Maintenance

Bike එකේ Engine එක රැක ගන්න රහස්

ඔබ, ඔබේ පෙනුම ගැන සෑහෙන්න වද වෙනවා නේද? හැබැයි ඔබ ඇත්තටම වද වෙන්න ඕනේ බාහිර පෙනුම ගැන නෙවෙයි, පිටතට නොපෙනෙන ඔබේ හදවත ගැන. මොකද හදවත තමයි ඔබේ සිරුරේ සම්පූර්ණ ක්‍රියාවලියට වග කියන්නේ. ඒ වගේමයි Rider කෙනෙක් විදිහට ඔබ වැඩියෙන්ම හිතන්න ඕනේ Bike Engine එක ගැන. Engine එක තමයි Bike එකේ Heart එක. අන්න ඒ නිසයි Biker.lk අපි, Engine එක ලෙඩ නොවී තියාගන්න හැටි ඔබට කියන්න හිතුවේ.

01. ලිස්සා නොයන දම් වැල

ඔබේ Bike එකේ Engine එක ගොඩාක් කල් ලෙඩ නැතිව තියා ගන්න නම් සම්ප්‍රේශණ පද්ධතිය එහෙමත් නැත්නම් Transmission System එක හරිම විදිහට ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් ඔබට කරන්න තියෙන හොදම දේ තමයි Bike එකේ Chain එක නිතර පිරිසිදු කරලා අවශ්‍ය Adjustment කරන එක. Chain එක පිරිසිදු කරන්න paraffin භාවිතා කරන්න. Chain එකේ එකතු වෙලා තියෙන දුහුවිලි ඉවත් කරන්න නම් Soft Brush එකක් සහ රෙදි කෑල්ලක් භාවිතා කළා නම් හොදයි.

හැබැයි හොදට මතක තියා ගන්න මේ Chain එක පිරිසිදු කරන්න වතුර භාවිතා කරන්න එපා. දුහුවිලි ඉවත් කරාට පස්සේ පාවිච්චි කරපු Engine Oil ටිකක් අරගෙන chain එක ලිහිසි කරන්න. හැම වෙලාවකම Bike chain එක නිදහසේ, ආතතියකින් තොරව චලනය වෙන්නයි ඕනේ. මෙතනදි බැරි වෙලාවත් Chain එක ලිහිල් නම්, Engine එකේ ඉදලා බලය බෙදා හැරීම ප්‍රශස්ථ නැත්නම් විශාල බලයක් අහිමි වෙන්න පුලුවන්. ඒ නිසා පලපුරුදු සහ සුදුසුකම් ඇති mechanic කෙනෙක් ලගට හරි Service Center එකකට හරි ගිහින් Bike එකේ Chain එක හරි විදිහට Adjust කරගන්න අමතක කරන්නත් එපා

02. පණ දෙන බැටරිය

Bike එකේ Engine එකේ ආයු කාලය අඩු වැඩි වෙන්න බලපාන තවත් ප්‍රධානම කාරණයක් තමයි බැටරිය. ඔබේ Bike එකේ බැටරිය හරිම විදිහට ක්‍රියාත්මක වෙන්න නම් විද්‍යුතය අවශ්‍ය හැම කොටසකටම ඉලෙක්ට්‍රෝන නිදහසේ ගමන් කරන්න ඕනේ. ඒකෙන් අදහස් වෙන්නේ විදුලිය නිවැරදිව සම්ප්‍රේශණය වෙන්න මේ කොටස් බැටරිය සමග නිවැරදිව සම්බන්ධ කළ යුතු බවයි.

එතනදි තමයි බැටරිය සහ Engine එක අතර සම්බන්ධයේ වැදගත්කම මතු වෙන්නේ. මොකද සාමාන්‍යයෙන් Engine එකක් Start කරද්දි පරිවරණය කළ වයරයක් මගින් බැටරියේ සිට ඉතා විශාල විද්‍යුත් ධාරාවක් ලබා දෙනවා. ඉතින් Engine එක සහ බැටරිය අතර වයරය නිවැරදිව සම්බන්ධ වෙලා නොතිබුනොත් ඉලෙක්ට්‍රෝන වලට නිදහසේ Engine එක වෙත එන්න බැරි වෙනවා. ඒක Engine එකේ ආයු කාලයටත් කෙලින්ම බලපානවා.

03. වැඩිම පරිස්සම

bike spark plug

Bike Engine එක තුලදී ඉන්ධන සහ වාතයේ ඇතිවන ගිනි පුඩුව නිර්මාණයට Bike Spark Plug ක් ඉතාම වැදගත්. ඒ කියන්නේ Ignition System එක නිවැරදිව ක්‍රියාත්මක වෙන්න Bike spark plug එක හරිම ක්‍රියාකාරිත්වයේ තියෙන්න ඕනේ. ඒ නිසාම ඔබේ Bike එකේ Spark Plug එක ආරක්ෂා කරගැනීම ඉතාම වැදගත්. මොකද Bike Spark Plug අප්‍රවිත්‍ර වෙලා තිබුණොත් ඒ මඟින් ශක්තිය අපතේ යාමක් සිදුවෙනවා වගේම ඔබේ Engine එක උණුසුම් වෙන්නත් ඉඩ තියෙනවා.

04. මොඩ් වුණු මොඩ්

දැන් ගොඩාක් Riders ලා Bike එකක් ගත්තාම තමන්ට ඕන විදිහට Bike එක වෙනස් කරගන්නවා. අලුතෙන් විශේෂාංග ගොඩාක් Bike එකට එකතු කරනවා. ඒ දේවල් Bike පෙනුම, ක්‍රියාකාරිත්වයට සැහෙන්න බලපානවා. හැබැයි ඔබට නොදැනීම ඒ වෙනස්කම් ඔබේ Bike එකේ ආයුෂ අඩු කරනවා. ඔබ අමතරව එකතු කරන හැම Part එකක්ම Bike එකේ Engine එකට අමතර බරක් වෙනවා. හැබැයි ඉතින් සමහර වෙනස් කිරීම් Bike එකට හිතකර විදිහට කරන්නත් ඔබට පුළුවන්.

05. හරිම වෙලාවට Oil Change

bike Oil Change

Engine එකේ ආයුෂ වැඩි කරගන්න නම් හරිම කාලෙට bike Oil Change කරන එක ගැනත් හිතන්න ඕනේ. සමහර Bike නිෂ්පාදකයන් අලෙවිය වැඩි කරගන්න, විකුණුම් උපක්‍රමයක් විදිහට කියනවා Bike එක 10,000 km දුවලා Oil මාරු කරා නම් ඇති කියලා. නමුත් ඔබ Engine එක ගැන හිතනවා නම් 3,000 – 5,000 km අතර දුරක් දුවලා Bike එකේ Oil මාරු කරන්න ඕනේ.

අදින් පස්සේ මේ කරුණු හොඳට මතකයේ තියා ගත්තොත් තව සැහෙන්න කාලයක් ඔබේ Bike එකේ Engine එක ලෙඩ නොවී තියා ගන්න පුළුවන් වේවි.

Tags

Leave a Reply

Back to top button
Close
Close