Maintenance

Bike එකේ Oil මාරු කරන හැටි

Bike Oil තමයි ඔබේ Bike Engine එකේ ආරක්ශකයා. මොකද oil නිසා Engine එකේ කොටස් අතර ලිහිසිබවක් ඇතිවෙනවා. එතකොට හැම කොටසක්ම හරි විදිහට ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ නිසයි හරිම කාලෙදි, ඒ කියන්නේ 3000km – 5000km දුරක් දුවලා ඔබ Bike Oil change කරගන්න ඕනේ. හැබැයි දැන් Bike Oil change කරන්න ගරාජ් ගානේ ගිහින් රස්තියාදු වෙන්න ඕනේ නැහැ. මොකද ගෙදර ඉදලම, කාගෙවත් උදව්වක් නැතුවම Bike Oil change කරගන්න විදිහ ගැන අද අපි ඔබට කියලා දෙනව.

01.අවශ්‍ය කරන ද්‍රව්‍ය

 Bike Oil change
ගෙදරදිම oil change කරාට ඒකට ඕන කරන සමහර දේවල් ඔබට කඩේකින් ගන්න වෙනවා. සහයට ගන්න පොඩි පොඩි දේවල් නම් ගේ වටේ රවුමක් දැම්මොත් ඔබට හොයා ගන්න බැරිවෙන එකක් නැහැ.

Engine Oil – bike එකේ manual එක පොඩ්ඩක් බැලුවම ඔබට ඕන oil ප්‍රමාණය කොච්චරද කියලා දැන ගන්න පුලුවන්. ඒ ප්‍රමාණයට oil සහ ඒ ප්‍රමාණයෙන් කාලක් වෙන්න තව අමතර oil ප්‍රමාණයකුත් ඔබ වෙළද සැලෙන් ගන්න ඕනේ. එතකොට හදිස්සියේවත් Bike එකේ oil අඩු වුනොත් ඔබට ඒ අඩුපාඩුවත් ගෙදරදිම පුරවගන්න පුලුවන්.

Oil Filter – මේකත් ඔබ අමතර කොටස් තියෙන වෙළද සැලකින් ගන්න ඕනේ. Oil filter එක ඔබේ Engine එකට fit වෙන්න ඕනේ. හැබැයි ඔබට හිතුණොත් මේක හරි යයිද දන්නේ නැහැ කියලා, හොදම වැඩේ තමයි Bike එකෙව් නිශ්පාදකයගෙන් හරිම part number එක අරගෙන ඔවුන්ගේම නියෝජිතයෙක්ගෙන් oil filter එක ගන්න එක.

Sump washer – දැනට තියෙන washer එක ok නම් ඒකම තියන්න. පොඩි හරි අවුලක් තියෙනවා වගේ නම් අලුත් එකක් ගන්න.

මේ දේවලට අමතරව Gloves සහ පුනීලයක් ඔබ කඩෙන් ගන්න ඕනේ. එතකොට ගේ වටේ ඇවිදලා පොඩි භාජනයක් ( ට්රේ එකක් ), Bike stand එක ගහන්න ලී කොටයක් හොයා ගන්න ඕනේ. ඒ වගේම Tools ටිකත් ලං කරගන්න.

 

02.මුල්ම පියවර

 Bike Oil change
ඔබ Bike එකේ කොහේ හරි ගිහින් ඇවිත් oil මාරු කරන්න ඉන්නවා නම් හොදම දේ විනාඩි 10ක් විතර ඒ වැඩේ ප්‍රමාද කරන එකයි. මොකද Engine එක ක්‍රියාත්මක වුණු නිසා අධික රස්නයක් ඇති වෙනවා. ඒ නිසා Engine එක සිසිල් වෙනකම් ඉන්න වෙනවා. නැත්නම් වෙන්නේ අත පුච්ච ගන්න.
Engine එක සිසිල් නම් අපිට පුලුවන් වැඩේට බහින්න. Side stand එක ගහලා Bike එක තියා ගත්තම මේ වැඩේ කරන්න ලෙහෙසියි. Engine එක යටින් අර හොයා ගත්ත ට්රේ එක තියන්න. ඊට පස්සේ tools පාවිච්චි කරලා engine drain plug එක ගලවන්න. එතනදි ඔරලෝසුවේ කටු කැරෙකෙන පැත්තට විරුද්ධ පැත්තටයි ඔබ කරකවන්න ඕනේ. ගලවපු plug එක අස්ථාන ගත නොවෙන්න මොකක් හරි පොඩි පියනකට දාගන්න.

