Semi synthetic
Oil හදන්නේ. Semi-synthetic Oil වල ක්‍රියාකාරිත්වය ඛනිජ තෙල් වල ක්‍රියාකාරිත්වයට වඩා වැඩි.

Full synthetic

කෘතීම සංයෝග සහිත තෙල් භාවිතා කරලා තමයි මේ Oil වර්ගය හදන්නේ. රසායනික සංයෝග කවලම් කරලා මිනිසා විසින් නිර්මාණය කරන Oil එකක් විදියටත් හඳුන්වන්න පුළුවන්. Full synthetic තෙල්වල ගුණය රසායනික සැකසුම් මගින් වෙනස් කරනවා.

Bike එකට Automotive Oil එපා.

සමහර Bike Riders ලා Bike එකට Automotive Oil භාවිතා කරනවා. මුලදී නම් ඒවා Bike එකට හොඳයි වගේ පෙන්න පුළුවන්. හැබැයි ඒවායින් Bike එකට වැඩි හානියක් සිද්ධ වෙනවා.

නවීන මෝටර් රථ වලට friction modifiers එකක් එන්ජින් Oil සඳහා අවශ්‍යයි. ඒ එන්ජිම සුමටව ධාවනය කළ යුතු නිසා. හැබැයි friction modifiers Bike වලට නම් හරි යන්නේ නෑ. මොකද Bike හදලා තියෙන්නේ හවුල් වානේ වලින් නිසා. Bike වල එන්ජින් ඔයිල් එන්ජිම ලිහිසි කිරීමට වගේම, සම්ප්රේෂණය ලිහිසි කිරීමටත් භාවිතා කරනවා.

ඒ නිසා ඔබ friction modifiers සහිත Automotive Oil Bike එකට භාවිතා කරොත් Bike එකේ සම්ප්‍රේෂණයට බාධා ඇති වෙන්න පුළුවන්.

වචනයෙන් කිව්වට ඔබට තාමත් ඒ ගැන හරි අවබෝධයක් ලැබිලා නැතුව ඇති. ඒ නිසා මෝටර් කාර්මික ඉංජිනේරුවෙක් විසින් කරන ලද මේ පැහැදිලි කිරීම ඔබට වැදගත් වෙයි.

Tags

Leave a Reply

Back to top button
Close
Close