Maintenance

අවුරුද්දකට පාරක් අනිවාර්යෙන් Bike එකේ කළ යුතු දේවල්

Bike එකක් අරගෙන නිකන් තියලා හරි යන්නේ නෑ. Bike එක පදිනවා වගේම Bike එක නඩත්තු කිරීම ගැනත් අවදානය යොමු කරන්න ඕන. මොකද Bike එකේ බොහෝ කොටස් ගෙවීමකට ලක්වෙනවා. ඒවා හරි වෙලාවට අලුත්වැඩියා කිරීමෙන් Bike එකේ ආයුකාලය වැඩි කර ගන්න පුළුවන්.

මේ කියන්න යන්නේ ඒ වගේ අවුරුද්දකට සැරයක් වත් Bike එකේ Check කරන්න ඕන දේවල්.

Bike Maintenance Checklist

ටයර්


ටයර් දෙකක් නැත්නම් ඉතිං Bike එකක් තිබිලා වැඩක් නෑ. Bike එක සමබර තිය ගන්නේ ටයර් වලින්. ඒ නිසා ටයර් වල වායු පීඩනය ඉතාම වැදගත්. නිතර ටයරයේ වායු පීඩනය පරික්ෂා කරන්න. එහෙම නැත්නම් ටයර් එක රත්වෙලා පුපුරන්න පුළුවන්. ඒ වගේම තමයි ටයර් ගෙවිලා යාම.

නිසි කාලයට ගෙවිලා ගිය ටයර් මාරු නොකරොත් Bike එක ලිස්සලා ගිහින් අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. සම්මත ක්‍රමවේදයට අනුව ටයර් එකක මිලිමීටර් 1 – 2 අතර ප්‍රමාණයක් ගෙවිලා නම් මාරු කරන්න ඕන.

Brake

Bike Maintenance Checklist
Bike එක්ක තවත් වැදගත්ම කොටසක් තමයි තිරිංග. තිරිංග වැඩ නැත්නම් ඉතිං Hospital එකෙන් තමයි නවතින්න වෙන්නේ. සාමාන්‍යයෙන් Bike එකක Break Oil අවුරුද්දකට හෝ දෙකකට සැරයක් මාරු කරන්න ඕන. Bike එකක ඉදිරිපස සහ පිටුපස මෙම Break පිහිටලා තියෙනවා. Break Oil අමතරව අවුරුද්දකට සැරයක් Break Pad Check කරන්නත් අමතක කරන්න එපා.

ඉන්ධන


මේකෙන් අදහස් කරන්නේ ඔබ එදිනෙදා යතුරුපැදිය ධාවනයට ටැංකිය තෙල් වලින් පුරවන එක නෙමෙයි. ටැංකියේ තෙල් ෆිල්ටරය මාරු කිරීම ගැන තමයි මෙතැනදී කතා කරන්නේ. අවුරුදු දෙකකට වරක් වත් ඉන්ධන ටැංකියට සම්බන්ධ ෆිල්ටරය මාරු කරන එක කරන්න ඕන.

එත් කාලගුණයේ සිද්ධ වෙන හදිසි වෙනස්කම් නිසා ඔබේ ඉන්ධන ෆිල්ටරයට හානි සිද්ධ වුණා නම්, අනිවාර්යෙන්ම ඒ අවස්තාවෙදීම ෆිල්ටරය මාරු කරන්න. මාස 6කට වඩා පරණ තෙල් ටැංකියේ තියෙනවනම් අනිවාර්යෙන්ම තෙල් එක්කම ෆිල්ටර් එක මාරු කරන්න ඕන. පුළුවන් හැම වෙලාවකදීම පෙට්‍රල් ටැංකිය Off කරලා තියාගන්න. එමඟින් එන්ජිමෙන් තෙල් ලීක් වෙන එක නතර කර ගන්න පුළුවන්.

Oil

Bike Maintenance Checklist
ඔබේ බයික් එක දීර්ඝ කාලයක් නිරෝගිව තියාගන්න පුළුවන් තවත් එක දෙයක් තමයි බයික් එකට යොදන තෙල් වර්ගය සහ භාවිතා කරලා තියෙන ඔයිල් ෆිල්ටරය. නිතර නිතර තෙල් පරික්ෂා කිරීම නිසා මෙහි සඳහන් කරලා තියෙන ගැටළු රාශියක් නතර කරගන්න ඔබට පුළුවන් වෙනවා. ඔබේ බයික් එකට තෙල් දාන උපරිම මට්ටමේ (MAX LEVEL) එකේ තෙල් ප්‍රමාණය රඳවාගන්න හැමවෙලාවෙම උත්සහ කරන්න. මොකද අවම තෙල් මට්ටමට ඔබ බයික් එක පාවිච්චි කලොත් බයික් එකට වෙන්න පුළුවන් හානිය වැඩියි.

Battery


බැටරිය කියන්නේ Bike එකක හදවත වගේ. Bike එක පණ ගන්වලා තියන්නේ බැටරිය. හැබැයි මෝටර් බයික් එකක තියෙන බැටරිය ගැන බොහෝදෙනා සැලකිලිමත් නැහැ. එත් කාර් එකක හෝ විශාල වාහනයක තියෙන බටරියකට දක්වන සැළකිල්ල බයික් එකේ බැටරියටත් තියෙන්න ඕන. හැම වෙලාවෙම 100% ක යහපත් මට්ටමක බැටරිය තියාගන්න ඕන. එහෙම නැත්නම් ඉතිං ගමනක් බිමනක් ගියාම මඟ ඉන්න තමයි වෙන්නේ.

බැටරි නඩත්තුව සඳහා සරල උපදෙස් කිහිපයක් පහත දැක්වෙනවා.

*ඉලෙක්ට්රොලිට් මට්ටම පරීක්ෂා කරන්න.
*බැටරි වතුර ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න.(බැටරි වතුර භාවිතා කරන බැටරියක් නම්)
*බැටරි වතුර මට්ටම නොගැඹුරු ලෙස තබා ගන්න.
*සියළුම කේබල්, ක්ලැම්බි හානි හෝ වෙනත් ලිහිල් සම්බන්ධතා පරීක්ෂා කරන්න.
*බැටරි සම්බන්ධක (Connectors) පිරිසිඳු මට්ටමේ පවත්වා ගන්න.
*ඝර්ෂණය සහ ඇතුලත පාසි බැඳී ඇත්ද යන්න පරික්ෂ කරන්න.
*තද කරන මුඩි පිළිබඳව සැලකිලිමත් වෙන්න

Tags

Leave a Reply

Back to top button
Close
Close