 

03.ගලා යාම

BIke Oil
දැන් Engine Oil ටික නිදහසේ ට්රේ එකට වැටේවි. මේ වැඩේට පොඩි වෙලාවක් යනවා. ඒ නිසා ඔබට පොඩි Break එකක් ගන්න පුලුවන්. හැබැයි ඔබටත් මේ වැඩේ අත ගගා ඉන්නේ නැතුව ඉක්මනට ඉවර කරගන්න ඕනේ නම් Bike එක ටිකක් පැත්තට ඇල කරලා ටිකක් හොලවන්න. එතකොට oil ටික ඉක්මනට වැටෙයි. හැබැයි Bike එක ටිකක් බර එකක් නම් සහ ඔබට ඒ වැඩේ කරන්න විශ්වාසයක් නැත්නම් හොදම දේ මුකුත් නොකර Oil ටික වැටිලා ඉවර වෙනකම් ඉන්න එකයි.

 

04.පරණ පෙනේරේ

 Bike Oil change
දැන් Oil ටික ඉවත් වෙලා ඉවර නම් ඔබට පුලුවන් පරණ Oil Filter එක ඉවත් කරන්න. Filter Removal tool මගින් filter එක ඉවත් කරගන්න ඔබට පුලුවන්. එතනදිත් ඔබ වාමාවර්තවයි කරකවන්න ඕනේ. පරණ Oil Filter එක ගලවනකොටත් තව oil ටිකක් එළියට එනවා. ඒ ටිකත් ඉවත් වෙලා යනකම් ඉන්න ඕනේ. දැන්නම් ඔබට තේ එකක් බීලා එන්න පුලුවන් වෙලාව තියෙනවා.

 

05.අලුත් එකක්

BIke Oil
Oil බිංදුවක්වත් දැන් නැත්නම් අපිට පුලුවන් අලුත් oil filter එක දාගන්න. එතනදි සමහර Bike නිශ්පාදකයෝ කියනවා filter එකට අලුත් Engine Oil ටිකක් දාලා Bike එකට දාන්න කියලා. හැබැයි සමහර Bike නිශ්පාදකයෝ ඒක අනුමත කරන්නේ නැහැ. ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙලා ඔබට පුලුවන් Oil filter එක දාගන්න.

 

06.දොරවල් වහමු

BIke Oil
Engine Oil ඔක්කෝම ඉවත් වුණාට පස්සේ ඔබට පුලුවන් Drain plug එහෙමත් නැත්නම් Sump Plug එක ආයෙත් සවි කරගන්න. එතනදි Plug එකට අලුත් washer එකක් දාන්න. ඊට පස්සේ මුලින් අතින් plug එක කරකවලා පස්සේ tool එකකින් තද කරන්න පුලුවන් නම් හොදයි.

 

07. පුරවමු තෙල් පුරවමු

bike oil change
දැන් ඔබට සිද්ධ වෙනවා bike එකේ manual එකේ කොච්චර Oil ධාරිතාවක් සටහන් වෙනවද කියලා දැන ගන්න. ඒක ඔබ oil ගන්නකොටම බලා ගෙන ගියා නම් දැන් වද වෙන්න දෙයක් නැහැ. engine එකේ Oil දාන්න තියෙන තැන Plug එක ගලවලා පුනීලයක් මගින් අලුත් Oil පුරවන්න.
මුලින්ම Engine එකේ Oil ධාරිතාවයෙන් 3/2ක් පමණ Oil පුරවගන්න. ඊට අස්සේ ඉතිරි ටික හිමීට, ක්‍රමානුකූලව පුරවගන්න. Oil උතුරා නොයන්නයි ඒ පියවර අනුගමනය කරන්න ඕනේ.

 

08.අවසන් පරීක්ශනය

bike oil change
උපරිම මට්ටමට Oil පිරුනට පස්සේ Plug එක නැවත සවි කරන්න. ඊට පස්සේ විනාඩි 5ක් විතර Bike එක Start කරලා තියන්න. එතකොට Bike එකේ Oil pressure light එකේ තත්වය බලන්න. දැන් Engine එක Off කරලා engine oil මට්ටම පරීක්ශා කරන්න. මදි නම් තව Oil ටිකක් Engine එකට දාන්න. Oil change කරලා ඔබ යන පළවෙනි ගමන ගිහින් ඇවිල්ලා Oil මට්ටම තව පාරක් පරීක්ශා කරලා බලන්න අමතක කරන්නත් එපා.

දැන් ඔබ Bike Oil Change කරන හැටි ගැන A to Z දන්නවා. ඉතින් ගරාජ් ගානේ ගිහින් රස්තියාදු වෙන්න ඕනේ නැහැ. ගෙදරදිම ඔබේ Bike එක ගැන බලා ගන්ම ඔබට පුලුවන්.

Tags

Leave a Reply

Back to top button
Close
Close